Posts Tagged ‘ media ’

කණගාටුයි, අපේ පුවත්පත් කලාව නතර කළ නොහැකිය!


‘‘ජනතාව වෙනුවෙන් ලියන්න, තවතවත් ලියන්න. සහෝදරයගෙ පෑන ඉවරවුනොත් අපි ලේ වුණත් දෙන්නම්, ලියන්න’’

සටන් කරන අකුරු නමින් ප‍්‍රකාශයට පත් වූ ‘ලංකා’ පුවත්පතේ පසුගිය සංවත්සර අතිරේකයට ලිපියක් ලියමින් ඒ ප‍්‍රකාශය සඳහන් කළෙමු. එය, ‘ජනතා සාහිත්‍ය උළෙලකදී කම්කරුවකු විසින් තම ආදරණීය පුවත්පත්කලාවේදීන් දිරිමත් කිරීමට කී අදහසකි.  ඉතින්, ඒ ධෛර්ය අප වෙත ආරක්ෂා වී තිබෙන නිසාම ජනතාව වෙනුවෙන් ලියන මිනිසුන් ලෙස අපි ‘ජනරළ’ ගොඩනැඟීමට සමත් වූයෙමු. අප විසින් සංවත්සර අතිරේකයේ එම සටහන අවසන් කළේ මේ ආකාරයෙනි.

‘ලේඛක අපගේ හදවත් ගැහෙන්නේ ඒ මිනිස් ශිෂ්ටාචාරයේ ජයග‍්‍රහණ වෙනුවෙන් පෑන් නිවැරදිව හැසිරවීමටය. සැබෑ මනුස්සකම් ඇති හැ`ගීම් දැනීම් ඇති මිනිසුන් ලෙස අපගේ පෑන් හසුරුවන්නට අප සමත්වන තාක් ලේ වැගිරවීමෙන් තොරව පවා අපගේ පෑන්වලට රුධිරය වැනි උණුසුම් අදහස් ගලා එනු ඇත. ඒ සජීවි බව රැුක ගන්න. මනුස්සකම මරාදැමූ හෘදසාක්ෂිය අහිමි පුද්ගලයන් ලෙස මියගිය පෑන්වලින් පාලකයන්ට අවැසි දේ නොලියන්නට පවා අප වඩාත් ප‍්‍රවේශම් වියයුතු බව දැනට ලියා තබමු.

මාස කිහිපයකට පෙර එසේ ලියු දේ වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිටින පුවත්පත්කලාවේදීන් වෙමු. එදා අප සටහන් කළේ පීඩිතයන් වෙනුවෙන් පෑන අතට ගන්නට බොහෝ කලකට පෙර අප ගත් තීන්දුව කිසිදා ආපස්සට හැරවිය නොහැකි නිසාය. ඒ තීරණය ගෙන ගෙවී ගිය දීර්ඝ කාලය තුළ අප පීඩිත මිනිසුන්ගේ සටන්කාමිත්වය මෙන්ම ඔවුන් තුළ ඇති සදාචාරය ඉගෙන ගතිමු, පවත්වාගෙන ගියෙමු, එසේම ඒ ගුණය ආරක්ෂා කළෙමු.

අවසන් වරට 2011 ඔක්තෝබර් 02වැනිදා පුවත්පතේ පළ වූ ‘සටන් කරන අකුරු’ තුළ පවා ඉහත කී සදාචාරය රැුක තිබෙන බව කිවයුතුය. ඉදිරියේත් ජනතාවාදී පුවත්පත්කලාවේ සටන්කාමීත්වය මෙන්ම සදාචාරය රකින්නට අපි බැඳී සිටිමු. එහෙත්, එක බත්පත බෙදාගෙන කෑවත් පටු වුවමනාවන් සහිත මිනිසුන් විසින් ‘සටන් කරන අකුරු’ ගැන ගල්කිස්ස පොලිසියට ඔත්තුව දෙන ලදී. අවසානයේ ගල්කිස්ස උසාවියට අප රැුගෙන යන ලද්දේ එකම ගමන්මගේ ගිය එහෙත් පටු අරමුනු සහිත ඒ මිනිසුන් විසිනි.
‘එහෙත් ගල්කිස්ස උසාවියෙන් ඉතිහාසය නතරවන්නේ නැත’

එහෙත් අප සිදුවීම් විනිශ්චය කරන්නට ඉක්මන් වන්නේනැත. මක් නිසාද යත් ජනතා ව්‍යාපාරයක කාර්යභාරය පිළිබඳ අවසන් තීරකයා වන්නේ ඉතිහාසය වන බැවිනි. කෙසේ වෙතත් මේ සියල්ල කෙසේ සිදුවිණිදැයි පාඨක ජනතාව වෙත කියන්නට අපි තීරණය කළෙමු.

———————————–

සියල්ල ආරම්භ වන්නේ පසුගිය 22වැනිදා පුවත්පත් කාර්යාලයට පැමිණි ‘ලංකා’ අධ්‍යක්ෂ මහතුන් දෙදෙනකු විසින් එහි පළවන දේ පිළිබඳ ප‍්‍රශ්න කිරීමෙනි. අප අනුගමනය කරන පුවත්පත් කලාවේ ගෞරවය හා සදාචාරය දිගටම රැුකින බවත් මෙතෙක් රැුකගත් දේ ඉදිරියේදී බිඳදමන්නේ නැති බවත් ඔවුන්ට පැවසුවෙමු. එහෙත් ඔවුන්ට ඒ විශ්වාසය නොතකා පිටුවල අන්තර්ගතය දැනගන්නට අවශ්‍ය වූයේ අප කෙරෙහි වූ සැකය නිසා වියයුතුය.

ජනතාවාදී දේශපාලන ධාරාවේ බෙදුම් රේඛා නිර්මාණය වූයේ යම් කාලයක් තුළ වුවත් ඒවා විස`දාගත යුතුවන්නේ එකී ව්‍යාපාරය විසින්ම ගෙනයන ක‍්‍රියාවලියකින් මිස වේදිකා, පත්තර පිටු හෝ රූපවාහිනි කුකුල්පොරවලින් නොවන බව අපගේ ස්ථාවරය විය. කෙසේවෙතත් මෑතකදී සිදුවූයේ විස`දාගතයුතු ගැටලූවෙනුවෙන් ධෛර්යමත්ව අරගලකිරීම වෙනුවට හන්දි ගානේ ඇඳිවත උනාදැමීමය. හෙළිකළයුතු සියල්ල ජනතාවට සඟවා රැුකියයුතු සදාචාරය නොතකා හන්දිගානේ කෑ ගසන චොප්පෙ අයියලා ජනතා ව්‍යාපාරයක ගැටලූවක් විසඳන්නට සමත් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ ජනතාව වෙනුවෙන් වැඩකරන, හ`ඩ නගන මිනිසුන් පෝරකය වෙත ගෙනයාමට සහායවීමයි. එය, ජනතා ව්‍යාපාරයේ ගෙල සිඳීමට ජනතා සතුරන්ට අවිසැපයීමකි. එවැනි ද්‍රෝහී වුවමනාවන් වෙනුවෙන් පුවත්පත භාවිත කිරීමට අප කිසිදු ඉඩක් ලබාදුන්නේ නැත.

එහෙත්, පුවත්පත් කාර්යාලයට පැමිණි ‘ලංකා’ අධ්‍යක්ෂ මහතුන් දෙදෙනා කටයුතුකරන්නේ කල්තබා කළ සැලසුමකට අනුව බව පසුව පැහැදිලි විය. පළමු අවස්ථාවේදී දැඩි වාද විවාදකිරීමකින් පසුව, ලිපිවල අන්තර්ගතය පිළිබඳ සෑහීමකට පත්වන බව පවසමින් ඔවුහු සිනාමුසුව පිටව ගියහ. ඉන්පසුව පුවත්පත නතරකිරීමේ පටුවුවමනාව නිසා දෙවැනි පියවරකට යමින් ඔවුන් මුද්‍රණාලයට ලිඛිතව දන්වා තිබුනේ සැප්තැම්බර් 25 ‘ලංකා’ පුවත්පතේ අන්තර්ගත ලිපි පිළිබඳව තමන් වගකීමක් නැති බැවින් එය මුද්‍රණයකිරීම නතරකරන ලෙසයි. ඒ වනවිටත් පුවත්පත මුද්‍රණයකර අවසන් නිසා දෙවන පියවර විසින්ද ජනතාව වෙනුවෙන් අප ලියු දේ නතරකිරීමේ අරමුණ ජයගන්නට ඔවුහු අසමත් වූහ. ඉන්පසු ඔවුන් නතර වූයේ ‘ග‍්‍රෑන්ඞ්පාස්’ පොලිසියේය. රාත‍්‍රියේ බෙදාහැරීමට සූදානම්කළ ‘ලංකා’ නතර කිරීමට ඔවුහු කුමන්ත‍්‍රණකාරී ලෙස කටයුතු කළහ. ඒ නතර කළේ පුවත්පතේ අන්තර්ගතයට තමන්ගේ විරෝධයක් නැතැයි කියමින් පිටව ගොස් පැය කිහිපයක් තුළය. ඔවුන් විසින්ම කළ බාධාකිරීම් අභිබවන්නට කි‍්‍රයාකිරීමේදී අප අතින් සිදුවූ ප‍්‍රමාද දෝශයක් නිසා මුද්‍රණ වගකීම සඳහන් වී නොතිබුණු හේතුව පෙන්වමින් පුවත්පත එක්දිනකට නතරකරන්නට ඔවුහු සමත් වූහ. එනම් කුමන්ත‍්‍රණයේ තුන්වැනි පියවර ජයගන්නට ඔවුන්ට හැකි විය.

එහෙත් වෙළෙඳ පොළේ පුවත්පත නොමැතිවීම නිසා පසුදින ‘ලංකා’ කාර්යාලයට ලැබුණු දුරකතන ඇමැතුම් දුන් පාඨකයන්ට පවා ඇතිව තිබෙන ගැටලූව හෙලිකරන්නට අප උත්සාහ කළේ නැත. අප විසින් අද දක්වා සිටින ස්ථාවරය වන්නේ වෙනත් ජනමාධ්‍යලින් ගෙනයන ප‍්‍රචාරවලට අලගු තබන්නට පුවත්පත යොදාගතයුතු නැති බවයි. පාඨක සහෘදයන්ට අප පොරොන්දු වූයේ ‘මුද්‍රණය’ ප‍්‍රමාද නිසා පුවත්පත ප‍්‍රමාදවුවත් ඊළඟ උදයේ පුවත්පත ලබාදෙන බවයි. මුද්‍රණයවන පුවත්පත පිළිබඳ වගකියන්නට නොහැකි පුද්ගලයන් ඒ වගකීමෙන් නිදහස්කරමින් මුද්‍රිත සෑම පුවත්පතකම කර්තෘවරයාගේ මුද්‍රණ වගකීම දැක්වෙන මුද්‍රාවක් සලකුණු කරමින් අප ඒ අභියෝගය ජයගතිමු. සැප්තැම්බර් 23වැනිදා වෙළෙඳපොළේ නොතිබුණු ‘ලංකා’ 24වැනිදා ජනතාව අතට පත් විය.

කෙසේවෙතත් සිය කුමන්ත‍්‍රණකාරී පියවර අසාර්ථකවූ බව දැනගත් කුමන්ත‍්‍රණකරුවන් විසින් ‘සටන් කරන අකුරු’ දුබලකිරීමේ පියවරකට මාරු වී තිබිණි. 26වැනිදා නුගේගොඩ, දෙල්කඳ පිහිටි ‘ලංකා’ කාර්යාලයට පැමිණි පෙරකී අධ්‍යක්ෂවරන් දෙදෙනා සිය පටු වුවමනාවන් සැඟවූ වෙනත් කරුණු ඉදිරිපත්කරමින් සහ ප‍්‍රධාන කර්තෘවරයාට අභූත චෝදනා නගමින් කර්තෘ මණ්ඩලය බේදකරන්නට ඔවුහු සමත් වූහ. බරපතල මවිසින් විශ්වාසය කඩකර ඇති බවත්, බරපතල විෂමාචාර සිදුකර ඇති බවත් පැවැසුවද ඒ මොනවාදැයි කියන්නට ඔවුහු අසමත් වූහ. තවද කතුවරයාගේ හැසිරීම තනතුරට නොගැලපෙන්නක් හා ආයතනයේ කීර්තිනාමයට හානියක් බවද දක්වා තිබිණි. ‘ලංකා’ පුවත්පත නවතාදැමියයුතු බවට වූ ඔවුන්ගේ අරමුණ පළමු බාධාකිරීමේදී ප‍්‍රකාශ කෙරිණි. ඒබව ඔවුන් ඉදිරිපත්කළ කුමන්ත‍්‍රණකාරී ලිපියේ ද සටහන් වී තිබිණි.

ප‍්‍රධාන කර්තෘවරයාගේ සේවය අත්හිටුවන්නට තීරණය කළ බව කියමින් කිසිදු නිල වලංගුභාවයක් නැති පරිගනකයෙන් ටයිප්කළ ලිපියක් ඉදිරිපත්කරන ලදී. අවම වශයෙන් කරුණු වශයෙන් චෝදනා පත‍්‍රයක් නැතිව, මූලික විමසීමක්වත් නොමැතිව එවැනි පියවරකටයාම විසින්ම ඔවුන්ගේ කුමන්ත‍්‍රණකාරි බව හෙළි විය. ‘ලංකා’ කාර්යාලයේ දසවසරක් කළ කැපකිරීම් ඔවුන්ට එක රැුයකින් අමතක කරන්නට හැකි නම්, සෙසු සදාචාරයන් රකින්නට මේ අයට හැකිදැයි පළමුවරට අවබෝධ විය. ලිපිය භාරගැනීම කතුවරයා වශයෙන් මා ප‍්‍රතික්ෂේප කළේ සියලූ අවස්ථාවන්හි විධිමත්භාවයකින් කටයුතුකරන්නට කැමැති බව පවසමිනි.

පුවත්පත නතරකිරීමේ වුවමනාව දැඩිව අවධාරණය කරගෙන ඔවුන් විසින් කටයුතුකරන බව එසේ සනාථ විය. ‘සටන් කරන අකුරු’ වෙනුවෙන් වැඩකල සාමුහිකත්වය මරා දමා ඇති තත්වයක බේදභින්න කරන ලද ‘ලංකා’කාර්යාලය අමුසොහොනක් මෙන් විය. තවදුරටත් එහි රැුඳී සිටිමින් ‘සටන් කරන අකුරු’ රැුැකගන්නට නොහැකි බව බොහෝ දෙනාගේ අදහස විය. ඉන්පසුව ඉදිරි ‘ලංකා’ පුවත්පත වෙනුවෙන් වැඩකිරීමේ කාලය උදා විය. සැබැවින්ම එය ධෛර්යවන්ත පිරිසකගේ සාමුහික කැපවීමේ ක‍්‍රියාදාමයක් විය. පරිගණක ශිලිපීන් විසින් තම නිවෙස්වල හා හිතවතුන්ගේ නිවෙස්වල පරිගණකවලින් ලිපි ටයිප්කර ඊමේල් මගින් ලබාදෙන ලද අතර පිටුසැකසීම ද එලෙසම අන් ස්ථානයක සිදු කෙරිණි. මේ සියල්ල ඉටුකිරීමේදී  කර්තෘ මණ්ඩලය මෙන්ම සෙසු කාර්ය මණ්ඩලවල සොයුරු සොයුරියන් දිවා ? හෝ ආහාර වේල ගැනවත් නොබලා වෙහෙසුණහ. ඔක්තෝබර් 02වැනිදා ‘සටන් කරන අකුරු’ පනගැන්වුනේ එවැනි මහා ව්‍යයාමයක ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය කිසිවකුගේ පටු අරමුණක් වෙනුවෙන් ගත් වෙහෙසක් නොවීය. ඒ වෙනුවට එය, ‘සටන් කරන අකුරු’ නොනැසී පැවතිය යුතුයැයි නිවැරැුදිව වටහාගත් පිරිසකගේ දැනුවත් අරගලයක් විය. ජනතාව වෙනුවෙන් හ`ඩනගන්නට අප විසින් සාමුහිකව ගොඩනැඟූ පුවත්පතේ අකල් මරණයක් දකින්නට අකැමැති වූ ඔවුහු මහා දාර්ශනික න්‍යායන් හෝ හැඟුම්බර විලාපයන් වෙනුවට, දවසේ කාර්යභාරය වෙනුවෙන් එක් තීන්දුවකට පැමිණියහ.

එහෙත්, එවර ඔවුහු ‘සටන් කරන අකුරු’ නතරකරන්නට ගලකිස්ස පොලිසියේ සහාය ලබාගත්හ. බොහෝ ධෛර්යයෙන් හා දුෂ්කරතා විඳිමින් සටහන් කළ ‘සටන් කරන අකුරු’ 29වැනිදා රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට පත් විය. බල්ලො මරා හෝ සල්ලි හොයන සමාජයක, තරු පටි ගැසු නිලධාරින් ඉදිරියේ පුවපත්කලාවේ ගෞරවය හෑල්ලූකරන්නට උත්සාහ දරන ලදී. එහෙත් ඒ මධ්‍යම රාත‍්‍රියේ වුවද අප දරන මතය වෙනුවෙන් පෙනීසිටීම සඳහා පොලිසිය වෙත යන්නට පැකිලීමක් ‘ලංකා’ කර්තෘ මණ්ඩලයට තිබුනේ නැත. පොලිසි, උසාවි හෝ සිරගෙවල් පමණක් නොව, ටයර් සෑය හමුවේ පවා තම මතය වෙනුවෙන් නොසැලී පෙනී සිටි ආදර්ශයන් අප ඉදිරියේ පවතී.

පසු දින එනම් 30වැනිදා අධිකරනයේදී කල්තබා සූදානම්කරගත් කරුණු  මත තර්ක ඉදිරිපත් කරමින් ඔවුහු පුවත්පත ජනතාව අතට පත්වීම වැලැක්වීමේ අවශ්‍යතාවය ඉටුකරගත්හ. ඉන් පසුව, 5වැනිදා සිදුවූයේ ‘සටන් කරන අකුරු’ සඳහා යුක්තිය ඉටුවීම දෙසැම්බර් 14 දක්වා කල්යාමය.

දැන් කාරණය පැහැදිලිය. එහෙත් අපි පසුබා යන්නට සූදානම් නැත. ජනතාව වෙනුවෙන් ලියූ අපේ පෑන ඉදිරියටත් ලියන සෑම අකුරක්ම ජනතා අරගලයේ වුවමනාවන් වෙනුවෙන්මය. අපි නැවත කියමු. පොලිසි, උසාවි හෝ සිරගෙවල් පමණක් නොව, මියයන මොහොත දක්වා පත්තරකාරයන් වශයෙන් අපට ඒ හැර තෝරාගන්නට විකල්පයක් ඉතිරිව නැත. ‘සත්‍ය ලේ සාගරයක ගිල්වා වුව මරාදැමිය නොහැකිය’ මක්සිම් ගෝර්කිගේ කියමන සනාථ කරමින් අපි වැඩකරමු.

‘ජනරළ ඉරිදා සංග‍්‍රහය’ ඔබ අතට පත්කරන්නේ තවතවත් ධෛර්යමත් වූ අපේ හෘද සාක්ෂිය සමගය. මේ අලූත් සටන් සගයා ඔබ වෙත එන්නේ ‘සටන් කරන අකුරු’  ජනතා අරගලයේ පෙරමුනු සගයකු ලෙස නොසැලී සිටිනු ඇති බවට ශපථ කරමිනි.

Advertisements

හතරවැනි තට්ටුවේදී – 9

හතරවැනි තට්ටුවේ මා ගත කළ ඒ පළමු රාත‍්‍රියේ බොහෝ වේලා ගතවනතුරු දෑස පියාගත නොහැකි නොවූයේ එදින සිදුවීම් ආවර්ජනය කරමින් සිටි නිසාය.
ඉදිරිපස යකඩ කූරුවලින් යුතු වූ එම සිරමැදිරියේ දෙපසින් හා පිටුපසින් ඝන බිත්තියක් විය. සිමෙන්ති පොලොවේ සිට අඩි 8ක් පමණ ඉහළින් යකඩකූරු සවිකර සිරකරුවන් කොන්ක‍්‍රීට් තට්ටුව වෙත ළ`ගාවීම අවහිර කර තිබිණි. ඒ කූරුවලට ඉහළින් කොන්ක‍්‍රීට් තට්ටුවේ එල්බෙමින් තිබුණු විදුලි පංකාව කරකැවෙමින් සිරකරුවන්ගේ ගත උණුසුම නිවාදැමුවද වාතාශ‍්‍රය අවම විය. මම හාත්පස බැලූ විට දැකගන්නට ලැබුණේ සිරකරුවන් හය හත් දෙනෙකුට වඩා එහි වැතිර සිටින බවයි. ගණන් කළ විට එය 14 දෙනෙකු බව දැකගත හැකි විය. එකිනෙකා ආසන්නයේ වැතිර සිටි මේ අය කවුරුන්ද යන්න මට කුතුහලයක් ඇති කළත් ඒ ගැන සිතන්නට පවා මානසික තත්වයක මා සිටියේ නැත.
නිදන්නට වැතිර සිටි මගේ මතකය ඊළ`ග මොහොතේ එක්වරම දිව ගියේ නිවස වෙතය. නින්දට යන සෑම විට අප්පච්චී තමන් අසළ සිටිය යුතු බව මගේ දියණිය අවධාරණය කරයි. නිදන්නට මදුරු දැල සූදානම් කරන අවස්ථාවේ සතුටින් උද්දාම වී ‘කරේ පිටේ කරේ පිටේ’ යයි කෑගසමින් ඇ`දට දිව එන දියණිය, කෙසේ හෝ වදෙන් පොරෙන් මගේ කරමතට නැගගනී. මා එයට විරුද්ධ වුවහොත් ඇය මහත් දයාබර ලෙසින් යාප්පු වන්නට පටන් ගනී.
‘‘අනේ අප්පච්චි, එක්පාරක් කරේ පිටේ යන්න ඕනෑ… එක පාරක්’’
එවැනි ආයාචනයකට එරෙහිවන්නට සිහිකල්පනාව ඇති කිසිදු පියකුට නොහැකිවන බව මට සහතිකය. අවසරය ලද ඇසිල්ලෙහි ජයග‍්‍රාහී ලෙස සිනාසෙමින් ඇ`ද මත සිටින මගේ පිට මත නැගගෙන අසු පිට යන අසරුවකු මෙන් සි`ගිති දෑත, දෙපා හසුරුවන ඇය උදාන වාක්‍යයක් ද කියන්නීය.
‘හරකා පිට ජහ ගොනා, හරකා පිට ජහ ගොනා’
නිවසේදී පත්තරකාරයාගේ රාජකාරි කොපමණ තිබුණත් දියණියගේ ඉල්ලීම් ඉටුකිරීමේදී ප‍්‍රමුඛතාවයක් දෙන්නට මට සිදු විය. අඩු තරමින් එසේ කළ යුතුබවට බිරියගේ අවධාරණාත්මක ඉල්ලීමට මා එක`ග වූයෙමි. කිසිවකු එය නියෝගයක් පිළිපැදීමක් කීවද මම එක`ග වෙමි. එහෙත් එය මා සතුටින් යටත් වූ නියෝගයක් බව ද නොකියාම බැරිය.
එදා සිට සිරමැදිරියේ නින්දට යන සෑම අවස්ථාවකදීම මගේ මතකයට දියණියගේ මුහුණ මැවී පෙනෙන්නට වූයේ ඇගේ කෙළිලොල් හැසිරීම වි`දගන්නටත් ඇය හා කාලය ගෙවන්නටත් මට තිබුණු අවස්ථාව කුරිරු ලෙස පැහැරගෙන තිබුණු බැවිනි. දුක සැප බලා කියාගන්නට හැකි බිරියක් සිටීම පිරිමියකු ලබන වරප‍්‍රසාදයකි. එසේම මව්පියන් නිරතුරුවම ප‍්‍රබෝධයට පත්කරවන ප‍්‍රීතිමත් දරුවන් සිටීම ද මව්පියන් ලබන වරප‍්‍රසාදයකි. මා ඒ දෙකම ලබාගතහැකි අයකුවීමේ වාසනාව ලදිමි. එහෙත් දැන් මට එය අහිමිකර ඇති නිසා ඇත්තේ වේදනාවකි. එහෙත් දියණියගේ මතකය පවා මා මේ ඉරණමට ඇද දැමූ උන් ගැන කෝපයෙන් පුපුරන්නට නොහැකි තරමට මගේ හදවත මෘදු බවට පත්කරවන්නට සමත් විය.
අවසානයේ මා නින්දට වැටුණෙමි. පසුවදා උදයේ අවදි කරවනු ලැබුවේ යකඩ ගේට්ටුව අගුලූ ලෑ ඉබියතුරු විවෘතකරන ශබ්දයෙනි.
මම දෑස් විවර කරමින් අවට බැලූවෙමි. තවමත් ම`ද අ`දුර රැු`දී ඇති නිසා වෙලාව උදෑසන හය පමණ වන්නට ඇතැයි සිතුවෙමි. සිරකරුවකු නානකාමරයට යන්නට ආරක්ෂක භටයා කැ`දවා තිබේ. ඔහු දොර විවරකර දුන් පසුව වරකට දෙදෙනා බැගින් නානකාමරයට යා හැකි විය.
නිදාගෙන හුන් අය එකා දෙන්නා බැගින් අවදිවන අයුරුත් සමහරුන්ගේ ශාරීරික ස්වභාවයත් නිවැරැුදි ලෙස මට දැකගන්නට හැකි වූයේ ඒ අවස්ථාවේදීය. ඇතැමුන් බාහිර පෙනුමින්ම අහිංසකයන් බව දැකගතහැකි විය. ඒ අතර දෙමළ ජාතිකයන්යැයි කිවහැකි අය දෙමළ බසින් එකිනෙකා ආමන්ත‍්‍රණය කරණු දැකිය හැකි විය.
අවදිවූවන් අතර අයකු නානකාමරයට ගොස් නැවත පැමිණ ශාරීරික ව්‍යායාම කරන්නට පටන්ගත්තේය. මා නිදා සිටි තැනින් මෑත වී ඔහුට ඉඩ ෂලසා දුන්නෙමි. මධ්‍යම ප‍්‍රමාණයේ වැඩුණු සිරුරක් ඇති ඒ තරුණයා දෙමළ ජාතිකයකු බව අන්‍යයන් ඔහු සම`ග කරණ වචන හුවමාරුවෙන් මම තේරුම් ගතිමි. එහෙත් ඔහු වචනයකට දෙකකට සීමා වී කතාව කෙටිකර සිය කාර්යය දිගටම කරගෙන ගියේය. ක‍්‍රීඩා පුහුණුවකදී මෙන් සැහැල්ලූවෙන් ශාරීරික ශක්තිය පවත්වාගෙන යන්නට ඔහු දරණ වෑයම විසින් උදයේම නිවසේ මතකය යළි අලූත්වෙමින් පුළි`ගු ලෙස ඇවිළෙමින් තිබුණු මාගේ චිත්ත පීඩාවන් දුරුකරවන්නට සමත් විය.
‘‘තේ කීයද?’’
ඊළ`ග මොහොතේ මගේ අවධානය යොමුවූයේ ආරක්ෂක නිලධාරියා සිරමැදිරිය ඉදිරියට පැමිණ කළ විමසීමෙනි.
‘‘ඔන්ඩු, රෙන්ඩු, මූන්ඞ්රු…….’’
අසළ හි`ද සිටි අයකු විසින් ගණන්කිරීම ආරම්භ කළේය.
‘‘මිනිහෝ ඊයෙ හිටපු ගාන කියනවා. හැමදාම ගැනලා බලන්න ඕනෙද?’’
ආරක්ෂක නිලධාරියා කළ තරවටුව කාගේත් මානසිකත්වය වෙනස් තත්වයකට ගෙනා බව පැහැදිළිය. අප සිටින්නේ යම් කිසි බෝඩිමක නොව සිරකුටියක බව ඒ නිල ස්වරයෙන් ඒත්තුගන්වනු ලැබිණි.
‘‘සර්, …………….’’ දෙමළ බසින් යමක් පැහැදිලි කරන්නට ගනන් කිරීම සිදුකළ තරුණයා උත්සාහ දැරීය.
‘‘ ඊයෙ ? එකෙක් ගෙනාවට හිටිය ගාන මතකයිනෙ?’’ ඔහු පෙරළා ප‍්‍රශ්න කරයි. සියල්ලෝ තුෂ්ණිම්භූතව සිටිති.
මා ද ඇතුළුව 14දෙනකු සිටින බව කියැවිණි. හැම දෙනාටම තේ ගෙන එන්නට ප්ලාස්ටික් බෝතල් කිහිපයක් නිලධාරියා අතට පත්කරණු ලැබිණි. යකඩකූරු අතරින් ප්ලාස්ටික් බෝතල් තල්ලූ කරනවිට ඇති කරන අප‍්‍රසන්න නාදය අපගේ සිත් සිරකුටියේ සිට හ`ඩා වැළපෙන ස්වරය වැනි යයි මට සිතිණි.
‘‘කවුද අර ඊයෙ ? ආවෙ?’’
‘‘මම’’ සිටි තැනින් මෑත්වෙමින් මම ඉදිරිපත් වූයෙමි.
‘‘ආ මෙයාද? මොකක්ද නම?’’
සුපුරුදු පරිදි නැවතත් මගේ නම කුමක්දැයි විමසනු ලැබීමෙන් අද හතරවැනි තට්ටුවේ ජීවිතය, ඊයේට වඩා වෙනස් නොවනු ඇති බව වටහා ගත්තෙමි.

හතරවන තට්ටුවේදී – 8

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ මා ගතකළ පළමුවැනි දිනය අවසන්වෙමින් තිබිණි. ඒ රාත‍්‍රියේ මා අපරාධ පරික්ෂණයට රැගෙන එනවිට මධ්‍යම රාත‍්‍රිය ඉක්ම ගොස්ය.
මා රැුඳවිය යුතු කුමන සිරකුටියකදැයි කෙටි සාකච්චාවකින් පසුව පොලිස් පරික්ෂක ‘පී’ ඒ ස`දහා හතරවැනි තට්ටුවේ සිරකුටියක් තෝරාගන්නා ලෙස උපපොලිස්පරික්ෂක ‘කේ’ වෙත දන්වන ලදී. එය මාගේ ‘සුවපහසුව’ පිණිස තෝරාගත් බවක් ඔවුන් විසින් මා හට දන්වන ලදී. පසුව දැනගත් ආකාරයට එහි යම් සත්‍යතාවයක් තිබිණි.
දින 90ක් ඉක්මවිය හැකි සිරගත ජීවිතය සඳහා හිත හදාගෙන ඒ වනවිට මා වෙත ලබාදී තිබුණු ඇ`දුම් බෑගය අතට ගත්තෙමි.
‘බෙල්ට් එකයි සපත්තු දෙකයි මෙහෙ තියලා යන්න’ පොලිස් පරික්ෂකවරයා එම නියෝගය නිකුත් කරන ලද්දේ මා වෙත උපදෙස් දෙන ස්වරයකිනි. ඇතැම් සැකකරුවන් බෙල්ට් ඉනපටියෙන් සිරකුටි තුළ ගෙලවැලලාගැනීම් කළ අවස්ථා තිබිණි. පහරදීම් හා වෙනත් අනතුරු ඇතිවිය හැකි බැවින් පූර්වාරක්ෂක පියවරක් ලෙස එවැනි තීන්දු ගන්නා බව මම දැන සිටියෙමි.
මේ වනවිටත් මා සතුව තිබුණු ජනමාධ්‍ය හැඳුනුම්පත හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අමුත්තන්ට ලබාදෙන හැ`දුනුම්පත ද ඒ අවස්ථාවේම පොලිස්පරික්ෂකවරයා අත තැබුවෙමි. එය ඔහු විසින් සිය මේසයේ ලාච්චුවක බහාලන ලදී.
‘හෙට අපිට ගොඩක් වැඩ තියෙනවා. දැන් ගිහින් නිදාගන්න’ මිත‍්‍රශීලී ස්වරයෙන් ඔහු එසේ කියත්ම මම පුරුද්දට මෙන් ‘ගුඞ් නයිට්’ යැයි කීවෙමි.
‘ඔව් ඉතින් ගුට් නයිට් කියලා කියමු නේද? මේක නරක අත්දැකීමක් වුනත් අපට සුබපතාගන්න පුළුවන්නෙ’ ඔහුගේ පිළිතුර උපහාසාත්මක විය. උප පොලිස් පරික්ෂකවයා විදුලි සෝපානයෙන් හතරවැනි තට්ටුවට මා කැ`දවාගෙන ගොස් එහි වූ තවත් අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයක් අසළ නතර විය.
එතැනදී ‘සිරමැදිරියට’ මා පිළිගනු ලබන බව දැනගතහැකි විය. පසෙකින් වූයේ රූපවාහිනී තිරයකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ ස්ථාන කිහිපයක සවිකර ඇති ආරක්ෂක කැමරාවල දර්ශන ඒ තිරය මත මාරුවෙන් මාරුවට දර්ශනය විය.
‘නම කියන්න’
රාත‍්‍රී සේවයේ නියුතු නිලධාරිනියගේ වියළි ස්වරයෙන් මගේ විමසුම් ඇස ඉදිරිපස වූ තරමක් විශාල පොත වෙත යොමු විය. ඇයට ප‍්‍රතිචාර දක්වමින් ම එදිනට මගේ නම කියන්නේ කී වැනි වතාවටදැයි මතක්කරගන්නට ගත් උත්සාහය අසාර්ථක විය. මා දෙස වියළි ලෙස බලා සිටින තරුණ පොලිස් නිලධාරියකුගේ නිදිමත ස්වභාවය එවිට මගේ අවධානයට ලක්විය.
‘‘දැන් යමු’’ උප පොලිස් පරික්ෂකවරයා කොරිඩෝව දිගේ මා කැ`දවාගෙන සිරකූඩු තිබෙන ස්ථානය වෙත ගියේය. පළමුවෙන්ම දක්නට ලැබුණේ කාන්තාවන් රැු`දවූ කුඩා සිරකුටියකි. ඒ ඉදිරිපසින් සිවිල් හැඳි පොලිස් කාන්තාවක් අසුන්ගෙ සිටියාය. ඇය විමසිලිමත්ව අප දෙස බැලූවත් මොහොතකට පෙර නින්දේ සිටින්නට ඇති බව ඇගේ දෑසින් පළවිය. සිකුටියේ වූවන් කී දෙනාදැයි කිවනොහැකි අඩ අඳුරක් විය. ඔවුහු නින්දේ සිටියහ. නිසැකවම ඒ කොටි සාමාජිකාවන් හෝ දෙමළ ජාතික සැකකාරියන් බව මට සිතිණි. ඉන් ඔබ්බේ වූ කුටියක් පසුකර මා යොමු කරන ලද්දේ තරමක් විශාල සිරකුටියකටයි. විදුලි බුබුලූ නිවාදමා තිබුණු නිසා අඩ අඳුරක පැවැති සිරමැදිරයේ ඒ මේ අත දිගහැරී මිනිසුන් නිදා සිටින අතර යකඩ දොරටුවේ ඉබියතුරු විවෘත කරන ලදී. නැවතත් හ`ඩ නගමින් ඉබියතුරු අගුලූලන විට මා සිටියේ සිරකුටිය තුළය.
ඇතුළුවන ස්ථානයේ ම විවිධ ප‍්‍රමාණයේ වතුර බෝතල් හා බාල්දි වෙන්වෙන්ව තබා තිබිණි. ඒවා ම`ගහැර සිරමැදිරියට ප‍්‍රවේශ වුවත්ඉන් ඔබ්බට යනනට නොහැකිය. සිරකරුවෝ බිම වැතිරී නිදති. මම ඔවුන් දෙසත් මුරභටයා දෙසත් බැලූවෙමි.
‘ඉඩතියෙන තැනකින් ඔය පැදුරක් එලාගන්න’
මුරභටයාගෙන් මිත‍්‍රශීලී විධානයකි. කනටකර ඔහුට යමක් පවසමින් උපපොලිස්පරික්ෂකවරයා යන්නට සූදානම් විය.
‘චන්දන මහත්තයා එහෙනම් අපි හෙට හම්බ වෙමු.’
‘රයිට්, ගුඞ් නයිට්’ මම පිළිතුරු ලෙස පැවසුවෙමි.
මාඇතුළු වී සිටියේ තරමක් ඉඩකඩ ඇති සිරමැදිරියකට බව හාත්පස බලනවිට පැහැදිළි විය. ඒ තුළ සිරකරුවන් පිරිසක් වැටී නිදති. විකල්පයක් නැත. මම අසළ වූ පදුරු ගොඬේ පැදුරක් තෝරාගත්තෙමි. එය දිගහරිමින් වැතිරගන්නා විට හිසට තබාගන්නට තිබුණේද පැදුරු කිහිපයකි.
මා කැ`දවා ආ නිලධාරියාගේත් මුරභටයාගෙත් පා තබන හඬ අවසන්වන තෙක් මම වැතිරගෙන දෑස් වසා සිටියෙමි. ඉන්පසුව දෑස් හැර බලනවිට කුටියේ සිටින පුද්ගලයන්ගේ විවිධ හැඩරුව අඳුර මැදින් මට දැකගත හැකි විය. ඒ අයගේ හුස්ම ඉහළ පහළ වැටෙන හ`ඩ විවිධාකාරය. ඒ අසමින් මම හෙට දවස ගැන සිතුවෙමි.

හතරවන තට්ටුවේදී – 7

කොට්ටාව නගරය පසුකරමින් වාහනය නිවස වෙත ළ`ගාවූයේ රාත‍්‍රී 10.00ට පමණය. නිවෙස් හිමිකරුගේ ප‍්‍රධාන නිවසේ විදුලි පහන් දැල්වුණද යාබදව පිහිටි මගේ නිවහනේ විදුලි පහන් නිවාදමා තිබිණි. මා කෙළින්ම මගේ නිවසේ දොරටුව වෙත ගොස් තට්ටු කළෙමි. පිළිතුරක් නැත.
‘‘ගෙදර කවුරුත් නෑ වගේ’’ මම නිලධාරින් දෙසට හැරී පැවසුවෙමි.
කෙසේවෙතත් මා නැවතවරක් තට්ටු කළේ කිසිවකු නැති බව සැකහැර දැනගන්නටය. ඉන්පසුව ප‍්‍රධාන නිවසේ දොරටුව වෙත ගිය උපපොලිස් පරික්ෂකවරයා දොරටුවට තට්ටුකර නිවෙස් හිමියා ඇමතීය. කාරුනික පුද්ගලයකු වූ ඔහු වහා දොරටුව හැර නිලධාරින්ට අවශ්‍ය කුමක්දැයි විමසා සිටියේය. ඔහු පැවසූ ආකාරයට දිවා කාලයේ නිවසින් පිටව ගිය බිරිය සහ දියණිය නැවත නිවසට පැමින නැත. ඒ අනුව ඔවුන් ඥාතියකුගේ හෝ හිතවතකුගේ නිවසට යන්නට ඇති බව මට සිතිණි. සාමාන්‍යයෙන් මා නිවසේ නොමැති අවස්ථාවල ඇය නිවස හැර යන්නේ නැත. එහෙත් අද ඇත්තේ වෙනත් රාත‍්‍රියක වැනි තත්වයක් නොවේ. යම් අවදානමක් දරන්නට වුවහොත් රාත‍්‍රියේ නිවසේ තනිව සිටීම නුසුදුසු බව ඈ කල්පනාකරන්නට ඇත. පවුලේ සැම දෙනා එක්ව හි`දින අවස්ථාවකදී එකාමෙන් කටයුතු කළහැකි නමුත් මා දුරස්ත වී සිටිනවිට ආරක්ෂාව පිළිබ`ද අවදානමක් ඇතිනිසා නිවසින් පිටත ස්ථානයක ආරක්ෂාව සපයාගන්නට ඇය තීරණය කළා වියයුතුය. මේ උපකල්පනය නිසා මට යම් සහනදායක හැ`ගීමක් ඇතිවුවද බිරියගෙන් නිශ්චිත පණිවිඩයක් නොමැතිවීමෙන් ඔලූව අවුල්වන තත්වයක් තිබිණි. කෙසේ වෙතත් මෙම වියවුල්කාරී තත්වයම එළඹෙන ඕනෑම දෙයකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට තරම් අධිෂ්ඨානයක් මා වෙත ඇතිකරවීය.
‘‘මොනවා කරන්නද? අපි යං යන්න.’’
එහිදී නිවෙස්හිමියා අමතා බිරිය පැමිණි පසුව දෙන්නට මාගේ අත් ඔරලෝසුව හා මංගල මුදුව භාර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. මා සතුව ඇති වටිනා පරිභෝග වස්තුන් ලෙස සිරමැදිරියකදී තබාගැනීම සුදුසු නැති බව මට සිතුනි. කලාතුරකින් ගලවන මංගල මුදුව දකුණතේ වෙදැ`රැුිල්ලෙන් ඉවත්කිරීම දුෂ්කර වුවද වේදනාවෙන් යුතුව එය ගලවාගතිමි. ඒවා සුරැුකිව බිරියට දෙන බව කී හෙතෙම මාගේ ආරක්ෂාව පිළිබ`දව සැළකිළිමත්වන ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ පාඩුවේ ජීවත්වන ඔහු එවැනිම ආකාරයෙන් ජිවත්වන අප ගැන විමසිලිමත්ව සිටියේය. කලකට පෙර බිරිය මියයාමෙන් පසු නැවත විවාහ නොවී සිය එකම පිරිමි දරුවා රැුකබලාගෙන නිහ`ඩව ජීවත්වූ මේ සත්පුරුෂයා අප ගැන යම් පැහැදීමකින් සිටින බව මා දැනගත්තේ මින් පෙර දවසේ මා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කටයුතු කළ අකාරයෙනි. සාමාන්‍යයෙන් කුලී නිවැසියන්ගේ ජීවිතවලට පොලිසිය මැදිහත්වන කිසිදු අවස්ථාවක් යහපත් දෙයක් ලෙස නිවෙස්හිමියන් සිතන්නේ නැත. එවැනි පුද්ගලයන් තම නිවසින් පළවා හරින්නට හැකි ඉක්මනින් කටයුතු නොකරන්නේ එහෙමත් නිවෙස්හිමියෙකි.
කෙසේ වෙතත් මා සම`ග එහි ගිය නිලධාරියකු මා නැති අවස්ථාවක් බලා මගේ පදිංචියට අදාළ කුලී ගිවිසුම පිළිබ`දව විමසා ඇති බව පසුව දැනගන්නට ලැබිණි. ඒ වෙලාවේ කුලී ගිවිසුම ඔහු සතුව නොතිබුණි.
‘‘මේ වගේ මිනිස්සු ඉන්නකොට ඔහෙලටත් කරදරයක්නෙ? යන්න කියන්නයි තියෙන්නෙ’’ යනුවෙන් නිවෙස් හිමියාගේ හිත බි`දවීමේ උත්සාහයක් එමනිලධාරියා විසින් දරා තිබිණි. එහෙත් මා කිසිවකුට කරදරයක් කරන අයකු නොවන බවත් හැමවිටම කිසිවකුට හිරිහැරයක්නොවන ලෙස ජිවත්වූ බවත් නිවෙස්හිමියා එහිදී සහතිකකර තිබිණි.
කිට්ටු හිතවතුන් නිසා කුලී ගිවිසුමකට වඩා අප අතර විශ්වාසයක් ඇති බව මෙහිදී නිවෙස් හිමියා නිලධාරියා වෙත දන්වා තිබිණි.
‘‘කිසි තේරුමක් නැති ගමනක්නෙ ආවෙ.’’ පොලිසි පරික්ෂක ‘කේ’ එසේ කීවේ නැවතත් රථය වෙත දැස් යොමුකරමින්ය.
රාත‍්‍රියේ මේ ගමන යායුතුු නැතිබව කල් තියා ඔහුට පැවසූ මට කියන්නට දෙයක් තිබිණි. එහෙත් ඔහු ඒ බව වටහා ගත් නිසාදෝ මා දෙස කෙළින් නොබලා වාහනයට ගොඩවිය. නිහ`ඩතාවය වචනදහසක් වටිනා බව සිහිපත්වූ නිසා මම නිහ`ඩව කැබ්රථයේ පසුපසින් එයට ඇතූළුවූයෙමි. රථය පණගැන්විණි.

හතරවෙනි තට්ටුවේදී – 4

‘‘කෝ තාමත් වාහනයක් නෑනෙ” උප පොලිස් පරීක්ෂක ‘කේ’ මැසිවිලි නගමින් දුරකථනය වෙත ගියේය.
ඒ වනවිටත් රාත‍්‍ර‍්‍රී 9 පසුවී තිබිණි. දුරකථනයෙන් ප‍්‍රවාහන අංශය අමතා අවශ්‍යතාවය පිළිබ`ද දැනුම්දීමක් කර තිබුණද තවමත් ගමනට වාහනයක් නොලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහන විශාල ප‍්‍රමාණයක් තිබුණද ඒවා ලබාගැනීම කිසියම් ක‍්‍රමවේදයකට විය යුතු බව තේරුම් ගත හැකිය. පැයකට ආසන්න කාලයක් විවිධ හේතු මත වාහනයක් සපයා ගන්නට ඔවුන්ට නොහැකි විය. මා කැ`දවාගෙන එන්නට දෙල්ක`ද දක්වා පැමිණි ඩබල් කැබ් රථය ඔවුන්ගේ විමර්ශන කටයුතු ස`දහා යොදවා ගන්නා එකම වාහනය විය. දිගු කාලයක් පාවිච්චි කිරීමෙන් අබලන්වීමට ආසන්න වෙමින් පැවැති එම රථයේ විදුලි පරිපථ දෝෂයක් නිසා ඉදිරිපස ප‍්‍රධාන පහන් සහ සංඥා පහන් දැල්විය නොහැකි තත්වයක් පැවැතිණි. එම දෝෂය පරික්ෂාකරබලා අලූත්වැඩියා කරන්නට දැමුවහොත් ඔවුන්ට දිවා කාලයේත් රාජකාරි ගමන් යන්නට සිදුවන්නේ පොදු ප‍්‍රවාහන සේවයෙන් හෝ කුලී රථයකිනි. එය පොලිසියේ සම්ප‍්‍රදාය නොවනවා මෙන්ම එවැනි දේකට වියදම් ලබාගැනීමද දුෂ්කර බව ඔවුහු මා සමග පැවැසූහ.
වරක් ඉහළ නිලධාරියකුගේ අවශ්‍යතාවයට ලබාගත් රාජකාරි රථය පිළිබ`ද විමසීමක් කරන ලද විට එම වාහනය නැවත පැමිණෙන විට ප‍්‍රමාදවන බවක් දැනගන්නට ලැබිණි. එක් අතකින් මෙසේ රාත‍්‍රියේ මා කැ`දවාගෙන යන්නේ ඇත්ත වශයෙන්ම කාර්යාලය පරික්ෂා කිරීමටද නැතිනම් වෙනයම් අරමුණකින්දැයි සැකයක් මගේ මනසේ හොල්මන් කරමින් තිබිණි.
‘‘දැන් මේ වෙලාවට ඔෆිස් එකක් සර්ච් කරන්න යන එක අවුලක්නෙ?’’ මම දිගින් දිගටම රාත‍්‍රියේ පිටත්ව යන ගමන පිළිබ`ද විරෝධය පළ කළෙමි.
‘‘කිසිම අවුලක් නෑ. අපට අපේ ඉන්වෙස්ටිගේෂන්
එක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න වෙනවා. ? දවල් කියලා බල බලා හිටියොත් කෝච්චිය ගියාට පස්සෙනෙ ගේට්ටුව වහන්න වෙන්නෙ’’ පොලිස් නිලධාරියකුගේ සැබෑ ස්වරූපය දක්වමින් විමර්ශන නිලධාරියකු මට පිළිතුරු දුන්නේ මා කටින් ගසා නිහ`ඩ කරන අදහසිනි.
‘‘මොකක්ද ඔය තරම් හදිසිය… මේක ටෙරරිස්ට් හයිඩවුට් (ත‍්‍රස්තවාදින්ගෙ රහසිගත ස්ථානයක්* එකක් නෙවෙයි. පත්තර කන්තෝරුවක්’’ මම කෝපයෙන් පැවැසීමි.
‘‘මිස්ටර් චන්දන, ඔයා දැන් ඉන්නෙ අපේ භාරයේ. අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නෙ. ඒකට උදව් කළොත් ඉක්මණට ගෙදර යන්න පුළුවන්. නැත්නම් ඔයාටමයි නිකරුණේ කූඩුවෙ ඉන්න වෙන්නෙ.’’ උප පොලිස් පරීක්ෂකවරයෙක් මා අමතමින් එසේ කියද්දී මගේ ඉවසීම සීමාව පැන්නේය.
‘‘ඔයාල භාරයේ හිටියට මම වැරදිකාරයෙක් නෙවෙයි. ඒත් ඔයාලට අවශ්‍ය නම් ඕනැ තැනක් සර්ච් කරන්න. ඒත් අපේ ජීඑම්ට කියලා හෙට උදේම වුණත් යන්න පුළුවන්. මහ ? ගියා කියලා අමුතු දෙයක් වෙන්නෙ නෑ. එතැන කවුරුවත් හිටියෙ නැත්නම් නිකං රස්තියාදුව විතරයි.’’
‘‘ඔයා මේක තේරුම් ගන්න චන්දන. අපිට ඉහළින් ඉන්න මිනිස්සු කියන්නෙ දැන් මේක කරන්න. අද අරක කරන්න. අදම ඇරෙස්ට් කරන්න. හෙට වෙනකොට මට රිපෝට් එකක් දෙන්න වගේ දේවල්. ඔයාව ඇරෙස්ට් කරලා තියෙන්නෙ හදිසි නීතිය යටතේ.’’ නිලධාරියෙක් මට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළේ වාහනයක් ගැන තවමත් නිශ්චිත නැතිව තිබියදීය.
‘‘ඒක තමයි මමත් කියන්නෙ. කවුරු වුණත් මාව ඇරෙස්ට් කරන්න කියපු මිනිහා හදන්නෙ තමන්ගෙ වැරදි පෙන්වන, වංචා ¥ෂණ හෙළිදරව් කරන පත්තරකාරයො ත‍්‍රස්තවාදී චෝදනාවලට යටකරන්න. ඒකයි මට ඞී ඕ එකක් ගහලා තියෙන්නෙ. පත්තරකාරයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න නීති තියෙනවා. ත‍්‍රස්තවාදය මර්දනය කරන්න ගෙනා නීති යොදාගන්න
කියන එකයි වරද’’ මගේ කරුණු පැහැදිලි කිරීම ඔවුන් අසා සිටියේ නොඉවසිලිමත් අභිනයන් දක්වමිනි.
‘‘ඔයා ත‍්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒ වුණත් අපට තියෙන්නෙ හදිසි නීති රෙගුලාසි යටතෙ චෝදනා ලබපු කෙනෙක් හැටියට ඔයාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න අදාළ සාක්ෂි එකතු කරන්නයි. මේක ඒ මට්ටමෙන් කෙරෙන ඉන්වෙස්ටිගේෂන් එකක්’’
‘‘ඉතින් මේකනෙ වැඬේ. මම ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන ස්ථාවරය ඇතිව ඒ බව අනෙක් අයට වටහලා දෙන්න යමක්කමක් තේරෙන කාලෙ ඉ`දලම වැඩකළා. 2002 අවුරුද්දෙ රනිල් වික‍්‍රමසිංහලා බොරු සාම ගිවිසුමක් ගැහුවට පස්සෙ අපේ පත්තරේ පටන් ගත්තෙම නෝර්වේ මැදිහත්වීමෙන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පෝෂණය කරන එකට විරෝධය පළකරන්නයි. ඒ වෙනුවට ජාතික සමගිය ඇතිකිරීම අරමුණු කරගෙන අපි ලිව්වෙ. අවුරුදු අටක් පත්තරේ වැඩ කරද්දි ඒ මතය වෙනුවෙන් අපි පෙනී හිටියෙ, දැන් ඔය ර`ගපාන දේශපේ‍්‍රමී කාඞ්බෝඞ් වීරයො වලිගෙ කකුල් දෙක අස්සෙ ගහගෙන ඉන්නකොට.’’ මගේ ප‍්‍රතිචාරය දේශනයක ස්වරූපයෙන් උස්හ`ඩින් යුතු වූ අතර ඒ බව වටහා ගන්නාවිට මා සියල්ල කියා අවසන්ය. ආවේගයෙන් පිටවූ ඒ වචනවල කෝපයකට වඩා තිබුණේ අවඥාවයි.
එහෙත් ඔවුහු මගේ කෝපය වටහා ගෙන නිහ`ඩ වූහ. වාදය අවසන් වුවත් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරි කටයුතු කෙරෙමින් තිබිණි. වාහනය සූදානම් බව දැනුම්දෙන ලද බැවින් ඔවුහු මා කැ`දවාගෙන පිටත් වූහ.

හතරවෙනි තට්ටුවේදී – 3

‘මෙයාට ඞී ඕ එකක් ගහලා. ඇරස්ට් කරන්නලූ’
පොලිස් පරීක්ෂක ‘එ්’ එසේ කියමින් කාර්යාල කාමරයට පැමිණෙන විට උපපොලිස් පරීක්ෂක ‘කේ’ මගේ ප‍්‍රකාශය ලබාගැනීමේ කටයුතු අවසන් කරමින් සිටියේය.
මේ කාරණය දැනගන්නා අවස්ථාව වන විට සවස 4.30 පමණ විය. එය අනපේක්ෂිත මොහොතක කඩාපාත්වූවද මා විසින් අපේක්ෂා නොකළ දෙයක්ද නොවීය. ඞී ඕ හෙවත් ‘රැු`දවුම් නියෝගය’ ගැන කල්තියා අවබෝධයක් නොමැතිවම වුවද ඔවුන්ට මා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව මින්පෙර මෙවැනි නිලධාරීන් සම`ග ගනුදෙනුකිරීමෙන්ම ඇතිකරගත් මගේ අත්දැකීමේ ප‍්‍රමාණයෙන් වටහා ගන්නට සමත්ව සිටියෙමි. කාර්යාලයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමේදී ඔවුන් සම`ග කැබ් රථයෙන්ම යා හැකි බව පොලිස් පරික්ෂක ‘පී’ පෙරැුත්ත කරමින් පැවැසූ බව මට සිහිපත් විය.
‘අපරාදෙනෙ ඔයාගෙ ඔෆිස් වාහනේ පෙට‍්‍රල් ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්නෙ’ ඔහු ඒ ගැන කීවේ එවැන්නකි. එහෙත් මා කර්තෘ මණ්ඩල සගයන් දෙදෙනකු සම`ග පැමිණීමට තීරණය කළේ හදිසියේ අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් ඒ අවස්ථාවේදීම ඒ බව බිරි`දටත් කාර්යාලයේ සගයන්ටත් තත්වය දැනුම්දීමට එය පහසුවක් වන නිසාය.
‘ආරක්ෂක අමාත්‍යංශයෙන් දැන් තමයි මේ ගැන දැනුම් දුන්නෙ චන්දන. ඔයාගෙ ගෙදරට දැනුම් දෙන්න වෙනවා නේද? මෙහෙම දෙයක් ගැන බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ ආවෙ’ පොලිස් පරීක්ෂකවරයා මා අසළින් අසුන් ගත්තේය. ඒ වනවිට පොලිස් පරික්ෂක ‘පී’ නැවත සිය අසුනට පැමිණ යම් කාර්යයක නිරත වෙමින් සිටිය්ය.
‘මම නම් ඔය වගේ දෙයක් බලාපොරොත්තුවෙන් මෙතෙන්ට ආවෙ. නියම ප්ලෑන් එක නේද?’ වියයුතු ආකාරයටම මගේ පිළිතුර වියළි ස්වභාවයක් ගත්තේය.
‘ප්ලෑන් එකක් නම් නෙවෙයි. මෙහෙම දේවල් වෙනවා චන්දන’ ඔහු යමක් පැවසීමට උත්සුක විය.
‘මොකද ප්ලෑන් එකක් නොවෙන්නෙ? අද සිකුරාදා. සති අන්තයෙ නිවාඩු දවස් අල්ලලා ඔයගොල්ලා අපිට ප‍්‍රකාශයක් ගන්න ඕනෑ කියන්නෙ උසාවි නොදා තියාගන්න හේතුවක් හදාන්න පුළුවන් නිසානෙ’ මා එසේ කී විට ඔහු නිහ`ඩ විය.
මගේ ප‍්‍රකාශය ලේඛනගතකරමින් ඔහුට එම කාර්යයට සහාය වූයේ මෑතකදී සේවයට එක් වූ උපපොලිස් පරීක්ෂකවරියකි. ඇය වහාම තම කාර්ය අවසන් කරන්නට උත්සුක වූයේ සේවය අවසන් කර ඉවතට යන්නටය. පස්වරු 5.00ට මා අත්අඩංගුවට ගන්නා ලද බව සටහන් කරන ලෙස කරන ලෙස ඇයට උපදෙස් දෙන ලදී. ප‍්‍රකාශය අවසන් කරමින් මගේඅත්සන් යෙදීම කරමින් නීතිඥ මහතකු හමුවීමට අවශ්‍ය බව මම ඔවුන්ට දන්වා සිටියෙමි. එහෙත් එම ඉල්ලීම ඉටුකරගැනීමට පැය ගණනක් බලා සිටින්නට සිදු විය. ‘ලංකා’ ආයතනයේ නීති කටයුතුවලට සම්බන්ධවන නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දොරටුව අසළට පැමිණියද නැවත හරවා යවා තිබිණි. ඔහුට නැවත පැමිණ පොලිස් පරීක්ෂක ‘පී’ හමුවිය යුතු බව දන්වන ලදී. ඒ අනුව රාත‍්‍රී 7.30 පසුවී නීතිඥයා එහි ළ`ගා විය.
ඇතිව තිබෙන තත්වය ඔහුට විස්තර කළ මම මගේ අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව ඔහුට පවසමින් ඊට අදාළව කටයුතු කරන්නට උපදෙස් දුන්නෙමි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රැු`දවියකු හමුවන්නට පිළිගැනීමේ කවුළුවේ අමුත්තන්ගේ පොතේ අත්සන් තබා පැමිණි නීතිඥයකුට එම රැු`දවියා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නොහැකි බවද ඔහුට දැනුම් දුන්නෙමි.
අවසානයේ ‘පත්තරකාරයා’ යන හැ`දින්වීම වෙනුවට ‘රැදවියා’ යන ආමන්ත‍්‍රණයක් මේ නමට එකතු වී තිබේ. ජීවිතයේ එක්තරා කාලයක ‘රැදවියා’ යන්න නිතර අසන්නට ලැබුණේ භීෂණකාරී වටපිටාවකය. පාසල් ශිෂ්‍යයකු වශයෙන් එවැනි රැු`දවියන් පිළිබ`ද පුවත් ජනමාධ්‍යයෙන් අසමින් කොයි මොහොතේ එවැනි ලේබලයක් මා වෙත අලවනු ලැබේදැයි නොදැන බියෙන් ජීවත් වූ මට සමකාලීන තරුණ පරම්පරාවක් මුහුණදුන් ඉරණම රහසක් නොවීය. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්නුම් කළ සුහදතාවය හා වෘත්තියමය ස්වභාවය මා වෙත ඇති කළේ එවැනි අවිනිශ්චිතභාවයක් නොවේ.
උදෑසන අත්අඩංගුවට ගත් තරුණයා සවස්වනවිට මහම`ග මරා දමන ලද යුගයක් විය. එවැනි තත්වයක් වලක්වනු පිණිස ක‍්‍රියාත්මක වූ බලවේග ගණනාවක පිහිටෙන් බලයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දමමින් වියරු ඒකාධිපතිත්වයක් කරා යන බව රහසක් නොවේ. එවැනි මොහොතකදී ඇත්ත කතාකරන මිනිසුන් පළමු ප‍්‍රහාරයට ඉලක්කවන බව ද දැන සිටි කරුණක් විය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව උපයෝගිකර ගෙන හෝ වෙනත් නීතිමය උපකරණ යොදාගෙන ‘ලංකා’ පුවත්පත න`ගමින් සිටින හ`ඩ නතර කරන්නට ඔවුන්ට අවශ්‍ය වී ඇත. රැු`දවුම්භාරයේ සිටි කාලය තුළ එක්තරා ඉහල නිලධාරියෙක් කළ ප‍්‍රකාශය ඊට කදිම නිදසුනකි.
‘චන්දන මේව අපි කැමැත්තෙන් කරන දේවල් නම් නෙවෙයි. ඒත් අපිත් කරන්නෙ රස්සාවක්. අපි මෙතන ඉන්නෙ නැත්නම් වෙනත් ඔෆිසර්ස්ලා දාල හරි තමන්ට ඕනැ දේ කරගන්නවනෙ’
රාත‍්‍රිය ගෙවී යමින් තිබිණි. මා ප‍්‍රකාශය ලබාදුන් අසුනේම හි`දගෙන අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ කටයුතු අවසන්වනතුරු බලා සිටියෙමි. ඔවුන්ට මෙන්ම මටද එය වෙහෙසකාරී අවස්ථාවක් විය.
‘අපට වාහනයක් සූදානම් කරන්න කියන්න’
පොලිස් පරීක්ෂක ‘පී’ රාත‍්‍රී 8.00ට පමණ දුරකතනයෙන් කිසිවකුට උපදෙස් දුන්නේය. මා හට එහි අමුත්තක් නොවීය. එහෙත් එය නුගේගොඩ බලා යන ගමනක් බව පැවසුණු බැවින් මගේ කුතුහලය වැඩි විය. මම විමසිලිමත්ව බලා සිටින බව දුටු පොලිස් පරීක්ෂකවරයා උප පොලිස් පරීක්ෂක ‘කේ’ අමතා උපදෙස් දෙන්නට විය.
‘මෙයාගෙ ඔෆිස් එකයි ගෙදරයි සර්ච් කරන්න ඕඩර් එකක් තියෙනවා. ඔයා එක්ක යන්න තව කීප දෙනෙක් එවන්නම්. ේව අදම කෙරුවෙ නැත්නම් හෙට අපටනෙ ගෝරනාඩුව එන්නෙ. මහන්සි නොබලා යන්න.’
හදිසියේ කාර්යාලය පරික්ෂා කිරීමට ඔවුන් සූදානම්වන්නේ ඇයි? මට සිතාගත නොහැකි විය. කෙසේවෙතත් එය වැළැක්විය යුතු තත්වයකි.
‘දැන් නම් ඔෆිස් එකේ කවුරුත් නැතිව ඇති. අද අපේ කට්ටිය මළ ගෙදරක ගියා.’ මම පැහැදිළි කළෙමි.
එහෙත් ඔවුන්ට එහි විශේෂත්වයක් නොවීය.
‘කොහොමටත් යන්න වෙනවා. ඔයාග ගෙදරත් ගිහින් බලන්න කියලා නියෝග ලැබිලා තියෙන්නෙ.’ නිලධාරියා සැහැල්ලූ සිතින් පැවසීය.
‘එහෙම සර්ච් කරන්න උසාවි නියෝග තියෙන්න එපායැ.’ මම හරස්ප‍්‍රශ්නයක් යොමු කළෙමි.
‘නෑ නෑ හදිසි නීතියෙන් පුළුවන්නෙ. ඒවා ගැන කලබල වෙන්න එපා. අපට පුළුවන් හදිසි නිතිය යටතේ ඕනෑම සැකකටයුතු ස්ථානයක් පරික්ෂා කරන්න. කාටවත් විරුද්ධ වෙන්න බෑ.’ පොලිස් පරික්ෂකවරයාගේ පිළිතුර අතිශය නිලභාවයෙන් යුක්ත විය. මම නිහ`ඩ වූයෙමි. එසේ වුවත්, ‘ලංකා’ කාර්යාලයේ හෝ නිවසේ කිසිවකු නොසිටීවා යන්න මගේ බලාපොරොත්තුව විය.

හතරවෙනි තට්ටුවේදී – 1

ඔවුන් මා කූඩුවට දමා ඉබි යතුරු දමන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී තිබිණි. අධික වෙහෙස නිසා මට හාත්පස බලා සිටින්නට උවමනාවක් නොවීය. අඩනින්දේම මම කූඩුවේ දොර අසලම තිබුණු පැදුරු ගොඩක් අත පත ගාගෙන ඉන් එකක් දිගහැර ගත්තෙමි. කොට්ටය වෙනුවට ඉතිරි පැදුරු මිටිය මත හිස තබා නිදන්නට උත්සාහ කළෙමි. නින්ද මවෙත ළඟාවන්නට පෙර එදින සිදුවූ සියල්ල චිත‍්‍රපටයක් සේ මගේ මනසේ දිගහැරෙන්නට විය.
පුවත්පත් කාර්යාලයේ වැඩ නිමකර පිටත්වන විට මා හට දුරකථන ඇමතුමක් ඇති බව ලාල් කී ආකාරය එවේලේ මතකයට නැගුණි. ජනවාරි 28 වැනි බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී වනවිට 31දා පුවත්පත් කටයුතු ද අවසන් කර තිබිණි. කාර්යාලයේ රැුඳී සිටියේ මමත් දයාත් අසංකත් ලාලූත් පමණි. දුරකථනය අතට ගත් මාහට දැනගන්නට ලැබුණේ කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ‘පී’ දුරකථනයේ රැුඳී සිටින බවයි. ඔහු මාවෙත දැනුම් දුන්නේ පුවත්පතේ පළවූ ලිපියක් පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට මා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බවයි.
”මට ලිඛිත දැනුම්දීමක් කරන්න. මම එන්නම්” මගේ පිළිතුර විය.
”හරි මම මිරිහාන පොලිසිය මාර්ගයෙන් මැසේජ් එකක් එවන්නම්” නිලධාරියා එසේ පවසද්දී මම ඔහුට ස්තූති කොට දුරකථනය විසන්ධි කළෙමි. පසුදින කාර්යාලයේ වැඩ කටයුතු කරන අතර අපේක්ෂා කළ දුරකථන ඇමතුම ලැබිණි. එහෙත් එයින් කියැවුණේ අමුතුම කතාවකි.
”මිස්ටර් චන්දන 10.00ට එනවා කියල අපි බලාගෙන හිටියා. මොකද ආවෙ නැත්තේ.” උප පොලිස් පරීක්ෂකවරයකු වූ ‘කේ’ මගෙන් විමසා සිටියේය.
”මට මෙහෙම වෙලාවක් කිව්වෙ නෑ. මම කොහොමද දන්නෙ 10.00ට එන්න කියලා තියෙන වගක්.” මම පුදුමයෙන් පිළිතුරු දුන්නෙමි.
”ඇයි ඊයේ කීවෙ නැද්ද? ඊයේ අපි මිස්ටර් චන්දනට කිව්වනෙ” මෙය ඉවසීම ඉක්මවා යන තත්වයකි. එහෙත් ඔවුන්ගේ උගුලට මා අසුවිය යුතු නැත. ඒ නිසා මමත් ආවේගය පාලනය කරගෙන පිළිතුරු දුන්නෙමි.”
”මිස්ටර් නෙවෙයි ඊයේ කතා කළේ. අයි.පී. කෙනෙක්. මම එයාට කිව්වා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න කියලා.”
”ඉතිං මිරිහානෙන් මැසේජ් එක එව්වෙ නැද්ද?”
”නෑ… මට තවමත් එහෙම දැනුම්දීමක් නෑ. කරුණාකරලා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න. මම ආයතනයක වගකීමක් දරන කෙනෙක්. හිතූ මතේට වැඩ කරන්න මට බෑ.” මම මගේ සීමාව ඔහුට පැහැදිලි කළෙමි.
”හරි මට කියන්න එන්න පුළුවන් කීයට ද කියලා” පොලිස් පරීක්ෂකවරයා මගෙන් විමසීය.
”මගේ වැඩ කටයුතු ඉවර වෙන කොට 2 විතර වෙනවා. මම 3.00ට එන්නම් හැබැයි මට මැසේජ් එක එවන්න.”
”මැසේජ් එක එවන්නම් දන්නවනෙ පොලිසියෙ වැඩ. ඒක පමා වෙන්න ඇති. කොහොමටත් මම දැන් වෙලාවක් කිව්වනේ. ඒ වෙලාවට එන්න.” කනිෂ්ඨ නිලධාරියාගේ ස්වරය පැහැදිලිය.
”ඒත් මම දන්නෙ නෑ ඇයි මට එන්න කියන්නෙ කියලා. මොකක් ද මගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න හේතුව.” මම විමසා සිටියෙමි.
”හේතුව මේකයි මිස්ටර්ගෙ පත්තරේ පසුගිය 26 වෙනිදා පළකරල තියෙනවා ගෝඨාභය මහත්තයා කතරගම මන්දිරයක් හදනවා කියල…. අන්න ඒක ගැනයි ස්ටේට්මන්ට් එකක් ගන්න කියල අපිට උපදෙස් ලැබිල තියෙන්නෙ.”
”හරි මට තේරෙනවා. මම තුනවෙනකොට එන්නම්. කාවද හම්බවෙන්න ඕනැ.”
”ඉන්ස්පෙක්ටර් ‘පී’ හම්බවෙන්න කෝ.” දුරකථනය විසන්ධි විය.
මේ අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ පියාගේ මළගමට සහභාගි වීමට කාර්යාලයේ සියලූ දෙනා සූදානම් වෙමින් සිටියහ. මට එම ගමනට සහභාගි විය නොහැකි බව දන්වමින් මගේ වැඩ කටයුතු කරගෙන ගියෙමි. 12.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් කාර්යාලයට පැමිණියහ. පොලිස් පරීක්ෂක ‘පී’ සිනාමුසු මුහුණින් තමා හඳුන්වා දෙමින් මට අත දිගු කළේය. අතට අත දුන් මම ඔවුන්ට අසුන් ගන්නා ලෙස ඇරයුම් කළෙමි. එහෙත් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස තමන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් නියෝග ලැබී ඇති බව පැවැසූ ඔහු තමන් කැටුව එනලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මම කාර්යාලයේ ත‍්‍රිරෝද රථයෙන් පැමිණෙන බව ඔහුට දැනුම් දී පිටතට පැමිණියෙමි. මළගෙදර යාමට සූදානම් වී සිටි දයාත් මහේෂුත් මා සමග යාමට කැමැත්ත පළ කළහ. අප කොළඹ දෙසට යන අතරතුර ජනමාධ්‍ය සගයන් කිහිප දෙනෙක්ම දුරකථනයෙන් කතා කොට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ඇයිදැයි විමසූහ. මම ඔවුන්ට කාරණය පැහැදිලි කළෙමි.
”චන්දන අයියේ දැන්මම වොයිස් කට් එකක් දෙනවාද? නැත්නම් එන ගමන් දෙනවාද” වී එෆ්.එම් නාලිකාවේ හිතවත් මාධ්‍යවේදියෙක් මගෙන් විමසා සිටියේය.
”මල්ලි එළියට ඇවිත් ඔයාගෙ ෆෝන් එකට රිං කරන්නම්.” මා එසේ කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රශ්න කිරීම්වලට මුහුණදීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු නිසාය. මෙවර මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ පස්වන වතාවට බව මා සමග ගිය සගයන්ට මතක් කළ මම ඔවුන්ට මා එනතුරු පැය කීපයක් රස්තියාදු වීමට සිදුවිය හැකි බවද කීවෙමි. ඔවුන් සිනාමුසු මුහුණින් එය පිළිගත්හ.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ආණ්ඩුව විවේචනය කළ අප පුවත්පතට අනතුරක් වියහැකි බව දැන සිටියත් මෙම ‘කැඳවීම’ අපට විස්මයක් ගෙන දුන්නේ නැත. මේ වගේ ආයතනවල සගයන්ගෙන්ද අපට අවවාද ලැබී තිබිණි.
”ඉස්සෙල්ලා පරිස්සම් වෙයල්ලා. අපි හිතන්නෙ නැති වුණත් ලසන්තට වෙච්ච දේ දන්නවනේ. බලය අතට ආවාම මිනිස්සු සත්තු වෙනවා. ඔක්කෝටම කලින් කට්ටියට කියන්න ජීවිත ආරක්ෂාව අංක එකට තියන්න කියලා. තනියම නම් කොහෙවත් යන්න එපා. යන එන වෙලාවල් වෙනස් කරන්න.”
ප‍්‍රවීණ මාධ්‍යවේදියකුගෙන් ඒ සහෝදර අනතුරු ඇඟවීම ලැබී තිබුණේ මැතිවරණ ජයග‍්‍රහණය ප‍්‍රකාශ වී පැය කීපයක් ඇතුළතදීය.

චන්දන සිරිමල්වත්ත

දිගටම කියවන්න

Advertisements