කළු නැති ජූලියක් වෙනුවෙන්….

DSC09249මහින්ද රාජපක්ෂ නැවත වරක් බලයට පත්කිරීමට පෙළ ගැසුණු බලවේග ක‍්‍රියාත්මක වනු ඇත්තේ මේ රටේ ලක්ෂ ගණනක් ජීවිත විනාශ කරපු ජාතිවාදයට නැවතත් පණ පෙවීමටයි. ‘මහින්ද වීරයා’ යුද්ධය අවසන් කළ බවට ජයපැන් බිව් සිංහල අන්තවාදීන් මහින්ද නැවත බලයට පත් කිරීමේ ‘වගකීම’ වෙනුවෙන් පස් කනවා.

උතුරේ තමිල් ජනයා සංහාරය කරමින් පැවැති මර්දනකාරී යුද්ධය අවුරුදු තිහක කාලයකදී මේ රටේ සිංහල, දෙමළ හා වෙනත් ජන ප‍්‍රජාවන් එකිනෙකාගෙන් දුරස් කළා. එකිනෙකාට සතුරු ලෙස පෙළ ගැස්වූවා. තමිල් ජනයාට සිංහලයන් සතුරන් ලෙස හුවා දක්වමින් තමිල් ජාතිවාදීන් කළේ තමිල් ජනතාව අතර සිය බල ව්‍යාපෘතිය පිහිටුවීමයි. ඒ සමගම ඔවුන් සුළුතර ප‍්‍රජාවන්ට සතුරු සිංහල නායකයන්ගෙ පිළිවෙත් ඉස්මතු කරමින් මුස්ලිම් ජනයා අතරත් සිංහල විරෝධයක් ඇවිලවීමට උත්සාහ කළා. කෙසේ වෙතත් සිංහල ජාතිවාදී දේශපාලන නායකයන් යුද්ධ කාලයේ තමිල් සංහාරය වෙනුවෙන් මුස්ලිම් ජාතිවාදී බලවේග සිය වසඟයට ගන්නත් කටයුතු කළා. එල්ටීටීඊය පරාජය කිරීමේ මුවාවෙන් තමිල් පීඩිතයන් මර්දනය කිරීමට මුස්ලිම් කණ්ඩායම් සහාය කරගන්න මහින්දගේ මර්දනකාරීත්වයට හැකි වුණා. මේ අතරතුර සිංහල ජාතිවාදීන් මුස්ලිම් විරෝධයකුත් නඩත්තු කළා. උතුරේ යුද්ධය අවසන් කළ පසුව දකුණේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීමට යොදාගත්තෙ මේ සිංහල ජාතිවාදයයි.

ඇත්තටම මේ ජාතිවාදී දේශපාලනයේ ක‍්‍රියාකාරිකයන් වෙන්නෙ පොදු ජනතාව නොවේ. ඒ වෙනුවට මැර කණ්ඩායම් යොදවා ජාතිවාදී ප‍්‍රහාර කළමනාකරණය කරනු ලබනවා. විවිධ ව්‍යාපාරික අරමුණු නිසා ප‍්‍රතිවිරුද්ධ ව්‍යාපාරික තරගකරුවන් අතුගා දමන්නත් ජාතිවාදී දේශපාලනය පාවිච්චි වෙනවා. හැමවිටම ජාතිවාදී අරගල ආරම්භ වන්නෙ ව්‍යාපාරික ස්ථානවලට එල්ල වන ප‍්‍රහාරවලින්. එහිදී ඇත්තටම සක‍්‍රියකාරී බලවේගය වෙන්නෙ ව්‍යාපාරික අරමුණු මත ප‍්‍රතිවාදියා ව්‍යාපාර ලෝකයෙන් අහෝසි කරන්න මාන බලන ධනවාදී සිතීමයි. අපරාධකාරී ලෙස ලාභ කොල්ලකෑමෙන් තොරව ධනය උපයන්න බෑ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැම මහා පරිමාණ ධන සම්භාරයක් පිටුපසම ඇත්තෙ මහා පරිමාණ අපරාධ බව ලෝකය පුරාම ධනපතියන්ගෙ ජීවිත කතාවලින් සනාථ වෙනවා. ඒ අපරාධ අතරට තමන්ගේ දරුවන්, බිරිය වැනි සමීපතමයන්ගේ සිට ප‍්‍රතිවාදී ව්‍යාපාරිකයන් දක්වා සියලූ දෙනා ගොදුරු වෙනවා. ජාතිවාදී ලෙස ගැටුම් ඇවිලවීමෙන් ලාබ ලබන ව්‍යාපාරික බිම් අත්පත් කරගැනීමට උත්සාහ ගැනීම පුදුමයක් නෙවෙයි.

මේ ගැන අපට හොඳම නිදසුන් ඇත්තෙ මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආරම්භ කර, පෝෂණය කර නඩත්තු කරනු ලැබූ බොදු බල සේනා, සිහල රාවය, රාවන බලය වැනි සංවිධානවල ක‍්‍රියාකාරිත්වයයි. 1983 කළු ජූලියේ ආරම්භය සටහන් කෙරුණෙත් කොළඹ ප‍්‍රධාන ව්‍යාපාරික කලාපවලයි. තමිල් ව්‍යාපාරික ස්ථාන කොල්ලකෑම හා ගිනිතැබීම අගනුවර සිට ප‍්‍රාදේශීය නගර කරා රැුගෙන ගියෙත් එක්සත් ජාතික පක්ෂයේ අනුග‍්‍රහය හා නායකත්වය ලැබූ ප‍්‍රාදේශීය දේශපාලන – මැර කණ්ඩායම්.

1983 කළු ජූලිය ගැන විතරක් නෙවෙයි, රාජපක්ෂ රෙජිමය යටතේ සිදු කළ ජාතිවාදී ගිනිතැබිම් ගැන සටහන් කරන්න ඒ කාරණා සිහිපත් කරගන්න වෙනවා. ඒ කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය ජාතිවාදයට එරෙහි සටන් පාඨයට නායකත්වය දුන්නෙ නෑ. ඒ තමයි ධනපති දේශපාලනය ජාතිවාදය පරාජය කරනවා වෙනුවට ඒ ප‍්‍රතිවිරෝධතා බලය ඩැහැගැනීම වෙනුවෙන් කළමනාකරණය කරන ආකාරය. ඒක අදත් හෙටත් එහෙමයි. අතීත වාර්තාවත් එහෙමයි. 1983 ජූලි සිදුවීම්වලදි දිවයින පුරා තමිල් ජනයා සංහාරය කරන්න සිංහල ජාතිවාදී මැරයන් උසි ගැන්වූයේ එක්සත් ජාතික පක්ෂය විසින්. අද වන විට මහ මැතිවරණය තුළ රාජපක්ෂ රෙජීමය නැවත පැමිණීමට එරෙහිව ප‍්‍රධාන විවේචකයන් ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ. නමුත් රාජපක්ෂ වටා පෙළ ගැසෙන ජාතිවාදයට එරෙහිව කට අරින්න ඒ දේශපාලන පක්ෂ සමත් වෙලා නැහැ. බඬේ බිජු තියාගෙන දේශපාලනය කිරීමේ ප‍්‍රතිඵලය ඒකයි.

එහෙත් ජාතිවාදයට එරෙහි ධජය අතට ගන්න හැකියාව තියෙන්නෙ වමට. වමේ ධජයක් යටතේ මිස ජාතිවාදයට කොන්දේසි විරහිතව අභියෝග කරන්න වෙනත් බලයක් මිනිස් ඉතිහාසයේ බිහි වෙලා නෑ. ‘සකල දේශවාසී නිර්ධනයන්’ ගැන කතාකරන්න විතරක් නෙවෙයි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ගෙ අරමුණු වෙනුවෙන් සටන් කරන්න නම් ජාතික, ආගමික හෝ ප‍්‍රාදේශීය බෙදුම් රේඛා පිටුදකින අදහස් තිබිය යුතුයි. එපමණක් නෙවෙයි මිනිස් ඉතිහාසයේ සාමූහික ජයග‍්‍රහණ හා සාමූහික වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබිය යුතුයි. සාමූහිකත්වය වෙනුවට එක් එක් බෙදීම් පාවිච්චි කරමින් පටු අරමුණු වෙනුවෙන් පෙනී සිටින නිල්, කොළ, රතු සායම් ගාගත් කුමන්ත‍්‍රණකාරී දේශපාලනය පරාජය කිරීම මේ ජූලි මාසයේ තීරණාත්මක අවශ්‍යතාවයක් වෙනවා.

සටන්කාමී මාධ්‍ය සගයන්ට….!

Dehena“විකල්ප ප‍්‍රකාශනයට හිමි සම්මානය, මහනුවර ශිෂ්‍ය නිර්මාණ මණ්ඩපයට…. ‘දැහැන‘ විකල්ප ප‍්‍රකාශනය වෙනුවෙන්..!“

විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේ පැවති ජනතා සාහිත්‍ය උලෙලට රැස් වූ සහෘදයන් දහස් ගණනකගේ අත්පොළසන් නාදය සමඟ සම්මානය ජනතාව අතින් අත යමින් වේදිකාව වෙත ළඟා වුණා. හේතුපාඨයද ප‍්‍රකාශ වී අවසන් වන තෙක් අපට කිසිවක් හිතාගන්නට නොහැකි වුණා. මහනුවර ශිෂ්‍ය නිර්මාණ මණ්ඩපය වශයෙන් හැඳින් වූ නිර්මාණකරුවන් අතර ප‍්‍රභාත්, සම්පත් සහ මමත් සිටි බව ඇත්ත. ඒත් ඒක සාමුහික නිර්මාණ කාර්යයක්.

අපි එකිනෙකාගෙ මුහුණ බලන අතර සම්මානය පිළිගන්නා ලෙස දෙවැනි වරටත් කැඳවීමක් ලැබුණා. මම සම්පත්ට එය භාර ගන්නා ලෙස දැනුම් දුන්නා. ප‍්‍රභාත් එය අනුමත කළා. ඇත්ත වශයෙන්ම අප අතර සිටි වඩාත්ම සටන්කාමියා ලෙස සම්පත් ඒ සම්මානය ලබාගන්නට සුදුස්සා වුණා.

සම්පත් විසින් ඔල්වරසන් හ`ඩ මැද භාරගත් ඒ ජනතා සම්මානය තවමත් සුරැකිව තිබෙනවා. අද ඒ දෙස බලන විට මා සමඟ විකල්ප ප‍්‍රකාශනයක් වෙනුවෙන් ඒකරාශි වුණු සහෘදයන් සහ ඔවුන්ගේ ජවසම්පන්න භූමිකාව අමතක කරන්න බෑ. පසු කාලයක විවිධ සගයන් මා සමඟ සටන්කාමී පත්තර කලාවක නියැළෙමින් සිය භූමිකාව විශිෂ්ට ලෙස ඉටු කළ බව ඇත්ත. ඒත් විවිධතා රැසක් සහිත ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස අප විසින් තැබූ ආරම්භය කිසිදාක අමතක කළ නොහැකි සැමරුමක් ලෙස පවතිනවා. අසිපතක් බවට පත්වන පෑනක් සහ එය වටා දැවටෙන දම්වැලක් ලෙස ඒ ජනතා සාහිත්‍ය සම්මානය නිමැවූයේ විනී හෙට්ටිගොඩ සහෘදයාගේ සංකල්පයකට අනුවයි. එය සැමරුමක් ලෙස කියන්නට බැරි තරම් ජීවමාන බවක් අදත් මට දැනෙනවා.

ඒ වන විට පත්තර රස්සාවට ප‍්‍රවේශ වී සිටි රෝහිත භාෂණ සහෝදරයා අපගේ කාර්යයට මහත් දිරියක් හා මඟ පෙන්වීමක් ලබා දුන්නා. ‘දැහැන‘ යන නම ශාන්ත කේ. හේරත් සහෘදයා ලවා නිර්මාණය කර දීමද කළේ ඔහු විසින්. අන්වර්ථ නාම හා සත්‍ය නාම යොදමින් අපි ‘දැහැන‘ කලාප තුනක් දක්වා නිර්මාණ මණ්ඩපයේ කටයුතු ඉදිරියට ගෙන ගියා.

ඒ වන විට මාතර ප‍්‍රදේශයේ නිර්මාණකරුවන් ඒකරාශි කරමින් ‘රිද්ම‘ නමින් විකල්ප ප‍්‍රකාශනයක් සංස්කරණය කළේ සහෘද නිලාර් එන්. කාසිම්. මහනුවර සහ මධ්‍යම පළාත පුරා සිටි තරුණ හා වැඩිහිටි නිර්මාණකරුවන් ඒකරාශි කරමින් මාධ්‍ය අධ්‍යයන පර්ෂදය වැඩ කරමින් තිබුණා. එහි මූලික කාර්යභාරයක් ඉටු කළේත් රෝහිත භාෂණ සහෝදරයා. බොහෝ තරුණ නිර්මාණකරුවන් එක් කළ ‘පවුර’ නමැති විකල්ප ප‍්‍රකාශනය රෝහිත විසින් සංස්කරණය කෙරුණේ මෙම විකල්ප සංස්කෘතික සංවිධානයේ ප‍්‍රකාශනයක් ලෙසයි.

90 වසරේ ආරම්භ කෙරුණු ‘ලක්මිණ‘ නමැති විකල්ප ප‍්‍රකාශනයේ අතරමැද නැවතුමත් සමඟ සුනිල් මාධව ඇතුළු ප‍්‍රගතිශීලී මාධ්‍යවේදින් රැසක් එක්ව ‘ලක්දිව‘ පුවත්පත ආරම්භ කෙරුණා. එහෙත් මුදලාලිගෙ පත්තර කලාව ප‍්‍රතික්ෂේප කරපු සුනිල් අයියලා පාරට ආවෙ ජනතාවගෙ ආධාරයෙන් පත්තරයක් කරන බවට අධිෂ්ඨානයකින්. සටන්කාමී පත්තරකාරයන් රැසක් ‘හිරු‘ පුවත්පත සමග එන විට අප එය භාරගත්තෙ මහත් උද්යෝගයෙන්.

බොහෝ විට පත්තරකාරයන්ගෙ නම පිටුවල පළවුණත් පසුබිමේ ඉන්න ඒ හා සමානම සටන්කාමී සහෘදයන්ගෙ නම් කවදාවත් පත්තරවල පළ වෙන්නෙ නෑ. එදා ‘හිරු‘ ගොඩනඟන්න වෙහෙසුණු ඒ සගයන් පසුව දේශපාලන ක‍්‍රියකාරීත්වය තුළ ගිලී ගියා. ඔවුන් තවදුරටත් සිය කාලය හා ශ‍්‍රමය වැයකරමින් ඇත්ත විප්ලවවාදී කාර්ය පත්තරය පමණක් නොව භූමියේ දේශපාලන අරගලය බව සනාථ කළා. ඒ නිසා අදත් පත්තරකාරයන් ලෙස අප කොච්චර ලස්සන වචන හරඹ කළත් ඇත්ත සටන් සිදුවෙන්නෙත් ඇත්ත සටන්කාමීන් ජීවත් වෙන්නෙත් පත්තර පිටු මත පමණක්ම නොවේයි.

ඇත්ත සටන ජනතාව විසින් සිය සැබෑ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ගෙන යන සටනයි. එදා රාජපක්ෂ රෙජිමයට එරෙහිව කටුනායකදිත් හලාවතදිත් රතුපස්වලදිත් එවැනි සටන් ඇවිළුණා. පත්තරකාරයන් නිරීක්ෂකයන් ලෙස නොයෙක් ලස්සන කතා ලිව්වා. ඒත් රාජපක්ෂ පාලනය පෙරළා දමන්න දේශපාලන නායකයන් හා පත්තරකාරයන් විසින් මියගිය මිනිසුන්ගෙ ජීවිත ලන්සුවට තිබ්බා. මාධ්‍ය සටනේ පතාක යෝධයන් අද හොයාගන්නත් නෑ. අද යාපනේදි කහවත්තෙදි ලිප්ටන් වටරවුමෙදි සටන්කාමී ලෙස පෙළ ගැසෙන පීඩිත ජනයා වෙනුවෙන් කතාකරන්න පත්තර වීරයන් නෑ.

ඔවුන්ගෙ පෑන්වල තියෙන්නෙ ධනපතියන්ගෙ මොනර කොළ දිස්නයයි. පහුගිය කාලෙ වීදියෙ සටන් පාඨ කී ඔවුන්ගෙ කටවල් හා අත්වල ලැප්ටොප් හා කාර්වලට දෙන ණය නිසා වැසි ගොස් තිබෙනවා. ජනමාධ්‍ය සටන්කරුවන්ගෙ අවධානය ප‍්‍රවෘත්ති විකිණීම සඳහා වෙන් වෙද්දි ජනතාව තනිවම සටන් කරනවා. විවිධ ධනපති පත්තරවල සේවය පිණිස ගිය ජනමාධ්‍යකරුවන් අතර සිය පෑන මෙහෙයවිය යුත්තේ කුමක් සඳහාද යන්න වටහා ගත් පිරිස අඩුයි. කරට කර සටන් වැදුණු තවත් සමහරු සිය පෑන කුලියට දී තිබෙනවා.

යාපනයේත් කහවත්තේත් මීතොටමුල්ලේ සහ මීරියබැද්දේ ජනතාව සාමූහිකව සටන් කරද්දී ඇතැම් සගයන් විවිධ දේශපාලන මතවාද තුළ හෘදසාක්ෂිය යටපත් කරගෙන නිහ`ඩ වී ඉන්නවා. ධනපති මතවාද වෙනුවෙන් හෝ පඩිපත වෙනුවෙන් හුදෙකලා නොවන ලෙස තවමත් හෘද සාක්ෂියක් ඉතිරිව ඇති, මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලනවා.

‘පසන් මචං’ගැන අවසන් නොකළ මතකයෙන් 

pasan-kodikara2කලාතුරකින් හමුවන වර්ගයේ නිහඬ මිනිසකු වුවත් ඔහු යම් කාරණාවක් ගැන කතා කිරීමේ දී නිශ්ශබ්ද පුද්ගලයකු වූයේ නැත. අප ඔහු හැඳින්වූයේ ‘පසන් මචං’ හැටියටයි.

පරිවර්තකයකු ලෙස බොහෝ දෙනා හඳුන්වන නමුත් ඔහු සාහිත්‍යකරුවකු වශයෙන් කොටු කරනවාට වඩා යම් ජීවිත දර්ශනයක් ඇතිව සමාජ අරමුණකින් වැඩ කළ මිනිසකු ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. මිතුරන් අතර ඔහු ගැන කියැවෙන විවිධ රසකතා මැද වුවද ඔහු පෙන්වන්නේ යම් කාර්යයකට අත ගැසූ විට වගකීම් සහගතව වැඩ කිරීමේ ගුණයක් සහිත ජව සම්පන්න මිනිසකු බවයි. 53 වැනි වයසේ දී ජීවිත වේදිකාවෙන් බැස ගිය පසන් කොඩිකාර සහෝදරයා පළමුවෙන්ම මට මුණ ගැසුණේ කොතැනදැයි කිව නොහැකිය. එහෙත් කොළඹ නගරයේ ජීවිතයට පැමිණි 90 දශකයේ මැද භාගයේ දී ඔහු රුසියානු ශාස්ත‍්‍රීය අධ්‍යාපන කටයුතු අවසන්කොට මෙරටට පැමිණ කලක් ගත වී තිබිණි. වරින්වර පුවත්පතක ලියූ ලිපියකින් අපගේ සාකච්ඡුාව ආරම්භ විය. නැතිනම් විදේශීය චිත‍්‍රපට උළෙලකදි ඔහු නිතර මුණ ගැසුණි. නිරහංකාර මිනිසකු වූ පසන් කිසිවිටක තමන් විසින් උපයාගත් ශාස්ත‍්‍රීය දැනුම හෝ වෙනත් පෞද්ගලික ආකල්පයක් මත අදහස් කොටුකර තැබීමට සූදානම් නොවීය.
ඔහු මාක්ස්වාදය පිළිබඳ වෙහෙස වී ලබාගත් දැනුමකින් යුතුව සෙසු දාර්ශනික මතවාද පිළිබඳ අධ්‍යයනයක් සහිත වූ විද්වතකු විය. ඔහු දැනුම ආභරණයක් කර නොගත් නිසාම දාර්ශනික සාකච්ඡුාවල පන්න පන්නා යන මිනිසකු නොවීය. එහෙත් ‘පසන් මචං’ සතු වූ දැනුමක් මෙන්ම මැදිහත්වීමේ සාධනීය බවක් තිබිණි. ඔහු තමන් ඉගෙන ගත් දැනුම මෙරට ජන සමාජය වෙනුවෙන් යොදවන්නට තීරණය කළ අයෙකි. එහි එක් ආකාරයක් ලෙස ඔහු පරිවර්තන කාර්යයන් වෙත යොමු විය. නාට්‍ය කලාව වෙතද ඔහුගේ විශේෂ නැඹුරුතාවක් තිබිණි. නාට්‍ය වැඩමුළු, කලා සාහිත්‍ය කටයුතුවල නිරතවීමෙන් ඔහු විශේෂ තෘප්තියක් ලැබුවේ ඒවා පෞද්ගලිකව යමක් උපයන්නට පාදක කර නොගත් පිරුණු මිනිසකු ලෙසයි.
සෝවියට් දේශයේ අධ්‍යාපනය ලැබූ බොහෝ දෙනා කියන්නට කැමැති කාරණයක් නම් තමන් මාක්ස්වාදය ඇතුළු දේශපාලන දාර්ශනික සංකල්පවල පරප‍්‍රාප්තවූවන් බවයි. විජේවීර මෙරට සිදු කළ ඓතිහාසික මැදිහත්වීමෙන් පසුව සෝවියට් දේශයේ හෝ ලන්ඩනයේ ඉගෙනගෙන මෙහි පැමිණි ඇතැම් පුද්ගලයන් කියූ ‘පොර ටෝක් කතා’ හාස්‍යජනක තත්වයට පත් විය. සෝවියට් රජය බෙලහීනවෙමින් පැවැති 80 දශකය අවසානයේ ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියෙන් අධ්‍යාපනය ලැබීමට ඔහුට අවස්ථාව සැලසුණේ කොමියුනිස්ට් පක්ෂයේ මැදිහත්වීමෙන් මෙරට තරුණ ක‍්‍රියාකාරිකයන්ට හිමි වූ ශිෂ්‍යත්ව ක‍්‍රමය නිසාය. 89 සෝවියට් බලය බිඳවැටීමෙන් පසුව රුසියානු වෛද්‍ය අධ්‍යාපනය සාරවත් ආයෝජනයක් වුවද ඉන් පෙරාතුව මෙරට තරුණ තරුණියන් සෝවියට් සමාජ ජයග‍්‍රහණ බෙදා හදාගැනීමේ ක‍්‍රමයක් යටතේ ඇත්ත සමාජ හිතකාමී අධ්‍යාපනයට යොමු කරවන ලද බවට හොඳම සාධකයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ පසන්ගේ භූමිකාවයි.

එහෙත් පසන් සෝවියට් නිලධාරිවාදයේ මර්දනය ගැනද සිය අත්දැකීම් අප සමඟ බෙදාහදා ගත්තේය. මාක්ස් ලෙනින්වාදය විකෘති කරන ලද සෝවියට් පරිහාණි යුගයේ දී තමන් විසින් එක්තරා මාක්ස්වාදී සංවිධානයකට සම්බන්ධ වීමේ කතාව ඔහු වරින්වර කියූ කතාවලින් වටහා ගන්නට පුළුවන. එවකට මාක්ස්වාදී කණ්ඩායමක් ලෙස සංවිධානය වූවන් රහසිගතව කටයුතු කළ යුතු විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් හිමි වුවද සෝවියට් පාලනයේ විකෘතිය ප‍්‍රශ්න කළ විජේවීරට යළි ලූමුම්බා මිත‍්‍රත්ව සරසවියේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට එරට බලධාරීන් ඉඩ දුන්නේ නැත. පසන් ඇතුළු කණ්ඩායමක් විසින් උත්සාහ කළ කාර්යය සපුරා ගන්නට නොහැකි වූයේද කේජීබියෙන් මත වූ බලපෑම්ය. වරක් එම සංවිධානය වෙනුවෙන් ලියන ලද කඩදාසි කිහිපයක් නිසා පසන් මාරකයකින් බේරී ඇත්තේ අනූනවයෙනි.

‘යාඩ්‍රො’ නමින් හඳුන්වන එම සංවිධානය පටන්ගෙන තිබුණේ මාක්ස්වාදී අධ්‍යයන කණ්ඩායමක් ලෙසයි. ‘න්‍යෂ්ටිය’ යන තේරුම ඇති මෙම කණ්ඩායමේ සංවිධාන ව්‍යවස්ථා ලියැවිල්ලක් ලිවීමේ වගකීම ගෙන තිබුනේ පසන් විසිනි. මාක්ස්වාදය විසින් ඉදිරිපත් කළ සමාජ වෙනස්කම් ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක් බවට පත් කළ රාජ්‍යය පිරිහී ගිය පසුව ජීවිතය නතර කළ හැකිද? දෙවොල හිසමත කඩා වැටුණු සමයක සියල්ල අවසන් වූයේ යැයි සිතන්නටත් අත් පොරවා හිඳින්නටත් අකැමැති මිනිස්සු සෝවියට් පරිහාණි යුගයේ ජීවමානව සිටියහ. ඒ සියල්ලගේ අරමුණ සමඟ එකතු වූ පසු මර්දනයට හසු නොවී මාක්ස්වාදී සංවිධානයක් වෙනුවෙන් වැඩකිරීමේ අරමුණින් ඔහු එය සටහන් කළේය. එය සෙසු සගයන්ට කියැවීමට දීමේ අරමුණින් ගෙනයන්නට ඔහු තෝරාගත්තේ කිසිදු ආවරණයක් නැති සාමාන්‍ය කවරයකි. සැකයක් ඇති නොවන ආකාරයෙන් අතේ ගෙන ගිය කඩදාසි මිටිය අතැතිව ඔහු මොස්කව් නගරයේ ගමන් ගත්තේ අධික ලෙස කැකෑරුණු ශීත කුණාටුවක් ඇති මොහොතකයි. එක් තත්පරයකදී කවරයෙන් මිදුණු කඩදාසි හිම තලා ඉහළින් සුළගට ගසා යන්නට විය. කඩදාසි එකතු කිරීමේ කාර්යයට එළඹුනහොත් සැකයක් ඇතිවීමට හා නගරයේ නිතර සැරිසරන කේජීබී ඔත්තුකරුවකුගේ ඇසට හසුවීමේ අවදානම තිබිණි. කිසිවක් නොවූ ආකාරයෙන් එතැනින් ඉවත්ව පලායන්නට පසන් තීරණය කළේ ඉන්පසුවයි.

පසන් ලූමුම්බාවෙන් පසුව ගොර්කි සාහිත්‍ය කලා අධ්‍යයනායතනයේ අධ්‍යයනය සඳහා යොමු විය. සිය ආචාර්ය උපාධිය අවසන් කිරීමෙන් පසුව ඔහු ලංකාවට පැමිණියේය. එහෙත් ඔහුගේ දැනුමෙන් නිසි ප‍්‍රයෝජනයක් ගන්නට මෙරට විශ්වවිද්‍යාල සූදානම් වූයේ නැත. කාලයක් ඔහු නොසැලකිල්ලට භාජනය වෙමින් ආරාධිත කථිකාචාර්යවරයෙක් ලෙස සිය දැනුම සරසවි ශිෂ්‍ය ප‍්‍රජාවට දෙන්නට උත්සාහ කළේය. ශාස්ත‍්‍රීය අධ්‍යාපනයට වඩා යාන්ත‍්‍රික ක‍්‍රියාදාමයක කොටු කෙරුණු ඇදුරු ශිෂ්‍ය නිලධාරි ලෝකයක ඔහුගේ වටිනාකම තහවුරු කරන්නට ප‍්‍රමාද විය. පසුගිය දා අවසන් ගමන් යනවිටත් ඔහු හොරණ ශ‍්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්යවරයකු ලෙස සිටියද ඔහුට ඇත්ත වටිනාකමින් සිය දැනුම සහ සක‍්‍රීය මැදිහත්වීම කරන්නට ඉඩක් සපයා තිබුණේ නැත. ඒ ගැන සරසවි ප‍්‍රජාව අතර ද ඇත්තේ නොපහන් හැඟීමකි.

අතෘප්තිමත් භූමිකාවක ඇදුරකු ලෙස කටයුතු කළද ඔහු ඉඩ ලද හැමවිටම ලේඛන කාර්යයට යොමු විය. මාස්ටර් සහ මාගරිටා, අර්බාත් දරුවෝ, ඔහු කළ විශේෂත්වයක් සහිත රුසියානු සාහිත්‍ය පරිවර්තනයන් අතර වේ. වැදගත් වන්නේ ඉංගී‍්‍රසියට නඟන ලද විදේශ සාහිත්‍ය කෘති නැවත සිංහලයට නැඟීමෙන් වන ගුණ හානිය වැළැක්වීමට ඔහු විසින් කළ මැදිහත්වීමයි. රුසියානු බස මැනවින් උගත් ලාංකිකයන් අතර පරිවර්තනයට යොමු වූවන් හිඟය. දැදිගම වී රුදිරිගු, සිරිල් සී පෙරේරා වැන්නවුන්ගෙන් පසුව ඔහු රුසියානු කෘති සිංහලයට නැඟීමේ කාර්යයට යළි පණ දුන්නේය. ඒ සියල්ලට නොදෙවෙනි ලෙස ඔහු මෙරට සිංහලෙන් කියවන ජනයාට එක් කළ කෘතිය නම් චාල්ස් ඩාවින් විසින් 1859 දී ලියූ On the Origin of Species කෘතිය පරිවර්තනය කිරීමයි. 2011 වසරේ හොඳම පරිවර්තනය ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුද ලද ‘සත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය’ කෘතිය අපට වැදගත් වන්නේ එය මිනිස් ජීවිතයේ සම්භවය හා පරිණාමය ගැන කියැවෙන නිසාය.

මාසයකට දෙකකට පෙරාතුව අවසන්වරට ඔහු මට හමුවූයේ කොට්ටාව දෙසට යන බස් රියකදීය. විවිධ මාතෘකා කීපයක් ගැන අප අතර ඇති වූ කෙටි කතා බහ නිරායාසයෙන් යොමු වූයේ ලේඛක කාර්යයන් පිළිබඳවය. ප‍්‍රකාශන ආයතනවල කම්කරුවකු ලෙස මෙරට ලේඛකයන්ට මුහුණදෙන්නට සිදුව ඇති පීඩාව ඔහු හොඳින් දැන සිටියේය. ‘නමක් හදාගත්තම ප‍්‍රකාශන ආයතන ලේඛකයන්ව විකුණාගන්නට පොර කරනවා. ඒත් ලේඛකයන් වෙන්න උත්සාහ කරන මිනිස්සුන්ට දහදුක් විඳින්න වෙනවා. මේක වෙනස් වෙනකම්ම ලංකාවෙ සාහිත්‍යයට අලූත් යමක් නම් වෙන හැඩක් නෑ.’ ඔහුගේ අදහස වූයේ එයයි. සමකාලීන සමාජ දේශපාලන අත්දැකීම් පිළිබඳ කතාබහෙන් අපගේ හමුව කෙළවර කරන්නට සිදුවිය. රාජපක්ෂ පාලනයේ දුෂ්ටත්වය ගැන කියන ගමන් ඔහු පලවා හරින්නට සූදානම් වෙන්නේ කවුදැයි පසන් ඇහුවේ දිගුව වැවුණු සිය ගන රැුවුල් ගස් අතරින් සාවඥ සිනාවක් මදෙස හෙළමිනි.

ඒ කතාබහෙන් කෙටි කාලයක් තුළ නොසිතූ ලෙස මේ නිහ`ඩ සාන්තුවර මිතුරා නික්ම යතියි මම සිතුවේ නැත. ඔහුගේ දේහය කොළඹ කනත්ත ඉදිරිපස මල් ශාලාවේ දී දකින විට පසන් සිය සුපුරුදු මුහුණින් වැතිර සිටියේය. ඔහු පසෙකින් ජනාධිපතිවරයාගේ ශෝකය පළ කෙරෙන මල්වඩමක් ද සුපුරුදු ලෙස තැන්පත්ව තිබිණි. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද පසන් ඉගෙනගත් ගෝර්කි අධ්‍යයනායතනයේ ඉගෙන ගත්තකු බව මා අසා තිබේ. පසන්ගේ සාවඥ සිනාව මට මැවී පෙනෙන්නට විය. පසන් වෙනුවෙන් කෙටි සටහනක් තබා මම එතැනින් නික්ම ආවෙමි.
“නිහඬ මිතුරෙක්
වචනයේ අරුතින්ම විද්වතෙක්
‘පසන් මචං’ අපි ඔහුට දුන් නමයි.
ඇත්තෙන්ම ඔහු එවැනි සරල චරිතයක් විය.”

යහපාලනය ගැන ව්‍යාජ අපේක්ෂා…

panhindaමේ වන විට මෛත‍්‍රී පාලනයෙන් යුක්තිය පතන්නෝ පේළි ගැසී සිටිති. ඔවුන්ගේ අපේක්ෂා ඉටුකරන බව තවමත් ආණ්ඩුව කියයි. ආණ්ඩුව කිව්වත් ඇත්තෙන්ම එය හඳුනාගැනීමේ අර්බුදයක් ඇත. වර්තමාන පාලනය වටහා ගත යුත්තේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව ලෙසද නැතිනම් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවක් ලෙසද?

මේ පවතින දින සීයේ පාලනය තාවකාලික එකක් බව ඇත්තකි. එය දින සීයම පවතීද නැත්නම් දින සීයට වඩා පවතීද යන්න කිව නොහැකි තරම් අවිනිශ්චිත ලකුණු පහළ වෙමින් තිබේ. දින සීයේ වැඩසටහන ගැන තවමත් අපේක්ෂා තබන බොහෝ දෙනා තමන් රවටා ගැනීමට විවිධ හේතු දක්වති. එසේම තමන්ම ගිල දමන ඒ හේතුවලට විවිධ අනුපාන දමමින් අනුන් රැුවටීම පිණිස ඒවා රසකර ගිල්ලවීමේ උත්සාහයක නිරත වෙති. තමන් පවා විශ්වාස නොකරන පාලනයක් සුජාතකරණය කරන්නට යමෙක් උත්සාහ කරනවා නම් ඒ වංචනික අරමුණකින් බව නිසැකය. එහෙත් තමන් ද වංචාවට ගොදුරු වී ඇති බව යමකු වටහා නොගන්නේ නම් ඒ ගැන අනුකම්පා කළ යුතුය. 1994 වසරේ බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සුජාතකරණය කරන්නට දායක වූ වමේ නායක පිරිසක් සිටියහ. ඉන් එක් අයකු ලෙස වාසුදේව නානායක්කාර වැනි අත්දැකීම් සහිත අයකුගෙන් සරල නිදසුනක් ගත හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් විවිධ පොරොන්දු දී බලයට පත් වූ පොදු පෙරමුණු ආණ්ඩුව යන දිසාව පැහැදිලිව පෙනි පෙනී ඒ ගමන රකින්නට වාසුදේවලා චන්ද්‍රිකාට සුදු හුනු ගෑවේය. ඉන් නොනැවතී රතුපාට ඇතුළු විවිධ තීන්ත වර්ග තමන් සිටින ආණ්ඩුවට ආලේප කළේය. වසර කිහිපයක ඇවෑමෙන් විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීම වැනි පොරොන්දුවල වංචා සහගත බව ඇස් පනා පිටම පෙනෙන්නට තිබිණි. වානේ සංස්ථාව සහ ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමේ දී ඊට එරෙහි වූ කම්කරුවන්ට පොලිසිය යොදවා හොඳටම ගුටි බැට දෙන ලදී. වෘත්තීය සමිති නායකයන් පැහැරගෙන යනු ලැබිණි.

ඔබලා වාමාංශික නම්, ප‍්‍රගතිශීලී පෙනුමක් හෝ ඡායාවක්වත් නැති චන්ද්‍රිකාගේ ආණ්ඩුව රකින්නේ ඇයි? ඉවත්වන්නට හිතෙන්නේ නැද්ද? යන ප‍්‍රශ්නය වාසුදේවලාගෙන් විමසන ලදී. වරක් ඒ ගැන විමසීමේ දී ලියුම්කරුට දුන් පිළිතුරක අදහස මෙසේය.

‘අපි මේ ආණ්ඩුවේ හිටියෙ නැත්නම් මේ ආණ්ඩුව දක්ෂිණාංශයට ගොදුරුවීමේ අනතුරක් තිබෙනවා. තවදුරටත් මේ ආණ්ඩුවේ හිඳිමින්ම ගැටලූ විසඳාගෙන ප‍්‍රගතිශීලී ජනයාගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නට කළ හැකි යම් බලපෑමක් කරන්නට අපි උත්සාහ කරනවා. අපි මේ ආණ්ඩුව දුර්වල කරන්න ඉඩ දෙන්නේ නෑ. එහෙම කළොත් දක්ෂිණාංශයට බලය හිමිවී යූඇන්පී ආණ්ඩුවකට බලය මාරුවෙන්න ඉඩ තිබෙනවා’

වාසු මෙම සරල උත්තරය දෙන්නට වැය කළ කාලය හා යොදාගත් වට වංගු සහිත වචන ප‍්‍රමාණය ගැන ලියුම්කරුට ඇත්තේ හොඳ මතකයකි.

ඇස් ඉදිරිපිටම ප‍්‍රගතිශීලි සළුපිළි ගලවා දමා තිබුණු පොදුජන එක්සත් පෙරමුණ වියයුතු පරිදිම අභාවයට ගියේය. එහෙත් එය නැවත තිරිහන් කිරීමේ කාර්යයට ජනතා විමුක්ති පෙරමුණ දායක විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහිකිරීමේ අවශ්‍යතාව මත වාමාංශික දේශපාලන අදහස්, සටන් පාඨ, න්‍යාය සියල්ල යෙදවූයේ පැරණි වම සභාග දේශපාලනයට ගොස් ජනතාව අතරමං කළ බව කී ජවිපෙ නායකයන් විසින්මය.

ඒ පන්ති සහයෝගීතා දේශපාලනයේ අත්දැකීම විසින් පවා පාඩමක් ඉගෙන නොගත් ජවිපෙ තවමත් සේවය කරන්නේ මෛත‍්‍රී පාලනය වෙනුවෙනි. මැතිවරණ ව්‍යාපාරයේ දී ‘රාජපක්ෂ පාලනය පරදවන්න එක්වෙමු, ඒත් මෛත‍්‍රීපාලට දෙන්න කියලා සහතික දෙන්න බෑ’ යනුවෙන් ඔවුන් කීවේ විකල්ප අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම නොකරමය. ජවිපෙ ජනතාවට එසේ කීවේ රාජපක්ෂ හෝ මෛත‍්‍රීපාල දෙදෙනා වෙනුවට වෙනත් අයකුට ඡුන්දය දෙන්න හෝ ඡුන්දය වර්ජනය කරන්නට කියා නොවේ. එහෙත් එයින් අනියමින් කීවේ රාජපක්ෂ වෙනුවට මෛත‍්‍රීපාලට ඡුන්දය දෙන්න කියාය. ජනාධිපතිවරණයෙන් පසුවත් ආණ්ඩුව පිළිබඳ විශ්වාසය ඇති කිරීමේ ව්‍යාපෘතියට ජවිපෙ සම්බන්ධ වී සිටී. ආණ්ඩුව විසින් එදාවේල වෙනුවෙන් විවිධ පක්ෂ හා පුද්ගලයන් ඒකරාශිකර හැදූ  ජාතික විධායක සභාවේ හිඳ කියන කරන දේ අනුව කිව හැක්කේ ද ජවිපෙ යහපාලන ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බවයි.

එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ එතැන පමණක් නොවේ. දේශපාලන පක්ෂ සිය බල අරමුණු වෙනුවෙන් ඉදිරියට ගෙන යන අරමුණු ඇත. නමුත් සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා විද්වතුන් පිරිසකුත් යහපාලන ආණ්ඩුව ගැන විශ්වාසයෙන් සිටියහ. ආණ්ඩුව පත්කිරීම වෙනුවෙන් මහත් මතවාදීමය බලපෑමක් කළ ඔවුහු දැන් නිහඬතාව තෝරාගෙන ඇත. ඇතැමුන් එදා වාසු කළ ආකාරයටම ආණ්ඩුවේ සියලූ ක‍්‍රියාමාර්ගවලට සහතික ලබා දෙමින් සිටී.  යහපාලනයේ ඇත්ත හෙළිදරව් කෙරෙන පනත් සම්මත කරමින් ආණ්ඩුවේ ඇමැතිවරු කියා සිටින්නේ මැතිවරණයේ දී කියූ ජනප‍්‍රිය කතාමය. දින සීයෙන් කරන්නට පොරොන්දු වූ සියල්ලම හෑල්ලූවට ලක් කරමින් තිබේ.

ඉටු කළ පොරොන්දු කිහිපයක් ගැන තලූ මරමින් ආතල් ගැනීමට වඩා අවංක මිනිසුන්ට කරන්නට යමක් ඇති බව ලියා තැබිය යුතුය.

පනින උන්ගේ කුණු වැමෑරීම

මහින්ද රාජපක්ෂ පාලනයේ අවසානයක් දකින්නට කැමැත්තෙන් සිටින ජනයා අතර බොහෝ බලාපොරොත්තු ඇති කරමින් මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් විය.

එහෙත් ආණ්ඩුව එහි දී දැක්වූයේ සිය සුපුරුදු ප‍්‍රතිචාරයයි. කුමන්ත‍්‍රණ කතා, දූෂණ ෆයිල් ගැන කියමින් ඩලස් අලහප්පරෙැම පටන් ගත් වමාරා කෑම මහින්ද රාජපක්ෂත් සෙසු ගෝලබාලයන් පිරිසත් පුනරුච්චාරණය කරති. ආණ්ඩුවෙන් එළියට යන අයගේ දොස් වමාරන රාජපක්ෂ ආණ්ඩුවට ඇතුලේ දී ඒ දොස් හෙළිකරවා ඔවුන් නිවැරැුදි කරන්නට උනන්දුවක් නැත.

ඒත් ජනාධිපතිකමට වඩා ලැජ්ජා නැතිකම ලොකුය. තවදුරටත් ෆයිල් ගැන සහ ඒවායේ ඇති චෝදනා ගැන ප‍්‍රසිද්ධියේ කියන්නට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටී.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන බෞද්ධ පුදබිමක් ලෙස සැලකෙන සෝමාවතියේ නව දාන ශාලාවක් විවෘත කරන්නට ගියේය. එහිදී ඔහු කීවේ සමහර දේ පන්සලකට ඇවිත් කියන්නට අකැමැති වුවත් තමන්ට කියන්නට යමක් තියෙන බවයි. කුරුප්පු හන්දියේ හාල් මෝල විකිණීම තනි පුද්ගලයකුගේ වුවමනාවට සිදු කළ බව කියමින් ඔහු ඒ ගැන ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. වී අලෙවි මණ්ඩලයට අයත්ව තිබී පසුගිය කාලයේ විකුණා දමන ලද ආණ්ඩුවේ වී මෝලක් සම්බන්ධව වගකීමෙන් ලිස්සා යන්නට ජනාධිපතිවරයා ගත් උත්සාහය ලජ්ජා සහගතය.

මහින්දගේ කටින් පැන්නේ මෛත‍්‍රිපාලගේ කුණුවලින් අංශුවක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් මහින්ද කටින් කෙළ බිඳක් නොහෙළා ගිලගෙන ඉන්නා ගෝලබාලයන්ගේ කුණු කප්පරක් ඇති බව නම් අපි දනිමු. තවමත් ආණ්ඩුවේ ඉන්න සිය ඇමැති මණ්ඩලයේ සියගණනක් ඇතුළු මන්ත‍්‍රීවරුන්ගේ කැරැුට්ටුව ඇස් කන් ඇරගෙන ඉන්නා ජනතාවට නම් රහසක් නොවේ. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයාගේ සිට ජනාධිපති දක්වා එකම වල්ලේ පොල් බව ජනතාව කියති. ඒ නිසා මෛත‍්‍රිපාල කෙනෙක් පැන්නාට පැන්නෙ නැති තවත් පාලලා සිටී. මෛත‍්‍රිපාල ආණ්ඩුවේ දිගටම හිටියා නම් කුරුප්පු හන්දියේ මෝල ගැන සමාව ඉල්ලීමක් නැත. එසේ නම් ආණ්ඩුවෙන් නොගිය පාලලාගෙ ෆයිල් මොනවාදැයි හිතා ගන්නට පුළුවන. මහින්දගේ ෆයිල් ගැන ද අදහසක් ඒ තුළින්ම සපයාගත හැකිය. තවමත් යහතින් ඉන්න මර්වින් වැනි අන්තේවාසිකයන් ද මහ දවල් අගනුවර දී වෙඩි උණ්ඩයෙන් නිහ`ඩ කෙරුණු එම්.කේ. රංජිත් වැනි ගෝලබාලයන් ද එවැනි ෆයිල් ගැන දන්නවා ඇත.

එළියට යන එකාගේ ෆයිල් විතරක් එළියට ඇදීමෙන් මහින්ද රාජපක්ෂ පාලනය නොකියා කියන්නේ මොකක්ද? ඇතුලේ ඉන්න හැමදෙනා ගැනම ෆයිල් මහින්ද ළඟ ඇත. (මහින්දගේ ෆයිල් ද ජනතාව අතර ඇත* ආණ්ඩුව තුළ ඉන්න තාක් ඒවායේ ඇති දේ මහින්ද පාවිච්චි කරන්නේ නැත. වෙන විදියකින් කියනවා නම්, මහින්ද රාජපක්ෂ පාලනයට කරගසා සිටින තාක් සහ දේශපාලන කිලිටි හෝදන තාක් කල් ඕනෑම හොරෙකුට මේ ආණ්ඩුවට හේත්තු වී ජොලියෙන් ඉන්නට හැකිය. එහෙත් මේ සෙල්ලම ගැන විවේචනයන් ද ආණ්ඩුවෙන්ම මතු වේ. පසුගියදා රෙජිනොල්ඞ් කුරේ පවසා තිබුණේ ඒ ගැනය.

‘ෆයිල් තියාගෙන ඉන්නවා නම් ඒකත් වැරදියි. ඒකෙන් පෙනෙන්නෙ අපේ ආණ්ඩුව හොරු, වංචාකාරයෝ තියාගෙන ඉන්නවා කියලා. ආණ්ඩුවෙන් එළියට ගියාම ෆයිල් තියනවා කිව්වම ආණ්ඩුවේ ඉන්න අයගෙත් ෆයිල් ගැන කියැවෙනවා.’

නමුත් ෆයිල් ගැන කතාව එතරම් සරල ද නැත. ලංකාවේ දේශපාලනයේ පිල්මාරු කළේ මහජන නියෝජිතයන් ලෙස වරම් ලදවුන්ය. මහජන ඡුන්දයෙන් පත් වීමෙන් පසුව ඡුන්දය දුන් උන්ට කොකා පෙන්වා අල්ලස්, දූෂණ හරහා පමණක් හත්මුතු පරම්පරාවට හම්බ කරති. ඒ නිසා මන්ත‍්‍රීකම් ලද දා සිටම උන් කරන්නේ පාවාදීමේ දේශපාලනයයි. ජනතාවගේ විශ්්වාසය පාවා දී හෘද සාක්ෂිය පාවා දී ඔවුහු සිය දේශපාලන ආයුෂ දිගු කර ගනිති. දේශපාලන ජීවිතයේ දසකය, අඩ සියවස ආදී වශයෙන් පම්පෝරි ගසන විට එහි තේරුම ජනතා විශ්වාසය පාවා දුන් කාලය එතරම්ම පැරණි බවයි. වරප‍්‍රසාද සියල්ල ලබා දේශපාලන සෙල්ලමේ යෙදෙන තාක් සියල්ලෝම ගජ මිතුරන්ය. සියලූ කෙළි කෙළීමෙන් හති වැටුණු පසු ඔවුහු පක්ෂය පාවා දී පාවාදීමේ විරුද්ධ කණ්ඩායමේ අල්ලසට යට වී දේශපාලනය ඉදිරියට ගෙන යති. ධනපති දේශපාලනයේ කතාවට එහෙම පැත්තක් තිබේ. වමේ මහජන නියෝජිතයන් ලෙස යනවුන් ද මේ පාවාදීමේ ගමනට එක්වන පසුබිමක ලංකාවේ පිල් මාරු කිරීමේ අතීතය දේශපාලන ඉතිහාසයේ මුල සිටම එන්නකි.

ආණ්ඩුවේ මැක්කන් පිරිසක් මෛත‍්‍රී පිල් මාරු කිරීම ගැන ප‍්‍රවෘත්ති සාකච්ඡුා තියමින් කීවේ මොකක්ද? මේ දක්වා හොඳට හිටි එකා දැන් වසවර්තියෙක් බවය. නමුත් එය අසන අප වටහා ගතයුත්තේ වසවර්ති දේශපාලනය පටන් ගත් තැන සිටම කොයි හොඳත් යටපත්වන බවයි. පාර්ලිමේන්තුව ඌරු කොටුවක් බව කියුවේ අද ඊයේ නොවන නිසා මේ ඌරු දේශපාලනයට තිත තබන තාක් කුණු කන්දල් අවුස්සමින් ජරාව කමින් සහ ජරාව වමාරමින් මේ ගඳගහන දේශපාලනය එසේම පවතිනු ඇත.

දැන් මහින්දගේ ෆයිල්වල ඇති මැති ඇමැතියන්ගේ ජරාව ගැන හෝ මැති ඇමැතියන් අතර කියැවෙන මහින්දගේ ජරාව ගැන කතා සිය දහස් ගණනක් තිබේ. ජනතාවට ඇති අභියෝගය නම් ඌරු කොටුවේ ඌරන් සහ ජරාව පිළිකුල් භාවනා කිරීම නොවේ. ඌරන් සහ ජරාව මුළුමනින්ම පිටුදකින වෙනත් කතාවක් පටන් ගතයුතුව තිබේ.

දැන් පෙන්වනවා – මහින්ද රටපුරා!

බලන බලන තැන මහින්දගේ පෝස්ටර්. නගරවල වීදිවල මහින්දගේ කටවුට්. අරලියගහ මන්දිරයේ හැමදාම පන්දාහක් ගෙනල්ලා බඩපුරා කන්න දෙනවා, කන් පුරා ‘පක්ෂපාතීත්වය වක්කරලා’ මොළ හෝදනවා. ඒ මදිවට පත්තර පිටු පුරා, ටි වී චැනල් පුරා මහින්දගෙ වරුණෙ.

මේ කියන්නෙ මොකක්ද? මහින්ද ඡුන්ද ප‍්‍රචාරයට බැහැලා. මහින්දගෙ සට්ටඹියන්, වන්දිභට්ටයන් සේරම මේ ඒකාබද්ධ මෙහෙයුම කරන්නෙ තුන්වෙනි පාරටත් මහින්දව ජනාධිපති කරවන්නනෙ. ඉතින් මෙච්චර කලබලයක්. මෙච්චර ප‍්‍රචාරයක්. මෙච්චර කලින්? අඩුගානෙ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන්න මාසෙකට කලින් ඉඳලනෙ මේවා කෙරෙන්නෙ. ඇයි මේ කලබලය? සමහරු කියන්නෙ මහින්දට සොහොන් ලකුණු පෙනිල නිසා මේවා කරනවා කියලා. 2010 ජනාධිපතිවරණෙදිත් දිනනවා කියන සහතිකේ නැති තත්වයක් තිබුණා. ෆොන්සේකා වටේ සෙට් වුණ කට්ටිය නිසාත් ෆොන්සේකා යුද හමුදාපති හැටියට ලබාගෙන තිබුණ කීර්තිය නිසාත් එයාට ගොඩක් ඡුන්ද ලැබෙන බව මහින්ද දැනගෙන හිටියා. ඉතින් එයා කලබල වුණා. බය වුණා.

ඒත් අවුරුදු හතරකටත් ගෙවුණා. දැන් ආපහු මහින්ද ජනාධිපතිවරණයකට යන්න ඉඳිද්දි, දැන් මොකද වෙන්නෙ? එන පොට හොඳ නැති බව මහින්දට හිතිලද? මහින්දගේ අන්තේවාසිකයන් එක්ක දැන්ම මැතිවරණ ප‍්‍රචාරයට බැහැලා තියෙන්නෙ ඒ නිසා කියන එක පැහැදිලියි. ඉතින් ප‍්‍රචාරය ‘වන් හෝස් රේස්’ ගානටම නැගලා. ආපහු පරණ විහිලූව පුනරුච්චාරණය වෙනවා.

”මේක අපි කැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි. මහින්ද තමයි ජනාධිපතිවරණය ඉක්මන් කළේ. ඉතින් ඒක නිසා දේශපාලන ක‍්‍රියාදාමයක් පටන් ගත්තා. ඒ ක‍්‍රියාදාමය තුළ අපට තීරණ ගන්න වුණා.”

මහින්ද රාජපක්ෂ වෙතින් ඉවත්වන බොහෝ දෙනාගෙ අදහස්වල අවසන් අදහස එයයි. ඒ අනුව ඔවුන් නොකියා කියන්නේ මෙවැන්නකි. ‘සමහර විට ජනාධිපතිවරණය නියමිත කාලයට පවත්වන්න පුළුවන් වුණා නම් මේ තරම් ඉක්මනට තත්වයන් වෙනස් නොවෙන්න තිබුණා.’ නමුත් ඔවුන් විසින් සඟවන එසේත් නැත්නම් නොසලකා හරින කරුණක් ඇත. එනම්, මහින්දගේ ඉක්මන්වීමට සාධාරණ හේතු ඇති බවයි. ඔහුට ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන්නේ තම පාලනයේ ජනප‍්‍රියතාවය ඉක්මනින් බහින කලාවට යන නිසාය. ඔහු ඒ බව වටහා ගන්නේද පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලවල චලනයන් තුළිනි. ඒ පළාත් සභා මැතිවරණ පවා බොහෝ විට කැඳවනු ලැබුවේ සිය බල ක‍්‍රීඩාවට අවශය ලෙස මිස නියමිත කාලයටම නොවේ. ඒ අනුව, නම් මේ මැතිවරණ ක‍්‍රීඩාවේ සෙල්ලම මහින්ද විසින්ම කරන බව කිවහොත් එය ඇත්තකි. ඒ මැතිවරණ සෙල්ලමෙන් මහින්දට බහින කලාවම ඇතිවන බව ද ඇත්තකි.

තවදුරටත් මේ බහින කලාව මහින්දගේම ඉක්මන්වීමේ ප‍්‍රතිඵලයක් බව කීම තරමක වැරදි වටහා ගැනීමකි. මන්ද, මහින්දට සියල්ල තනියම කරන්න පුළුවන් නම්, සන්ධාන ආණ්ඩුවක්, ඇමැති මණ්ඩලයක් හෝ උපදේශකයන් මොකටද? අනික මහින්ද කියන්නෙත් එයාගෙ පාලනය කියන්නෙත් ආණ්ඩුව කියන්නෙත් මේ රටේ සේරම පාලනය කරනවා කියල හිතාගෙන ඉන්න, ඒත් සිදුවන ක‍්‍රියාදාමයක කොටස්කාරයන් විතරයි.

උදාහරණයකට මෙහෙම ගත්තොත් මිරියබැද්දෙදි වෙච්ච විනාශය වළක්වන්න තිබුණා කියන්න පුළුවන්ද? සමහරු කියනවා ‘ඒ විනාශය වළක්වාගන්න තිබුණා’ කියලා. ඒ කියන්නෙ නාය යාම නවත්වන එක නෙවෙයි, මිනිස් ජිවිත රැුකගන්න තිබුණා කියන එකයි. ඒකට ඇත්ත පාලකයකු හැටියට වේලාසනින් ලැබුණු විද්‍යාත්මක අනාවැකිවල අනතුරු ඇඟවීම්වල ආකාරයට ජනයා වෙනත් ප‍්‍රදේශවල පදිංචි කරවන්න මහින්දලාගේ පාලනයට කාලය තිබුණා. ඒ නිසා වළක්වන්න බැරිවීම නොහැකියාවෙම ප‍්‍රතිඵලයක්. නාය යාම වගේ ස්වභාවික සංසිද්ධි වලක්වන්න බැරි වුණාට එහි අවාසිදායක කොන්දේසි වෙනස් කරගන්න තිබුණා.

නමුත් මේ දැන් වෙන්නෙ දේශපාලන නාය යාමක්නෙ. ඒක වළක්වන්න තිබුණද? ඒක ගැන ටිකක් සංකීර්ණ උත්තරයක් තියෙන්නෙ. ඒ ගැන කතා කරන්න නම් මහින්දම තියපු මැතිවරණවලින් කියැවෙන අනාවැකි ගැන හොයලා බලන්න වෙනවා. ඒක වෙනම කරන්න තියලා මේ තරම් කලබලෙන් දේශපාලන තීරණ ගන්න මහින්දට සිදුවන එක ගැන මහින්දගෙන්ම කියවා ගන්න හැකියාව තියෙනවා.

සමහර මිනිස්සු ගන්න සමහර තීරණ ගැන පස්සෙ කියන්නෙ මෙහෙම. ‘ෂහ්’ මට මෙහෙම කරන්න තිබුණා. එහෙම කළා නම්, මේක වෙන්නෙ නෑනෙ’ නැත්නම්, ‘මම ඒ වෙලාවෙ හදිසි වුණා වගේ දෙයක් ඒත් මහින්දට වෙලා තියෙන්නෙ ඒකමද කියන්න අපි දන්නෙ නෑ. කොහොම වුණත් ලොකු කලබලයක් ඇති වෙන්න නම් මොකක් හරි බයක් ඇති වෙන්න ඕන. මහින්ද නිතරම හොයා බලන්නෙ බුද්ධි අංශ වාර්තාවලින් කියැවෙන දේවල් ද දන්නෙ නෑ. ඒවා හොඳ නැති බව දැනගත්තොත් පාලකයන්ට බය හිතෙනවා. බය ඇති වුණාම ලැජ්ජාවක් නැති වෙනවා. ලැජ්ජාවක් බයක් නැති මිනිහට කරන්න බැරි මොනවද?

බලය ගැන කෑදර නිසාම බලය අත්හරින්න වෙන එක හිතා ගන්න බැරි දෙයක්. කොහොමටත් තමන් හිතුමතේට පාලන කටයුතු ගෙන ගිය අත්තනෝමතික පාලකයන්ට ඉතිහාසයේ අන්තිමට වැරදුණේ බලය අත්හරින්න අකැමැති වීම නිසයි. ‘වේදිකාවෙන් බහින්න’ කියන්න වෙන්නෙම බහින්න කැමැති නැති නළුවන්ටයි.

‘ගෙදර යන්න වෙලාව හරි’ කියන්න වෙන්නෙ ගෙදර යන්න සිහියක් නැති බේබද්දන්ටයි. බලයෙන් මත් වුණාමත් ඒ හා සමාන අකැමැත්තක් ඇති වෙනවා. ඒ නිසා ලැජ්ජාව, බය නැති, බලයෙන් මත් වුණු පාලකයකු ලෙස මහින්දත් ඉතිහාසයෙන් බැහැල යන්න නියමිතයි. ප‍්‍රශ්නෙ තියෙන්නෙ ඒ ලැජ්ජා බිය නැති සිහියක් නැති පාලකයා වෙනුවෙන් ඊළඟට එන කෙනා වෙනස්ද කියන එකයි.

ආපහු කතාව පරන පාරකම යනවා නම් ඉතින් මොන ලැජ්ජා නැති එකා ආවත් මොකා ගියත් වැඩක් නෑ.

මොකද එක අවලමෙක් වෙනුවට තව කෝලමෙක් ගෙන්නගන්න අපටත් ලැජ්ජා නැද්ද?

ඒක ගැන හිතන්න වෙනවා. හොඳටම හිතන්න වෙන්නෙ හැමදාම මේ ජාතියෙ පාලකයන් පත් කරගන්න කතිරෙ ගහන අපිම තමයි.

සංවේගයෙන් දැනුම් දීමයි (මල් වඩම් අනවශ්‍යයි)

නිකලස්ප‍්‍රවීණ ගීත රචකයකු – සිනමා තිරනාටක රචකයකු හා සිනමා ලේඛකයකු වූ කේ.ඞී. නිකලස් කලාකරුවා පසුගිය 29 වැනිදා බොරැුල්ල කනත්තෙන් අවසන් ගමන් ගියේය. කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු මිය යනවිට 70 වැනි වියේ පසුවිය.

ඒ මරණය ගැන බොහෝ දෙනා බොහෝ දේ කියන කාලයක ඔහුගේ මරණය ගැන කතා කරනවාට වඩා ජීවිතය ගැන කතා කිරීම අවශ්‍ය යයි අපි සිතමු.
‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ ආදී ජනප‍්‍රිය ගීත සහ චිත‍්‍රපට ගීත රැුසක් ඔහු විසින් රචනා කොට ඇත. කේ.ඞී. නිකලස් අතින් රචනා වූ චිත‍්‍රපට තිර නාටක සංඛ්‍යාව 40කට අධිකය. බිතුසිතුවම්, ආයාචනා, සඳමාලි, නුවන් රේණු, මධුවන්ති, සඳකඩපහන, ඇසළ සඳ, අරලියා මල්, ගුඞ් බායි ටෝකියෝ, චන්නයි කෙල්ලො දෙන්නයි, වැඩ බැරි ටාසන් 1 ඉන් කිහිපයකි. ‘සුරඟන යහන’ සිනමාපටයට ඔහු ලියූ ‘බඳවා උඩු වියන් බඳවා’ ගීතයට හොඳම ගී රචනයට හිමි ජනාධිපති සම්මානය ද හිමි විය. සරසවිය සිනමා උළෙලේ ‘බිතු සිතුවම්‘ චිත‍්‍රපටය සඳහා හොඳම තිර නාටක රචකයාට හිමි සම්මානය දිනා ගත්තේ කේ. ඞී. නිකලස්ය. තිරගත වූ ඇතැම් ජනප‍්‍රිය චිත‍්‍රපට රැුසකම නිල නොලත් තිර නාටක රචකයා වූයේ ද නිකලස්ය.

කෙසේ වෙතත් ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු’ ගීතය පිළිබඳ අවලාද නඟන සිදුවීම් කිහිපයක් නිසා මෙම කලාකරුවාගේ කලා භාවිතය පවතින වත්මන් ජාතිකවාදී පාලක පෙළැන්තිය අතින් ගර්හාවට ලක් විය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ද මෙම ගීතය ගැන කතා කරන්නට ගොස් කලාව ගැන සිය අවබෝධයත් මහින්ද චින්තනය යටතේ භාවිතයට ගැනෙන විචාරක මිනුම් ද`ඩුත් හෙළිදරව් කරන ලදී. මේ 2011 මැයි 03 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති 162 වැනි වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් පළ කළ අදහසයි.

”රටක්‌ විනාශ කරන්න තියෙන හොඳම මඟ තමයි කුඩා දරුවන්ගේ හිතට, හදවතට, උපන් රටට හිනාවෙන අදහස්‌ කාවැද්දීම. මෑත කාලයේ ලියවුන ඇතැම් ගීතවල මම අහලා තියෙනවා ”‍ඒ රටේ මිනිස්‌සු තනිකර කෙලින්නෙ පිස්සු”‍ කියලා. මේ රට ලෝකයේ නරකම රටක්‌ හැටියට කියලා හිනා වෙනවා. නමුත් අතීතයේ ලියැවුණු ගීතවල තිබුණේ ”‍ලෝකෙන් උතුම් රට ලංකාවයි”‍ කියලා. මේවායින්, රට නිදහස්‌ කරගන්න සටනට ලොකු සේවයක්‌ වුණා, ඒ වගේම රටට හිනාවෙන ගීතවලින් රට දෙකඩ කරන්න සටන්කරන අයටත් ලොකු වාසියක්‌ වුණ බව මතක තියාගන්න  ඕනෑ.”
රාජපක්ෂ පවුලේ ගෝලයන් ද මේ ගීතය නිසා කෝපයට පත් වූ අවස්ථා වාර්තා විය. ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සම්බන්ධ සාදයක දී සුනිල් පෙරේරා මෙම ගීතය ගායනා කරන්නට සූදානම් වන විට වී.කේ. ඉන්දික නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ගෝරනාඩුවක් කරමින් යකා නැටුවේය. ‘රාජපක්ෂ පවුල ගැන කියැවෙන’ මෙවැනි ගීත තමන් ඉදිරියේ දී ගායනය කරන්නට ඉඩ දිය නොහැකි බව ඔහු පවසා තිබිණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් කේ.ඞී. නිකලස්ගේ මෘත දේහයට අවසන් ගෞරවය පිණිස මල්වඩමක් ද එවා තිබිණි. ඔහු රෝගාතුරව සිටිය දී ලක්ෂ ගණනක් රෝහල් ගාස්තු ගෙවා ගන්නට නොහැකිව සිටි බව ජනාධිපතිවරයා දැන සිටියේ නැත. ඒ නිසා ජනාධිපති අරමුදලේ සතයක්වත් ඒ සඳහා ලැබුණේ නැත. එහෙත් ජනාධිපතිවරණයක් ආසන්න නිසා හෝ කලාකරුවකුගේ මරණය අවස්ථාවේ ‘ජනාධිපති මහින්ද රාජපක්ෂ’ගේ නමින් මල්වඩමක් ප‍්‍රදර්ශනය කරන්නට කටයුතු කර ඇත.

කලාකරුවන් මිය යන විට මල්වඩම් අවශ්‍ය නැත. ඔවුන් සිය ජීවිත කාලය පුරා පුබුදවන කලාවට ධෛර්යයක් දෙන්නට හැකි නම්, මල් හතයි කියන්නට අපට පුළුවන. කලාකරුවකුගේ නිර්මාණාත්මක අදහසක් ගරහාවට ලක් කළ පසුව මල්වඩම් කුමටද? පාලකයන්ට ස්වාධීනව කටයුතු කරන කලාකරුවන් පෙනෙන්නේ හතුරන් විදියටය. කොහොමටත් ඒ පාලකයන්ගේ හැටියකි. හැබැයි කලාකරුවන් ද සිය ඉරණමට වගකිව යුතුව ඇත. රාජපක්ෂ පවුලේත් ආණ්ඩුවේ සෙසු ලොක්කන්ගේත් පිට කහන සහ ඇට මිරිකන කලාකරුවන් යෙහෙන් වැජඹෙති. මහා කලාකරුවන් අරලියගහ මන්දිරයේ කිලිටි සේදීමට ගිය පසුව සෙසු කලාකරුවන් ගැන ද ඔවුන් හිතන්නේ ඒ මිම්මෙනි.

 

පද රචනය : කේ.ඞී. නිකලස් – ගායනය : දීපාල් සිල්වා

ඔළුව තදින් නරක් චෙච්ච – මිනිසුන් පිරිසක් රැඳිච්ච

අරුම පුදුම රටක් තියෙනව ඕයි…

මහ මුහුදින් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය වෙච්ච

ඒකට මරු නමක් කියනව ඕයි…

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

එකෙක් නඟිනකොට ඉහළට – ඇහේ කටු ඇනෙයි අනෙකට

අදියි බිමට හෙලයි පහළට ඕයි…

නිස්සො සුදුස්සෝ යටකොට – පුස්සො වැඩදෙනව යමරෙට

සෙතක් වේද එහෙම රටකට ඕයි…

බඩට නැති වුණත් ලූණුකැඳ – ඇඟට ඕනෙමයි විල්ලූද

ඒකයි හෙනම සන්තෝසෙ ඕයි…

නැති බැරි අගහිඟකම් මැද – බිය සැක ලෙඩ දුක් විඳ විඳ

පෙන්නයි ලෝකෙට පරකාසෙ ඕයි….

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

රටවටකර සාගරයයි – එහි සම්පත් ආකරයයි

පිටින් මාළු රටට ගේනව ඕයි…

රටවට තනි වෙල් යායයි – බැලූවම හරි සිරියාවයි

නැවෙන් ගෙනත් හාල් බානව ඕයි…

දකින දකින මිනිහ අතේ බැඳල ඔරලෝසු ඇතේ

ටයිම් එකට කිසිම වැඩක් නෑ ඕයි…

උන් 7 කියන්නෙ 8ට පුතේ – 8 කිව්වොත් 9 වෙතේ

කැත පුරුදු අතඅරින්නෙ නෑ ඕයි…

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සූ///

ඒ රටේ මිනිස්සූ තනිකර කෙලින්නෙ පිස්සු ඕයි…

 

Mahinda-Flower-wreath

ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ ———————————————————–

ෆේස්බුක්…..

wariyapolaවාරියපොළ තිළිණි ඉමල්කා විසින් චන්ද්‍රකුමාරට කම්මුල් පහරදීම පොදු සමාජයේ එතරම් කතාබහට ලක් නොවුණත් තරුණ සමාජය තුළ මහත් අවධානයට ලක් වුණා.

විශේෂයෙන් ෆේස්බුක් අඩවියේ සැරිසරන කොල්ලන් කෙල්ලන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් අතර මේ ගැන විවිධ සංවාද සිදු වුණා. ඊට ආරම්භයක් ලැබුණේ මේ සිදුවීම රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ කිසිවකු විසින් එය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුවයි. ඒ විඩියෝ දර්ශන මිනිත්තුවකුත් තත්පර 19ක් දර්ශනය වෙනවා. එහි දී චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා බොහෝ බයාදු ලෙස බලා සිටිද්දී තිළිණි විසින් කිහිප වරක්ම ඔහුට අත දිගහැර කම්මුල් පහර දෙනවා. වාරියපොළ බස් නැවතුමේ සිදු වූ මේ සිද්ධිය නරඹන අය වික්ෂිප්ත වූ සේම අන්තර්ජාලයෙන් එය නරඹන අයත් මුල දී වික්ෂිප්ත වෙන්නේ මෙවැනි දෙයක් ලංකාවේ සිදු විය හැකිද යන සැකය නිසයි. තමන්ට ලිංගික හිරිහැරයක් සිදු කළ පුද්ගලයකුට පහර දෙන කාන්තාවන් අඩු ප‍්‍රමාණයක් හරි ලංකාවෙ ඉන්න බව ඇත්ත. ඒත් එවැනි අය මේ තරමින් නිදහසේ චූදිතයාට චෝදනා කරමින් නැවත නැවත පහර දෙන්නේ නෑ. ඒ විශේෂත්වය නිසා කුපිත වූ සමහරු මේ තරුණිය දේශපාලකයකුගේ දියණියකගේ සිට ‘බඩුවක්’ යන පරාසය දක්වා නාමකරණය කර තිබුණා.

සිදුවීමේ පසුබිම ගැන අවම තොරතුරු ප‍්‍රමාණයකින් එවැනි ඉක්මන් නිගමනවලට පැමිණීමට අපහසුයි. මෙවැනි අපූරු සිදුවීමක් ගැන නිගමනයක් කරන්න මිනිත්තුවකුත් තත්පර දහනවයක දර්ශනයක් ප‍්‍රමාණවත් නෑ. ජීවිතය ගැන සහ මිනිස් සමාජය ගැන යම් අවබෝධයක් ඇති කෙනෙකුට ඒ බව තේරුම් ගන්න පුළුවන්.

ඒත් ෆේස්බුක් අඩවියේ සැරිසරන බොහෝ දෙනා මේ සිදුවීම ඒ කෙටි කාලයේ දී නරඹා විවිධ සාහසික නිගමනවලට පැමිණ ක්ෂණික අදහස් මෝචනය කර තිබුණා. ලෝකය ගැන සහ මිනිස් ජීවිතය ගැන දැනගන්න එක සමාජාවබෝධය එහෙමත් නැත්නම් ජීවිතාවබෝධය කියන වචනවලින් විස්තර කරනු ලබනවා. ඒ වුණත් දැන් අන්තර්ජාලයේ සැරිසරන, අන්තර්ජාලයේ නිදන – නිදිවරන එයින්ම අවදි වී එහි ම දත්මැද කා, බී, දවස ගෙවා දමන, අවසානයේ ෆේස්බුක් අඩවියේ රස්තියාදු ගසමින් සිටින පරම්පරාවක් ඉන්නවා. ඔවුන් නිවසේ කාමරයේ මෙන්ම මහපාරේ, බස් රියේ, දුම්රියේ පන්ති කාමරවල හෝ කාර්යාලවල දකින්නට ලැබෙනවා. කන් දෙකේ ඉයර්ෆෝන් ඇබ ගසාගෙන මනස් ලෝකවල ජීවත් වන වර්තමාන පරම්පරාවෙ බහුතරයකට වටපිටාවේ සිදු වන දේවල් ගැන කිසිදු අවබෝධයක් නෑ. ඒ ගැන දැනගන්න උවමනාවකුත් නෑ.

සජීවී මිනිස් සම්බන්ධතා වෙනුවට අපේ කොල්ලන් කෙල්ලන් වැඩිදෙනා දන්නේ විකෘති සහගත අර්ධ-මානව

අර්ධ තිරිසන් සබඳතා පමණයි. මුදල් හා වෙනත් උපයෝගිතා අරමුණු මත ජීවිතය පෙළගස්වන ඔවුන්ට තරුණයකු හා තරුණියක අතර ඇති වන සිදුවීමක් හුදු සරල පැතලි කෝණයකින් අරුත් ගන්වන්න පුළුවන්. ඒත් ඒක ඇත්තම කතාවත් නෙවෙයි. ෆේස්බුක් අඩවිය මිනිස් සමාජය වෙනත් තලයකින් සම්බන්ධතා පවත්වන තැනකට ගෙනැවිත් තිබෙන බවට සමහරු තර්ක කරනවා. දේශපාලන අදහස්, මතිමතාන්තර පළල් සංවාදයකට ගන්න එහි දී යම් වාසියක් වෙන බව ඇත්ත. ඒත් ෆේස්බුක් වේවා, ට්වීටර්, බ්ලොග්, ස්කයිප්, යූ ටියුබ් ආදී සියල්ල අපි භාර ගන්නේ අප ජීවත් වන සමාජ ආර්ථික නරාවළ තුළයි.

අන්තර්ජාලය නිර්මාණය වෙන්නෙ 21 වැනි සියවසේ මිනිස් තාක්ෂණ ජයග‍්‍රහණ නිසා. ඒත් ඒ ජයග‍්‍රහණ ආයෝජනය වෙන්නෙ 16-17 වැනි සියවස්වල සිට තවමත් අතහරින්න අසමත් වුණු පසුගාමීත්වය රජ කරන සමාජයකයි. පොදු මිනිස් සමාජය තුළ විවිධ පටු බෙදීම් තිබුණට අන්තර්ජාලය, ස්කයිප්, ෆේස්බුක් වගේ යෙදවුම් හරහා ඒ පටු බෙදීම් බොඳ කරන්න පුළුවන්. ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධව වගේම ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව තාක්ෂණික ජයග‍්‍රහණ යොදන්න පුළුවන්.

ඒත් ජාතිවාදය ආගම්වාදය වැනි පසුගාමී අගතීන් අධිපතිවාදී සංකල්ප තුළ සැඟවිලා පවතිනවා. පවතින ධනේශ්වර සමාජ ආකල්පවල ජාතිකවාදය, ආගමික භක්තිය විතරක් නෙවෙයි,  ආදරය, කරුණාව, අසරණයන්ට සැලකීම, අම්මා, තාත්තා දරුවන්, බිරිය යන සියල්ල අලෙවි කරනු ලබනවා. ඒ අලෙවියෙන් ලාභ ලබන්නෙ දේශපාලකයන් සහ වෙළෙන්දන් තමයි. නමුත් ආගම්වාදය හා ජාතිවාදය වගේ සංකල්පවලට එරෙහිව සටන්කාමී අදහස් දක්වන පරම්පරාවක් ඉන්නවා. ෆේස්බුක් අඩවියේ සටන් පැනනඟිනවා. ජාතිකවාදය හා ජාතිවාදය විසින් ක‍්‍රියාකාරීව ගෙනයන මතවාදී හා භෞතික ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රසිද්ධියේ විවෙචනය කරන්නෙ ෆේස්බුක් හෝ එවැනි සීමිත ස්ථානයක පමණයි. ජාතිවාදය හා ආගම්වාදය පරාජය කිරීමේ ඇත්ත දේශපාලනය තිබෙන්නෙ මහපාරේ. ආගමික හා ජාතික බෙදුම් රේඛා නඩත්තු කරන ව්‍යාපාර රැුකෙන්නෙත් පන්සල් පල්ලි ආශ‍්‍රිතවයි. ඒ අන්තවාදයන් වෙනුවට  මිනිස්කම් එකතු කරන සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා.  නමුත් ෆේස්බුක් අදහස් හා සටන් ජවනිකාවල දි මරාගෙන මැරෙන්න යන තරුණ තරුණියන් ප‍්‍රායෝගිකව ජාතිවාදයට හෝ ආගම්වාදයට හෝ ස්ත‍්‍රියට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ක‍්‍රියාකාරී කාර්යභාරයකට එකතු වෙන්නෙ නෑ.

ඒ නිසා වාරියපොළ තිළිණි-සෙල්වා සිදුවීම ගැන හෝ බොදු බල සේනා ප‍්‍රචණ්ඩත්වය ගැන විවෘතව ප‍්‍රගතිශීලී අදහස් දක්වන බොහෝ දෙනා තමන්ගෙ ජීවිතවල සීමාවන්ගෙන් ඔබ්බට යන්නෙ කලාතුරකින්. ඒ හැමෝම ජාතිවාදයට එරෙහිව, කාන්තාවන්ට එරෙහි සංකල්පවලට එරෙහිව මහපාරේ යුද වදින්නෙ නෑ. ඒ වෙනුවට තම තමන්ගෙ සුවපහසු ලෝකවල න්‍යායික ගල්ගුහාවල හුදෙකලා වෙන්න ඒ අයට පුළුවන්. ඒක ජාතිවාදයට එරෙහිව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂව වැඩ කරන එකට වඩා සුවදායකයි. රාජ්‍ය මතවාදයට හෝ රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැරයන්ට විරුද්ධ වන සටන්කරුවන් මුහුණ දෙන අභියෝගයත් එයයි.

සටනකට පෙර ගිලන් වූ සටන් සගයෙකුට….

for a new-lifeලක්මාල් සහෝදරයා හදිසියේ අසනීප වූ බව දැනගත්තත් බලන්න යන්න වෙලාවක් ලැබුණෙ දවස් කීපයකට පස්සෙ. ජයවර්ධනපුර රෝහලේ 8 වැනි වාට්ටුවේ සිටිද්දී ලැබුණු ප‍්‍රතිකාර වගේම පියාගේ මවගේ සහ සටන් සගයන්ගේ ආදරය රැුකවරණය නිසාත් ඔහු සුවපත් වෙමින් සිටියා. ඒත් දැඩි ලෙස රෝගාතුර වීමෙන් පීඩාව දරාගෙන සිටි ලකීගෙ මුහුණේ ගිලී ගිය ඇස්වල තිබුණු දුර්මුඛ බැල්ම දරාගන්න බැරි තරම්.

ලකී කලාතුරකින් හමුවන උනන්දුවෙක්. නිතරම ක‍්‍රියාශීලීත්වයකින් හා දේශපාලන අවධානයකින් සිටි ඔහු සමාජවාදී කලා සංගමයේ වගකීම් දරමින් සමාජ අරගලයේ කොටස්කරුවෙක් බවට පත් වුණා. ජවිපෙන් වෙන්ව ජන අරගලයක සහෝදරාත්මක දුක්පීඩා විඳදරාගන්නට කැමති වූ පිරිස අතර ඔහුත් සිටියා. අන් හැම සගයෙක් වගේම වමේ දේශපාලනයේ සැබෑ පියසටහන් සොයා යාමේ දී ලකී දැක්වූයේ උන්නතිකාමයක්. එහි දී වුව ද සම්මුතිකාමයෙන් තොර විවේචනාත්මක බවකින් ඔහු වැඩ කළා. නිසැකවම ඔහු තවදුරටත් නව සමාජයක් වෙනුවෙන් සටන් වදින්නට බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්. සටන් ආරම්භ කිරීමේ කාලය දිගේලි කළ හේතු නිසාම දුර්මුඛව ගිය සියයක් සගයන් අතර ඉදිරියෙන් සිටි කෙනෙක්. එහෙත් ඒ හේතුව ඇතුළු වෙනත් යම් හේතු නිසා ඔහුට සිය සගයන් එක්ක හැම තැනදිම එකඟ විය හැකි වුණේ නෑ.

වෙනස් වෙනස් ජීවිත අත්දැකීම් ගවේෂණය කරන්න ඔහු ඇතුළු සගයන්ට උවමනා වුණා. ඒ පාරෙ යන ගමන් ඔහු රෝගාතුර වුණේ ශාරීරික දුබලතා ගැන නොසැලකීමේ ප‍්‍රතිඵලයක් විදියටයි. අසනීප තත්වයට හේතුව අග්න්‍යාශයේ ආබාධයක් වුවත් ලොල් වූ දේ ගැන පාලනයක් නොතිබුණ නිසා ආබාධය උත්සන්න වූ බවට ලකී පවා පිළිගන්නවා. තමන්ගේ දේශපාලන විචාරක්ෂිය තුළ සිදු කරන පසුවිපරමකින් තොර වීමත් නොසැලකිලිමත් ජීවන පුරුදුත් එයට හේතු වූ බව සිතිය හැකියි. දැන් ඔහු රෝහල් ඇඳේ හිඳිමින් මෑත අතීතය ආවර්ජනය කරනවා. ජීවිතය ගැන නැවත හිතා බලන්න කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් දැන් ලක්මාල් සහෝදරයට ලැබිලා තියෙනවා. රෝගී අවස්ථාවක විවේකයෙන් ජීවිතය ගැන හිතන්න ලැබුණු පළමු වැන්නා ලකී නෙවෙයි. ජීවිතය නිසලව එක දිගට ගලා යන විට හෝ වේගයෙන් දිව යන වකවානුවක ඒ ගැන හිතන්න පෙලඹෙන අවස්ථා අඩුයි.

ජීවිතය ගැන නැවත හිතා බලන්න මිනිස්සු පෙලඹුණු අවස්ථා නිසා ලෝකයේ අත්දැකීම් සුවිශේෂී කඩඉම් බවට පත් වුණු වෙනත් අවස්ථා ගැන ගිලන් ඇඳේ ඉන්න ලකීත් මෙය කියවන ඔබත් දන්නවා. ඬේවිඞ් ලීන් අධ්‍යක්ෂණය කළ ස්පාටකස් පුරාවෘත්තයෙන් උදාහරණයක් ගන්නම්. වහලූන්ට විරුද්ධව සටනක් කරන්න ස්පාටකස්ට ධෛර්යය දුන්නෙ ගලැඩියේටර්වරුන් ලෙස ඇරීනාවෙ සටන් කරද්දි ‘ඩ‍්‍රාබා’ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ලබා දුන් සහෝදරත්වයේ පාඩම නොවේද? ඒ ශ්‍රේෂ්ඨ ඉතියෝපියානුවා විසින් සිය ආත්මලාභය තකා පරාජිත සගයා වූ ස්පාටකස් ඝාතනය කළේ නෑ. ඒ වෙනුවට පාලකයන් දෙසට ප‍්‍රහාරයක් එල්ල කළ නිසා රැකවලූන් විසින් මරාදැමුවා. ස්පාටකස් එසේ මරාදැමුණා නම් ජීවිතය ගැන නැවත සිතීමට අවස්ථාවක් ඔහුට හිමි වන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් 1971දීත් 1987-89 පැනනැගුනු අරගලවල දී ලාංකේය සටන්කාමීන්ට හිමි වූ පරාජයන් ජීවිතය ගැන නැවත සිතා බලන්නට අවස්ථාවන් උදා කළා. විප්ලවවාදීන්ගෙන් හා ඇතැම්විට අරගලයට කොහෙත්ම සම්බන්ධ නොවුණු තරුණ තරුණියන්ගෙන් පිරවුණු සිරගෙවල් වමේ දේශපාලනය ගැන බොහෝ පාඩම් උගන්වන විශ්වවිiාල බවට පත් වුණා. ඉන් අනතුරුව ඒ උගත් පාඩම් ප‍්‍රායෝගිකත්වයට නැංවීමේ තත්වයන් ගැන විවාදයක් තිබිය හැකි වුවත් නැවත සිතා බැලීමේ අවස්ථාව ජීවිතයට මෙන්ම දේශපාලනයට ද අත්‍යවශ්‍ය අංගයක්.

සිරගත වූයේ නැතත් දේශපාලනය කරනවුන්ටත් එසේ නොවන අයටත් ජීවිතයේ කඩඉම් අවස්ථා උදාවෙනවා. ඒ නිසා තැබූ පියවර ගැන ස්වයං විවේචනයක් කරගන්න ඒ හැම කඩඉමක්ම අවස්ථාවක් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සටන් සගයන් සිරගතව සිටිය දී තමන් යෙදී සිටි අරගල ගැනත් එහි උපාය උපක‍්‍රම ගැනත් නැවත සලකා බැලූණු බව පැරණි ජවිපෙ සගයන් නිතර කියනවා. ඒ අයට අලූතෙන් හිතන්න බල කරපු අත්දැකීම් වගේම නැවත නැවත කියවමින් නව ජීවිතයක් ඉදිරියට ගෙන යන්න වමේ ව්‍යාපාරයේ සමස්ත කතාවම උපකාරී වෙනවා.

පවතින සමාජ ආර්ථික ක‍්‍රමයේ නරුමත්වය පිළිගන්නා අපට එහි ගොදුරු බවට පත් නොවී ඉන්න යම් ව්‍යායාමයක යෙදෙන්න වෙනවා. කොතරම් වෑයම් කළත් මොන දුබලකමකින් හෝ ධනවාදයේ දුර්ගුණ අපේ ජීවිතයට කඩා වදින තැන් තියෙනවා. නැවත නැවත සිතමින් ජීවිතයේ කඩඉම් ප‍්‍රයෝජනවත් වෙනවා.

ලක්මාල් කොළඹ රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් නව ජීවිතයක් ගැන හිතන බව කියද්දී සියුම් සතුටක් ඇති වෙනවා. ඇත්තෙන්ම ඒ අදහස අනෙකුත් සගයන්ටත් සුභාරංචියක් බව කිවයුතුයි. නමුත් ඒක සීයට සීයක් ප‍්‍රායෝගිකත්වයට නඟන්න ඔහුට තනිවම හැකි යයි සහතිකයක් නෑ. ඒ ව්‍යායාමයෙ දි ඔහු සමඟ අරගල කරන්නටත් සහෝදරත්වයෙන් ආදරයෙන් වැළඳ ගන්නටත් සටන් සගයන්ට හැකි වන බව නම් නිසැකයි.

සමාජවාදය වෙනුවෙන් කැප කළ ජීවිතයක්

10-07දිගටි රැවුලකින් හා ආකර්ෂණීය සිනාවකින් යුතු ඔහු මට මුලින්ම හමු වුණේ මීට අවුරුදු පහකට කලින්. ඉබ්බාගමුවෙ ඉපලව පිහිටි නිවසට මම ගිය මොහොතේ සිට පැය කීපයක් අප කතා කළේ ඔවුන්ගෙ අතීත කතාව ගැනය.

‘ලංකා’ පුවත්පතේ සිටිය දී මම ඒ ගමන ගියේ ඞී. ගුරුසිංහ නමැති වාමාංශික මිනිසා හමුවීමටය. ඉබ්බාගමුවේ දී මා හමු වන්නට පැමිණියේ ඔහුගේ බාල පුත‍්‍රයාය. යතුරු පැදියකින් සිය නිවස වෙත මා කැඳවාගෙන ගිය ඔහු ‘මේ තමයි අපෙ තාත්තා’ යනුවෙන් ඒ සටන්කාමී මිනිසා මට හඳුන්වා දුන්නේය. ඇත්තෙන්ම ඔහු වමේ ව්‍යාපාරයේ පසුකාලීන ක‍්‍රියාකාරීන් රැුසකට පියකු විය. පසුගිය දිනක නැවත වරක් ඒ නිවසට ගිය හිමිදිරියේ ඔහුගේ නිසල දේහය අසල සිටගත් මට පසක් වූයේ අදටත් එම පීතෘත්වය වෙනස්ව නැති බවයි.

සිය අතීත කතාව යළි කැඳවන්නට ඔහු ඉදිරිපත් වූ උෙiා්ගිමත් විලාසය මට අද මෙන් මතකය. ”1971 මම හිටියෙ කුණ්ඩසාලෙ කෘෂිකර්ම විද්‍යාලෙ. අපි පක්ෂෙට සම්බන්ධ වෙලා හිටියෙ. අපේ‍්‍රල් 5 වැනිදා සටන් ආරම්භ කරන්න කියලා අපට උපදෙස් ලැබුණම කිසිම පැකිළීමක් නැතිව අපි කට්ටිය ගියා නියමිත ඉලක්කවලට. අපට තිබුණෙ පල්ලෙකැලේ පොලිසිය යටත් කරන්න. අපේ ප‍්‍රහාර උපක‍්‍රම වැරදුණු නිසා ඒ ඉලක්කය සාර්ථක කරගන්න බැරි වුණා. සමහර සහෝදරවරු තුවාල වුණා. තවත් අය යටත් වුණා. අපි උපක‍්‍රමශීලීව පහු බැස්සා. පස්සෙ අපි නැවත පක්ෂය ගොඩ න`ගන වැඬේටත් සම්බන්ධ වුණා.”

ඔහු ආස්වාදයකින් යුතුව අතීත දේශපාලන ක‍්‍රියාකාරීත්වය ගැන තොරතුරු කිව්වා.
වාමාංශික දේශපාලන පසුබිමක් ගුරුසිංහ සහෝදරයට තිබුණා. උඩකැන්දවල සරණංකර හාමුදුරුවො ඥාතිත්වයෙන් මාමා. ඒ ආභාසය ඔහුට ලැබුණා. හිඟුරක්ගොඩ පාසල් ගිහින් ගලහිටියාව මධ්‍ය මහ විiාලයේ උසස් පෙළ අධ්‍යාපනයට පැමිණියා. උඩකැන්දවල හාමුදුරුවන්ගෙ ආභාසය එහිදිත් ලබාගෙන තිබුණා. 1971 කුණ්ඩසාලේ කෘෂිකර්ම විදුහලේ ශිෂ්‍යයකු ලෙස සිටිය දී පක්ෂයට සම්බන්ධ වුණා. පළවෙනි පත්වීම ලැබුණේ අම්පාර හාඩි තාක්ෂණ විiායතනයේ ආචාර්යවරයකු වශයෙන්.

එහි දී තම රැුකියාව පවා පරදුවට තබමින් පරිත්‍යාගශීලීව දේශපාලන කටයුතුවලට ඔහුගේ සහයෝගය දී තිබේ. 1978 මැයි දිනයට සහභාගී වීම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගුරුසිංහ පියාට කුලියාපිටිය කාර්මික විදුහලට ද`ඩුවම් මාරුවක් ලබා දී ඇත. එයින් වඩාත් ධෛර්යමත් වූ ඔවුහු තවදුරටත් වමේ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී ආධාරකරුවන් බවට පත් වූහ.
ඔහුගේ දේශපාලන ජීවිතය පවුල් ජීවිතයෙන් වෙන් කරගත් එකක් නොවීය. එය සිය ප‍්‍රියයාගේ හා සමීපතම සටන් සගයාගේ වියෝගයෙන් කනගාටු වන ගුරුසිංහ අම්මා ගැනත් සටහන් කළ යුතු අතීතයකි. ඇතැම් වාම ක‍්‍රියාකාරීන්ට අදත් වෙනස් වන්නට බැරි පාර්ශ්වයක් ලෙස සිය බිරිය දේශපාලනයට එක් වනවාට ගුරුසිංහ තාත්තා විරුද්ධ නොවීය. 1980 වසර වන විට ඇය පොතුබෝව විදුහලේ ආචාර්යවරියකි. ඇය වැඩ වර්ජනයට සම්බන්ධ වීම නිසා එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් ඔවුන්ගේ නිවසට ද අලාභ හානි කරන ලදී. වැඩවර්ජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ගුරුසිංහ මහත්මියගේ රැුකියාව අහිමි කෙරිණි. එහි දී ඇය සමාජවාදී කාන්තා සංගමයේ පූර්ණකාලීන කටයුතුවලට එක් වූවාය. කියුබාවේ පැවැති ලෝක තරුණ උළෙලට ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගි වූ පිරිස අතර ද ඇය සිටියාය. ජනතා විමුක්ති පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය පැවැත්වීම සඳහා සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු පක්ෂයේ ක‍්‍රියාකාරීන් සම`ග කරට කර වැඩ කළ ඇය සමාජවාදී කාන්තා සංගමයේ ඉදිරි පෙළ නායිකාවක් බවට පත් වූවාය. ඇය, ඔහුගේ නිසල දේහය ඉදිරිපිට මොහොතක් බලා සිටි මා දෙස ශෝකාකූලව බලා සිටියාය.
”චන්දන පුතා නේද?”

ඇය වසර පහ හයක කාලයකට පසුව වුවත් කිසිදු පමාවක් නැතිව මා හඳුනා ගත්තාය. එදා නිසි ආහාරයක්, විවේකයක් හෝ සාමාන්‍ය ජීවිතයේ කිසිදු සහනයක් නැතිව සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දිවා රාත‍්‍රී වෙහෙසුණු ඇයට සිය සමීපතමයාගේ වියෝගය දරාගත නොහැකිය.
ගුරුසිංහ තාත්තා ගිලන්ව සිටිය දී පැමිණීමට නොහැකි වීමේ පශ්චාත්තාපයෙන් පෙළෙමින් සිටි මට, ඇය ඉකිගසා වැලපෙන විට ”අම්මෙ ඉතින් නොහ`ඩා ඉන්න” යැයි කියන්නට ධෛර්යයක් නොවීය. බොහෝ දෙනා පවසන ආකාරයට ගුරුසිංහ තාත්තා නිතරම උෙiා්ගයෙන් හා සිනාමුසු මුහුණින් කල්ගත කළ අයෙකි. ඒ පළමු හමුවීමේදීම එය මගේ මතකයේ රැුඳුණු ලක්ෂණයක් විය. එහෙත් වසර ගණනාවකට පෙර පළමු වරට හමු වූ පසුව නැවත හමු වන්නට නොහැකි විය.
හිඟුරක්ගොඩ හතරෙ කණුවෙ පිහිටි සිය නිවස හා ඉඩම ජවිපෙ ගොවිපළක් සඳහා භාවිතා කිරීමට ඔහු ඉඩ දුන්නේය. 1980 දශකය අවසානයට එළඹි රුදුරු මර්දනය හමුවේ පවා ඔහු පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් ආරක්ෂා කිරීම සිය වගකීමක් ලෙස සලකා කටයුතු කළේය. කුරුණෑගල මූකලන්යාය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගුරුසිංහ යුවළ සටන්කාමී තරුණයන් වෙනුවෙන් සිය නිවස දිවා රාතී‍්‍ර විවෘත කළේ ආණ්ඩුවේ මර්දනය හමුවේ ආරක්ෂිත ස්ථානයක් ලෙසය.
සිය දරුවන් කුඩා කාලයේදීම දේශපාලන අව බෝධය ලබාගැනීම සම්බන්ධව ඔහුගේ උනන්දුවක් පැවතිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වූ අතර බොහෝ විට විවාහයන් සිදුවූයේද වාමාංශික ක‍්‍රියාකාරින් සමගය. පසුව ඇති වූ වෙනස්වීම් හමුවේ ඔවුන් වෙනත් විවිධ මාවත් ඔස්සේ ජීවිතය ගෙන ගියද තවමත් වමේ ව්‍යාපාරයේ ආභාෂය ඔවුන්ගේ ජීවිතවලින් ඈත් වී නැත.

මිය යන අවස්ථාව වනවිටත් වමේ දේශපාලනය පිළිබඳ ඔහුගේ උනන්දුව වියැකුණේ නැත. එහෙත් වැදගත්ම කාරණය නම්, ඔහු සිය ජීවිතයේ වගා කරගත් වාමාංශික ආදර්ශයන් පාවා දුන්නේ නැත. කෙසේ වෙතත් ඛේදවාචකය නම්, ඔහු විසින් ගොඩනැඟූ දේශපාලන ව්‍යාපාරය පවා ඔහුගේ අවසන් අවස්ථාවේ ඔහු අතහැර සිටීමය. මැතිවරණ දේශපාලනයේ නියැලෙන ක‍්‍රියාකාරීන් ලෙස රෝගාතුර මිනිසකු ගැන සෙවීමට වඩා ඔවුන්ට වැඩ තිබෙන්නට ඇත. ගුරුසිංහ තාත්තා මිය ගිය පසුව මළගෙදර බැනරයක් දැමීමට පැමිණි සහෝදරවරුන්ට ඒ සඳහා ඉඩ දීමට ඥාති හිතවතුන්ට නොහැකි වූයේ පෑරුන හදවත් තවත් පාරන්නට නොහැකි නිසා විය යුතුය. කෙසේ වෙතත් ගුරුසිංහ තාත්තා දේශපාලන ව්‍යාපාරයකට හෝ පක්ෂයකට අයත් මිනිසකු ලෙස නොවන බව නම් පැහැදිලිය.

1971 අරගලයට හෝ 87-89 අරගලයට එක් වූ නිසා දරුණු මර්දනයකට හසුව එයින්ද නොනැවතී යළි වමේ දේශපාලනයේ යෙදීමට ඉදිරිපත් වූවන් ගැන සිහිපත් කරමින් මේ සටහන අවසන් කරන්නට මට සිතේ නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට කැප වූ, සංඛ්‍යාවෙන් කුඩා මිනිස් සමූහයක් ගැන වර්තමාන පරපුරේ අය විසින් වහරනු ලබන සරල යෙදුම් රාශියකි. ගුරුසිංහ තාත්තා බඳු මිනිසුන් ‘71 කැරැුල්ලෙ අය’, ‘පරණ ජේවීපී කාරයන්’ හෝ නොව ශ්‍රේෂ්ඨ පරාජයකින් පාඩම් ඉගෙන ගත් අපරාජිත මිනිසුන් බව සටහන් කළ යුතුය.