ජනමාධ්‍යවේදීන් හැටියට අපි දැනගන්න ඕනෑ නොවිකිනෙන්න

chandana_sirimalwatte‘‘සටන් කරන අකුරු’’ ජනරළ පුවත්පතේ ප‍්‍රධාන තේමා පාඨය. මේ තේමා පාඨය පැහැදිළි කළොත්?
‘‘ජනරළ’’ පත‍්‍රය පටන් ගත්තෙම යම් දේශපාලන අරමුණක් මුල් කරගෙන. මම පටන් ගන්නම් ‘‘ලංකා’’  පත්තරෙන්. මේ වෙනස ‘‘ලංකා’’ පත්තරේ ඉන්න කොටත් කරන්න උත්සාහ කළා. එයට පහසු වටපිටාවක් තිබුණේ නෑ. ‘‘ලංකා’’ පත‍්‍රය පිළිබඳව ඒ අවධිධියේ අපට ස්වයං විවේචනයක් තිබුණා. ඒ පිළිබඳව අප සමාලෝචනයක්  කළා. මීට වඩා පීඩිතයන් වෙනුවෙන් වෙන්වුනු පත‍්‍රයක්  අවශ්‍යයි කියන මතයේ අප හිටියා. ඒ වෙනසට ඉඩක් තිබුණේ නෑ. ඇතත්ටම ඒ අවධියේ වැඩ කළේ ධනපති පංතියේ අවශ්‍යතාවයට මුල් තැන දෙන, යුද්ධයට ප‍්‍රමුඛතාවය දෙන, ජාතිවාදයට බරපතල ලෙස යොමුවුන වැඩපිළිවෙලක. ඒ වෙුනුවට වැඩිවැඩියෙන් වැඩකරන ජනතාව වෙත යොමුවුනු, පීිඩිත ජනතාව ගැන කථාකරන, ඒ අයගේ අරගලවලට යම් උත්තේජනයක් සපයන වාමාංශික විකල්ප පුවත් පතක් වියයුතු යැයි අප කල්පනා කළා. ඒ වෙනුවෙන් වෙන්වුනු ‘‘රිබෙල්’’ අතිරේකය අපි නම් කළා. හැබැයි  ඒ වෙනකොට පුවත්පතේ පාලනය තිබුනේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා අපට ඒ වෙනස කරන්න අපහසු වුනා. ලංකා පත්තරෙන් ඉවත්වෙලා අ`ඵත් පත්තරේතකට අපි යන්නේ ඒ අනුව. ඒ හදාගත්ත පත්තරේ නව වැඩපිළිවෙල අපි ක‍්‍රියාවට දැම්මේ ‘‘ජනරළ’’ පුවත්පත හරහා. සටන් කරන මිනිසුන් වෙනුවෙන් වූ පත්තරයක් නිසා ‘‘සටන් කරන අකුරු’’ජනරළට එන්නේ ඒ විධියට.

‘ලංකා’ පත්තරේ වෙනස් කරන්න බැරි වුනේ එහි කර්තෘ මණ්ඩල නිදහස නොතිබූ  නිසාද? පත්තරයේ අයිතිය නොතිබූ නිසා ද?
පත‍්‍රය සමාගමක් හැටියටයි ලියාපදිංචිකරල තිබූණේ. ජනතා විමුක්ති පෙරමුණේ මගපෙන්වීම සමාගමට තිබුණා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරය ඒ අයයි. ඒ නිසා කර්තෘ මණ්ඩලයේ බහුතර අදහස ක‍්‍රියාවට දමන්න අපහසු වුනා.

ඔබ කිව්ව විදියට යුද්ධයට ආවඩපු, දනපති ආණ්ඩුවලට මුක්කු ගහපු පත‍්‍රයක ඒ අවධියේ කර්තෘවරයා හැටියට තියෙන්නේ කම්පාවක් ද? පසුතැවීමක් ද?
2002 පත්තරය පටන් ගත්තේ. හරියටම රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව ප‍්‍රභාකරන් සමග සාම සාකච්ඡුා ආරම්භ කරපු අවධිය. ඇත්තට සාම සාකච්ඡුාවක් ද කියල වෙනම කථා කළයුතුයි. ප‍්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුමත් සමග යුද තත්වය නැතිවුනා.  ඒ අවධියේ රනිල් ගේ සැළැස්ම වුනේ යුද්ධයකින් තොරව උතුරුකරේ තමන්ගේ නව ලිබරල් ආර්ථික සැළැස්ම ක‍්‍රියාවට දමන්න. සංධානයේ සැළැස්ම වුනේ යුද්ධයකින් උතුර පරාජයකර උතුරේ තමන්ගේ සමාජ ආර්ථික සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න. මේ දෙකම එකයි. නමුත් අපි ඒ අවධියේ තොරාගත්තේ සංධානයේ සැළැස්ම. 2009-10 වෙනකොට ආපහු හැරිල බලනකොට තෙරුණේ අපි උදව් කළේ ධනපති පංති වැඩපිළිවෙළකට කියන කාරණය. ඒ පිළිබඳව අපට ස්වයං විවේචනයක් තිබුණා කර්තෘ මණ්ඩලය හැටියට. ඒ පිළිබඳව ස්වයං විවේචනාත්මක කම්පාවක් හා පසුතැවීමත් දෙකම තියෙනවා.
උතුරේ දෙමළ ජනතාවගේ අරගලය පීඩිතයන්ගේ අරගලයක්. වාමාංශිකයන් හැටියට එම පීඩිත අරගලය දැකිය යුත්තේ කොහොමද?
උතුරේ තිබුනේ පීඩිතයන්ගේ අරගයක්ම ද කියන ප‍්‍රශ්ණය අපට තියෙනවා. පීඩනයක් නිසා තමයි අරගලය හටගන්නේ.  එහි වර්ධනය ධනේශ්වර වුවමනාවන් සමග තමයි ගැටගැහිලා තිබුණේ. නමුත් වාමාංශිකයන්ට ඒ අරගලය මගහරින්න බෑ. අපි ලංකා පත්තරේ ලිව්වේ ඒ අර්ථයෙන් නෙවේ. වාමාංශික කෝනයකින්, පීඩිතයන්ගේ කෝනයෙන් නොවෙයි අප බැ`ඵවේ. ඒ නිසා එදා අපේ සේවය ධනපති පංතියේ අභිලාශයන් වෙනුවෙන්  කියන කාරණය පැහැදිළියි.

ජාතික ප‍්‍රශ්ණය මගහැර මාධ්‍ය භාවිතාවක යෙදෙන්න වාමාංශික පුවත්පතකට කිසිසේත් හැකියාවක් නැහැ. දෙමළ ජනතාවගේ අරගලය එන්නේ පීඩිත ජාතියක් හැටියට. ජනරළ පුවත්පත දෙමළ ජාතිය ජාතියක් හැටියට පිළිගන්නවාද?
ධනේශ්වර සංවර්ධනයේ දී ශ‍්‍රී ලංකාව ජාතීන් කිහිපයකින් තමයි සංයුක්තවෙලා තිබෙන්නේ. සමාජ සංවර්ධනයේ කාර්යභාරයන් ධනේශ්වර ක‍්‍රමය තුළ ඉටු නොවන තත්වයක් ඇතුළේ පටු බෙදීම් ඇති කරන්නට උත්සාහ කරනවා. මෑතකදී අපි බේරුවල දි මේ තත්වය දැක්කා. මේ තත්වය ධනපති සමාජ සංවර්ධනයේ ප‍්‍රතිඵල. ඒනිසා අපි දකිනවා මේ පිඩිතයන්ගේ ප‍්‍රශ්ණය විසඳන්න හැකිවෙන්නේ දේශපාලන විසඳුමකින්. ඒ පිළිබඳ අරගලය නිරාවරනය කරන්න, නිවැරැුදි චිත‍්‍රයක්, නිවැරැුදි තොරතුරු ජනතාවට දෙන්න අපි බැඳිල තියෙනවා. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කරන්නේ ඇත්ත තොරතුරු වසං කිරීම. පූර්ව නිගමනයන් පවා ඉදිරිපත් කිරිම. අපේ මාධ්‍ය භාවිතාව ඉන් බැහැර වු කලාවක්. කොහොම වුනත් දෙමළ ජාතිය ජාතියක් හැටියට අර්ථ ගැන්වීම අප දකින්නේ මෙහෙමයි. ජන සමාජයක ජාතියක් :භ්එසදබ්කසඑහ* තහවුරු වන්නේ සමාජ විද්‍යාත්මක විශ්ලේශනයක් තුළයි. ලංකාවේ පවතින තත්වය අනුව එවැනි ගැලපීමක් කරන්න අපහසු බවයි අපේ අදහස. සිංහළ ජාතිය සම්බන්ධයෙනුත් එම තත්වය අදාලයි.

ඔබේ අදහසේ පරස්පරයක් දකින්න තියෙනවා. ඔබ ඉහත කියනවා ජාතින්ගේ සංයුතියක් පිළිබඳව?
සිංහළ බෞද්ධ බලය සෙසු ජනකොටස් පීඩාවට පත්කිරීම සත්‍යයක්. රාජ්‍ය හැදිල තියෙන්නෙත් සිංහල බෞද්ධ දෘෂ්ඨි කෝණය ඇතුළේ. ප‍්‍රතිශතයක් වශයෙන් කුඩා වුවත් ඔවුන් මේ රටේ මිනිස්සු. ජාතිය ගැන විග‍්‍රහ කිරීම සමාජ විද්‍යාත්මක කාරණයක්. කෙටියෙන් කිව්වොත් සෙසු ජාතීන්ගේ ප‍්‍රජාත්නතවාදී අයිතීන් ගැන මහජාතිය සැළකිලිමත් නොවන්නේ ඒ නිසා.

අපි එමු ලංකාවේ මාධ්‍ය භාවිතාව කියන කාරණයට. මුද්‍රීත, විද්‍යුත්, එෆ් එම් නාලිකා මේ මොන මාධ්‍ය ගත්තත් ස්වයංවාරණයක් තිබෙනවාග. ‘‘ජනරළ’’ මේ තත්වය දකින්නේ කොහොමද?
සරලව කිවවොත් හෝද හෝද මඬේදාන ජනමාධ්‍ය භාවිතාවක් අපේ රටේ තියෙන්නේ. ඒක අපිටත් අදාලයි. අපිත් විවේචනයක් කරගතයුතු වෙනවා. ජනසමාජයක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ත්තවයට එරෙහිව හා සමාජ නිදහස ආරක්‍ෂා කිරීම වෙනුවෙන්  දැක්මක් ජනමාධ්‍ය තුල තිබිය යුතුයි. ජනමාධ්‍ය කියන්නේ තියෙන දෙයක් පැවසීම පමණක් නොවේ. තොරතුරු ඇසුරෙන් ඉහත ඉලක්කය ගැන අරමුණක් තිබිය යුතුයි. වාර්තා කිරීම පමණක් ජනමාධ්‍ය වෙන්නේ නෑ. ජනමාධ්‍යත් අද වෙළඳ පොළක් පමණයි. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කරන්නේ හොඳට විකුණන එක. උදාහරනයක් කියන්නම්. දෙරන නාලිකාවේ 360 වැඩ සටහනේ දයාසිරි – හරීන් ප‍්‍රනාන්දු කුකුල් පොරය කොච්චර අනෙකුත් මාධ්‍ය විකුණුවාද? ධනේශ්වර දේශපාලනයේ කථා කරන්නේ මහත්මා දේශපාලනය ගැන. පැහැදිළියි නේද මාධ්‍ය මේ කුකුල් පොරය අලෙවි කළ හැටි. ධනපති ප‍්‍රජාත්නත‍්‍රවාදය කියන තේරුමවත් මේ මාධ්‍ය දන්නෙත් නෑ. දේශපාලකයෝ දන්නෙත් නෑ. මාධ්‍ය ආයතනය කළේ එය වළක්වනවා වෙනුවට කුකුල් පොරය අලෙවි කරන එක. මුද්‍රීත මාධ්‍ය කළෙත් පොල්ගෙඩි අකුරෙන් ශීෂ_ පාඨදාල විකුණපු එක. මේකද මහජන සේවා ජනමාධ්‍ය සම්ප‍්‍රදාය.

ජනමාධ්‍යවේදියා යනු රටක හතරවෙනි පුරවැසියා කියන අර්ථ දැක්වීම අනුව අපේ රටේ මාධ්‍යවේදීන්ටත් ඒ අර්ථ දැක්වීම එලෙසම වටිනාකමක් දෙන්න හැකියාවක් තිබෙනවද?
ඒ විවේචනය තියෙනවා. ජනමාධ්‍යවේදීන් වන අපිත් වැටුප් ශ‍්‍රමිකයෝ. ජනමාධ්‍යවේදීන්ට මම යෝජනා කරන්නේ සමාජ අගතීන් විකුණන වැඬේට දායක වෙන්න එපා. ඒක කැත වැඩක්. අනෙක් පැත්තෙන් ඒ වගේ ආයතන හැරෙන්න ජනමාධ්‍යවේදීන්ට වැඩ කරන්න සාපේක්‍ෂ වශයෙන් හොඳ මාධ්‍ය ආයතනත් නෑ. ඒ ප‍්‍රශ්නෙත් අප සැළකිල්ලට ගතයුතුයි.

ඕනෑම වෘත්තියක වෘත්තිකයන් සංවිධානය වෙලා තමයි තමන්ගේ වෘත්තීය ප‍්‍රශ්ණ විසඳාගන්න උත්සාහ ගන්නේ. ලෝකයේ අත් දැකීම වෙන්නෙත් එහෙමයි. නමුත් ලංකාවේ මාධ්‍යවේදීන් සංවිධානයවීමට ඇති මූලික මිනිස් අයිතිය ගැනවත් අවබොධයක් නැතව වගෙයි හැසිරෙන්නේ. සංවිධානය වෙන්න බයයි. ඇයි හේතුව?
බෙහෝ මාධ්‍යවේදීන් දන්නේ නෑ තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියල. ඔවුන දන්නේ නෑ ඔවුන් මොනතරම් සූරා කෑමකට ලක්වෙනවද කියල. ධනේශවර මනෝභාවයට යටත්වුන මාධ්‍යවේදියා උත්සාහ කරන්නේ කොහොම හරි තව කීයක් හරි වැඩියෙන් උපයා ගන්නා මනෝභාවයෙන්.  ජනමාධ්‍ය සංවිධාන තිබුණත් ඒවා මගහැර ජාම බේරාගෙන වැඩ කිරීම තමයි බොහෝදෙනාගේ වෑයම.

ඔබ පවසන අයුරින් ජනමාධ්‍යවේදීන්ට බරපතල ප‍්‍රශ්ණ තියෙනවා. ඔවුන් සංවිධානයවීමටත් බියක් දක්වනවා. ඒ තත්වය තුළ මේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණ විකිණෙන තත්වයක්  පෙනෙන්න තියෙනවා. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම, ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ වැඩමුළු පවත්වන්න බාහිර සංවිධාන ඉදිරිපත්වෙන ස්වභාවයක් පේනවා. මේ තත්වය පිළිබඳව මාධ්‍යවේදියෙක් හැටියට ඔබේ විග‍්‍රහය කුමක්ද?
අපිට විධිමත් පුහුණුවක් ලබාගන්න ක‍්‍රමවේදයක් නෑ. ඒ නිසාම ජනමාධ්‍යවේදීන් එවැනි වැඩපිළිවෙලවල් තුළ ගොදුරු බවට පත්වෙනවා. අ`ඵතෙන් ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයට ඇතුල්වෙන අයට නම් මේ ගැන අවබෝධයක් ඇත්තෙම නෑ. එවැනි තත්වයන් අතිවෙන්නෙම අපේ සංවිධානයවීමේ ශක්තිය දුර්වල නිසා. රාජ්‍ය නොවන සංවිධාන ගැන අපිට විවේචනයක් තියෙනවනේ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. හැමෝම නෙවේ. ඒ අතර ධනවාදී ලෝකයෙන් උදවු ලබාගෙන යම් සමාජ ප‍්‍රතිසංස්කරන, සුභසාධන ක‍්‍රියාවලියක යෙදෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා. ආණ්ඩුව හදන්නේ රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ මුදල් හසුරුවන්න තමන්ගේ අතයටට ගන්න. ජනමාධ්‍යවේදීන්ට ආයතන විසින් පුහුණුවක් දෙන්නෙත් නෑ. රජයට ඒ පිළිබ\  වැඩපිළිවෙලකුත් නෑ. ඒ නිසා මෙවැනි දේ සිද්ධ වෙන එක වළක්වන්න අමාරුයි. ජනමාධ්‍යවේදීන් හැටියට අපි දැනගන්න  ඕනැ නොවිකිණෙන්න. ජනමාධයවේදීන් හැටියට අපි ඇස් කන් ඇරගෙන වැඩ කරන්න  ඕනෑ.

අවසාන වශයෙන් අපි කරන්න උත්සාහ කරන්නේ මේ ජරාජීර්න වෙලා තියෙන සමාජය ප‍්‍රකෘතිමත් කරන්න. සමාජ පෙරළියක් කරන්න. මාධ්‍යවේදියෙක් හැටියට, ‘‘සටන් කරන අකුරු’’ වශයෙන් සමාජයට කියන්න විශේෂ යමක් තියෙනවද?

පීඩිත ජන කොටස් වෙනුවෙන් අරගලයක් කිරීම වෙනුවෙන් තමයි අපේ පුවත්පත සෑදී පැහැදී සිටින්නේ. සන්නිවේදනයට සම්බන්ධ අරගලයක්. වාමාංශික පුවත්පත් කලාවේදීන් හැටියට අපට අදහසක් තියෙනවා. ඒක දේශපාලන ක‍්‍රියාවලියක්. වෙනත් පත්තර වගේ අපි ස්වාධීනයි කියල කියන්නේ නෑ. අපිට තනියෙම මේක කරන්න බෑ. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ.
(වමේ හඩ පුවත්පත 2014-අගෝස්තු කලාපය-වාමාංශික පත‍්‍රකලාව හා ජනමාධ්‍ය භාවිතය පිළිබඳව ‘‘ජනරළ’’පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තගේ අදහස් ගොනු කළේ   – ධර්මසිරි ලංකාපේලි)

යකඩ යකාගේ ඉතිහාසයෙන්…

Padukkaදුම්රියපොළ වෙත මිනිසුන් එකා දෙන්නා ඇදෙමින් තිබේ. වැහිබර අහස යට මිනිස්සු ඒකරාශී වෙති.

ප‍්‍රබෝධමත් මුහුණු, කනගාටුවන මුහුණු, මඳ සිනා, කොක්සන් හ`ඩ නඟන යෞවන යෞවනියන් දුම්රියපොළේ රැුඳී සිටියේ මීළඟ දුම්රිය පැමිණෙන තුරුය. දුම්රියපොළ දෙසට සර්පයකු මෙන් විහිදී එන රේල් පීලි ගණනාවකි. සිල්පර කොටන් ඊයේ රාතී‍්‍ර වර්ෂාවෙන් තෙතබත්ව වැතිරී සිටියි. සියවසකට ආසන්න කාලයක් මේ දුම්රිය මාර්ගයේ සිය දහස් ගණනක් ඇතැම් විට ලක්ෂ ගණනක් ජනයා එහේ මෙහේ යන්නට ඇත.

දුම්රිය යාන්ත‍්‍රික වාහනයක් ලෙස ඉදිරියට ආවේ තෙමස් නිව්කොමන් විසින් තැනූ මුල් යුගයේ වාෂ්ප බල යන්ත‍්‍රය 1781 දී වැඩි දියුණු කළ ස්කොට් ජාතික ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජිමේ පණ ලබා ගෙනය. 1814 ජෝර්ජ් ස්ටිවන්සන් විසින් පළමු වරට වර්තමාන ආකාරයේ දුම්රිය එන්ජිමක් බිහි කිරීමට දායක වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් එදා මෙදා තුර දුම්රිය බිහි කිරීමේ නියමුවන් වූයේ ඔවුන් පමණක් නොවේ, සැලැසුම්කරුවන්, මිනින්දෝරුවන්, කම්කරුවන්, අත්උදව්කරුවන් වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දුම්රිය ප‍්‍රවාහනයේ වර්තමාන දියුණුව ලබා ගන්නට සිය ඓතිහාසික දායකත්වය ලබා දී තිබේ. ඇතැමුන් දුම්රිය සේවාව වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවා තිබේ. ලංකාවට දුම්රිය හඳුන්වා දුන්නේ 1864දීය. ඒ ඉතිහාසය දන්නා කී දෙනෙක් මේ දුම්රියේ ගමන් කරනවා ඇතිද? කොපමණ පිරිසක් තමන් දිනපතා භාවිත කරන දුම්රියේ අතීත කතා නොදැන සිටිතිද? එය කල්පනා කරන්නට තරම් වැදගත් ප‍්‍රශ්නයක් ලෙස දකිමි.

එකවරම දුම්රිය සංඥා නාදවන්නට විය. දුම්රිය ස්ථානයේ විවිධ ස්ථානවල අල්ලාප සල්ලාපයේ යෙදුණ වුන් ද නිහඩ හුදෙකලාවක ගිලූනු උන්ද වේදිකාව දෙසට යුහුසුළුව පැමිණියහ. සහාය ස්ථානාධිපතිවරයා කඩිනමින් දුම්රිය වේදිකාවට පැමිණියේ ටැබ්ලටය ලබාගැනීමේ අවස්ථාවට සූදානමිනි. දුම්රිය සංඥාකරු වැසි පොද යටින් සිය රාජකාරි ස්ථානයට යද්දී ඈතින් ගාම්භීර ලෙස දුම්රිය නලාව ඇසිණි. ආසනයක් අල්ලා ගැනීමේ හැඟීමෙන් කාර්යාල බලා යන ගැහැනුන් ද පිරිමින් ද උනන්දුවෙන් දුම්රිය දෙස බැලූවේ බලාපොරොත්තු බැල්මකි. පාසල් දරු දැරියෝ තවමත් කිචිබිචියේ දුම්රියේ නැඟීමට සූදානමින් වේදිකාවේ ඉදිරිපසට රොක් වෙති.

දුම්රිය මිනිස් ජීවිතයේම කොටසක් බවට පත්ව ඇති අයුරු ජීවමාන කරමින් දුම්රිය වේදිකාවට සම්ප‍්‍රාප්ත වෙයි. දුම්රිය එන්ජිම ඝෝෂා කරමින් ඍජු හා ස්ථිරසාර ඉරියව්වකින් දුම්රිය වේදිකාව පසුකර යයි. ඊළඟට තරබාරු කාන්තාවන් මෙන් ලාලිත්‍යයෙන් පැද්දෙන දුම්රිය මැදිරි වේදිකාව වෙත ළඟා වෙයි.

මිනිස්සු පොදිකමින් දුම්රියට ගොඩවෙති. කාර්යාල සේවා සඳහා ගමන් මලූ සහ කෑම පාර්සල් රැුගත් ගැහැනු සහ පිරිමි සිය ප‍්‍රියතම ස්ථාන වෙත යන්නට තරග කරති. ඈත දුම්රිය ස්ථානවල සිට පැමිණෙන සිය යහළු යෙහෙළියන් සිටින ස්ථානවලට යන්නට ඔවුහු තරග කරති.

මෙවැනි විශාල ජනකායක් එකවර ගෙනයන්නට සමත් ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙසත් මිනිසාගේ කායික හා මානසික ශ‍්‍රමය එක්තැන් කළ ජයග‍්‍රහණයක් ලෙසත් දුම්රියට හිමි ස්ථානය සුවිශේෂී වේ. සියවස් දෙකකට පෙර එහි බිහිවීමේ සිට වර්තමානය දක්වා මෙම දැවැන්ත මිනිස් නිර්මාණයට දායක වූ මිනිස් අත් ප‍්‍රමාණය කොතෙක්දැයි කිව නොහැකිය. ලංකාවේ දුම්රිය සේවාව බිහි කිරීමට කටයුතු කළ විදේශික ඉංජිනේරුවන්ගේ සිට ලංකාවේ කම්කරුවන් දක්වා දුම්රිය ගමනාගමනයට එකතුකර ඇත්තේ සුවිසල් දායකත්වයකි. කඳුකර දුම්රිය මාවත් බිහිවූයේ මහත් ශ‍්‍රම දායකත්වයකින් බව ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් තැබූ වාර්තා ලේඛන සියල්ලගෙන්ම දැනගන්නට හැකිය. සැතපුම් දහස් ගණනක් දිවෙන මෙරට දුම්රිය මාර්ග ජාලය බිහි කෙරුනේ මිනිස් අත්වලින් බව අදහා ගන්නට බැරි තරම් වුවද ඇත්ත එයමය. ඒ දුෂ්කර ව්‍යායාමයේ දී කොපමණ කම්කරු ශ‍්‍රමයක් වැය වන්නට ඇතිද? කොපමණ පිරිසක් දුම්රිය මාර්ගයේ මූලික කාර්යයන්හි දීම ජීවිත කැප කරන්නට ඇතිද? මම හැඟුම්බර වෙමි.

දුම්රිය හා බැඳුණු සාහිත්‍යයක්, ගීත, කෙටිකතා කොපමණක් බිහිව ඇතිද? ඒවායෙන් කියැවෙන්නේ හුදෙක්ම දුම්රිය ගැන නොවේ. මිනිස් ජීවිතය ගැනමය. ඒ නිසා දුම්රිය මිනිස් ජීවිතය සමඟ ඇති සබැඳියාව තවත් සියවස් ගණනකට අවසන් නොවනු ඇත. යටත් විජිත සමයෙන් පසුව තවමත් නවීකරණය නොවී අබල දුබල වෙමින් පවතින මෙරට දුම්රිය සේවාව නැවත පණ පිහිටුවන්ට අඩ සියවසකට අධික කාලයක් පාලකයන් අසමත්ව තිබේ. එයින් යමක් වටහා ගන්නට හැකි වෙතොත් ඒ මෙරට ධනපති පාලකයන්ගේ අසමත්කමම පමණකි.

ඇත්ත වශයෙන්ම ධනපති ක‍්‍රමයේ ආරම්භක අවධියේ මහත් වාසිදායක නිර්මාණයක් වූ දුම්රිය ප‍්‍රවාහනය මහත් ආයාසයෙන් ගොඩ නගන ලද මිනිස් ජයග‍්‍රහණයකි. ඉංග‍්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් මෙරට දුම්රිය ගමනාගමනය ස්ථාපිත කළේ මේ රටේ තේ කර්මාන්තයේ හා වෙනත් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට පමණක් නොවේ. එංගලන්තයට වැදගත් සම්පත් උල්පතක් ලෙස මේ යටත් විජිතය සූරාකෑමේදී ස්වදේශික ජනයාගේ කෝපයෙන් මිදෙන්නට දුම්රිය ඉවහල් විය. කැරලි කෝලාහලවලින් ආරක්ෂා කරන්නට අවශ්‍ය සන්නද්ධ සොල්දාදුවන් ප‍්‍රවාහනයටද දුම්රිය ප‍්‍රවාහනය යහමින් යොදා ගැණින.

දුම්රිය සේවයට අදාළ පසුබිම එහි ගමන් කරන සියල්ලන්ම දැනගත යුතු නොවේ. එහෙත් මිනිසා ලැබූ ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් සංකේතවත් කරන මානව උරුමයන් ගැන ඔවුන් දැනගත යුතුය. පාසල් අධ්‍යාපනයේ දී ආරම්භවන දැනුම ලබාගැනීමේ සරල කාර්යය ජීවිතයේ යම් අවස්ථාවක දී අත්හැර දමන්නට සිදුවේ. එහෙත් මිනිසකු ලෙස පූර්ණත්වයට පත් වීමට නම් සිය ඉතිහාසයේ තැබූ පියසටහන්වල දුෂ්කරතා පරාජයන් මෙන්ම ලැබූ ජයග‍්‍රහණ ගැන දැනුමක් අවශ්‍ය වේ.

ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අතීත කතාව කියන්නට යමෙකුට හැකි නම් එය ලංකාවේ ධනපති ක‍්‍රමයේ කතාවම ලෙස වෙනත් විදියකට හඳුනාගන්නට හැකි යැයි සිතමි.

බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

panhindaඅධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

මේ පූර්විකාව කියන්නට සිදු වූයේ ජනතාවට විරෝධය පළ කිරීමේ අයිතියක් නැති බවට පූර්ව නිගමනයකින් යුතුව කටයුතු කරන විනිසුරුවරුන් සිටින නිසාය. එවැනි විනිසුරුවරුන්ට කිව යුත්තේ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්නට නොහැකි නම් පාලකයන්ගේ ගෙවල්වල වළං පිඟන්, කිළිටි රෙදි සෝදා යැපෙන්නට සූදානම් වන ලෙසය. ඇතැම් විනිසුරුවරු වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගන්නට සටන් කිරීම ගැන නියෝග පනවති. තවත් විනිසුරුවරු මහජන උද්ඝෝෂණවල යෙදී සිටි හේතුව නිසා මිනීමැරුම්වලට සම්බන්ධ යැයි පොලිසිය විසින් කියන ගම්වාසීන් වැලිකඩට දක්කති.

තවත් විනිසුරුවරු පාලකයන්ගේ පඩුරු පාක්කුඩම් ලබා ගන්නට උන්ගේ මන්දිරවලට බඩ ගාති. එහෙත් කොට්ටෝරුවා කොටා ගෙන ගොස් කෙසෙල් ගහට කෙටූ විට සිදු වන්නේ හොට පැටලීමයි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ පෙරේදා පැවැත්වූ පෙළපාළිය නිසා එසේ හොට පටලවා ගත් උන් කීප දෙනෙක්ම වූහ. මේ ශිෂ්‍යයන් විරෝධය පළ කළේ හේතු ඇතිවය. ‘සම සෞඛ්‍ය’ උපාධිය කප්පාදු කිරීම ගැන තමන් ගෙන යන විරෝධතාව ගණනකට නොගත් නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊට විරෝධය පළ කර සිටීම ශිෂ්‍යයන් සතු අයිතියකි. එය උදුරා ගන්නට පාලකයන්ට හෝ පාලකයන් විසින් උසි ගැන්වූ පොලිසියට හෝ පාලකයන් විසින් කඬේ යවනු ලබන විනිසුරුවනට නොහැකිය.

සම සෞඛ්‍ය උපාධි අයිතිය ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබුණු විරෝධතා පෙළපාළිය ගැන අධිකරණය දී තිබුණේ අපූරු නියෝගයකි. එහි දී කියා තිබුණේ සිසුන් කොළඹ නගරයේ ස්ථානවල විරෝධය කළ යුතු නැති බවයි. කරනවා නම් උද්ඝෝෂණය කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ යුතු බව අධිකරණයේ නියෝගය විය. විරෝධතාවක් පළ කරන්නේ යම් විරෝධයක් ඉදිරිපත් කිරීමටය. විරෝධය පළ කරන්නට සුදුසු තැන එය නොකර වෙනත් තැනක විරෝධය පළ කරන්නේ නිවටයන්ය. ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදා නිවටකම් කරන්නේ නැති බව පසුගිය දා යළි සනාථ කළේය. ඒ ශිෂ්‍ය විරෝධය සංවිධානය කරන බව දැනගත් වහාම පාලකයන්ගේ නියමයෙන් පොලිසිය බත්බැලයන් පිරිසක් කළේ අරුම පුදුම නාඩගමක් නැටීමය.

ඔවුහු අධිකරණය හමුවට ගොස් ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්වේ යැයි ඔත්තු සේවා වාර්තා කළ ස්ථානවල දී කිසිදු විරෝධතාවක් හෝ නොපැවැත්විය යුතුය යන නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්හ. ඒ මදිවාට උද්ඝෝෂණ කළ යුතු තැන ලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට අධිකරණය හරහා නම් කිරීමට ද මේ බත්බැල නිලධාරීහු සමත් වූහ. අධිකරණය කළ යුත්තේ යුක්තිය පසිඳලීම මිස බල්බැලයන් කියන කියන විදිහට පාලකයන්ට අවශ්‍ය නියෝග නිකුත් කිරීම නොවේ.

ඉතින්, විරෝධය පළ කිරීමේ අයිතිය තමන් සතු බව අධිකරණයට වඩා හොඳින් දන්නා ශිෂ්‍යයෝ අධිකරණ නියෝගවලින් පසුබැස ගියේ නැත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට අධිකරණය හරහා ශිෂ්‍ය නායකයන් පිරිසක් නම් කරමින් ඔවුන්ට විරුද්ධව නියෝග ගැනීමට ද පාලකයන්ගේ කටු ලෙව කන නිලධාරීහු සමත් වූහ. ඉතින් උන්ට මකුළු දැලින් හමන සුළං වැළකිය හැකි වූයේ නැත. ශිෂ්‍ය නායකයන්ගේ මව්පියන්ට තම නිවෙස් අයිති ප‍්‍රදේශයේ පොලිසියට වාර්තා කරන ලෙසට දන්වා තිබේ. ජනතාව මර්දනය කිරීමේ කැත හෙලූව මේ තරම් ඉක්මනින් පෙන්වීමට පාලකයන් ඉදිරිපත්ව තිබේ. තම දරුවන් වයස අවුරුදු 18 ට වැඩි නිසා ඔවුනට යම් මතයක් දැරීමට හා ක‍්‍රියාමාර්ග ගැනීමට අයිතිය ඇති බව මව්පියන් විසින් පොලිසියේ දී ප‍්‍රකාශ කර තිබේ.

පාලකයන්ටත් බත්බැල පොලිසියටත් බල්ලාගේ වැඬේ කරන්නට යන අධිකරණයේ බූරුවන්ටත් පාඩමක් ඉගෙන ගන්නට නොහැකි වූ බව දනිමු. මන්ද නියෝග කඩකල ශිෂ්‍ය නායකයන්ගෙන් පලිගැනීම අරඹා ඇති බැවිනි. අධිකරණය තමන්ට අයිති නැති නියෝග නිකුත් කිරීම මෙතැනින් නවතින්නේ නැති බව ද සහතිකය. එහෙත් බල්ලාගේ වැඬේ කරන්නට යන බූරුවන් කොහේ සිටියත් උන්ට හිස නැවිය යුතු නැති බව පෙන්වා දුන් ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! නියෝග කඩදාසිය දෙකට නවා …. ගසා 07 වැනිදා පැවැති පෙළපාළියට ගිය ශිෂ්‍යයන්ට සුබ පතමින් මේ සටහන නිමා කරමි.

අවුරුදු කෑමට නොහැකි වූ මිනිස්සු ගැන…

panhinda

අවුරුදු කාලය ගෙවිලා යද්දි ඒ උත්සවකාරී බවින් හැම දෙනාම මත් වෙනවා. මත් වෙන්න අවශ්‍ය අයත් මත් වෙන්න අකැමැති අයත් මත් වෙන්න ක‍්‍රම හොයා ගන්නවා. රෙදිපිළි සේල් කියන මායාවටත් සුපිරි ඇඳුම් මන්දිරවල ආකර්ෂණීය වෙළෙඳපොළ ප‍්‍රචාරණයටත් මත් වෙලා තරගෙට අවුරුදු කන්න සූදානම් වෙන කෝටි දෙකකට ටිකක් කිට්ටු ජනගහනයක් මේ රටේ ඉන්නවා. කලින් දවස් ගත කරපු ආර්ථික පීඩාව පැය කීපයක්, දවසක්, දවස් කීපයක් අමතක කරලා ඉන්න ඒ අය උත්සාහ කරනවා. ඒ නිසා අනෙක් මිනිස්සු අවුරුදු කන හැටි හොයන්න වෙලාවක් ඒ අයට නෑ. උවමනාවක් ඇති වෙන්නත් මත් වූ මානසිකත්වය බාධාවක්.

අවුරුදු කෑවට පස්සෙත් ඒ ගැන සොයන්න පුළුවන් නම් මේ ලියන සටහන ඊට උපකාරයක් වේවි.

මම දන්න විදියට අවුරුදු කන්න බැරි පිරිසක් පසුගිය අවුරුදු කාලෙ මේ රටේ හිටියා. ඒ අය අතර දන්න පිරිසකුත් හිටියා. ‘ලංකා’ පත්තරේ සගයෙක් ඒ ගැන කියලා කෙටි පණිවුඩයක් එව්වේ අවුරුද්දට කලින් දවසක. ‘ජනරළ’ පත්තරේ සගයන්ගෙ තත්වයත් ඊට වෙනස් ඉරණමකට මුහුණ දුන්නෙ නෑ. අවුරුදු දවස්වලත් කොටුවෙ දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග‍්‍රහ කරපු සම සෞඛ්‍ය උපාධිය අසාධාරණ විදියට කප්පාදු කරපු පාලකයන්ගෙන් විසඳුම් ඉල්ලලා සත්‍යග‍්‍රහයකට වාඩි වුණු ඔවුන්ට අවුරුදු කැවුම් කිරිබත් ගෙනත් දෙන්නත් පිරිසක් කාරුණික වෙලා තිබුණා. ඒත් පත්තරකාරයන්ට ඒ ‘වාසනාව’ තිබුණෙ නෑ. ‘ලංකා’ සගයන්ට අත්වුණු ඉරණම ගැන හිතවතුන්ට දැනුම් දී කෙටි පණිවුඩයක් එවූ සගයා කියලා තිබුණෙ ‘පත්තරයක් නැති පත්තරකාරයන්’ බවට පත් වුණු නිසා දරුවන්ට අවුරුදු කන්න නොලැබෙන බවයි. ඒ පණිවුඩය දැනුම් දෙනු ලැබූ ‘ජනරළ’ පත්තරේ සගයන්ටත් ඉතිරිව තිබුණ සගයන් ගැන කම්පා වෙමින් තමන් ද එවැනිම ඉරණමක් විඳින බව නොකියා නිහඬ වීමටයි. ජනරළ නැවත පටන් ගත්තෙම ස්වේච්ඡුා පදනම මත නිසා වැටුපකට සම කළ නොහැකි දීමනාවකින් සෑහීමකට පත් වෙන්න ජනරළ සගයන්ට සිදු වුණා. අවුරුදු කන්න හිතනවට වඩා තමන්ගෙ පන්තියෙ මිනිස්සු ගැන හිතන එක ‘ජනරළ’ අපේ වගකීමයි.

මේක කියවන පාඨකයන්ගෙ පපුව හෝස් ගාලා පත්තු වෙන එක ඇත්ත. ඒත් ඒ පත්තු වීමෙන්ම පත්තරකාරයන් හැටියට අපි හෝ ශිෂ්‍යයො අවුරුදු කන්න නැතිව පත් වුණු ඉරණම වෙනස් කරන්න බෑ. මොකද පපුව පත්තුවෙන මිනිස්සු ලක්ෂ ගාණක් තමන්ටත් හරි හමං අවුරුදු කෑමක් නැති එක ගැන කම්පා වෙනවා. විශේෂයෙන් උතුරෙ, නැෙඟනහිර, හද්දා වන්නියේ මිනිස්සුත් නගරයේ වීදියේ ජීවත් වන මිනිස්සුත් සොච්චං වැටුපට කඹුරන වැඩ කරන මිනිස්සුත් එක වගේ අවුරුදු කන දවසක් ගැන හීන දකිනවා. රටේ හැමෝටම එක වගේ අවුරුදු කන්න නොලැබෙන බව රහසක් නෙවෙයි. සල්ලිකාර සුළුතරයකට අවුරුදු කන්න තියෙන විදියට දුප්පතුන්ට අවුරුදු කන්න නොලැබෙන්නෙ ඇයි කියලා අපි ලිවිය යුතුයි.

අපේ මිනිස්සුන්ට හරි හමං කෑමක් බීමක් නැති වුණාට හැමදාම අවුරුදු කන අතළොස්සක් ධන කුවේරයන්ට  ඕන විදියට තමයි මේ රට පවතින්නෙ. පාලක පෙළැන්තියට අවුරුදු කන්න ලැබෙන තරමට පාලිත ජනතාවට ලෙවකන්නවත් ලැබෙන්නෙ නෑ.

පත්තරයක් නැති පත්තරකාරයන්ට අවුරුදු කන්න නොලැබුණු මේ අවුරුද්ද මට පිළිකුල්. හැමෝටම එක වගේ අවුරුදු කන්න ලැබෙන දවසක් වෙනුවෙන් කැපවුණු මිනිස්සුත් අවුරුදු කෑම අත්හිටුවලා ඉවරයි. ඒත් ඒක හැමෝටම කරන්න බැරි වෙයි.

පත්තරකාරයන් විදියට පත්තරයක් නැතිව ජීවත් වෙන එක අමාරුයි. අතීතයේ දී පත්තරකාරයන් දඩයමට ලක් වුණාම ඒ අය සටන් කරලා පාලකයන්ගෙන් අයිතිවාසිකම් ඉල්ලූවා. ඒත් ඒක හැම පත්තරකාරයන්ටම කරන්න බෑ. අයිතිවාසිකම් වෙනුවෙන් ලියන පත්තරකාරයන්ට අයිතිවාසිකම් අහිමි වෙන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. ඔවුන්ගෙ ප‍්‍රශ්නෙට උත්තරයක් ලැබී නැහැ.

”සහෝදරවරුනි, පත්තරයක් නැතිව ගියාට ‘ජනරළ’ දොරටු ඔබට විවෘතයි!” කියන්න කැමැති වුණත් ඒක ඔවුන්ගෙ ප‍්‍රශ්නයට උත්තරයක් නොවෙයි. ‘ජනරළ’ සගයන්ටත් ජීවිත ගැටලූවට උත්තර හොයන ගමන් පීඩිතයන්ගෙ ගැටලූ වෙනුවෙන් පෑන අතට ගන්න සිදු වුණේ. පත්තරේ නතර කරලා තිබුණු දවස්වල හිතවතුන් එවලා තිබුණු කෙටි පණිවුඩයක් මට මතකයි. ‘‘පත්තරයක් නැති කර්තෘවරයෙක්’’ ඒ හිතවතා එවපු පණිවුඬේ තිබුණු ඒ වචන තුන තුළ ලොකු තේරුමක් තිබෙන බව දැන් මට තේරෙනවා. පත්තරකාරයන්ට පත්තර අයිති නෑ තමයි. ඒත් පත්තරකාරයන්ට හෘදසාක්ෂියක් තියෙනවා. සැබෑ පත්තරකාරයන්ට තියෙන ලොකුම හයිය, ලොකුම දේපළ තමයි ඒ හෘදසාක්ෂිය!

සහෝදරවරුනි, පත්තරයක් නැති වුණාට කමක් නෑ. ජීවිතය ගැට ගහගනිල්ලා. උඹලට පත්තරයකට වඩා කරන්න තව දේවල් තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න උඹලා වගේ මිනිස්සු අඩුයි. ඒ මනුෂ්‍යයව තියාගෙන විකිණෙන්නෙ නැතිව ජීවත් වෙන්න උත්සාහ කරපල්ලා.

ධනවාදයට යටත් නොවී ඉන්න එකත් අද දවසේ ලොකු වැඩක්! ඔව්, ඒකත් වීරකමක්!

සුන්දර සහෝදරත්වය වෙනුවෙන්…

Image

1996 අවුරුද්දෙ එක්තරා දවසක මහනුවර නගරයේ වැව රවුමෙන් බැහැලා පැරණි කාගිල්ස් ගොඩනැගිල්ල ඉදිරියෙන් ගමන් කරමින් හිටියා මම. විවිධ මිනිස්සුන්ගෙ මූණු ශරීර හැඩතල පහුකරගෙන යද්දි එකවරම මට හමුවුනේ වෙනස් මිනිස් රූප දෙකක්.

තාප්පය අයිනේ පාප්ප බාල්දියක් සහ පොස්ටර් මිටියක් අරගත් ඒ දෙන්නගෙන් එක්කෙනකේ හඳුනාගත්තා මම දුටු විගසින්. දිමුතු, ගිනි රස්නෙ අව්වට යටින් සගයෙක් එක්ක අරමුණක් වෙනුවෙන් කරණ කැපකිරීම. කම්පනයක් ඇති කළා මගේ හිත තුළ. වීරත්වයක් දැක්කා ඒ කුඩා සිරුරු දෙක තුළ. එක්වරම ඇදී ගියා මගේ හිත, අවුරුදු කීපයක අතීතෙට.

චමිත්, දිමුතු, මම ධර්මරාජෙ එකම පන්තියේ අකුරු කරපු කාලයක් තිබුණා. චමිත් හයේ පන්තියේ ඉඳන්ම මිතුරන් වෙලා හිටියා වගේම අපි දෙන්නට තරගයක් තිබුණා. එක වාරයක පළවෙනියා චමිත්, ඊළඟ වාරෙ මම, ඉන් පස්සෙ ආපහු පළවෙනියා වෙන්න තරගයක්. වෙනත් සිසුවකු මේ අතර ඉදිරියට ආවත් බොහෝ වෙලාවට මේ තරගය තිබුණෙ අප දෙදෙනා අතර. මේක පුරසාරමකට වඩා ඒ අතීතයෙ සුන්දරත්වය කියැවීමක්. දිමුතු රගර්, පාපන්දු වගේ ක‍්‍රීඩාවලට ඇලූම් කරද්දි චමිත් විවිධ ක‍්‍රීඩා ඉසව්වල හිටියා. ශාරීරික අභ්‍යාස කාලෙඡ්දයෙදි හැර, ක‍්‍රීඩා පිටිය මගහැර යාමටයි මම නිතරම උත්සාහ කළේ.
දිමුතු, චමිත්… වගේම බන්දු, තිලකෙ, ෂිහාන්, ඩයස් වගේ ක‍්‍රීඩා පිටිය ආක‍්‍රමණය කරපු සගයන් පන්තියට ආවෙ දාඩිය නාගෙන, ඒත් ප‍්‍රීතිමත් මූණෙන්. එක පන්තියේ හිටිය ඒ සජීවි මිතුරන් අතරනි පන්ති යුතුකම වෙනුවෙන් එකතු වුනේ එහෙමත් කෙනෙක්.

ඒ වෙනකොට අපි උසස් පෙළ විභාගයට යාන්ත‍්‍රික තරගයක යෙදෙන කාලෙ. කලා, වානිජ, විද්‍යා, ගණිත විෂය ධාරාවන්ට වෙන් වී අපි වේගවත් ධාවනයක යෙදුණත් අප අතර හිටි කෙනෙක් ආපහු හැරිලා බලන්න, එහෙමත් නැත්තනම් හාත්පස බලන්නත් සමත් වුණා. චමිත් කියන්නෙ ඒ වගේ කෙනෙක්. සෝවියට් සාහිත්‍ය කියවපු අපිට ඒවා තුළ පණ ගැහෙන චරිත ජීවමාන අත්දැකීම් සමග සංසන්දනය කරන්න හැකි වුණා. පාසල් භූමියේ අපේ ගුරුවරු අතර දුයිෂෙන්ලා හොයන අතර දවිදීව්ලා පාවෙල්ලා වීමේ පරමාදර්ශ අපට තිබුණා.

එක්තරා දවසක් මට මතකයි, චමිත් එක්ක මම කතා කළා පාවෙල් කොර්චාගින් චරිතය ගැන. වානේ පන්නරය අත්පොතක් බවට පත් වුණු කාලයක් ඒක.
‘මචං මං උඹෙන් එක ඉල්ලීමක් කරනවා. කියපන් ඒක ඉෂ්ට කරනවද කියලා.’

‘මොකක්ද ඉල්ලීම?’
‘පාවෙල්ලා ගැන දවිදීව් ගැන, දුයිෂෙන් ගැන මොකද හිතෙන්නෙ කියපං… මට මෙහෙම හිතෙනවා.. ඒ මිනිස්සු මහ කැපකිරීම් කළානෙ… කවදා හරි ලෝකය වෙනස් කරන්න ඕන බං…’

මම ඔහු අනුමත කරමින් හිස සැලූවා. පිළිතුරක් බලාපොරොත්තුවෙන් චමිත් මා එක්ක කතා කළා.
‘කවදා හරි මේ අසාධාරණ ලෝකය වෙනස් කරන්න එකතු වෙනවා කියලා උඹ මට පොරොන්දු වෙයං….’ පාසල් මිතුරාගේ උණුසුම් අත මගේ අතින් අල්ලා ගත්තා.

මම ඔලූව වැනුව.. පොරොන්දු වුණා. ඉන් පස්සෙ අපි නැවතත් පාසලේදී සියවතාවක් හමු වෙන්න ඇති. බිහිසුණු සමය ඇවිත් අප අතර ජීවත් වුණු සගයන් එකා දෙන්නා… සමහර විට කිහිප දෙනා රැුගෙන ගියා. දවසක් දා චමිත් මට කතා කළා.
‘මචං, දිමුතු… දිමුතුලා මාට්ටු වෙලා බං’

ඒ දිමුතු ගැන කැක්කුමක් මා තුළ ඇති වූ පළවෙනි අවස්ථාව නෙවෙයි. හයේ පන්තියෙ ඉඳලම පන්තියෙ නායකයා දිමුතු. ඉන් පස්සෙ හැම අවුරුද්දකටම සැරයක් පන්තියෙ නායකයා පත් කරද්දි දිමුතුට ඒ වගකීම පැවරුණා. නවයෙ පන්තියට යනතුරුම වෙනසක් කරන්න, වෙනත් නායකයෙක් පත්කරන්න අපි තීරණය කළා නම් එකම එක් වතාවක් වෙන්න ඇති. වැඩි දෙනාගෙ කැමැත්තෙන්. දිමුතු ඒ වගේ මිනිහෙක්. පන්තියෙ හිටිය මැරයන්, මරිසිකාරයන්, නගරංකාරයන් වගේම තමන්ගෙ පාඩුවෙ හිටිය හැමදෙනාටත් නායකයා වුනේ දිමුතු. ඒ ගෞරවය දිමුතුට අපි දුන්නා. කලාතුරකින් වෙච්ච අතපසුවීමක් හැරුනාම දිමුතු ඒ ගෞරවය රැුක්කා. ඒ අපේ දිමුතු.

කාලය හා ජීවිතය අපෙන් උදුරාගෙන අවුරුදු ගානක් ගෙවුණා. ඉන් පස්සෙ එක්තරා දවසකත් ඔහු අපේ පන්තියෙ නායකයෙක් හැටියට මට හමු වුණා. එදා ඔහු හිටියෙ පාප්ප බාල්දිය අරගෙන වෙනස් මිනිස් ඇසුරක් වෙනුවෙන් පාරට බැස්ස මිනිහෙක් විදියට, වෙනසක් නෑ. වෙනස් ලෝකයක් වෙනුවෙන් වෙහෙසෙන බොහෝ සුන්දර සගයන් සුදු අයියා, සුදු අක්කා, වගේ තවත් බොහෝ සුන්දර මිනිස්සු, ඔහු අපට මුණගැස්සුවා. ඒ තමයි දිමුතු….

ඊටත් පස්සෙ අපේ පන්තියෙ නායකයා පන්තිය වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගියා…. සිරුරින් මිස සිතිවිල්ලෙන් වෙනසක් නැතිව හිටිය දිමුතු අපේ දිමුතු…
මහනුවර ජිවිතයට තිත තියලා, පත්තර කාරයෙක් හැටියට කොළඹ එද්දි හමු වෙලා මඳ සිනාවෙන් සුබ පැතුවා මට අමතක නෑ. චමිත්ලා දිමුතුලා වෙනුවෙන් කෘතවේදි වෙන්න විතරක් නම් මම මේ සටහන තියන්නෙ, ඒකෙන් වැඩක් නෑ, මගේ පෑන. සගයන්ගෙ ජිවිත රිදී කාසිවලට මිල කරලා අතීත අත්දැකීම් වමාරා කන්න නම් ධනපති පත්තර අයිතිකරුවන් සල්ලි ගෙවනවා. එහෙමත් නැත්නම් අතීතකාමය වෙනුවෙන් හෝ හුදු පුරසාරම වෙනුවෙන් ලියන්න මට ඕන නෑ. ඒත් මගේ හෘද සාක්ෂිය විසින් ඉල්ලන සටහනක් මම ලියන්න ඕන. ඒ නිසා මම ලිව්වා.

ඒත් වේදනාවකින් මේ සටහනේ අවසානය ලියන්න වෙන්නෙ. මොකද, ඒ දිමුතුලා දැන් කොහෙද දන්නෙ නෑ. කවුරු කොහේ හිටියත් ඇත්ත මිනිස් ඇසුරක් එක්ක, සුන්දර සහෝදරත්වය ඇති තැනක විතරක් ජීවත් වෙන්න මම කැමැතියි.

පත්තරයක් නැති කතුවරයෙක්*

pen in tears

ඇත්තමයි මිතුර
කූඹියෙක් කනවට වැඩියෙන්
වේදනාවක් දැණුනා
ඔබ එවු වචන තුනකින්

පන්ති කාමරේ
හිනාව කඳුළ
අමතක කර දමා
ගල්කර ගෙන හිත
ආවෙමි පන්ති සටන වෙත

පසල් දනව්වක උන්ගෙ
අනාගතය ගැන සිතා
ගත් හුණුකූර අතහැර
තවත් ගම් දනව්වල
මිනිසුන් ගැන සිතා
පැමිණියෙමි අබිනික්මන් කර

කටහ`ඩක් නැති
මිනිසුන්ට හ`ඩක් වන්නට
තක්සලාවෙන්
පා තබා ආවෙමි
ගෙන්දගම් පොළවට

පාසලක් ඇති
ඉගෙන ගන්නට හිත ඇති
පොත් පැන්සල් ගන්නට තියා
කුසට අහරක් නැති

සල්පිල් දොරෙහි
අරුමෝසම් ඇති
මිලයට ගන්නට තියා
ඇඟට වස්තරය නැති

හෙට ගැන සිතා
අද වේදනා විඳින
හෙටක් තියා
අද දවසත් නැති

මිනිස්සු ඇති
මිනිස්කම් නැති
හදවතක් තියා
ලේ කඳුළක් නැති

ඉතින් මා මිතුරනි
ඒ ලෝකයට ආදරය බෙදනු මිස
කතුවරයෙක් වෙන්න
සිහිනයක් මට නැති

(* ‘ජනරළ’ පත්තරේ තාවකාලික විරාමය ගැන අසා මිතුරකු එවු කෙටි පණිවිඩයක්)

Image1973 සැප්තැම්බර් 11 හමුදා කුමන්ත්රණයකින් ජනාධිපති සැල්වදෝර් අයන්දේ මරා දමා ඔගස්ටෝ පිනෝචේ නමැති මිලිටරි ඒකාධිපතියා විසින් චිලියේ බලය අත්පත් කරගත් පසුව ජනතාව වෙනුවෙන් ගැයූ ‘වික්ටර් හාරා‘ පිනෝචේගේ කුලී හමුදාව විසින් පැහැරගන්නා ලදී. චිලී ස්ටේඩියම්හි දින ගණනාවක් රදවා ගෙන වධ දී ඝාතනය කළ දහසකට අධික සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන් අතර වික්ටර් හාරා ද සිටියේය. මේ ඔහු සංගීතය ගැන කියූ අදහසකි.

‘‘එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සංගීතයෙන් සන්නිවේදනය කිරීමේ ආකර්ෂණියත්වය වටහාගෙන තිබේ. විකාරරූපී වානිජ සංගීත ධාරාවන් තුළින්  අපේ තරුණ පරපුරෙහි ගෙල සිරකර තබන්නට ඔවුන් උත්සාහ දරන්නේ ඒ නිසාය. වෘත්තිකයන්ගේ මැදිහත්වීමෙන් එය යම් පමණකට සාර්ථක කරගන්නට ඔවුහු සමත් වූහ. පළමුව එය සිදුවූයේ ‘විරෝධාකල්ප සංගීතය‘ (protest music) වානිජකරනයට ලක් කරමිණි. දෙවනුව, වානිජමය සංගීත ධාරාවේ තාරකා අනුකරණය කරන ‘විරෝධාකල්ප සංගීත තාරකා‘ බිහි කෙරිණි. ඔවුහු මදක් විරෝධයේ යෙදී සිටිති. ඉන් පසුව අතුරුදන්ව යති. ඔවුහු තරුණ විරෝධයේ කැරලිකාර ජවය දියකර හරිති. මේ නිසා ‘විරෝධාකල්ප සංගීතය‘ යනු තවදුරටත් වලංගු දෙයක් නොවේ. මන්ද, ඒ යෙදුම අපැහැදිලිය. මේ වනවිටත් දූෂිත ආකාරයෙන් භාවිතා වෙමින් තිබේ. මම නම් කල්පනා කරන්නෙ ‘විප්ලවවාදී සංගීතය‘ ගැනයි. මම වඩා උනන්දුවන්නේ ඒ ගැනයි.‘‘

වමේ ඡන්ද ප‍්‍රතිඵල

j‘මොකෝ දැන් සද්දයක් නැත්තෙ?’
20 වැනි සිකුරාදා හැන්දෑවෙ ජවිපෙ සහෝදරයෙක් මට කතා කළේ උපහාසාත්මකවය. අපි සද්ද කරන්නේ පත්තර කලාවෙන් නිසා පත්තරය කියවා බලන ලෙස පමණක් මම ඔහුට කීවෙමි.

මීට අවුරුදු දෙකකට පෙර හමු වූ අවස්ථාවේ ඔහුගෙන් කෙරුණේ ඉවත්ව ගිය පිරිස පිළිබඳව සුලභව කියැවුණු අවලාද නැඟීම පමණකි. මෙදා ඔහුගේ කතා ස්වරූපයෙන් තේරුණේ විමතික සහෝදරවරුන් ජවිපෙන් ඉවත් වීමෙන් පසුව තිබුණු අවම සුහදත්වය පවා නැති බවකි. තොරතුරු විශ්ලේෂණය කරනවාට වඩා නායක සහෝදරවරුන් කියන දේවල් හිස්මුදුනින් අරගෙන පුනරුච්චාරණය කරන සිරිත එහෙම මය. ඔහු කතා කළේ පළාත් සභා මැතිවරණය ආසන්නයේ එම මැතිවරණ ව්‍යාපාරය තුළින් ඇති වූ උද්‍යෝගිමත් මනෝභාවයෙන් විය යුතුය. එහෙත් එහි අන් මතවලට ගරු කරන, අනෙකාට සවන්දෙන වමේ මිනිසකුගේ තෙත් බව දක්නට තිබුණේ නැත. නැවත හමු වී කතා කරන්නට මා ඔහුට කළ අරැුයුමට ප‍්‍රතිචාර වශයෙන් ඔහු කීවේ ‘අපි දෙන්නා නිකං කතා කරනවා ඇර වෙන දෙයක් කතා කරන්නෙ නෑ’ යන්නය.

22 වැනි දා උදයේ පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිවේදන අවසන් විය. එම ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කිහිප දෙනෙක් දුරකථනයෙන් කථා කළහ. එදින උදයේ තවත් හිතවතුන් කිහිපදෙනෙක් මැතිවරණයේ දී දක්නට ලැබුණු ප‍්‍රවණතාවයන් ගැන කතාබහ කළහ. මැතිවරණයේ දී ජාතිවාදය යොදා ගැනීම, අල්ලස් ම`ගින් ආණ්ඩුව ලබාගත් ඡුන්ද ගැන වගේම සිංදු කියන අලියාගේ ජයග‍්‍රහණය ගැනත් සුපුරුදු කතාබහට පසුව හැමදෙනාම වාගේ කතා කළේ ජවිපෙ ලබාගත් ප‍්‍රතිඵලය ගැනය. එහෙත් 20 වැනි දා හමු වූ සහෝදරයාගෙන් ඇමතුමක් ලැබුණේ නැත. මා හා නිතර කතා කරන ජවිපෙ හිතවතකුගේ කතාබහෙන් තේරුණේ ඇතිව තිබෙන පසුබැස්ම ‘හිතාගන්න බැරි තත්වයක්’ බවයි.

‘‘ඒක ඔහොම වෙයි කියලා අපි නම් දැනගෙන හිටියා’’ මම ඔහුට කියා සිටියෙමි.
හුදු නිරීක්ෂණයකින් බැහැරව මෙම තත්වය වටහා ගන්නට සමත් විය යුතු බව මම ඔහුට කියා සිටියේ මගේ ප‍්‍රකාශය, පටු කල්ලිවාදී තේරුමක් ඇති කළ හැකි නිසාය. දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර සහෝදරියන් මැතිවරණ පැවැති පළාත් තුනේම ඒකරාශීව ප‍්‍රචාරක කටයුතුවල නිරත වූ බව ඇත්තකි. එසේ වුවත් දැන් මැතිවරණය අවසන්ව ඇත. ප‍්‍රතිඵලය විශ්ලේෂණය කළ යුත්තේ වැරදුණු තැන නිවැරැුදි කරගැනීමේ අරුතින් නම් මැතිවරණයට පමණක් සීමා නොවී කරුණු අධ්‍යයනය කළ යුතුය.

සරලව ම කිවහොත් ධනපති දේශපාලන පක්ෂ මෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලින් පමණක් ඡුන්ද ගන්නට වමේ පක්ෂවලට නොහැකිය. ඡුන්ද කාලයට ඇත්තේ විශාල ධනස්කන්ධයක් වීසි කරමින් අනෙකා බිම දමන්නට කෙරෙන ප‍්‍රචාරක යුද්ධයකි. වමේ දේශපාලනය කියන්නේ ම ජනතාව අතර සිදු විය යුතු දේශපාලන ක‍්‍රියාකාරීත්වයකටය. එහෙත් ජනතාව අතර ක‍්‍රියාකාරීත්වයට වඩා ජනමාධ්‍ය තුළින් ප‍්‍රචාරය අපේක්ෂා කිරීම ජනතා විමුක්ති පෙරමුණේ දුබලතාවකි. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ජනතා ආකර්ෂණය හිමි වන බව ඇත්තකි. සීනුව දිනවන රැුස්වීම්වල ජනතාව රොද බඳින බවට ද එවැනි කාලවල දී ජනමාධ්‍යයෙන් කියනු අසන්නට ලැබුණි. එහෙත් එවැනි ආකර්ෂණයන් වමේ දේශපාලනයට අදාළ නැත. වමේ පක්ෂවලට ජනතාව නැඹුරුවීම මිනිස් ජීවිත හා සම්බන්ධ අරගලයක ප‍්‍රතිඵලයක් මිස ඡුන්දය සඳහා හෝ කථිකයන්ගේ කතාවලට හිමි වන ආකර්ෂණය නොවේ. විමල් වීරවංශ නමැති කථිකයා කළ දේශපාලනය ඊට හොඳම නිදසුනකි. අවම වශයෙන්, ආකර්ෂණීය හා සටන්කාමී කතා කියන පුද්ගලයා තුළවත් නැති විප්ලවකාරී පරිවර්තනයක් ඔහුගේ කතාව අසන ශ‍්‍රාවකයාට හිමිවන්නේ නැති බවට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. එවැනි වෙනස්කමක් සිදුවන්නේ ජනතාව දේශපාලන අරගලවලට සම්බන්ධ වීම තුළය.

උතුරේ දී වාමාංශික නැඹුරුවක් ඇති දෙමළ ජනතාවගේ ආකර්ෂණය දිනා ගන්නට ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව තිබිණි. එහෙත් ප‍්‍රතිඵලයෙන් කියැවෙන්නේ ඔවුන් අමතන්නට ජනතා විමුක්ති පෙරමුණ අසමත් වූ බවය. ඇත්තට ම ඔවුන් දෙමළ ජනයා අතරට ගියේ 2009න් පසුවය. මේ ගැන පසුගිය දවසක නිව්ටන් සහෝදරයා සම`ග අප කළ සංවාදයේ දී තියුණු අදහස් පළ විය. පීඩිත දෙමළ ජනතාවට සතුරු ලෙස පෙළගැස්වූ දේශපාලන ක‍්‍රියාකාරීත්වයක වමේ දේශපාලනයක් නැත. එවැනි දේශපාලන පක්ෂයකට දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටින්නට අයිතියක් තිබිය හැකිද?

පසුගිය කාලයේ වරින්වර දෙමළ ජනතාව වෙනුවෙන් නාමිකව පමණක් පෙනී සිටි නිසා දෙමළ ජනතාවගේ ආකර්ෂණය හිමිවන්නේ නැත. වමේ දේශපාලන පක්ෂයක වගකීම වන්නේ පීඩිත ජනතාවගේ අරගලය වෙනුවෙන් පෙනී සිටීම හා එහි සක‍්‍රීය මැදිහත්කරුවකු වීමය. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට පමණක් උතුරට යන පක්ෂයකට උතුරේ අලූත් ඉඩකඩක් හිමි නොවීම තේරුම් ගත හැකි ඛේදවාචකයකි. ජනතා විමුක්ති පෙරමුණට මෙන්ම වෙනත් වමේ පක්ෂයකට හිමි තැන ඒ ජනතාව තීරණය කරනු ඇත්තේ ඔවුන් පෙන්වන දේශපාලන භාවිතාව තුළිනි.

අඳුරට එරෙහිව

pපාන්දරින්ම චිරි චිරි වැස්ස ඇද වැටෙන්නට පටන් ගෙන තිබේ. යමක් ලිවිය යුතු යැයි සිතාගෙන අවදි වූ මගේ හිතට භීතිය දැනෙන්නට පටන් ගෙන තිබේ.

විදුලි බල්බය නිවී ගියේ වැසි පොද ආරම්භයත් සමඟමය. ජනේලය අසල හිඳ සිටි මම වහා එතැනින් මෑත් වූයෙමි. භීතිය රජ කරන විට නිදහසේ කිසිවක් ලිවිය නොහැකිය. ඉටිපන්දමක් දැල්වීමේ අදහසින් අතපත ගාන මට හමු වූයේ ගෙවීමට ප‍්‍රමාද වූ විදුලි බිල්පත් කිහිපයකි. විදුලි සැපයුම විසන්ධි කළා නම් කොහොමටත් අඳුර පලවා හරින්නට සිදු වන්නේ ඉටිපන්දම් එළියෙන් බව කල්පනා වූ නිසා මම ලිවීම පසෙක තබා උදෑසන වන තුරු නිදන්නට තීරණය කළෙමි. එහෙත් ඒ සමඟම විදුලි බල්බය දැල්විණි.

ජන සමාජයක අඳුර දුරු කිරීමේ කටයුත්ත ගැන ලියන්නට සිත් වූයේ ඒ සමඟමය. වරින් වර දාර්ශනිකයන්, විiාඥයන්, කලාකරුවන් හා විප්ලවවාදීන් විසින් අඳුර දුරු කිරීමේ ප‍්‍රයත්න දරන ජන සමාජය ඉදිරියට ගමන් කරන්නේ ඒ උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙසය. පුද්ගල භූමිකාවක් ලෙස එම විශේෂතාව තිබිය දී වුව ද සමාජයීය මිනිස් භාවිතාවේ දායකත්වය ද ඊට අත්‍යවශ්‍ය වන බව අමතක කරන්නට නොහැකිය.

මිනිස් සමාජය පුළුල්ව ගත් විට එහි ඉතිහාසයේ සිටම පැවැති අන්ධකාරය දුරු කරන්නට දායක වූයේ කේවල මිනිස් ක‍්‍රියාකාරීත්වය මෙන්ම සාමූහික ප‍්‍රයත්නයත් ඒකාබද්ධවය. පන්ති සටන් ලෙස සාමූහික ප‍්‍රයත්නයත් දේශපාලනිකව අරුත් ගැන්වෙයි. පුරාණයේ ස්පාටකස්ලාගේ සිට වර්තමානයේ ස්නෝඩන්ලා අසාන්ජ්ලා දක්වාම පුද්ගල දායකත්වය සටහන් වේ. සදා නිම කළ ආකාරයක් ලෙස පවතින දේ භාර ගන්නවාට වඩා එය ප‍්‍රශ්න කරන හා වෙනස් කිරීමේ අරුතින් හෙළිදරව් කරන මිනිස් උත්සාහයන් ඇත්තේ අල්ප වශයෙනි. අපේ සමාජයේ ඉතිහාස පුවත්වල එවැනි පුරෝගාමීන් හමු වන්නේ ලිඛිත ඉතිහාසය යැයි කියන පුරාජේරුව තුළ නොවේ. ජනප‍්‍රවාදය හා ජන කලාව තුළ විප්ලවවාදී මිනිස් ක‍්‍රියාකාරීත්වයන් ගැන සටහන් වේ. සම්මත සමාජ රාමුවට පයින් ගසා රාජ්‍යත්වය වෙනුවට සැඩොල් කුලය තෝරා ගන්නා සාලියගේ සිටම එවැනි ප‍්‍රයත්නයන් ගැන ජනප‍්‍රවාදයේ සඳහන් වේ.

ඉංග‍්‍රීසි යටත් විජිත පාලනය පරාජය කළ නොහැකි යථාර්ථයක් ලෙස භාර ගත් වංශවතුන් හා ගැමියන් අතරට බලාපොරොත්තුව ගෙන ආවේ වරින් වර ඔවුන් අතුරින්ම පැනනැඟුණු කැරැුලිකාරී ප‍්‍රයත්නයන් හරහාය. සරදියෙල් ගැන හැර අන් සෑම අවස්ථාවකදීම කියනු ලබන අතීත කතාවල ඇත්තේ වංශවත් නායකයන් විසින් තමන්ට අහිමි කළ රාජ්‍යත්වය නැවත හිමි කරගන්නට ඉංගී‍්‍රසීන්ට එරෙහිව සටන් වැදෙමින් කැරැුලි මෙහෙයවූ බවකි. මේ නිසා පවතින යථාර්ථය ප‍්‍රශ්න කිරීම පමණක් වැදගත් වන්නේ නැත. පැරණි සමාජය වෙනුවෙන් ඒ ප‍්‍රශ්න කිරීම කරනු ලබන්නේ නම් එහි දී ද මිනිස් සමාජයේ අඳුර දුරු කිරීමට දායකත්වයක් නැත. පවතින පාලනය, රාජපක්ෂ ඒකාධිපතීත්වය පවා පරාජය කළ යුතු නව සමාජයක අපේක්ෂා වෙනුවෙන්ම පමණකි.

අප හා අදහස් දක්වන හිතවතුන්, සමාජ ක‍්‍රියාකාරිකයන්ගෙන් වැඩි දෙනකු ප‍්‍රමුඛ උවමනාව ලෙස දකින්නේ කුමන හෝ මිලක් ගෙවමින් ඒකාධිපති පාලනය පලවා හැරිය යුතු බවයි. පවතින පාලනයේ දුෂ්ඨ බව, නිදහස අහිමි කරමින් ගෙන යන මර්දනකාරීත්වය වැටහෙන්නේ සංවේදී වූ මිනිසුන් අතළොස්සකට පමණක් යැයි සිතිය යුතු නොවේ. වෙනසක් වෙනුවෙන් ලියන, හඬ නඟන, සටන් වදින මිනිසුන් සියලූ දෙනාගේම පොදු එකඟතාව වන්නේ පවතින තත්වය වෙනස් කර ‘වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මිනිස් නිදහස ඇති පාලනයක් බිහි කළ යුතුය’ යන්නයි. එහෙත් ඒ අය අමතක කරන්නේ 1993 – 94 වසරවල දී මෙවැනිම ප‍්‍රයත්නයක් දැරූ මිනිසුන්ගේ කාර්යභාරය ඇගයීමක් කරගත යුතු බවයි.

වසර 17ක එක්සත් ජාතික පක්ෂ පාලනය පලවා හැරීමේ අරමුණක් ඇතිව මාධ්‍යවේදීන්, කලාකරුවන්, විද්වතුන් දේශපාලන පක්ෂ සමඟ අත්වැල් බැඳගන්නා ලදී. පරාජය කරන ලද අරගලයක වේදනාවෙන් සිටි ඇතැම් විප්ලවවාදීන්ට එහි දී අවශ්‍ය වූයේ ‘වෙනසක් කරමු – එහෙත් කුමන ආකාරයෙන්ද?’ යන ප‍්‍රශ්නය ඉදිරිපත් කිරීමටයි. ඒ ප‍්‍රශ්නය ඇසීම නිසා පවා ඔවුන් අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන තත්වයකට ඇදදමන ලදී. එක්කෝ යූ.එන්.පී. ආණ්ඩුවේ බළල් අතක් ලෙස වෙනසක් කිරීමේ අරමුණට බාධා කිරීමේ අරමුණින් එම ප‍්‍රශ්නය නඟන බවට චෝදනා කෙරිණි. නැති නම් ඒ ප‍්‍රශ්නය ඇසූවන් ‘පිස්සන්’ බවට නාමකරණය කරන ලදී.

එහෙත් වෙනසක් කිරීමට කැප වුණු ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රියාකාරීන් අතුරින් වැඩි පිරිසක් එජාප පාලනය පෙරළාදමා පිහිටුවන ලද පොදු පෙරමුණු ආණ්ඩුවේ තනතුරු ලබා ගත්හ. නැති නම් විවිධ වරප‍්‍රසාද, පඬුරු පාක්කුඩම් ලබා ගත්හ. අවසානයේ දී එජාප පාලනයේ පරාජයක් නොව හිමිව තිබුණේ එහිම වඩාත් ජුගුප්සාජනක දිගුවකටය. එදා යූ.ඇන්.පී.යේ 17 වසරක ශාපයට එරෙහිව පෙරමුණ ගත්තෝ අද කොතැනද?
විසි අවුරුද්දක් ගෙවී ඇත. තවත් කාලයක් ගෙවී යනු ඇත.

ෆුචික්ගේ පෑන

panhindaපසුගිය උපන් දිනය දා ‘ජනරළ’ පත්තරේ සහෝදර සහෝදරියන් විසින් තිළිණ කළ පෑන මට නැවත හමු වූයේ ‘පෝරකයේ සටහන්’ පොත සොයන විටය. මේ ‘මිල කළ නොහැකි’ පෑනෙන් ලියන්නට මේ දක්වා අකැමැති වූයේ එහි තීන්ත අවසන් වේ යැයි ලෝභයක් නිසාය. ඒත් එය තීන්ත පිරවිය හැකි පෑනක් බව මට සිහිපත් විය. එහෙයින් එයින් ලියන්නට අද මම තීරණය කළෙමි.

පෑනකින් මේ සටහන ආරම්භ කෙරුණේ අපූර්ව පෑනක් ගැන එසේත් නැතිනම් පෑනකින් ලියූ මිනිසකු සිහිපත් කළ යුතු නිසාය. ‘පෝරකයේ සටහන්’ ඔහුගේ විශිෂ්ටතම ලේඛනයයි. ඒ මිනිසා ජූලියස් ෆුචික්.

ඔහු ගැන පාඨක සහෘදයන්ට සිහිපත් කරන්නට සිත් වූයේ සැප්තැම්බර් 8 වැනිදාට යෙදෙන ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’ විසින් අවදි කළ මතකය නිසාය. ‘සුනිල් මාධව’ සහෝදරයා විසින් 80 දශකයේ දී අටවෙනි පිටුවට ලියා ඉන්පසුව බිහිසුණු සමයක අහම්බයෙන් පණ රැුකගත් පරපුරකට ‘ලක්මිණ’ පත්තරෙන් නැවත අවදි කළ ඒ මතකය අප පුවත්පත් කලාවට කැඳවූ ගුරුත්ව බලයක් විය. අසීමිත වද වේදනා මැද දී මිනිසකු විසින් සිඳ නොගත් ආත්ම ධෛර්යය පිළිබඳ හරියටම කියවන්නට මට හැකි වූයේ ‘පෝරකයේ සටහන්’ පරිවර්තනය කිරීමේදීය. 1997 සැප්තැම්බරය ආසන්නයේ එය ඉටු කිරීමේ දී එය මට හිට්ලර්ගේ අලූගෝසුවන් විසින් පාලනය කළ චෙක් අගනුවර පැන්ක‍්‍රැට්ස් වධකාගාරය වෙත යාමක් මෙන් විය.


1903 පෙබරවාරි 23 වැනිදා චෙක් දේශයේ ප‍්‍රාග් නගරාසන්නයේ උපන් ජූලියස් ලේඛක ජීවිතයේ අත්පොත් තැබුවේ ශිෂ්‍යයකු වශයෙනි. පළමුවැනි ලෝක යුද සමය අවසානයේ සිය දේශයේ දුක්බර අත්දැකීම් හා කියැවූ පත පොත නිසා මිනිසකු ලෙස ජීවිතාවබෝධය ලබා දුන් බව පසු කාලයක ඔහු සිහිපත් කළේය. සමහර පොත් ඇත්ත කතා කරන බව හා සමහර පොත් බොරු කියන බව ඔහු වටහාගෙන තිබුණි. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට ශපථ කළ නව යොෟවනයකු වශයෙන් ඔහු පාසලේදීම සඟරාවක් ප‍්‍රකාශයට පත් කළේය. පරිණත තරුණයකු බවට පත් වෙමින් චෙක් කොමියුනිස්ට් පක්ෂය හා එක් වූ ජූලියස් 1939 නාසි ආක‍්‍රමණයත් සමග ඊට එරෙහිව රහසිගත දේශපාලනයේ යෙදුණි. නාසි විරෝධී බුද්ධිමතුන් ඒකරාශී කරමින් සිටිය දී ඔහු ගෙස්ටාපෝව විසින් පැහැර ගනු ලැබුවේ 1942 අපේ‍්‍රල් 24 වැනි දාය.

Imageඑහෙත් වධකාගාරය තුළ දී පවා ඔහු අරගලය අත්හැරියේ නැත. ලේ ගලන තුවාල සහිතව මිනිස් ඇටසැකිලි බවට පත් වෙමින් සිටිය දී පවා දේශපාලන අරගලයේ නිවැරැුදි දිශාව හඳුනාගෙන කටයුතු කරන්නට එදා ඔහු සමග සිටි අතළොස්සක් කොමියුනිස්ට්වාදීන් කටයුතු කළ බව පෝරකයේ සටහන් තුළින් ජූලියස් ෆුචික් බාහිර ලෝකයට හෙළිදරව් කළේය. කිසියම් මොහොතක තමාගේ මරණය උදාවන බව දැන දැනම හොර රහසේ සිගරට් දවටන හා සනීපාරක්ෂක කඩදාසි මත පැන්සලයකින් ලියූ එම සටහන් පෙළ මරාදුමූ විප්ලවවාදියකුගේ ජීවමාන චරිතාපදානයක් වනු ඇති බව කිසිවකු සිතන්නට නැත. චෙක් ජාතික රැුකවලකුගේ උදව්වෙන් පිටතට ගෙන ගොස් රැුකගත් එම සටහන් අංක හා සංකේත සහිතව පිළිවෙළකට සකස් කර ඇති බව ෆුචික්ගේ බිරිඳ ඔගස්ටිනාට දක්නට ලැබුණි. ඇය ද නාසි වධකාගාරයේ හිඳ කටුක අත්දැකීම් ලද ගැහැනියක ලෙස එම කටු සටහන් මුද්‍රිත කෘතියක් ලෙස ජනතාව අතට පත් කිරීමට උනන්දු වූවාය.

වඩාත් හුදෙකලා කරනු ලැබූ සහ වඩා පරාජිත අත්දැකීම් සහිත විප්ලවවාදියකු විසින් ජිවිත ආදර්ශයන් අවසානය දක්වා රැුකගත් ආකාරය පෝරකයේ සටහන් තුළ කියවා ගත හැකිය. ජූලියස් ෆුචික් මරාදැමුව ද එම අපූරු කෘතිය භාෂා තිස් ගණනකට පරිවර්තනය වී නැවත නැවත මුද්‍රණය කෙරෙමින් ලොව පුරා රටවල් සිය ගණනක මිනිසුන් ලක්ෂ ගණනකගේ අතට පත් කෙරුණි. එදා මෙදා වාමාංශික විප්ලවවාදීන්ගේ අරගල යනු, වරෙක තීව‍්‍ර වෙමින් වරෙක බොඳව යමින් වුව ද අනාගතය වෙත අපේක්ෂා දල්වන අඛණ්ඩ ක‍්‍රියාදාමයකි. දුර්වල කරනු ලැබූ ශාරීරික හා අධ්‍යාත්මික තත්වයන් නිසා ඇදවැටෙන්නට නියමිත මිනිසුන් වෙත අනුප‍්‍රාණයක් වෙමින් මනුෂ්‍යත්වයේ දෘෂ්ටියෙන් ලියූ ෆුචික්ගේ ලේඛනය විප්ලවවාදීන්ට අත්පොතකි. මනුෂ්‍යත්වය වෙත ජයග‍්‍රහණ ළඟා කරවිය හැක්කේ පසු නොබසින උත්සාහයකින් සටන් වදින මිනිසුන් අත බව එයින් අවධාරණය කරයි.

ෆුචික්ගේ මරණයෙන් පසුව ‘අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සංගමය’ විසින් සිය හතර වැනි සමුළුවට 1958 බුකාරෙස්ට් නගරයේ පවත්වමින් ඔහු මියගිය දිනය ලොව පුරා පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය ලෙස ප‍්‍රකාශයට පත් කරන ලදී.
අද දවසේ ලංකාවේ පුවත්පත් කලාවේදීන් සහ පොදුවේ ජනමාධ්‍ය වෘත්තිකයන් මුහුණ දෙන දුෂ්කර අභියෝග හමුවේ පවා මනුෂ්‍යත්වයේ නාමයෙන් පෑන හසුරුවන්නට වගකීමක් අප හමුවේ ඇත. පෑන අතට ගන්නා සෑම ලේඛකයකුගේම අධිෂ්ඨානය විය යුත්තේ එය ඔබට ගන්න කියා බල කරන මිනිස් වර්ගයාගේ උවමනාවන් වෙනුවෙන් ලිවීමය. ඒ ඉටු කළ හැක්කේ අන් කිසි ආකාරයකින් නොවේ, වඩා යහපත් මිනිස් සමාජයක් වෙනුවෙන් මිනිස් හෘද සාක්ෂිය ඇතිව පන්හිඳ හැසිරවීම තුළින්මය.