හතරවෙනි තට්ටුවේදී – 5

කොළඹ නගරය නින්දට සැරසෙමින් තිබිණි. නගරය මැදින් ධාවනය වූ කැබ් රථය පිළිබ`ද කිසිවකුගේ වැඩි අවධානයක් නොතිබිණි. අඩුම තරමින් නගරයේ මුරකපොළු පසුකර යාම ද පහසුවෙන් කළ හැකි විය. මේ නගරයේ පදික වේදිකා, මහා මාර්ග සහ අතුරු මාවත් ඔස්සේ මා ගිය වාර ගණන මතකයට ගත නොහැකි තරම්ය.
රහස් පොලිසියේ සහ වෙනත් බුද්ධි අංශ නිලධාරින් සිය ගණනක් ගැවසී ගත් නගරයේ නිදහස් පුරවැසියකු ලෙස ගමන් ගන්නා කිසිවකුට එහි ඇති නිදහස ව්‍යාජයක් බව නොදැනේ. වෙනකක් තබා ඒ රහස් ඇස්වල පරික්ෂාව ගැන යම් ඉවක් ඇතිව සිටි මා පවා එම නිදහසේ ව්‍යාජය ගැන සැබෑ අත්දැකීම් ලබාගන්නට පටන් ගත්තා පමණකි.
‘‘හදිසි නීතියේ 29. ආ. යටතේ මිස්ටර් චන්දනට චෝදනා එල්ල වෙලා තියෙන්නෙ’’
පොලිස් පරික්ෂක ‘පී’ කළ ප‍්‍රකාශය මට සිහිපත් වෙයි. එහි තේරුම වන්නේ ආණ්ඩුවට එරෙහිව මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දැරීම යන චෝදනාව මත මා අත්අඩංගුවට ගත් බවයි. එසේ වුවත් නිශ්චිත චෝදනා නැතිව වරින්වර විවිධ චෝදනා මා වෙත එල්ල වූ ආකාරය රැු`දවුම් භාරයේ සිටි කාලය තුළ මට දැකගත හැකි විය.
මා බොහො ්කාරණා කල්පනාකරමින් සිටින අතර කැබ්රථය හැල්මේ යයි. නුගේගොඩ ගුවන් පාලම මතින් අපගේ රථය ගමන් ගන්නා විට එක්වරම මගේ පපු කුහරය හිර වී යන්නාක් මෙන් දැණිනි.
‘‘අප්පච්චි, අප්පච්චි, මෙන්න මෙන්න අපි උඩින් යන්නෙ…. ’’
වේදනාවක් සහ ප‍්‍රහර්ෂයක් සම`ග නිරායාසයෙන් මගේ මතකයට ආවේ සි`ගිති දියණිය ප‍්‍රීතියෙන් ඉල්පෙමින් න`ගන හ`ඩයි. මේ ගුවන් පාලම මතින් යන සෑම අවස්ථාවකදීම ඇය බස්රියේ කවුළුවෙන් බලමින් එසේ ඔල්වරසන් න`ගන්නේ පාලමට පහතින් මාර්ගයේ ගමන් ගන්නා, සිතින් මවාගත් ඇගේ මිතුරන් පිරිසකට අතවනමිනි.
මේ රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවේ හි`දිමින් මෙවැනි ගමනක් නුගේගොඩ ගුවන් පාලම මතින් යන්නට වේයැයි එවැනි කිසිදිනක මට සිතී නැත. මේ වෙලාවේ දියණියත් බිරියත් නිවසේ සිටිනවා වියයුතුය. ෂතියේ බොහෝ දිනවල මා නිවසට යන්නේ දියණිය නින්දට ගිය පසුවය. වේලාසනින් නිවසට යන දවසට මා ඈ සම`ග නින්දට යායුතු බව බිරියගේ ඉල්ලීම වී තිබිණි. ඊට හේතුවක් ද තිබේ. සිව්හැවිරිදි සි`ගිත්තියට නින්දට පෙර කතාන්දර කියාදිය යුතුව තිබේ.
‘‘අද නං අප්පච්චි කතාවක් කියන්න  ඕනෑ.’’ ඈ තදින්ම කියා සිටී. ඇතැම් විට එක කතාවකින් සෑහීමට පත් නොවන ඇය ‘‘අනේ අප්පච්චි තව කතාවක්’’ යනුවෙන් ඇවිටිලි කරයි.
‘‘අප්පච්චිට මහන්සි ඇති. කරදර නොකර නිදාගන්න’’ අම්මාගේ නියෝගයකින් පවා ඇය නිහ`ඩ කළ නොහැකිය. අවසානයේ මා බාල කාලයේ ඇසූ ළමා කතා වෙනුවට වෙනත් කතාවක් දෙකක් ගොතා කියමින්  මම නි`දා වැටෙමි. දියණිය ද මගේ ගෙලට හිස ඔබා උණුසුමට තුරුළු වී නින්දට යයි. අද වැනි දවසක ද එය එසේ සිදුවීමට නියමිතව තිබුණද පාලකයන්ගේ නියෝගයෙන් සි`ගිත්තියට ඒ අවස්ථාව අහිමිකර ඇත. වෙනදා ? බෝවනවිට හෝ නිවසට එන අප්පච්චි අද පමා ඇයිදැයි දියණිය අම්මාගෙන් ප‍්‍රශ්න කරන්නට ඇත. සිදුවූ දේ ගැන ඇත්ත කීමටත් බැරි නිසා චිත්තපීඩාවෙන් යුතුව මගේ බිරිය දුවට කුමක් හෝ දෙයක් කියනු ලැබ බෙරිවූ මුහුණින් දෙනො තුරුළුවී නින්දට යන්නට ඇත. සමහරවිට දෙදෙනා ශෝකයෙන් යුතුව නිදිවර්ජිතවම සිටිනවා වියහැකිය.
‘‘අපි එන බව ඔෆිස් එකේ කට්ටිය දන්නවා ඇති නේද?’’ පොලිස් පරික්ෂවරයාගේ ප‍්‍රශනයත් සම`ග ම කල්පනා සාගරයෙන් මෑත් වී යළිත් වාහනය තුළට පිවිසෙමි. මට නොදැනීම දෑස තෙත්ව තිබේ. අ`දුරේම හිස නමාගෙන කමිස අතේ දෑස් පිසදමාගත් මම උගුර පාදා සෙසු මගියන් දෙස බලමි.
ගමනේ නිරත කැබ් රථයේ සිටියේ උප පොලිස් පරික්ෂකවරු දෙදෙනෙක් සහ සැරයන්වරු දෙදෙනෙකි. එක් සැරයන්වරයෙක් රියැදුරු අසුනේ සිටි අතර උප පොලිස් පරික්ෂක ‘කේ’ ඉදිරි අසුනේ හි`ද සිටියේය. අනෙක් ලාබාල සැරයන්වරයා සහ මැදිවියේ වූ උප පොලිස් පරික්ෂකයෙක් මා සම`ග කැබ් රියේ පසුපස මුහුණට මුහුණලා පිහිටි ආසන දෙකේ වාඩිවී සිටියහ.
‘‘දැනගත්තත් අද කවුරුත් ඉන්නවද සැකයි. මළගෙදර ගිහින් ඇවිත් නම් තමයි කවුරුහරි ඉන්නවා ඇත්තෙ. එහෙම නැත්නම් ගේට්ටුව වහලා තියන්නෙ’’ මම දෙපැත්තටම ඉඩ තබා පිලිතුරු දුන්නෙමි.
මා කී ආකාරයෙන් ම කාර්යාල දොරටුව ඉබි යතුරු දමා තිබිණි. කාර්යාලය පිහිිටියේ ගොඩනැ`ගිල්ලේ ඉහළ මාලයක නිසා කොහොමටත් මෙම දොරටුව වසාතබන්නට ඇත. එහෙත් වෙනත් දිනයක නම්, මෙතරම් වේලාසනින් එය සිදුවන්නේ නැති බව මට විශ්වාසය. මළගෙදර ගියවුන් නැවත පැමිණෙන්නට කල් ඇතත් කිසියම් හේතුවක් නිසා ගේට්ටුව වසා ඇති බව මට කල්පනා විය.
‘‘මොකද කවුරුත් නැද්ද මේ ගේට්ටුව වහලා තියෙන්නෙ?’’ පොලිස් පරික්ෂකවරයා ප‍්‍රශ්නයක් යොමු කරමින් මා දෙස බැලීය.
‘‘මම කිව්වනෙ, මේ මහ ? කවුද ඉන්නෙ. ‘ජීඑම්’ට කෝල් එකක් දීලා එන්නයි තිබුණෙ. නිකං රස්තියාදුව විතරයි’’
මට තිබුණේ කෝපයකි. එහෙත් හදිසියේම කිසිවෙකුගේ පියවර හ`ඩ ඇසෙන්නට විය. කාර්යාලයේ සහායකයකු ලෙස සේවය කරන තරුණයා පැමිණ සිටී. ඔහු දොරටුවෙන් එපිටය. අප පිටතින් සිට ඔහු දෙස බලා සිටියේ දොරටුව විවර කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔහුද විපිළිසරව මා දෙස බලා සිටියේ කුමක් කළ යුතුදැයි සිතා ගතනොහැකිවය. එවිට මට කල්පනා වූයේ, මෑතක සිට ජනමාධ්‍යයන් වෙත එල්ල වූ තර්ජන නිසාම කළමනාකාරිත්වයේ අවසරයෙන් තොරව කිසිවකුටත් දොරටුව විවර කිරීම නොකළ යුතු බව ඔහුට දන්වා තිබුණු බවයි.
අත්අඩංගුවට පත්වූ ‘ප‍්‍රධාන කර්තෘවරයා’ දැකීමෙන් එම නියෝගයේ අදාළකම මේ අහිංසක තරුණයාගෙ මනස තුළ වෙනස්වියහැකි බව එක්වරම මට තේරුම් ගියේය.
‘‘මල්ලි, ජීඑම්ට කෝල් එකක් දෙන්න. සීඅයිඞී එකේ මහත්තුරුන්ට ඔෆිස් එක චෙක්කරන්න  ඕනෑලූ. ඒක කියලා දොර අරින්නද කියලා අහන්න’’ නා`දුනන පිරිසක් සම`ග පැමිණි මා දැක දෙගිඩියාවෙන් සිටි ඔහු තීරණයක් ගන්නට පෙර මම උපදෙස් දුන්නෙමි.
ඔහු වහාම කාර්යාලය වෙත යන්නට පියගැට පෙළ නගින්නට විය.
‘‘ඉක්මනට ගේට්ටුව අරිනවා. අපිට එළිවෙනකල් මෙතන හිටගෙන ඉන්න බෑ.’’
අනපේක්ෂිත බාධාව නිසා නොඉවසිලිමත් වූ පොලිස් පරික්ෂකවරයකුගේ මුවින් පිටවූ නියෝගය පැහැදිළි ලෙසම තමන් සතු බලය පෙන්වීමක් විය. නැවතී ආපසු හැරී බැලූ තරුණයා, රාත‍්‍රියේ දොරටුව ඇරීමට තමන්ට අවසරයක් නැති නිසා කළමනාකරුගෙන් අවසර ගෙන එන බව කියා ඉක්මනින් නොපෙනී ගියේය.

Advertisements

මගේ හෘදසාක්‍ෂිය ඉල්ලා සිටින්නේ යහපත් සමාජයක් – ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්ත

chandana_sirimalwatta(ලංකා ස්ක‍්‍රීන් -2010. මාර්තු 24) ඔහු මසැ’සින් මෙන්ම මනැ’සින්ද ලෝකය විනිවිද දකින්නේය. එ් ඔහු ගරු කරන සමාජ දේශපාලන දහමට අනුවය. දේශපාලනයෙහි කලාව මෙන්ම කලාවේ දේශපාලනයද වර්තමානයෙහි දළු අතු ඉතිලා වැඩෙන මර්දනයද ඔහුගේ තියුණු දැක්මට හසුවන්නේය. එ් මාධ්‍යවේදියකු වීම නිසාය. අප ඔහු සොයා යද්දී සිය සති අන්ත පුවත් පතේ කටයුතු නිමවා හේ මඳ ඉසිඹුවක් ලැබ සිටියේය. පහත පළවනුයේ මෑත භාගයෙහි දැඩි ආන්දෝලනයට ලක්වූ සති අන්ත ඉරිදා පුවත්පතක් වන ලංකා ඉරිදා සංග‍්‍රහයේ ප‍්‍රධාන කර්තෘ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත සමඟ කළ පිළිසඳරක කෙටි සටහනකි.

කැමතියි ඔබේ ආරම්භය ගැන දැනගන්න?

මම කුඩා කාලයේ පටන්ම ලියන කියනදේට කැමැතියි. උසස් පෙළ පන්තියේදී මම කළේ විද්‍යා විෂයයන්. මගේ කිට්ටුම යහළුවෝ හුඟක් දෙනා කවි ලියන අයයි හිටියේ. සාහිත්‍යයට නැඹුරු වූ අයයි. විභාගය සමත් වුණා. එ්ත් සරසවි වරම අහිමි වුණා. 1988-89 කාලේ භීෂණය හිස එසවූවා මට මතකයි. අද මා එක්ක කතාබහ කර වෙන්වී ගිය හිතමිතුරන් හෙට උදේ තිරිසන් ලෙස භීෂණයට ලක්ව මියගොස් සිටින අයුරු මම දැක්කා. මේවා මට අත්දැකීම් වුණා. මේවත් එක්ක මගේ ලිවීම වේගවත් වුණා.

මම මුල් කාලයේදී වාර ප‍්‍රකාශන වලට ලිපි ලිව්වා. විවරණ, රාවය වගේ සඟරාවලට. ලක්දිව හිරු පුවත්පත්වලට මම කවි ලිව්වා. ඔය අතරතුර 90 පරපුර නමින් කවියන්ගේ එකමුතුවක් බිහිවුණා. ඔවුන් සාහිත්‍ය උළෙලක් පැවැත් වූවා. එහිදී මගේ කවියක් අගැයීමට ලක්වී තිබුණා. නමුත් කොළඹට ඇවිත් පුවත්පත් සමාජයක් එක්ක ගැටෙන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ මම හිරු පුවත්පත එක්ක කිට්ටු සබඳකමක් ගොඩ නඟා ගත්තා. රෝහිත භාෂණ මගේ හිත මිතුරෙක් වුණා. 1996 දී මගේ මිතුරෙක් ‘සිතිජය’ නමින් සඟරාවක් කරන්න මට ආරාධනා කළා. මම උප කතුවරයකු හැටියට සිතිජය සඟරාවේ හතරවැනි කලාපයේ පටන් කටයුතු කළා. 1996 වසර පොදු ජන එක්සත් පෙරමුණු රජය දේශපාලන වශයෙන් වැහැරී ගිය යුගයක්. වැඩ කරන ජනතාව ජීවන අර්බුදයට ලක්වූ යුගයක්.

මේ කාලය තුළ සඟරාව සම්බන්ධයෙන් වැඩි වැඩ කොටසක් කරන්න සිද්ධ වුණා. 1997 දී කැලූම් කුමාර පෞද්ගලික හේතු නිසා සඟරාවෙන් ඉවත් වුණා. මම පූර්ණ කාලීනව සිතිජය සඟරාවේ සංස්කරණ කටයුතුවලට එක් වුණා.

මේ සඟරාවේ කටයුතු ඔබ කළමනාකරණයට ලක් කළ ආකාරය කෙබඳුද?

‘සිතිජය’ සඟරාව වෙනසකට කැමැති වුණු එ් සඳහා කැපවුණු තරුණ පිරිසකගේ එකතුවක්. එහිදී කවුරුත් කැපවීමකින් පරිත්‍යාගයෙන් කටයුතු කළා. කළමනාකරණය කියල විශේෂයෙන් යමක් තිබුණේ නෑ. අලෙවි කටයුතු පවා අපි බෙදාගෙන කටයුතු කළා. අපිම සඟරා කර තබාගෙන ගිහින් අලෙවි කළා. මාතර ප‍්‍රදේශයේ අපේ සඟරාවට ලියන නිර්මාණකරුවෙක් සමඟ දිනයක් යොදාගෙන අපි කණ්ඩායමම මාතරට යනවා. එහිදී සඟරාව අලෙවි කරනවා. ඇත්තටම මේ වැඩ පිළිවෙල තුළ සෑහෙන අත්දැකීම් ප‍්‍රමාණයක් ලැබුණා. දැන් මතක් කරන විට එ් අත්දැකීම්වල සමහර අවස්ථා කටුක වුණත් හරිම සොඳුරුයි. සංවේදීයි.

ඔබ මෑත භාගයේ රහස් පොලිසිය මඟින් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමකට ලක් වුණා. පුවත්පත් කතුවරයකු ලෙස එ් අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?

ඇත්තෙන්ම පුවත්පත් කලාවේදියකු වුණාම මෙබඳු අභියෝගවලට මුහුණ දෙන්න සූදානමින් ඉන්න  ඕනෑ. මේක මම බලාපොරොත්තු නොවූ දෙයක් නෙවෙයි. අපට අත්දැකීම් තබා අපෙන් වෙන්වී ගිය ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදීන් සිටිනවා. දයාසේන ගුණසිංහ මහත්මා ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී යම් යම් බලපෑම්වලට ගොදුරු වුණා. මහනුවරදී අපේ කලා සාහිත්‍ය උළෙල පැවැතියදී මට එතුමන්ලා හමුවුණා. එ් අත්දැකීම් අපට බෙදා දුන්නා. අජිත් සමරනායක, සුනිල් මාධව පේ‍්‍රමතිලක වැනි ප‍්‍රවීණයිනුත් එහෙමයි. මේ අයයි අපට පත‍්‍ර කලාවේ අකුරු කළේ. දයාසේන මහත්මා මෙවැනි හමුවීම්වලදී කියූ සුප‍්‍රකට කතාවක් තිබෙනවා.

‘‘පුවත්පත් කලාවේ යම් යම් සීමාවන් තිබෙනවා. ඇත්ත. එ් සීමාව දක්වාවත් අප මාධ්‍යයේ නිදහස භුක්ති විඳිය යුතුයි. කණුවක බැඳ සිටින හරකෙකු නම් ඌ කඹය දිග තිබෙන තුරු ගිහින් උලා කනවා. නමුත් සමහර හරක් එහෙම නෙවෙයි ඔහේ කණුව වටේ උලා කකා ඉන්නවා.’’

ඉතින් මම මේ අත්විඳපු දේ එතරම් ලොකු දෙයක් නෙවෙයි. හරිම සාමාන්‍යයයි. මේ අපේ සමාජයේ තිබෙන බේදවාචකය තමයි. අපේ සමාජයේ හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්‍වයෙන් එහාට ගිය දේවල්නේ. දේශපාලනඥයා තමයි ජනතාව ගැන තීන්දු තීරණ ගන්නේ. ඔවුන්ව පත්කරන්නෙම බෝක්කු පාලම් හදන්න. ජනතාවට වැඩ කරන්න. නමුත් ඔවුන් කරන්නේ එ්වා හදලා ප‍්‍රචාරක ඩිජිටල් දැන්වීම්වලට ලක්ෂ ගණන් වියදම් කරලා බැනර් දාගන්නවා. නම දාලා නාම පුවරු විවෘත කරනවා. අපේ ජනතාවත් එ් අයට ඉතාම ඉහළින් ගරු කරනවා. ඔවුන් ඡුන්දෙන් පත්වෙන්නේ ඒවා කරන්න තමයි. නමුත් ඔවුන් එ් දේ කරලා කරපු බවටත් ප‍්‍රචාරය කර ගන්නවා. මම හිතන දෙයක් තමා පත්තර කාරයෙක් හැටියට මගේ වගකීම, යුතුකම තමයි සමාජයේ අඳුරු පැත්ත හෙළි කිරීම. ඒක නොකරන අය ගැනත් මගේ විවේචනයක් තිබෙනවා. නමුත් මම කියන්නේ හැම පත්තරකාරයෙක්ම තමන්ගේ වගකීම හරියට කරනවා නම් එ් අයට හතරවැනි තට්ටුවට යන්න වෙනවා. නමුත් එහෙම වැඩ කරන ජනමාධ්‍යවේදීන් සිටිනවා නම් ඔය මර්දනකාරී තත්ත්‍වය වෙනස් වෙනවා. එවිට පාලකයින්ට දෙවරක් හිතන්න වෙනවා. හැම මැතිවරණයකදීම මාධ්‍ය නිදහස කියන සටන් පාඨය අවශ්‍ය වෙන්නේ නැහැ.

හතරවැනි තට්ටුවේදී ඔබ ලැබූ අත්දැකීම් ගැන කතා කළොත්?

ඔවුන් ඇත්තටම වෘත්තිමය ස්වරූපයෙන් කටයුතු කළා මහත්වරුන් විදිහට. බොහොම සුහදව දින 18 ක් කූඩුවේ ජීවිතේ ගෙවන්න වීම තමයි මානසික පීඩාවක් වුණේ. ඇත්තටම ඔවුන් තුළම යම් අවබෝධයක් තිබූ බව පෙනුණා. මේ කාරණය සම්බන්ධයෙන් මා ප‍්‍රශ්න කළ යුතු කෙනෙක් නොවන වග. අවසානයේ අධිකරණයට ඉදිරිපත් කරන්න චෝදනා ගොනු කරන්න හැකියාවක් තිබුණේ නෑ. මට ඔවුන් එක්ක ගැටුමක් තිබුණේ නැහැ. එ් අයටත් නැහැ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන් ¥ෂිත අය ඉන්නවා. එ්ත් හදවතට එකඟව කටයුතු කරන රාජ්‍ය නිලධාරීනුත් සිටිනවා. එතැනදීත් ඔවුන් ඉක්මණින්ම මේ පරීක්‍ෂණය නිමාවට පත් කරන්න උත්සාහ කළා. රැුඳවුම් නියෝගය දින 90 ක්. අවශ්‍ය නම් ඔවුන්ට එය දීර්ඝ කරගන්න තිබුණා එහෙම කළේ නැහැ. මට ඔවුන් සමඟ විවේචනයක් නැහැ. මගේ ප‍්‍රශ්නය මේ තීරණය ගත්තේ කවුද කියලයි.

ඔබ කොහොමද මේ කටුකත්වයට මුහුණදෙන ජීවිත පන්නරය ලැබුවේ?

මෙහෙමයි! මං ගෙදර බොහොම හුරතලේට හැදුණු කෙනෙක්. අක්කා තමයි වැඩිමහල්. ඊළඟට මම. මගේ මාපියන් දෙදෙනාම ගුරුවරුන්. ඔවුන් ගුරුවරුන් හැටියට ජීවිතය ගොඩනංවා ගන්න දුක් විඳපු හැටි මම දන්න දෙයක්. ඊළඟට මම ජීවත්වුණු මහනුවර ප‍්‍රදේශය. ගැමියන්, ගොවීන්, මැටි කර්මාන්ත කරුවන්, අත්කම් ශිල්පීන්, කුලී වැඩ කරන කම්කරුවන් මේ පරිසරය මා ලද ජීවන අත්දැකීම්වලට වැදගත් වුණා. එ් වගේම මම කලින් කියූ 88-89 අත්දැකීම් මගේ ජීවිතයට වැදගත් වුණා.

ඊළඟට උතුරේ තරුණ නැගිටීම. මේවා ගැන ප‍්‍රශ්න කරන්න ශක්තිය ලැබුණේ අපට පරමාදර්ශී වූ ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදීන් පෙන්වූ විචාරශීලී මාර්ගයයි. ඔවුන් පවා මේ ගැන ප‍්‍රශ්න කළා.

ඔබේ පුවත් පතේ කලාව පිළිබඳ මතවාදය කෙබඳුද?

අපේ සමාජයේ කලාව, සංස්කෘතිය යන පාර්ශ්වයන් මිනිසුන් දැනුවත් කිරීමේ මාධ්‍යයක් හැටියටයි පුවත්පත තුළින් භාවිත කරන්නේ. සිතිජය සඟරාවේදීත් මම ඒ උත්සාහය කළා. ජීවිතය කලාත්මක විදිහට නිර්මාණය කරන කලාකරුවන් තමයි අපට වැදගත් වන්නේ. ජීවිතය මේ වැනිය කියලා නෙවෙයි. අප ජීවත් වන්නේ මෙන්න මෙබඳු සමාජයකය. කියන දේ නිර්මාණාත්මකව ප‍්‍රකාශ විය යුතුයි. ඉන්පස්සෙ ලංකා පත්තරේට සම්බන්ධ වුණා. ‘සඳකඩ පහන’ කලා සංස්කෘතික අතිරේකය 2002 අවුරුද්දේ මාර්තු මාසයේ තමයි ආරම්භ කළේ. දැන් වන විට ලංකා පත්තරේට වසර 08 ක් සපිරෙනවා. අපේ පුවත්පතට යම් විශේෂ ගුණයක් එක් කරන අතිරේකයක්. සමාජ යාන්ත‍්‍රණය ගැන, කලා කෘති ගැන දේශපාලනිකව ප‍්‍රශ්න කරන අතිරේකයක්.

එදිනෙදා දේශපාලනය ගැන වගේම මිනිසුන්ට වෙනස් ලෙස සිතීමට, සැලැස්වීම තමයි සඳකඩ පහන මගින් කෙරෙන්නේ.

අපේ රටේ දේශපාලන පුවත්පත් කලාව තිබෙන තැන කොහොමද?

අපේ රටේ දේශපාලනික පුවත්පත් කලාවක් තිබෙනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ජාතික මට්ටමේ පුවත්පත් තුළත් දේශපාලනයක් නැතැයි කියා. මැතිවරණ කාලයකදී එ් ජාතික පුවත්පත් වල දේශපාලන මුහුණුවර නිරායාසයෙන්ම එළිදකිනවා. ඔබ ඔය අහන්නේ විකල්ප පුවත්පත් ගැන වෙන්න  ඕනෑ. පේ‍්‍රමදාස යුගයේදී ඔහුගේ මර්දනකාරී මාධ්‍ය පිළිවෙත හමුවේ විකල්ප පුවත්පත් රැුසක්ම බිහිවුණා. අද ක‍්‍රියාත්මක වන මාධ්‍ය මර්දනයත් රාජ්‍ය මාධ්‍ය දැඩිව ආණ්ඩුවේ ග‍්‍රහණයට ලක්වීමත් එක්ක විකල්ප පුවත්පත් අවශ්‍ය වී තිබෙනවා.

එ් වාරණයන්ට අවශ්‍ය ප‍්‍රමාණයට එ් තත්ත්‍වයන් පරාජය කිරීමට උපරිම ශක්තිය යොදනවද නැත්නම් වෙනත් මාර්ගවලින් ජනතාවට සමීප වෙනවද කියන විවේචනයකුත් තිබෙනවා. නමුත් තවමත් මම හිතන්නේ නැහැ ප‍්‍රධාන ධාරාවේ යම් (සම්මත ජනමාධ්‍ය ධාරාව තුළ* සසල වීමක් තුළ මිත්‍යාවට යටත් කර ඇති ජනතාව එයින් ගලවා ගැනීමට ඇති ලොකු ඉඩක් පේන්න නැහැ. එය සීමිතයි. නමුත් විකල්ප පුවත්පත් වල අවශ්‍යතාවය දිනෙන් දින උග‍්‍රවන වාරණය හා මර්දනය හමුවේ වැඩිවෙනවා. එහි වගකීමත්, කාර්යභාරයත් දෙගුණ තෙගුණ වෙනවා. මේ තර්ජනකාරී, මර්දනකාරී ස්වරූපය නතර නොවන දෙයක් බවයි පෙනෙන්නේ. ඉදිරියේදී මෙය මීට වඩා වැඩි වේවි.

පාඨකයා විකල්ප පුවත්පත් සමඟ හොඳ සබඳකමක් පවත්වනවා යැයි සිතිය හැකිද?

ඕනෑම සමාජයක හැමදෙනාම පවතින රජය කියන දෑ පිළිගන්නේ නැහැ. ප‍්‍රශ්න කරන පිරිසකුත් සිටිනවා. නමුත් විචාර බුද්ධිය හැමදෙනා තුළම එකලෙසින්ම පිහිටා නැහැ. නමුත් එසේ නොවූ පාඨකයාව තමන් නොදක්නා ඇසකින් තමන්ට පෙනෙන තමන් සංවේදී වන දෑ වෙත යොමු කිරීමයි විකල්ප පුවත්පතකින් සිදුවිය යුත්තේ.  ඕනෑම රටක එබඳු පාඨක ජනයා සීමිතයි.

පුවත්පත් කලාවේදියකු හැටියට ඉදිරි අභියෝග ජයගන්නා ආකාරය කෙසේ දැයි කිව හැකිද?

අභියෝග හැටියට බාර ගන්න වෙන්නේ ජීවත් වන පරිසරය තුළනේ. මම පත‍්‍ර කලාවේදියෙක් නොවුණත් මේ සමාජයේ මිනිහෙක් හැටියට අභියෝග බාර ගන්නවද කියන මතයක් මගේ තිබෙනවා. මම මගේ පෞද්ගලික තෘප්තියට නෙවෙයි මම පත්තර කලාව කරන්නේ. තෘප්තියක් නැත්තෙමත් නැහැ. මම මගේ මූලිකත්වයෙන් හෘද සාක්‍ෂියට එකඟව කරපු හැමදෙයක් ගැනම මම තෘප්තිමත්. ඉතා සීමිත පිටු කිහිපයක් තුළ පාඨකයා සිටින තැනින් අඟලක් හරි ඉදිරියට ගෙනයෑමයි මගේ පත‍්‍ර කලාවේ අරමුණ.

ඔබ කියනව වගේ රහස් පොලිස් නිලධාරීන් බොහොම හිතවත්ව මගෙන් ඇහුවා. ‘‘දැන් එළියට ගිහිල්ලත් මේ වැඬේමද කරන්නේ.’’ කියලා. ‘‘ඔබව අත්අඩංගුවට ගත් බව ඔබේ බිරිඳ දන්නවා. ඇය ඔබ බලන්න එනවා. එ්ත් ප‍්‍රගීත් එක්නැලිගොඩ ඉන්න තැනක්වත් දන්නේ නෑ.’’ කියලා. මම බිඳ වැටී පිළිතුරු දුන්නේ නැහැ. හෘද සාක්‍ෂියක් ඇති මිනිහෙකුට වෙනස් විය යුතු දේ වෙනස් විය යුතුයි. ජීවිත පරමාර්ථයත් එ්කයි. අපට පරමාදර්ශ ලබාදුන් ප‍්‍රවීණයින් සිටිනවා. අපට පරමාදර්ශ ගොඩනඟන්න බැහැ. එ්ත් ජීවිතය ගැන අලූතින් සිතන්න. එය ගොඩනඟා ගන්න අපට පරමාදර්ශ අවශ්‍යයයි. මට දරුවෙක් සිටිනවා. ඔහු වැඩිමල් වන විට මම ඔහුට කුමක්ද ලබා දෙන්නේ. හෘද සාක්‍ෂියට ගරු කරන සෑම පුරවැසියෙකුගේම වගකීමත් එය විය යුතුයි. එ් වෙනුවෙන් යහපත් සමාජයක් වෙනුවෙන් මම කැපවීමෙන් පොරබදන්න සූදානම්.

සංවාද සටහන – ඞී. රංජිත් පීරිස්

හතරවෙනි තට්ටුවේදී – 4

‘‘කෝ තාමත් වාහනයක් නෑනෙ” උප පොලිස් පරීක්ෂක ‘කේ’ මැසිවිලි නගමින් දුරකථනය වෙත ගියේය.
ඒ වනවිටත් රාත‍්‍ර‍්‍රී 9 පසුවී තිබිණි. දුරකථනයෙන් ප‍්‍රවාහන අංශය අමතා අවශ්‍යතාවය පිළිබ`ද දැනුම්දීමක් කර තිබුණද තවමත් ගමනට වාහනයක් නොලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහන විශාල ප‍්‍රමාණයක් තිබුණද ඒවා ලබාගැනීම කිසියම් ක‍්‍රමවේදයකට විය යුතු බව තේරුම් ගත හැකිය. පැයකට ආසන්න කාලයක් විවිධ හේතු මත වාහනයක් සපයා ගන්නට ඔවුන්ට නොහැකි විය. මා කැ`දවාගෙන එන්නට දෙල්ක`ද දක්වා පැමිණි ඩබල් කැබ් රථය ඔවුන්ගේ විමර්ශන කටයුතු ස`දහා යොදවා ගන්නා එකම වාහනය විය. දිගු කාලයක් පාවිච්චි කිරීමෙන් අබලන්වීමට ආසන්න වෙමින් පැවැති එම රථයේ විදුලි පරිපථ දෝෂයක් නිසා ඉදිරිපස ප‍්‍රධාන පහන් සහ සංඥා පහන් දැල්විය නොහැකි තත්වයක් පැවැතිණි. එම දෝෂය පරික්ෂාකරබලා අලූත්වැඩියා කරන්නට දැමුවහොත් ඔවුන්ට දිවා කාලයේත් රාජකාරි ගමන් යන්නට සිදුවන්නේ පොදු ප‍්‍රවාහන සේවයෙන් හෝ කුලී රථයකිනි. එය පොලිසියේ සම්ප‍්‍රදාය නොවනවා මෙන්ම එවැනි දේකට වියදම් ලබාගැනීමද දුෂ්කර බව ඔවුහු මා සමග පැවැසූහ.
වරක් ඉහළ නිලධාරියකුගේ අවශ්‍යතාවයට ලබාගත් රාජකාරි රථය පිළිබ`ද විමසීමක් කරන ලද විට එම වාහනය නැවත පැමිණෙන විට ප‍්‍රමාදවන බවක් දැනගන්නට ලැබිණි. එක් අතකින් මෙසේ රාත‍්‍රියේ මා කැ`දවාගෙන යන්නේ ඇත්ත වශයෙන්ම කාර්යාලය පරික්ෂා කිරීමටද නැතිනම් වෙනයම් අරමුණකින්දැයි සැකයක් මගේ මනසේ හොල්මන් කරමින් තිබිණි.
‘‘දැන් මේ වෙලාවට ඔෆිස් එකක් සර්ච් කරන්න යන එක අවුලක්නෙ?’’ මම දිගින් දිගටම රාත‍්‍රියේ පිටත්ව යන ගමන පිළිබ`ද විරෝධය පළ කළෙමි.
‘‘කිසිම අවුලක් නෑ. අපට අපේ ඉන්වෙස්ටිගේෂන්
එක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න වෙනවා. ? දවල් කියලා බල බලා හිටියොත් කෝච්චිය ගියාට පස්සෙනෙ ගේට්ටුව වහන්න වෙන්නෙ’’ පොලිස් නිලධාරියකුගේ සැබෑ ස්වරූපය දක්වමින් විමර්ශන නිලධාරියකු මට පිළිතුරු දුන්නේ මා කටින් ගසා නිහ`ඩ කරන අදහසිනි.
‘‘මොකක්ද ඔය තරම් හදිසිය… මේක ටෙරරිස්ට් හයිඩවුට් (ත‍්‍රස්තවාදින්ගෙ රහසිගත ස්ථානයක්* එකක් නෙවෙයි. පත්තර කන්තෝරුවක්’’ මම කෝපයෙන් පැවැසීමි.
‘‘මිස්ටර් චන්දන, ඔයා දැන් ඉන්නෙ අපේ භාරයේ. අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්නෙ. ඒකට උදව් කළොත් ඉක්මණට ගෙදර යන්න පුළුවන්. නැත්නම් ඔයාටමයි නිකරුණේ කූඩුවෙ ඉන්න වෙන්නෙ.’’ උප පොලිස් පරීක්ෂකවරයෙක් මා අමතමින් එසේ කියද්දී මගේ ඉවසීම සීමාව පැන්නේය.
‘‘ඔයාල භාරයේ හිටියට මම වැරදිකාරයෙක් නෙවෙයි. ඒත් ඔයාලට අවශ්‍ය නම් ඕනැ තැනක් සර්ච් කරන්න. ඒත් අපේ ජීඑම්ට කියලා හෙට උදේම වුණත් යන්න පුළුවන්. මහ ? ගියා කියලා අමුතු දෙයක් වෙන්නෙ නෑ. එතැන කවුරුවත් හිටියෙ නැත්නම් නිකං රස්තියාදුව විතරයි.’’
‘‘ඔයා මේක තේරුම් ගන්න චන්දන. අපිට ඉහළින් ඉන්න මිනිස්සු කියන්නෙ දැන් මේක කරන්න. අද අරක කරන්න. අදම ඇරෙස්ට් කරන්න. හෙට වෙනකොට මට රිපෝට් එකක් දෙන්න වගේ දේවල්. ඔයාව ඇරෙස්ට් කරලා තියෙන්නෙ හදිසි නීතිය යටතේ.’’ නිලධාරියෙක් මට කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කළේ වාහනයක් ගැන තවමත් නිශ්චිත නැතිව තිබියදීය.
‘‘ඒක තමයි මමත් කියන්නෙ. කවුරු වුණත් මාව ඇරෙස්ට් කරන්න කියපු මිනිහා හදන්නෙ තමන්ගෙ වැරදි පෙන්වන, වංචා ¥ෂණ හෙළිදරව් කරන පත්තරකාරයො ත‍්‍රස්තවාදී චෝදනාවලට යටකරන්න. ඒකයි මට ඞී ඕ එකක් ගහලා තියෙන්නෙ. පත්තරකාරයන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න නීති තියෙනවා. ත‍්‍රස්තවාදය මර්දනය කරන්න ගෙනා නීති යොදාගන්න
කියන එකයි වරද’’ මගේ කරුණු පැහැදිලි කිරීම ඔවුන් අසා සිටියේ නොඉවසිලිමත් අභිනයන් දක්වමිනි.
‘‘ඔයා ත‍්‍රස්තවාදියෙක් නෙවෙයි කියලා අපිට තේරෙනවා. ඒ වුණත් අපට තියෙන්නෙ හදිසි නීති රෙගුලාසි යටතෙ චෝදනා ලබපු කෙනෙක් හැටියට ඔයාට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරන්න අදාළ සාක්ෂි එකතු කරන්නයි. මේක ඒ මට්ටමෙන් කෙරෙන ඉන්වෙස්ටිගේෂන් එකක්’’
‘‘ඉතින් මේකනෙ වැඬේ. මම ත‍්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන ස්ථාවරය ඇතිව ඒ බව අනෙක් අයට වටහලා දෙන්න යමක්කමක් තේරෙන කාලෙ ඉ`දලම වැඩකළා. 2002 අවුරුද්දෙ රනිල් වික‍්‍රමසිංහලා බොරු සාම ගිවිසුමක් ගැහුවට පස්සෙ අපේ පත්තරේ පටන් ගත්තෙම නෝර්වේ මැදිහත්වීමෙන් බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පෝෂණය කරන එකට විරෝධය පළකරන්නයි. ඒ වෙනුවට ජාතික සමගිය ඇතිකිරීම අරමුණු කරගෙන අපි ලිව්වෙ. අවුරුදු අටක් පත්තරේ වැඩ කරද්දි ඒ මතය වෙනුවෙන් අපි පෙනී හිටියෙ, දැන් ඔය ර`ගපාන දේශපේ‍්‍රමී කාඞ්බෝඞ් වීරයො වලිගෙ කකුල් දෙක අස්සෙ ගහගෙන ඉන්නකොට.’’ මගේ ප‍්‍රතිචාරය දේශනයක ස්වරූපයෙන් උස්හ`ඩින් යුතු වූ අතර ඒ බව වටහා ගන්නාවිට මා සියල්ල කියා අවසන්ය. ආවේගයෙන් පිටවූ ඒ වචනවල කෝපයකට වඩා තිබුණේ අවඥාවයි.
එහෙත් ඔවුහු මගේ කෝපය වටහා ගෙන නිහ`ඩ වූහ. වාදය අවසන් වුවත් ඔවුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරි කටයුතු කෙරෙමින් තිබිණි. වාහනය සූදානම් බව දැනුම්දෙන ලද බැවින් ඔවුහු මා කැ`දවාගෙන පිටත් වූහ.

හතරවෙනි තට්ටුවේදී – 3

‘මෙයාට ඞී ඕ එකක් ගහලා. ඇරස්ට් කරන්නලූ’
පොලිස් පරීක්ෂක ‘එ්’ එසේ කියමින් කාර්යාල කාමරයට පැමිණෙන විට උපපොලිස් පරීක්ෂක ‘කේ’ මගේ ප‍්‍රකාශය ලබාගැනීමේ කටයුතු අවසන් කරමින් සිටියේය.
මේ කාරණය දැනගන්නා අවස්ථාව වන විට සවස 4.30 පමණ විය. එය අනපේක්ෂිත මොහොතක කඩාපාත්වූවද මා විසින් අපේක්ෂා නොකළ දෙයක්ද නොවීය. ඞී ඕ හෙවත් ‘රැු`දවුම් නියෝගය’ ගැන කල්තියා අවබෝධයක් නොමැතිවම වුවද ඔවුන්ට මා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව මින්පෙර මෙවැනි නිලධාරීන් සම`ග ගනුදෙනුකිරීමෙන්ම ඇතිකරගත් මගේ අත්දැකීමේ ප‍්‍රමාණයෙන් වටහා ගන්නට සමත්ව සිටියෙමි. කාර්යාලයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමේදී ඔවුන් සම`ග කැබ් රථයෙන්ම යා හැකි බව පොලිස් පරික්ෂක ‘පී’ පෙරැුත්ත කරමින් පැවැසූ බව මට සිහිපත් විය.
‘අපරාදෙනෙ ඔයාගෙ ඔෆිස් වාහනේ පෙට‍්‍රල් ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්නෙ’ ඔහු ඒ ගැන කීවේ එවැන්නකි. එහෙත් මා කර්තෘ මණ්ඩල සගයන් දෙදෙනකු සම`ග පැමිණීමට තීරණය කළේ හදිසියේ අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නම් ඒ අවස්ථාවේදීම ඒ බව බිරි`දටත් කාර්යාලයේ සගයන්ටත් තත්වය දැනුම්දීමට එය පහසුවක් වන නිසාය.
‘ආරක්ෂක අමාත්‍යංශයෙන් දැන් තමයි මේ ගැන දැනුම් දුන්නෙ චන්දන. ඔයාගෙ ගෙදරට දැනුම් දෙන්න වෙනවා නේද? මෙහෙම දෙයක් ගැන බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ ආවෙ’ පොලිස් පරීක්ෂකවරයා මා අසළින් අසුන් ගත්තේය. ඒ වනවිට පොලිස් පරික්ෂක ‘පී’ නැවත සිය අසුනට පැමිණ යම් කාර්යයක නිරත වෙමින් සිටිය්ය.
‘මම නම් ඔය වගේ දෙයක් බලාපොරොත්තුවෙන් මෙතෙන්ට ආවෙ. නියම ප්ලෑන් එක නේද?’ වියයුතු ආකාරයටම මගේ පිළිතුර වියළි ස්වභාවයක් ගත්තේය.
‘ප්ලෑන් එකක් නම් නෙවෙයි. මෙහෙම දේවල් වෙනවා චන්දන’ ඔහු යමක් පැවසීමට උත්සුක විය.
‘මොකද ප්ලෑන් එකක් නොවෙන්නෙ? අද සිකුරාදා. සති අන්තයෙ නිවාඩු දවස් අල්ලලා ඔයගොල්ලා අපිට ප‍්‍රකාශයක් ගන්න ඕනෑ කියන්නෙ උසාවි නොදා තියාගන්න හේතුවක් හදාන්න පුළුවන් නිසානෙ’ මා එසේ කී විට ඔහු නිහ`ඩ විය.
මගේ ප‍්‍රකාශය ලේඛනගතකරමින් ඔහුට එම කාර්යයට සහාය වූයේ මෑතකදී සේවයට එක් වූ උපපොලිස් පරීක්ෂකවරියකි. ඇය වහාම තම කාර්ය අවසන් කරන්නට උත්සුක වූයේ සේවය අවසන් කර ඉවතට යන්නටය. පස්වරු 5.00ට මා අත්අඩංගුවට ගන්නා ලද බව සටහන් කරන ලෙස කරන ලෙස ඇයට උපදෙස් දෙන ලදී. ප‍්‍රකාශය අවසන් කරමින් මගේඅත්සන් යෙදීම කරමින් නීතිඥ මහතකු හමුවීමට අවශ්‍ය බව මම ඔවුන්ට දන්වා සිටියෙමි. එහෙත් එම ඉල්ලීම ඉටුකරගැනීමට පැය ගණනක් බලා සිටින්නට සිදු විය. ‘ලංකා’ ආයතනයේ නීති කටයුතුවලට සම්බන්ධවන නීතිඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දොරටුව අසළට පැමිණියද නැවත හරවා යවා තිබිණි. ඔහුට නැවත පැමිණ පොලිස් පරීක්ෂක ‘පී’ හමුවිය යුතු බව දන්වන ලදී. ඒ අනුව රාත‍්‍රී 7.30 පසුවී නීතිඥයා එහි ළ`ගා විය.
ඇතිව තිබෙන තත්වය ඔහුට විස්තර කළ මම මගේ අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බව ඔහුට පවසමින් ඊට අදාළව කටයුතු කරන්නට උපදෙස් දුන්නෙමි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින රැු`දවියකු හමුවන්නට පිළිගැනීමේ කවුළුවේ අමුත්තන්ගේ පොතේ අත්සන් තබා පැමිණි නීතිඥයකුට එම රැු`දවියා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීමට නොහැකි බවද ඔහුට දැනුම් දුන්නෙමි.
අවසානයේ ‘පත්තරකාරයා’ යන හැ`දින්වීම වෙනුවට ‘රැදවියා’ යන ආමන්ත‍්‍රණයක් මේ නමට එකතු වී තිබේ. ජීවිතයේ එක්තරා කාලයක ‘රැදවියා’ යන්න නිතර අසන්නට ලැබුණේ භීෂණකාරී වටපිටාවකය. පාසල් ශිෂ්‍යයකු වශයෙන් එවැනි රැු`දවියන් පිළිබ`ද පුවත් ජනමාධ්‍යයෙන් අසමින් කොයි මොහොතේ එවැනි ලේබලයක් මා වෙත අලවනු ලැබේදැයි නොදැන බියෙන් ජීවත් වූ මට සමකාලීන තරුණ පරම්පරාවක් මුහුණදුන් ඉරණම රහසක් නොවීය. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්නුම් කළ සුහදතාවය හා වෘත්තියමය ස්වභාවය මා වෙත ඇති කළේ එවැනි අවිනිශ්චිතභාවයක් නොවේ.
උදෑසන අත්අඩංගුවට ගත් තරුණයා සවස්වනවිට මහම`ග මරා දමන ලද යුගයක් විය. එවැනි තත්වයක් වලක්වනු පිණිස ක‍්‍රියාත්මක වූ බලවේග ගණනාවක පිහිටෙන් බලයට පත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල දමමින් වියරු ඒකාධිපතිත්වයක් කරා යන බව රහසක් නොවේ. එවැනි මොහොතකදී ඇත්ත කතාකරන මිනිසුන් පළමු ප‍්‍රහාරයට ඉලක්කවන බව ද දැන සිටි කරුණක් විය. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව උපයෝගිකර ගෙන හෝ වෙනත් නීතිමය උපකරණ යොදාගෙන ‘ලංකා’ පුවත්පත න`ගමින් සිටින හ`ඩ නතර කරන්නට ඔවුන්ට අවශ්‍ය වී ඇත. රැු`දවුම්භාරයේ සිටි කාලය තුළ එක්තරා ඉහල නිලධාරියෙක් කළ ප‍්‍රකාශය ඊට කදිම නිදසුනකි.
‘චන්දන මේව අපි කැමැත්තෙන් කරන දේවල් නම් නෙවෙයි. ඒත් අපිත් කරන්නෙ රස්සාවක්. අපි මෙතන ඉන්නෙ නැත්නම් වෙනත් ඔෆිසර්ස්ලා දාල හරි තමන්ට ඕනැ දේ කරගන්නවනෙ’
රාත‍්‍රිය ගෙවී යමින් තිබිණි. මා ප‍්‍රකාශය ලබාදුන් අසුනේම හි`දගෙන අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ කටයුතු අවසන්වනතුරු බලා සිටියෙමි. ඔවුන්ට මෙන්ම මටද එය වෙහෙසකාරී අවස්ථාවක් විය.
‘අපට වාහනයක් සූදානම් කරන්න කියන්න’
පොලිස් පරීක්ෂක ‘පී’ රාත‍්‍රී 8.00ට පමණ දුරකතනයෙන් කිසිවකුට උපදෙස් දුන්නේය. මා හට එහි අමුත්තක් නොවීය. එහෙත් එය නුගේගොඩ බලා යන ගමනක් බව පැවසුණු බැවින් මගේ කුතුහලය වැඩි විය. මම විමසිලිමත්ව බලා සිටින බව දුටු පොලිස් පරීක්ෂකවරයා උප පොලිස් පරීක්ෂක ‘කේ’ අමතා උපදෙස් දෙන්නට විය.
‘මෙයාගෙ ඔෆිස් එකයි ගෙදරයි සර්ච් කරන්න ඕඩර් එකක් තියෙනවා. ඔයා එක්ක යන්න තව කීප දෙනෙක් එවන්නම්. ේව අදම කෙරුවෙ නැත්නම් හෙට අපටනෙ ගෝරනාඩුව එන්නෙ. මහන්සි නොබලා යන්න.’
හදිසියේ කාර්යාලය පරික්ෂා කිරීමට ඔවුන් සූදානම්වන්නේ ඇයි? මට සිතාගත නොහැකි විය. කෙසේවෙතත් එය වැළැක්විය යුතු තත්වයකි.
‘දැන් නම් ඔෆිස් එකේ කවුරුත් නැතිව ඇති. අද අපේ කට්ටිය මළ ගෙදරක ගියා.’ මම පැහැදිළි කළෙමි.
එහෙත් ඔවුන්ට එහි විශේෂත්වයක් නොවීය.
‘කොහොමටත් යන්න වෙනවා. ඔයාග ගෙදරත් ගිහින් බලන්න කියලා නියෝග ලැබිලා තියෙන්නෙ.’ නිලධාරියා සැහැල්ලූ සිතින් පැවසීය.
‘එහෙම සර්ච් කරන්න උසාවි නියෝග තියෙන්න එපායැ.’ මම හරස්ප‍්‍රශ්නයක් යොමු කළෙමි.
‘නෑ නෑ හදිසි නීතියෙන් පුළුවන්නෙ. ඒවා ගැන කලබල වෙන්න එපා. අපට පුළුවන් හදිසි නිතිය යටතේ ඕනෑම සැකකටයුතු ස්ථානයක් පරික්ෂා කරන්න. කාටවත් විරුද්ධ වෙන්න බෑ.’ පොලිස් පරික්ෂකවරයාගේ පිළිතුර අතිශය නිලභාවයෙන් යුක්ත විය. මම නිහ`ඩ වූයෙමි. එසේ වුවත්, ‘ලංකා’ කාර්යාලයේ හෝ නිවසේ කිසිවකු නොසිටීවා යන්න මගේ බලාපොරොත්තුව විය.

හතරවෙනි තට්ටුවේදී – 2

අප අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තු පරිශ‍්‍රයට පැමිණෙන විට පස්වරු 1.30 පමණ විය. එහි ළගා වූ වහාම මගේ සගයන් දෙදෙනා කාර්යාල වාහනය නැවැත්වීමට ස්ථානයක් විමසා බලන අතරතුර පොලිස් පරීක්ෂක ‘පී’ මා කැ`දවාගෙන පිළිගැනීමේ කවුන්ටරයට ළ`ගා විය. මා මගේ සගයන්ගෙන් වෙන්කරගන්නට ඔවුන්ට අවශ්‍ය වූ බව රහසක් නොවේ. මා අත වූ මුදල් පසුම්බිය හා ජංගම දුරකථනය වැනි පෞද්ගලික ආම්පන්න සගයන් අතට දීමට හැකි වූයේ එය මා කල් තියා දැන සිටි නිසාය.
මගේ හැ`දුනුම්පත ඉදිරිපත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවන අමුත්තන්ට හිමිවන අවසර පත‍්‍රයක් මා වෙත නිකුත්කරන ලදී. මා විසින් එම අවසර පත ලබාගෙන අදාළ තීරුවේ අත්සනක් යෙදිය යුතු විය. එය අවසන් වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු මහලේ කාර්යාලයක් වෙත මා කැ`දවාගෙන යන්නට පොලිස් පරීක්ෂක ‘පී’ යුහුසුළු විය. කාර්යාලයට ඇතුළුවන විටම සුපුරුදු මුහුණක් දැකගතහැකි විය.
‘ආ චන්දන කොහොමද?’ ‘එ්’ නම් පොලිස් පරීක්ෂකවරයකුවන ඔහු මා දැක සුහද ලෙස සංවාදය ආරම්භ කළේය.
පිළිතුරු ලෙස කිසිවක් කීමට මා උනන්දු නොවුණේ මා කැ`දවාගෙන එන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට සම්බන්ධ මේ නිලධාරියාද සම්බන්ධ වන්නට ඇති බව මා කල්තියා දැන සිටි නිසාය. පොලිස් පරීක්ෂක ‘පී’ කාර්යාලයේ ප‍්‍රධාන අසුන වෙත ගිය අතර මා වෙත අසළ අසුනක් දක්වමින් සෙසු නිලධාරීහු අසුන් ගත්හ. ජනවාරි 26 වැනිදින පළවූ ‘සතිමැද ලංකා’ පුවත්පතේ තුන්වැනි පිටුවේ ඡුායාපිටපතක් මේසය මත දිගහරින ලදී. ‘සෑම රාජපක්ෂවරයකු පසුපසම මාළිගාවක්’ යන සිරස්තලය යටින් ඉරක් ඇ`ද තිබිණි. ඔවුන් අතර විවිධ කතාබහ අතරතුර පොලිස් පරීක්ෂක ‘එ්’ නැවත මා වෙත අවධානය යොමු කළේය.
‘චන්දන මොකද මේ රාජපක්ෂ පවුල ගැනම ඔයාගෙ පත්තරේ ලියන්නෙ? ජනාධිපතිතුමාගෙ පවුල එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙනවද?’ ඔහුගේ ප‍්‍රශ්නය මා අපේක්ෂා කළ දෙයක් නොවේ. එහෙත් දේශපාලන බලය නිලධාරීන් මත උපරිම වශයෙන් බලපෑම් කරන රටක ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වියහැකිය.
‘ඇයි එහෙම අහන්නෙ?’ මම කාරණය පැහැදිළි කරගැනීමේ ආරක්ෂාකාරී පියවරක් තැබුවෙමි.
‘ජනාධිපතිතුමාගෙ පවුලෙ අය ගැන ඔයාගෙ පත්තරේ ගොඩක් දේවල් පළ වෙලා තියෙනවා. රජය අප‍්‍රසාදයට පත්කිරීමේ චෝදනාව යටතේ ඔයාට විරුද්ධව පරීක්ෂණ කරන්න අපට උපදෙස් ලැබිලා තියෙනවා’ මට ඒ පිලිතුරෙන්ම කාරණය පැහැදිළි විය.
‘මුලින්ම මට කියන්න, මාව මෙතෙන්ට ගෙනාවෙ ඒක අහන්නද? නැත්නම් මට කිව්ව විදියට නිශ්චිත ලිපියක් ගැන ප‍්‍රකාශයක් ගන්නද?’ මම කෙටි ප‍්‍රහාරයක් එල්ල කළෙමි.
‘ඒක ගැනත් අහනවා. ඒත් මේ පත්තරේ පසුගිය කාලයේ වැඩියෙන්ම පළ වුණු දේවල් නිසා ඒ ගැන අහන්නෙ’ පොලිස් පරීක්ෂක ‘පී’ මා වෙත පිළිතුරු දුන්නේය.
‘අපේ පත්තරෙන් පහුගිය කාළෙ හෙළිදරව් කරපු බරපතළ වංචා ¥ෂණ පිළිබ`දව මේ වනතුරුත් කවුරුවත් අපෙන් ඇහුවෙ නෑ. කිසිම පරීක්ෂණයකුත් නෑ. ඒ අතර තිබුණු එක ලිපියක් තමයි ඔය ගෝඨාභය මහත්තයා සම්බන්ධව පළ කෙරුණු ලිපිය. දැන් රාජපක්ෂ පවුලත් එක්ක ආරවුලක් තියෙනවද කියල අහද්දි මට එන ප‍්‍රශ්නෙ තමයි ආණ්ඩුවෙ අනෙක් වංචා ¥ෂණ ගැන විමර්ශනයක් නැද්ද? රාජපක්ෂ පවුලෙ අය ගැන ලිව්වම විතරක් ප‍්‍රකාශ සටහන් කරගන්න ඕනෑ වෙන්නෙ ඇයි?’ නිලධාරි පිරිසට එම ප‍්‍රශ්යට පිළිතුරු දිය නොහැකි බව මම දැන සිටියෙමි.
‘ඒත් චන්දන මෙ ලිපිවල තියෙන කරුණුවලින් පෙනෙන්නෙ ජනාධිපතිතුමාගෙ පවුලෙ අයගෙ දේවල් සහ ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ අය සම්බන්ධ කරපු චෝදනා. ඔයාට පුළුවන්ද මේ කරුණු ඔප්පු කරන්න.’ ‘පී’ මගෙන් විමසා සිටියේය.
‘ලංකා’ පුවත්පත හෙළිකල තොරතුරු පිළිබ`දව ඔවුන්ගෙ ස්ථාවරය කිසිවකුගේ උපදෙස් මත කෙරෙණ පරීක්ෂණයට අවශ්‍ය ලෙස පූර්ව සූදානමකින් පවතින බව පෙනුණු නිසා මම මගේ ස්ථාවරය පැහැදිලි කළෙමි.
‘රාජපක්ෂ පවුල එක්ක කිසිම ප‍්‍රශ්නයක් මටවත් මගෙ ආයතනයටවත් නෑ. ඒත් ආරක්ෂක ලේකම් කියන්නෙ මේ රටේ ජනතාව බදුගෙවන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක්. එහෙම නිලධාරියෙක් ගැන ලියන්න අයිතියක් අපට තියෙනවා. මේ ලිපිවල තියෙන්නෙ පෞද්ගලික කරුණු නෙවෙයි මේ රටේ මිනිස්සු දැනගතයුතු කාරණා. රාජපක්ෂ පවුලෙ වෙනත් අය ගැනත් අපි ලිව්වා. ඒ ලිව්වෙ කෝන්තර පිරිමහගන්න නෙවෙයි. වෙලා තියෙන අක‍්‍රමිකතා ගැනයි කරුණු සහිතව හෙළිදරව් කළේ.’
‘එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන ලියපු මේ ලිපියෙ ඔයගොල්ලා කියනවා මේ මාළිගාවක් ගැන. ‘සෑම රාජපක්ෂවරයකු පසුපසම මාළිගාවක් ඇත’. මේක කොහොමද කියන්නෙ? මේ ලිපියෙ තියෙනවා කතරගම හදපු මාළිගාවක්ආරක්ෂක ලේකම්වරයට අයිතියි කියලා. ඒක ඇත්තද? කොහොමද එහෙම දේවල් කියන්නෙ?’
‘ඒ සිද්ධිය ගැන මුලින්ම අපට තොරතුරු ආවෙ මාස ගානකට කළින්. කතරගම රක්ෂිතයක කුඹුක් ගස් කපන කතාවක් මුලින්ම ආවෙ. ඉන්පස්සෙ පහුගිය දකුණු පළාත් ඡුන්දය කිට්ටුව තොරතුරක් ආවා රාජපක්ෂ කෙනෙකුට අයිති මාළිගාවක් කතරගම පැත්තෙ තියෙනවා කියලා. අපෙ ජර්නලිස්ට් කෙනෙක් ගියා තොරතුරු හොයන්න. ඒත් වැඬේ හරියටම කොහෙද කෙරෙන්නෙ කියලා දැනගන්න බැරි වුණා. පසුසෙ තමයි මේ මෑතකදි ඒ ගොඩනැ`ගිල්ලෙ පින්තූරත් එක්කම ඊට අයිති වතුර බිලක් අපට ලැබුනෙ.’
‘මේක අයිති කාට කියලද තියෙන්නෙ?’ පොලිස් පරීක්ෂක ‘එ්’ හරස් ප‍්‍රශන්යක් අසයි.
‘ඒක තමයි ලොකුම ප‍්‍රශ්නෙ. මේක හදලා තියෙන්නෙ ස්වභාවික රක්ෂිතයකට අයිති ඉඩමක. කතරගම ඩිපෝ පාරෙ තමයි තියෙන්නෙ. හදනකොට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන්වත් ඉදිකිරීම් ගැන ප‍්‍රාදේශීය සබාවෙන්වත් අනුමැතියක් අරගෙන නෑ. වතුර බිලක් විතරක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ නමට.’
‘ඉතින් මේක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙම කියන්න පුළුවන්ද?’ පොලිස් පරීක්ෂක ‘එ්’ නැවත හරස් ප‍්‍රශ්නයකින් දමා ගසයි.
‘එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්ද? මේ ලිපිය පළ වෙලා දවස් ගානක් ගියා. ආරක්ෂක ලේකම්තුමාගෙ පැත්තෙන් එහෙම කිසිම ප‍්‍රතිචාරයක් නෑ. අනික මේ ගැන සීඅයිඞී එකෙන් ප‍්‍රශ්න කරනකොටම පැහැදිලියි මොකක්ද කාරණේ කියලා. වෙනත් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් නම් රාජපක්ෂවරුන්ට විරුද්ධව ලියන්නෙ ඇයි කියන ප‍්‍රශ්නයක් මතුවෙන්නෙ නෑනෙ’
‘ඔයා දන්නවද එහෙම වතුර බිලක් නෑ. කොහෙන්ද ඒ බිල හොයාගත්තෙ. කතරතම වෝටර් බෝඞ් ඔෆිස් එකක් නෑ. තියෙන්නෙ මාතර. මාතරින් ද මේක ගත්තෙ?’ පොලිස් පරීක්ෂක ‘එ්’ විමසා සිටියේය.
‘වතුර බිල ආවෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා. එහෙම බිලක් නැත්නම් ඒක සීඅයිඞී එකෙන් උසාවියකදි තහවුරු කරන්න. මේ තියෙන්නෙ ජලසම්පත් මණ්ඩලයෙ ලිපිනය. මේ තියෙන්නෙ ජලසැපයුම් පාරිභෝගික අංකයයයි ස්ථානයෙ ලිපිනයයි. මම ‘සතිමැද ලංකා’ ලිපියේ ඡුායාපිටපත ගෙන ඔවුන්ට කරුණු පැහැදිළි කළෙමි. එසේම අනවශ්‍ය ලෙස වාද කිරීමෙන් පලක් නැති නිසා ඔවුන්ට අවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත්කරමින් ප‍්‍රකාශය කරන අවස්ථාවේදී මගේ පිළිතුරු සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. ඒ වනවිට ද මා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ පැයක් පමණ ඉකුත්ව ගොස් ඇති බව කාර්යාලයීය ඔරලෝසුව අනුව දැකගතහැකි විය.
ඉන්පසුව, ප‍්‍රකාශය සටහන් කරගැනීමේ වගකීම උපපොලිස් පරීක්ෂකවරයකු වෙත භාරදෙමින් උපදෙස් ලබා දුන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඉවත්ව ගියහ.

හතරවෙනි තට්ටුවේදී – 1

ඔවුන් මා කූඩුවට දමා ඉබි යතුරු දමන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී තිබිණි. අධික වෙහෙස නිසා මට හාත්පස බලා සිටින්නට උවමනාවක් නොවීය. අඩනින්දේම මම කූඩුවේ දොර අසලම තිබුණු පැදුරු ගොඩක් අත පත ගාගෙන ඉන් එකක් දිගහැර ගත්තෙමි. කොට්ටය වෙනුවට ඉතිරි පැදුරු මිටිය මත හිස තබා නිදන්නට උත්සාහ කළෙමි. නින්ද මවෙත ළඟාවන්නට පෙර එදින සිදුවූ සියල්ල චිත‍්‍රපටයක් සේ මගේ මනසේ දිගහැරෙන්නට විය.
පුවත්පත් කාර්යාලයේ වැඩ නිමකර පිටත්වන විට මා හට දුරකථන ඇමතුමක් ඇති බව ලාල් කී ආකාරය එවේලේ මතකයට නැගුණි. ජනවාරි 28 වැනි බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී වනවිට 31දා පුවත්පත් කටයුතු ද අවසන් කර තිබිණි. කාර්යාලයේ රැුඳී සිටියේ මමත් දයාත් අසංකත් ලාලූත් පමණි. දුරකථනය අතට ගත් මාහට දැනගන්නට ලැබුණේ කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ‘පී’ දුරකථනයේ රැුඳී සිටින බවයි. ඔහු මාවෙත දැනුම් දුන්නේ පුවත්පතේ පළවූ ලිපියක් පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට මා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බවයි.
”මට ලිඛිත දැනුම්දීමක් කරන්න. මම එන්නම්” මගේ පිළිතුර විය.
”හරි මම මිරිහාන පොලිසිය මාර්ගයෙන් මැසේජ් එකක් එවන්නම්” නිලධාරියා එසේ පවසද්දී මම ඔහුට ස්තූති කොට දුරකථනය විසන්ධි කළෙමි. පසුදින කාර්යාලයේ වැඩ කටයුතු කරන අතර අපේක්ෂා කළ දුරකථන ඇමතුම ලැබිණි. එහෙත් එයින් කියැවුණේ අමුතුම කතාවකි.
”මිස්ටර් චන්දන 10.00ට එනවා කියල අපි බලාගෙන හිටියා. මොකද ආවෙ නැත්තේ.” උප පොලිස් පරීක්ෂකවරයකු වූ ‘කේ’ මගෙන් විමසා සිටියේය.
”මට මෙහෙම වෙලාවක් කිව්වෙ නෑ. මම කොහොමද දන්නෙ 10.00ට එන්න කියලා තියෙන වගක්.” මම පුදුමයෙන් පිළිතුරු දුන්නෙමි.
”ඇයි ඊයේ කීවෙ නැද්ද? ඊයේ අපි මිස්ටර් චන්දනට කිව්වනෙ” මෙය ඉවසීම ඉක්මවා යන තත්වයකි. එහෙත් ඔවුන්ගේ උගුලට මා අසුවිය යුතු නැත. ඒ නිසා මමත් ආවේගය පාලනය කරගෙන පිළිතුරු දුන්නෙමි.”
”මිස්ටර් නෙවෙයි ඊයේ කතා කළේ. අයි.පී. කෙනෙක්. මම එයාට කිව්වා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න කියලා.”
”ඉතිං මිරිහානෙන් මැසේජ් එක එව්වෙ නැද්ද?”
”නෑ… මට තවමත් එහෙම දැනුම්දීමක් නෑ. කරුණාකරලා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න. මම ආයතනයක වගකීමක් දරන කෙනෙක්. හිතූ මතේට වැඩ කරන්න මට බෑ.” මම මගේ සීමාව ඔහුට පැහැදිලි කළෙමි.
”හරි මට කියන්න එන්න පුළුවන් කීයට ද කියලා” පොලිස් පරීක්ෂකවරයා මගෙන් විමසීය.
”මගේ වැඩ කටයුතු ඉවර වෙන කොට 2 විතර වෙනවා. මම 3.00ට එන්නම් හැබැයි මට මැසේජ් එක එවන්න.”
”මැසේජ් එක එවන්නම් දන්නවනෙ පොලිසියෙ වැඩ. ඒක පමා වෙන්න ඇති. කොහොමටත් මම දැන් වෙලාවක් කිව්වනේ. ඒ වෙලාවට එන්න.” කනිෂ්ඨ නිලධාරියාගේ ස්වරය පැහැදිලිය.
”ඒත් මම දන්නෙ නෑ ඇයි මට එන්න කියන්නෙ කියලා. මොකක් ද මගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න හේතුව.” මම විමසා සිටියෙමි.
”හේතුව මේකයි මිස්ටර්ගෙ පත්තරේ පසුගිය 26 වෙනිදා පළකරල තියෙනවා ගෝඨාභය මහත්තයා කතරගම මන්දිරයක් හදනවා කියල…. අන්න ඒක ගැනයි ස්ටේට්මන්ට් එකක් ගන්න කියල අපිට උපදෙස් ලැබිල තියෙන්නෙ.”
”හරි මට තේරෙනවා. මම තුනවෙනකොට එන්නම්. කාවද හම්බවෙන්න ඕනැ.”
”ඉන්ස්පෙක්ටර් ‘පී’ හම්බවෙන්න කෝ.” දුරකථනය විසන්ධි විය.
මේ අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ පියාගේ මළගමට සහභාගි වීමට කාර්යාලයේ සියලූ දෙනා සූදානම් වෙමින් සිටියහ. මට එම ගමනට සහභාගි විය නොහැකි බව දන්වමින් මගේ වැඩ කටයුතු කරගෙන ගියෙමි. 12.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් කාර්යාලයට පැමිණියහ. පොලිස් පරීක්ෂක ‘පී’ සිනාමුසු මුහුණින් තමා හඳුන්වා දෙමින් මට අත දිගු කළේය. අතට අත දුන් මම ඔවුන්ට අසුන් ගන්නා ලෙස ඇරයුම් කළෙමි. එහෙත් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස තමන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් නියෝග ලැබී ඇති බව පැවැසූ ඔහු තමන් කැටුව එනලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මම කාර්යාලයේ ත‍්‍රිරෝද රථයෙන් පැමිණෙන බව ඔහුට දැනුම් දී පිටතට පැමිණියෙමි. මළගෙදර යාමට සූදානම් වී සිටි දයාත් මහේෂුත් මා සමග යාමට කැමැත්ත පළ කළහ. අප කොළඹ දෙසට යන අතරතුර ජනමාධ්‍ය සගයන් කිහිප දෙනෙක්ම දුරකථනයෙන් කතා කොට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ඇයිදැයි විමසූහ. මම ඔවුන්ට කාරණය පැහැදිලි කළෙමි.
”චන්දන අයියේ දැන්මම වොයිස් කට් එකක් දෙනවාද? නැත්නම් එන ගමන් දෙනවාද” වී එෆ්.එම් නාලිකාවේ හිතවත් මාධ්‍යවේදියෙක් මගෙන් විමසා සිටියේය.
”මල්ලි එළියට ඇවිත් ඔයාගෙ ෆෝන් එකට රිං කරන්නම්.” මා එසේ කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රශ්න කිරීම්වලට මුහුණදීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු නිසාය. මෙවර මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ පස්වන වතාවට බව මා සමග ගිය සගයන්ට මතක් කළ මම ඔවුන්ට මා එනතුරු පැය කීපයක් රස්තියාදු වීමට සිදුවිය හැකි බවද කීවෙමි. ඔවුන් සිනාමුසු මුහුණින් එය පිළිගත්හ.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ආණ්ඩුව විවේචනය කළ අප පුවත්පතට අනතුරක් වියහැකි බව දැන සිටියත් මෙම ‘කැඳවීම’ අපට විස්මයක් ගෙන දුන්නේ නැත. මේ වගේ ආයතනවල සගයන්ගෙන්ද අපට අවවාද ලැබී තිබිණි.
”ඉස්සෙල්ලා පරිස්සම් වෙයල්ලා. අපි හිතන්නෙ නැති වුණත් ලසන්තට වෙච්ච දේ දන්නවනේ. බලය අතට ආවාම මිනිස්සු සත්තු වෙනවා. ඔක්කෝටම කලින් කට්ටියට කියන්න ජීවිත ආරක්ෂාව අංක එකට තියන්න කියලා. තනියම නම් කොහෙවත් යන්න එපා. යන එන වෙලාවල් වෙනස් කරන්න.”
ප‍්‍රවීණ මාධ්‍යවේදියකුගෙන් ඒ සහෝදර අනතුරු ඇඟවීම ලැබී තිබුණේ මැතිවරණ ජයග‍්‍රහණය ප‍්‍රකාශ වී පැය කීපයක් ඇතුළතදීය.

චන්දන සිරිමල්වත්ත

දිගටම කියවන්න

Advertisements