Poetry

පිඩු සිගා යන බුදු හිමියෝ
දුටු විගස
ගින්නෙන් දැවෙන නිවසක්
වහා එහි ගොස්
නිවැසියන් හාහූවක් නැතිව
සිටිනු දැක
අනතුරින් මුදා ගනු වස්
මෙසේ විමසූහ,
‘පින්වත්නි,
උකටලී වන්ට කිම කාරණ
දැවෙයි නිවහන
සන්තක සියල්ල ද සම`ග
තෙපි සැවොම
දැවෙන්නට කල් නුදුර’

පිළිතුර මෙසේ විය
‘සැබෑවකි හිමි ස`ද
එහෙත් මේ දැවෙන
ධනය කවදාක අප
උපයමුද?
එහෙයින් ම
අනතුරින් බහැර වී
රැුක ගැනුමෙන් දිවිය
පල නැතැයි සිතන්නෙමු’

ඒ අසා බුදු හිමි නිහ`ඩ වී
දෙව්රම කරා සපැමිනි ස`ද
දම් සභා මණඩපයෙ මහ පිරිස්
එක්ව මතුළහ.

අනතුරට පත් නිවැසියෝ
දැක දැක ම
සන්සුන් ගමන් වැඩියැයි
චෝදනා මුඛයෙන්
බුදුන් විමසූ කල්හි,
ලැබිණි පිළිතුරු….


‘දෙසූයෙමි විමුක්ති මාවත
විපත දැක දැක ම
ගැලවෙන්ට නොවෙහෙසෙන
උකටලී මුග්ධයන් හට නම්
දෙසන්නට බණක්
නොදනිම් මම්

බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට් ලියූ ඡ්ර්ඉදක් දෙ ඊමාාය් නමැති කවිය ඇසුරිනි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: