හතරවැනි තට්ටුවේදී – 12

ලංකා පුවත්පත් කේ.පී. පිළිබ`දව පළ කළ මුල් පිටුවේ ප‍්‍රධාන පුවත සම්බන්ධව මගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිස් පරීක්ෂත ‘පී’ කියා සිටියේය.
ඒ අනුව මගෙන් දෙවන වර ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම ආරම්භ කෙරිණි. එහෙත් අනුක‍්‍රමයෙන් එය ‘ලංකා’ සති අන්ත පුවත්පතේ හා සති මැද පුවත්පතේ පළ වුණු විවිධ ලිපි හා ප‍්‍රවෘත්තිවල කරුණු ප‍්‍රශ්න කරන ලදී. එය නිරායාසයෙන්ම අදාළ ලිපිවල මූලාශ‍්‍ර පිළිබ`දවද දැනගැනීමේ පරමාර්ථයෙන් කළ ප‍්‍රශ්න කිරීමක් බව මට වැටහුණි. උදෑසන ප‍්‍රශ්න කිරීම ආරම්භ වුවත් පැය කීපයක් ගෙවී ගිය පසුව තත්වය වෙනස් විය. වහාම මා සම`ග ‘ලංකා’ කාර්යාලයට ගොස් කේ. පී. පිළිබ`දව පළ කළ මුල් පිටුවේ සිරස්තලවලට අදාළ මුද්‍රණ ඵලක අත්අඩංගුවට ගත යුතු බවට උපදෙස් ලැබී තිබිණි.
උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් සහ සැරයන්වරයෙක් මා සමග ‘ලංකා’ කාර්යාලය වෙත පිටත් විය. දහවල් කාලය තුළ මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටස්තරව තබාගන්නට අවශ්‍ය වූවාදැයි සැක සිතෙන තරමට එම කාර්යය සංකීර්ණ විය. දහවල් 11 පමණ වන විට ‘ලංකා’ කාර්යාලයට පැමිණිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වූ මුද්‍රණ පලක සොයාගැනීම ප‍්‍රමාද විය. මා නිවසට කැ`දවාගෙන ගොස් නිවසද පරීක්ෂා කළ යුතු බවට නියෝගයක් ලැබුණි. ඒ අනුව මුද්‍රණ ඵලක ගෙන්වා ගන්නා තෙක් කොට්ටාව බලා යාමට අපරාධ පරීක්ෂණ නිළධාරීහු තීරණය කළහ. පසුගිය දිනෙකත් එහි ගියද බිරිය හා දියණිය නොසිටි බැවින් මේ අවස්ථාවේ ඔවුන් හමුවීමට හැකි වේ යැයි අපේක්ෂාවෙන් සිටියෙමි. කෙසේ වෙතත් නිවසට යනවිට ඒ බව ජනමාධ්‍ය වෙතද වාර්තා වී තිබිණි. ජනමාධ්‍යවේදීන්ට තමන්ගේ පරීක්ෂණ කටයුතුවලට බාධා නොකරන ලෙස අවවාද කළ නිලධාරීහු නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව මගේ බිරියට කීහ.
‘‘ගෙදර පරීක්ෂා කරන්න. හැබැයි ඒ පරීක්ෂා කරන විදිය මේ ජනමාධ්‍ය කට්ටියට විඩියෝ කරන්න දෙන්න ඕනෑ’’ එය නිලධාරීන් අපේක්ෂා කළ ප‍්‍රතිචාරයක් නොවීය.
‘‘අපි පරීක්ෂා කරන එක විඩියෝ කරන්න දෙන්න බෑ. ඒක අපේ රාජකාරියක්. ජනමාධ්‍යවලට අදාළ දෙයක් නෙවෙයි.’’ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇයට පැහැදිලි කරන්නට විය.
‘‘ඔය මහත්වරුන්ගේ රාජකාරියට මම බාධා කරන්නේ නෑ. එහෙත් මේක මගේ ගෙදර. මේකෙ තියෙන දේවල් මොනවද කියලා මම දන්නවා. ඒත් පහුගිය කාලෙ වෙච්ච දේවල් නිසා මට බැහැ නිකම්ම පරීක්ෂා කරන්න දීලා බලා ඉන්න. අධිකරණ නියෝගයක් තියෙනවාද ගෙදර පරීක්ෂා කරන්න?’’
එවර ඇයගේ ස්වරය නිල මට්ටමේ විය.
‘‘අපට හදිසි නීති රෙගුලාසි යටතේ පරීක්ෂා කරන්න අවසර තියෙනවා. අධිකරණ නියෝගයක් අවශ්‍ය නෑ’’ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ පිළිතුරෙන් ඇය පසුබා ගියේ නැත.
‘‘එහෙම නම් අප ඉදිරියේම පරීක්ෂා කරන විදිය විඩියෝ කරන්නම වෙනවා.’’ඇය අවධාරණය කළාය.
‘‘ඇයි එහෙම කියන්නේ. අපි මේක සාමාන්‍යයෙන් ඕනෑම සැකකාරයෙක් සම්බන්ධයෙන් කරන දෙයක්’’ උප පොලිස් පරීක්ෂකවරයෙක් කීය.
‘‘පරීක්ෂා කරනවා කියලා ඔයගොල්ලො යයි. ඊට පස්සෙ කියයි, අරව හම්බ වුණා; මේව තිබුණා කියලා. අර හාමුදුරුවන්ට පන්සලේ බෝම්බ තියාගත්තා කියලා කියල තිබුණනේ. ඒ නිසා විඩියෝ කරන්න ඉඩදෙන්නේ නැත්නම් පරීක්ෂා කරන්නත් අවසර දෙන්න මට බෑ’’ නිලධාරීහු වික්ෂිප්ත වූහ. මටද ඇගේ ප‍්‍රතිචාරය විස්මය උපදවන්නක් විය. නිවස පරීක්ෂා කිරීමට පැමිණියහොත් කුමක් කළයුතුදැයි ඇය නීති උපදෙස් ලබාගෙන තිබුණු බව පැහැදිලි විය. කරුණු පැහැදිලි කරන්නට නැවත උත්සාහ කළ රහස් පොලිස් නිලධාරීන් හමුවේ කිසිදු නම්‍යශීලී භාවයක් මගේ බිරියගෙන් දක්නට නොලැබිණි.
‘‘මිස්ටර් චන්දන, ඔයාවත් ඒක පැහැදිලි කරන්න. අපි ඔයාගෙ කේස් එක ගැන ඉන්වෙස්ටිගේෂන් එක ඉක්මනින් ඉවර කරන්න බලන්නේ. මෙහෙව වුණොත් ඔයාටමයි අවාසි’’ ඔවුහු එවර මා ර`දවා තබාගැනීම පාවිච්චි කර බිරියගෙන් පසුබැසීමක් අපේක්ෂා කළහ. මට කියන්නට දෙයක් නැති බව තේරුම් ගත් නිසාදෝ ඔවුහු අවසානයේදී බිරියගේ විරුද්ධභාවය සටහන් කර ඊට අත්සන් ලබාගත්හ.
‘‘දුව කොහෙද?’’ මම ඇයගෙන් ඇසුවෙමි.
‘‘දරුවා මේවගේ ප‍්‍රශ්නයකට මැදිහත් කරන්න ඕන නෑනේ. මම එයාව නංගි ළ`ග තියලයි ආවේ.’’ ඇයගේ පිළිතුර තේරුම් ගත හැකිය. වයස අවුරුදු හතරක් වන දරුවකුට පොලිසියේ ප‍්‍රශ්න කිරීමකදී ඇති වන මානසික බලපෑම් ජීවිත කාලයටම බලපානු ඇත.
‘‘අප්පච්චි කෝ?’’ යන ප‍්‍රශ්නය අසමින් සිටින ඇය පිරිසක් සමග මා පැමිණෙන විට එය වටහා ගන්නේ කෙසේද? දරුවාගේ මුහුණ සිතින් මවාගත් මගේ දෙනෙත් තෙත් විය. එහෙත් බිරියට නොදැනෙන සේ පසෙකට හැරී දෑස් පිසදාගත්තෙමි. ඇය ලබාදුන් දිවා ආහාර පාර්සලය රැුගෙන ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. අපරාධ පරීක්ෂණ නිලධාරීන් කොතරම් රාජකාරීමය ස්වභාවයක් දැක්වූවද මනුස්සකම ඇති අය බව සනාථ කරමින් කෑම පාර්සලය පිළිබ`දව ප‍්‍රශ්නයක් මතු කළේ නැත.

Advertisements

හතරවැනි තට්ටුවේදී – 11


හතරවැනි තට්ටුවේ සිරකරුවන්ට උදෑසන ආහාරය ලැබෙන්නේ පෙරවරු 7-8 අතර කාලයේදීය. බොහෝ විට එය පාන් සහ පරිප්පු හෝ සම්බෝලයක් සම`ග බත් වැනි සරල ආහාරයකි. මේ බත් වේලට මාලූ කෑල්ලක් හෝ ගෝවා මැල්ලූමක් ද ලැබෙන අවස්ථා තිබේ. එහි ලූණු හෝ මිරිස් පමණට මිම්මට නොවූවද ආහාර ඉල්ලා සිටින කයට ප‍්‍රණීත බවක් ගෙනදෙයි. සිරගත කාලයේදී නිවසින් ආහාර ගෙන්වා ගන්නට ලැබෙන්නේ පවුලේ සමීපතමයන් රැුඳවියන් බලන්නට එන දවසට පමනක් නිසා මෙම ආහාරය ප‍්‍රතික්ෂේප නොකර බුදින්නට රැුඳවියන්ට සිදු වේ.
කෑමට අවශ්‍ය මොනවාදැයි ආරක්ෂක නිලධාරියාට දැනුම්දීමෙන් පසුව කොස්තාපල් නිලයේ අයකු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු අවන්හලට පිටත්ව යයි. ඇතැමුන්ට පාන් ඉල්ලා සිටිය හැකි අතර බත් පාර්සල් සීමිත ප‍්‍රමාණයක් ලබාගත හැකිය. පාන් ලැබෙන්නේ පාන්ගෙඩිය දෙකට කැපූ බාගයකි. එයද දෙකට කපා කැබලි දෙකක් ලෙස කෑමට පහසු ආකාරයෙන් ලබාදෙන අවස්ථා තිබේ. මීට අමතරව ඉ`දි ආප්ප ලබාගන්නට ද ඇතැම් අවස්ථාවල රැුඳවියන්ට ඉඩ ලැබේ. තවත් උදෑසනක තැම්බූ බතල හෝ කඩල හෝ සමග පොල් ස්වල්පයක් උදයේ ආහාර වේලට ලැබේ. මෙම ආහාර සැපයුම කෙරෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රාත‍්‍රී සේවයේ නියුතු නිලධාරින්ට උදයේ ලැබෙන වට්ටෝරුවෙන්ම බව අපට හෙළිකළේ ආරක්ෂක නිලධාරින්මය.
‘‘ඔහෙලත් හිරේ අපිත් හිරේ තමයි. නැත්නම් මේ වගේ කෑම අපට කන්න වෙනවයැ.’’
පෝෂණය අතින් විවිධ වුවද ආහාරයේ ගුනාත්මකභාවය අන්තිමය. ඒ නිසා ඔවුන්ට ද සිදුව ඇත්තේ මුවින් නොබැන දෙන දේ කා කියන දේ කරන්නටය.
උදයේ ආහාරය ගන්නා සිරකරුවෝ ඉන්පසුව සුහද කතාබහක නිරතවන්නට අවස්ථාව උදාකර ගනිති. සමහරු නිවසින් හෝ රතුකරුස සංවිධානයෙන් ලැබී තිබෙන පොතක් පතක් කියවන්නට පටන් ගනිති. ඇතැම්විට මෙසේ පතපොත ලබාදීම කෙරුණත් රැුඳවියන්ට දිනපතා හෝ වෙනත් පුවත්පත් සැපයීම තහනම්ය. රතුකුරුසයෙන් ලබාදෙන්නේ පෞද්ගලික සනීපාරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය, ක‍්‍රීඩා උපකරණ, නවකතා හෝ වෙනත් ශාස්ත‍්‍රීය පොතපතය. මේ අතරට සම්භාව්‍ය නවකතා ද කලාතුරකින් අඩංගු වී තිබේ. ඇතැම්විට රතුකුරුසයේ විදේශිකයන් පොත්පත් තෝරා ගෙන එන්නේ සිරකරුවන්ට සරලව කියවා කාලය ගෙවීමට අවශ්‍ය පොතපතය. එහෙත් ඒ අතරම දෙමළ ජාතික රැුඳවියන්ට දෙමල බසින් පළ කෙරෙන කවිපොත් හෝ විවිධ වාර ප‍්‍රකාශන ලබාදුන් අවස්ථා තිබිණි. මේ අතර සිංහල -දෙමල හෝ සිංහල -ඉංග‍්‍රීසි හෝ දෙමළ – සිංහල ශබ්ද කෝෂ ද සිරකරුවන්ගේ ඉල්ලීම මත සපයා තිබිණි.
පොත පතට යොමු නොවන පිරිස කාඞ් කුට්ටමක් ගෙන ඕමි ගසති. නැතහොත් දාම් ලෑල්ලක් හෝ කැරම් ලෑල්ලක් ගෙන කතාබහක යෙදෙමින් ක‍්‍රීඩාවට සිත යොමු කරති. මේ සියල්ලටම සිත යොමුකළ නොහැකි අය නැවත වැතිර නිදති. කෙසේ වෙතත් දවස ගෙවා දමන්නටත් කාංසිය පලවා හරින්නටත් සිරකරුවන් සියලූ දෙනා මෙවැනි ක‍්‍රියාකාරකම්වල යෙදෙන බව පැහැදිලිය. එහෙත් ඒ සියල්ල සිදුවන ආකාරය ඉහළින් සවිකරන ලද කුඩා ප‍්‍රමාණයේ කැමරාවකින් නිරීක්ෂනය කළ හැකිය.
සිරකරුවන් අතර කසුකුසු කතාබහ සිදුවන විට ආරක්ෂකයෝ වැඩියෙන් නිරීක්ෂණය කරති. එසේ නොවුවත් සිරකරුවන් දෙනෙකු හෝ කිහිප දෙනකු අසාමාන්‍ය ලෙස නිතරම කතාබහේ නිරතවීම නිරීක්ෂනයට ලක්වුවහොත් ඔවුන් එකිනෙකාගෙන් වෙන්කර වෙනත් සිරමැදිරිවලට යවනු ලැබේ.
මා සිටි සිරමැදිරිය හතරවැනි තට්ටුවේ ප‍්‍රධාන සිරකුටිය ලෙස හ`දුන්වනු ලබයි. ඇතැම්විට මෙහි සිරකරුවන් තිස්ගණනක් රඳවා තිබුණු අවස්ථා ගැන ආරක්ෂක නිලධාරින් විසින් කියන ලදී. විශේෂයෙන්ම 80 දසකය අවසානයේ රාජ්‍ය මර්දනය යටතේ දේශපාලන රැුඳවියන් මෙහි බුරුතු පිටින් සිරගතකර තිබී ඇත. මා එහි ගෙනයනු ලැබූ ජනවාරි 29වැනි දින රාත‍්‍රියේ එහි 13දෙනෙක් නිදා උන්හ. දෙමළ ජාතික තරුණයන් කිහිප දෙනකු හැරුණු විට එහි එක් සිංහල ජාතිකයෙක් සිටියේය. 14වැනියා ලෙස මා එහි නාමලේඛනයට ඇතුළත් වූයේ ආහාර ගැනීමෙන් පසුව හතරවැනි තට්ටුවේ නම් ලකුනුකිරීමේ අවස්ථාව එළඹිවිටය.
මා සිටි සිරමැදිරියට යාබදව විවෘත සිරමැදිරි දෙකක් විය. එහි සිටියේ මාළිගාවත්ත විහාරස්ථානයේ විහාරාධිපතිව සිට අත්අඩංගුවට පත් වූ ඌවතැන්නේ සුමන හාමුදුරුවන් සහ දෙමළ ජාතික තරුණයන් දෙදෙනෙකි.
එයින් ඉදිරිපස කොරිඩෝවේ අනෙක් පසින් ඇත්තේ තවත් සිරමැදිරි දෙකකි. මෙහිදි ඒ සිරමැදිරිවල සිටියේ කවුරුන්ද යන්න නිරීක්ෂනය කිරීමට අවස්ථාවක් නොවිණි. කෙසේ වෙතත් ඉන් එකක දෙමල කාන්තාවන් දෙනෙකු සිටි බව මට දැකගත හැකි වූයේ දෙවැනි දින මා එහි කැඳවාගෙන එනවිටය. ඔවුන් රැුකවල් කිරීමට සිවිල් ඇ`දුමින් පොලිස් කාන්තාවක් යොදවා තිබිණි.
සාමාන්‍යයෙන් ආරක්ෂක නිලධාරින් ලෙස රාත‍්‍රියේ සේවය කරන සාජන්වරයා සේවා මාරුවන වෙලාවට තමන් භාරයේ සිටි පිරිසගේ නාමලේඛණය දිවාකාලයේ සේවයට පැමිණෙන නිලධාරියාට ලබාදී පිටව යයි. ඉන්පසුව උදයේ වැඩබාරගන්නා නිලධාරියා එම නාමලේඛනයේ සිටින පිරිස සිරමැදිරිවල වේදැයි පරික්ෂාකරනු ලබයි. රාත‍්‍රියේ කැද`වාගෙන ආ රැුඳවියන් හ`දුනාගන් ලබන්නේ එවිටය.
‘‘මොකක්ද නම?’’ අනිවාර්යයෙන් ප‍්‍රශ්නයක් මතු වේ.
‘‘බ්රාන්ච් එක?’’ නිසැකව අසනු ලබන දෙවැනි ප‍්‍රශ්නය එයයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු විවිධ ක්ෂේත‍්‍ර ගනනාවක් වෙත විහිද තිබේ. ත‍්‍රස්ත විමර්ශන අංශය, මත්ද්‍රව්‍ය නාශක අංශය, වානිජ අපරාධ අංශය, විශේෂ විමර්ශන ඒකක ආදි වශයෙන් එවැනි ඒකක නම් රැුසක් තිබේ. බ්රාන්ච් එක විමසන විට සිරකරුවා දන්නේ නම් ඒ ගැන සඳහන් කරනු ලබයි. එහෙත් ඇතැම් සිරකරුවන් අත්අඩංගුවට ගෙන ගෙනැවිත් දමනවිට එවැනි දෙයක් ගැනවත් නොදන්නා අවස්ථා දක්නට තිබිණි. හතරවැනි තට්ටුවේදී සිරකරුවන් දැන සිටියයුතු දේ අතර විමර්ශන ඒකකය ප‍්‍රධාන තැනක් ගනී.
‘‘මොකක්ද චෝදනාව?’’ යනුවෙන් ඊළ`ගට ප‍්‍රශ්නය දමාගසනු ලබයි.
‘‘මොකක්ද කරපු හපන්කම?’’ යනුවෙන් යම් නිලධාරියකු විසින් උපහාසයෙන් විමසනු ලබන්නේ ද එයමය.
එහෙත් රැුඳවියන් ොොහ් විට එහිදිී තමන්ට සිදුවූ අකරතැබ්බය ගැන කියමින් අනුකම්පාව දිනාගන්නට උත්සාහ කරනවා මිස චෝදනාව පැහැදිළිව සඳහන් කරන්නේ නැත. බොහෝ නිලධාරින් ඒ දුක් අඳෝනා ඉවසීමෙන් යුතුව අසා සිට තමන් කැඳවාගෙන ආ නිලදාරින් ඉදිරිපත් කල චෝදනාව පැහැදිලිකරන තෙක් සවන් යොමු කරයි.
‘‘අපිට ඔය බයිලාවලින් වැඩක් නෑ. මොකක්ද කරපු වැරැුද්ද කියනවා’’ වැනි අවඥා සහගත ප‍්‍රතිචාර දක්වන නිලධාරින් ද නැතුවා නොවේ. කෙසේවෙතත් සිරමැදිරියේ ආරක්ෂක කටයුතු භාර නිලධාරියා සිරකරුවන්ගේ නම සහ ඔවුන් පිලිබඳ පරික්ෂන කරන අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය දැන සිටිය යුතුය. එල්ල වී ඇති චෝදනාව වමසා සිටින්නේ ඉහල නිලධාරියකු පැමිණ නිශ්චිත සිරකරුවකු පිළිබඳව විමසා සිටියහොත් එය දැනසිටීම වැදගත් වන නිසාය.
මෙසේ ප‍්‍රශ්න කිරිමෙන් පසු සිරමැදිරියේ ආහාර පාර්සල් ගණනට හා තේ ගෙන එන ලැයිස්තුවට රාත‍්‍රියේ ගෙන ආ තැනැත්තා ද ගණන් ගැනෙයි.

හතරවැනි තට්ටුවේදී – 10

ජනවාරි 30 වැනිදා මගේ රැඳවුම් කාලසීමාවේ දෙවැනි දිනයයි.
සිරකුටියේ රැඳවියන් විසින් උදයේ තේ පානය කරන්නේ තමතමන් කැමැති ආකාරයටය. සමහරු තේ ලැබුණු වහාම අවදි වී උණුසුමෙන්ම තේ පානය කරති. ඇතැමෙක් එය නිවී යනතුරු නිදා සිටී. උදයේ කිරිකහට බොන පිරිස වැඩිය. ප්ලේන්ටි බොන්නට කැමැති රැුඳවියන් ද සිටී. කිරි කහටවල ගුණාත්මකභාවය කල්පනා කරනවිට ප්ලේන්ටිය සෑහීමට පත්විය හැකි තත්වයේ ඇත. ඒත් පුරුද්දට මෙන් කිරිකහට බොන්නට වැඩි දෙනකු පුරුදුව සිටී. ඉන්පසුව නැවතත් පැදුරේ ඇලවන්නට පුරුදු වී සිටි සිරකරුවන් ද වේ. එහෙත් ශාරීරික ව්‍යායාමයේ යෙදෙන සිරකරුවකු දෙන්නකුට ඉඩ සැලසීමටත් ඒ වෙත අවධානය යොමුකිරීමටත් පෙලඹීම නිසා බොහෝ දෙනා පැදුරු කොට්ට හකුළා ගනිති.
කොට්ට? ඔව්. ඇත්තෙන්ම එහි කොට්ටයක් තිබිණි. ඒ මාළිගාවත්ත විහාරස්ථානයේ සිට අත්අඩංගුවට ගෙන ආ අයකු විසින් ගෙනආවකි. අනෙක්වා සිරකරුවන් විසින් තනාගත් කොට්ට විශේෂයකි. පරණ පත්තර හෝ රෙදි කැබැලි එකතුකර මෙම කොට්ට ඔතනු ලැබේ. පැරණි පුවත්පත් එකතුවක් ලෙස වරින්වර දිගහැර බලන්නටත් ඇතැම්විට යමක් කුරුටුගාන්නටත් යෙදවෙන මහා සම්පත වන්නේ ද මෙම පුවත්පත් මිටියමය. එහි දෙමළ ජාතික සිරකරුවන් විසින් සිය ඥාතීන් විසින් සපයනු ලැබ එක්රැුස්කර තබන දෙමළ පුවත්පත් හෝ වාර ප‍්‍රකාශන ද සිංහල ප‍්‍රකාශන ද තිබිණි.
මා නාන කාමරයට ගිය පසුව දක්නට ලැබුණේ එය වඩාත් පිරිසිදුව පවත්වාගෙන යනු ලබන බවකි. පහත මාලයන්හි කාර්යාල කාර්යමණ්ඩල සඳහා ඇති වැසිකිළි පවා මෙතරම් පිරිසිදු නැත. සුදු හතරැස් පිගන් ගඩොල් අල්ලා ඇති නානකාමරයේ වැසිකිළි දෙකක් හා නාන කාමරයකි. එහි අඩි හතරක පටු කොරිඩෝරයේ සිට පළමු දොරටුව අත්හැර දමා ඇති කැසිකිළියකටය. එහෙත් එහි මඳක් ඉහළින් ප්ලාස්ටික් ජල ටැංකියක් රඳවා තිබේ. එසේම ජල කරාමයක් හා ඉහළින් ඇති දියමලක් නැති ජලනළය ස්නානය සඳහා භාවිත කෙරේ. එම කාමරයෙන් ඔබ්බට දෙවැනි හා තෙවැනි දොරටු ඇත්තේ පැරැණි තාලයේ වැසිකිළි දෙකකටය. එසේ වුවද ඒ වෙත ප‍්‍රවේශවන දොරටු සැලූන් දොරටු වැනි ඉහළින් හා පහළින් විවර තබා සවිකර තිබිණි. එහෙයින් යමෙකුට පිටත සිට ඇතුළත දෙස එබී බැලිය හැකිය. එය සිරකරුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් ලෙස කිසිවකුට තර්ක කළ හැකිය.
කාන්තාවන් රැඳවුම්භාරයේ සිටින නිසා මෙම තත්වය කෙසේ සාධාරණ ද යන ප‍්‍රශ්නය ඇති වේ. එසේ වුවද එය රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වන්නකු පිළිගත යුතු තත්වය වේ. කාන්තාවන් එනම්, සිරකාරියන් මෙහි පැමිණෙන්නේ පුරුෂයන් එය භාවිතකර අවසන් වූ පසුවය. නොඑසේ නම්, රැඳවි කාන්තාවක් තමන්ට එහි යාමට අවශ්‍ය බව මුර සේවයේ නිලධාරිනියට දැනුම් දියයුතුය. ඉන්පසුව ඇය විසින් එය සැරයන්වරයාට දැනුම් දී නානකාමරයේ කිසිවකු නැති බව සැක හැර දැනගනී. නිලධාරිනිය සමග සිරකාරියට නානකාමරයට ඇතුළුවන්නට වරම් ලැබෙන්නේ ඒ ආකාරයටය.
හතරවැනි තට්ටුවේ සිරකරුවන් උදයෙන්ම අවදි වී තේ පානය කරන්නේ මුර සේවයේ සිටින සැරයන්වරයකු විසින් තේ බෝතල් ගෙනැවිත් දීමෙන් පසුවය. සිරකරුවන් සපයන හිස් බීම බෝතල්වල ප්ලේන්ටි හෝ කිරිකහට ගෙනැවිත් දෙන්නේ පොදු ආපන ශාලාවේ සිටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා ඇති ‘මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ල’ මහල් හයකින් සමන්විතය. 18වැනි සියවසේ අග හෝ 19වැනි සියවස මුලදී ඕලන්ද යටත්විජිත ලේකම්වරයා විසින් මෙරට පාලන කටයුතු මෙහෙයවීම සඳහා සිය පරිපාලන කාර්යාලය ලෙස මෙම මහලේකම් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන බවට ඓතිහාසික සාධක තිබේ. මේ වනවිට එහි බිම් මහලේ පිළිගැනීමේ කාර්යාලය, ආපන ශාලාව සහ පරිපාලන කාර්යාල පිහිටා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල ලබාගන්නා ආහාරපාන සිරකරුවන්ට ලැබෙන බව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව ‘සිරකරුවන් ද මනුෂ්‍යයන්ය’ යන අදහස ක‍්‍රියාත්මකවන බව පෙනෙන්නට තිබේ. අනෙක් අතට ‘පොලිස්කාරයන් ද සිරකරුවන්ය’ වැනි අරුතක් එහි සැගව ඇතැයි සිතිය හැකිය.
මා රඳවන ස්ථානය විශේෂයෙන් කල්පනාකර තීරණය කරනු ලැබූවත් අන් සිරකුටිවලට වැඩි වෙනසක් එහි නොවීය. හිරේ යාම හා කූරු ගණන්කිරීම වැනි යෙදුම් පත්තරකාරයන්ගේ භාෂාවේ ඇතුළත්ය. බොහෝවිට ඒවා කියැවෙන්නේ හාස්‍ය රසය පිණිසවන යෙදුම් ලෙසිනි. ඇත්තටම දැන් මට කූරු ගණන්කිරීමට අවස්ථාව උදාවී තිබිණි. දින කිහිපයක් කූරු ගණන්කරමින් මම එම සිරමැදුරේ කූරු ගණන නිවැරැුදිව මතක තබාගත්තෙමි. සිරකුටියේ ඉදිරිපස අගලේ කූරු 58ක් ද ඉහළින් කූරු 59ක් ද සවිකර තිබිණි. සිරමැදිරියේ පසුපස බිත්තියේ සිට අඩි 10ක් පමණ ඈතින් ඉදිරි කූරු පෙළ විය. දෙපස බිත්ති අතර වූ පැරැුණි බිත්තිය පරතරය අඩි 12ක් පමණ විය. දෙපස හා පිටුපස ඝන බිත්තියේ කිසිදු විවරයක් නැත. එහෙත් කූඩුවට ඉහළින් විදුරු පියන් සහිත පැරණි කවුළු පෙළකි. මැතකදී හතරැස් යකඩ ගරාදි සවිකර ඇති ඒවා සැමදා වසා දමා තිබිණි. කෙසේවෙතත් එම කවුළුවලට යටින් මෙම කුටියට ජනේලයක් පැවැති බවට සාධක තිබේ. එම ජනේලය ඉවත්කර ඉතිරිවන කවුළුව වසා බිත්තිය බැද ඇති බව නිසැකව පෙනේ. ‘දොඩම්පෙ මුදලාලි’ නම් වූ පුද්ගලයා සිරකරුවකු ලෙස සිටියදී මෙම කවුළුවෙන් පහතට පැන සියදිවි නසාගත් පසුව රහස් පොලිසියේ බලධාරින් එවැනි පියවරක් ගත්බව පසුව දැනගන්නට ලැබිණි.

හතරවැනි තට්ටුවේදී – 9

හතරවැනි තට්ටුවේ මා ගත කළ ඒ පළමු රාත‍්‍රියේ බොහෝ වේලා ගතවනතුරු දෑස පියාගත නොහැකි නොවූයේ එදින සිදුවීම් ආවර්ජනය කරමින් සිටි නිසාය.
ඉදිරිපස යකඩ කූරුවලින් යුතු වූ එම සිරමැදිරියේ දෙපසින් හා පිටුපසින් ඝන බිත්තියක් විය. සිමෙන්ති පොලොවේ සිට අඩි 8ක් පමණ ඉහළින් යකඩකූරු සවිකර සිරකරුවන් කොන්ක‍්‍රීට් තට්ටුව වෙත ළ`ගාවීම අවහිර කර තිබිණි. ඒ කූරුවලට ඉහළින් කොන්ක‍්‍රීට් තට්ටුවේ එල්බෙමින් තිබුණු විදුලි පංකාව කරකැවෙමින් සිරකරුවන්ගේ ගත උණුසුම නිවාදැමුවද වාතාශ‍්‍රය අවම විය. මම හාත්පස බැලූ විට දැකගන්නට ලැබුණේ සිරකරුවන් හය හත් දෙනෙකුට වඩා එහි වැතිර සිටින බවයි. ගණන් කළ විට එය 14 දෙනෙකු බව දැකගත හැකි විය. එකිනෙකා ආසන්නයේ වැතිර සිටි මේ අය කවුරුන්ද යන්න මට කුතුහලයක් ඇති කළත් ඒ ගැන සිතන්නට පවා මානසික තත්වයක මා සිටියේ නැත.
නිදන්නට වැතිර සිටි මගේ මතකය ඊළ`ග මොහොතේ එක්වරම දිව ගියේ නිවස වෙතය. නින්දට යන සෑම විට අප්පච්චී තමන් අසළ සිටිය යුතු බව මගේ දියණිය අවධාරණය කරයි. නිදන්නට මදුරු දැල සූදානම් කරන අවස්ථාවේ සතුටින් උද්දාම වී ‘කරේ පිටේ කරේ පිටේ’ යයි කෑගසමින් ඇ`දට දිව එන දියණිය, කෙසේ හෝ වදෙන් පොරෙන් මගේ කරමතට නැගගනී. මා එයට විරුද්ධ වුවහොත් ඇය මහත් දයාබර ලෙසින් යාප්පු වන්නට පටන් ගනී.
‘‘අනේ අප්පච්චි, එක්පාරක් කරේ පිටේ යන්න ඕනෑ… එක පාරක්’’
එවැනි ආයාචනයකට එරෙහිවන්නට සිහිකල්පනාව ඇති කිසිදු පියකුට නොහැකිවන බව මට සහතිකය. අවසරය ලද ඇසිල්ලෙහි ජයග‍්‍රාහී ලෙස සිනාසෙමින් ඇ`ද මත සිටින මගේ පිට මත නැගගෙන අසු පිට යන අසරුවකු මෙන් සි`ගිති දෑත, දෙපා හසුරුවන ඇය උදාන වාක්‍යයක් ද කියන්නීය.
‘හරකා පිට ජහ ගොනා, හරකා පිට ජහ ගොනා’
නිවසේදී පත්තරකාරයාගේ රාජකාරි කොපමණ තිබුණත් දියණියගේ ඉල්ලීම් ඉටුකිරීමේදී ප‍්‍රමුඛතාවයක් දෙන්නට මට සිදු විය. අඩු තරමින් එසේ කළ යුතුබවට බිරියගේ අවධාරණාත්මක ඉල්ලීමට මා එක`ග වූයෙමි. කිසිවකු එය නියෝගයක් පිළිපැදීමක් කීවද මම එක`ග වෙමි. එහෙත් එය මා සතුටින් යටත් වූ නියෝගයක් බව ද නොකියාම බැරිය.
එදා සිට සිරමැදිරියේ නින්දට යන සෑම අවස්ථාවකදීම මගේ මතකයට දියණියගේ මුහුණ මැවී පෙනෙන්නට වූයේ ඇගේ කෙළිලොල් හැසිරීම වි`දගන්නටත් ඇය හා කාලය ගෙවන්නටත් මට තිබුණු අවස්ථාව කුරිරු ලෙස පැහැරගෙන තිබුණු බැවිනි. දුක සැප බලා කියාගන්නට හැකි බිරියක් සිටීම පිරිමියකු ලබන වරප‍්‍රසාදයකි. එසේම මව්පියන් නිරතුරුවම ප‍්‍රබෝධයට පත්කරවන ප‍්‍රීතිමත් දරුවන් සිටීම ද මව්පියන් ලබන වරප‍්‍රසාදයකි. මා ඒ දෙකම ලබාගතහැකි අයකුවීමේ වාසනාව ලදිමි. එහෙත් දැන් මට එය අහිමිකර ඇති නිසා ඇත්තේ වේදනාවකි. එහෙත් දියණියගේ මතකය පවා මා මේ ඉරණමට ඇද දැමූ උන් ගැන කෝපයෙන් පුපුරන්නට නොහැකි තරමට මගේ හදවත මෘදු බවට පත්කරවන්නට සමත් විය.
අවසානයේ මා නින්දට වැටුණෙමි. පසුවදා උදයේ අවදි කරවනු ලැබුවේ යකඩ ගේට්ටුව අගුලූ ලෑ ඉබියතුරු විවෘතකරන ශබ්දයෙනි.
මම දෑස් විවර කරමින් අවට බැලූවෙමි. තවමත් ම`ද අ`දුර රැු`දී ඇති නිසා වෙලාව උදෑසන හය පමණ වන්නට ඇතැයි සිතුවෙමි. සිරකරුවකු නානකාමරයට යන්නට ආරක්ෂක භටයා කැ`දවා තිබේ. ඔහු දොර විවරකර දුන් පසුව වරකට දෙදෙනා බැගින් නානකාමරයට යා හැකි විය.
නිදාගෙන හුන් අය එකා දෙන්නා බැගින් අවදිවන අයුරුත් සමහරුන්ගේ ශාරීරික ස්වභාවයත් නිවැරැුදි ලෙස මට දැකගන්නට හැකි වූයේ ඒ අවස්ථාවේදීය. ඇතැමුන් බාහිර පෙනුමින්ම අහිංසකයන් බව දැකගතහැකි විය. ඒ අතර දෙමළ ජාතිකයන්යැයි කිවහැකි අය දෙමළ බසින් එකිනෙකා ආමන්ත‍්‍රණය කරණු දැකිය හැකි විය.
අවදිවූවන් අතර අයකු නානකාමරයට ගොස් නැවත පැමිණ ශාරීරික ව්‍යායාම කරන්නට පටන්ගත්තේය. මා නිදා සිටි තැනින් මෑත වී ඔහුට ඉඩ ෂලසා දුන්නෙමි. මධ්‍යම ප‍්‍රමාණයේ වැඩුණු සිරුරක් ඇති ඒ තරුණයා දෙමළ ජාතිකයකු බව අන්‍යයන් ඔහු සම`ග කරණ වචන හුවමාරුවෙන් මම තේරුම් ගතිමි. එහෙත් ඔහු වචනයකට දෙකකට සීමා වී කතාව කෙටිකර සිය කාර්යය දිගටම කරගෙන ගියේය. ක‍්‍රීඩා පුහුණුවකදී මෙන් සැහැල්ලූවෙන් ශාරීරික ශක්තිය පවත්වාගෙන යන්නට ඔහු දරණ වෑයම විසින් උදයේම නිවසේ මතකය යළි අලූත්වෙමින් පුළි`ගු ලෙස ඇවිළෙමින් තිබුණු මාගේ චිත්ත පීඩාවන් දුරුකරවන්නට සමත් විය.
‘‘තේ කීයද?’’
ඊළ`ග මොහොතේ මගේ අවධානය යොමුවූයේ ආරක්ෂක නිලධාරියා සිරමැදිරිය ඉදිරියට පැමිණ කළ විමසීමෙනි.
‘‘ඔන්ඩු, රෙන්ඩු, මූන්ඞ්රු…….’’
අසළ හි`ද සිටි අයකු විසින් ගණන්කිරීම ආරම්භ කළේය.
‘‘මිනිහෝ ඊයෙ හිටපු ගාන කියනවා. හැමදාම ගැනලා බලන්න ඕනෙද?’’
ආරක්ෂක නිලධාරියා කළ තරවටුව කාගේත් මානසිකත්වය වෙනස් තත්වයකට ගෙනා බව පැහැදිළිය. අප සිටින්නේ යම් කිසි බෝඩිමක නොව සිරකුටියක බව ඒ නිල ස්වරයෙන් ඒත්තුගන්වනු ලැබිණි.
‘‘සර්, …………….’’ දෙමළ බසින් යමක් පැහැදිලි කරන්නට ගනන් කිරීම සිදුකළ තරුණයා උත්සාහ දැරීය.
‘‘ ඊයෙ ? එකෙක් ගෙනාවට හිටිය ගාන මතකයිනෙ?’’ ඔහු පෙරළා ප‍්‍රශ්න කරයි. සියල්ලෝ තුෂ්ණිම්භූතව සිටිති.
මා ද ඇතුළුව 14දෙනකු සිටින බව කියැවිණි. හැම දෙනාටම තේ ගෙන එන්නට ප්ලාස්ටික් බෝතල් කිහිපයක් නිලධාරියා අතට පත්කරණු ලැබිණි. යකඩකූරු අතරින් ප්ලාස්ටික් බෝතල් තල්ලූ කරනවිට ඇති කරන අප‍්‍රසන්න නාදය අපගේ සිත් සිරකුටියේ සිට හ`ඩා වැළපෙන ස්වරය වැනි යයි මට සිතිණි.
‘‘කවුද අර ඊයෙ ? ආවෙ?’’
‘‘මම’’ සිටි තැනින් මෑත්වෙමින් මම ඉදිරිපත් වූයෙමි.
‘‘ආ මෙයාද? මොකක්ද නම?’’
සුපුරුදු පරිදි නැවතත් මගේ නම කුමක්දැයි විමසනු ලැබීමෙන් අද හතරවැනි තට්ටුවේ ජීවිතය, ඊයේට වඩා වෙනස් නොවනු ඇති බව වටහා ගත්තෙමි.

හතරවන තට්ටුවේදී – 8

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයේ මා ගතකළ පළමුවැනි දිනය අවසන්වෙමින් තිබිණි. ඒ රාත‍්‍රියේ මා අපරාධ පරික්ෂණයට රැගෙන එනවිට මධ්‍යම රාත‍්‍රිය ඉක්ම ගොස්ය.
මා රැුඳවිය යුතු කුමන සිරකුටියකදැයි කෙටි සාකච්චාවකින් පසුව පොලිස් පරික්ෂක ‘පී’ ඒ ස`දහා හතරවැනි තට්ටුවේ සිරකුටියක් තෝරාගන්නා ලෙස උපපොලිස්පරික්ෂක ‘කේ’ වෙත දන්වන ලදී. එය මාගේ ‘සුවපහසුව’ පිණිස තෝරාගත් බවක් ඔවුන් විසින් මා හට දන්වන ලදී. පසුව දැනගත් ආකාරයට එහි යම් සත්‍යතාවයක් තිබිණි.
දින 90ක් ඉක්මවිය හැකි සිරගත ජීවිතය සඳහා හිත හදාගෙන ඒ වනවිට මා වෙත ලබාදී තිබුණු ඇ`දුම් බෑගය අතට ගත්තෙමි.
‘බෙල්ට් එකයි සපත්තු දෙකයි මෙහෙ තියලා යන්න’ පොලිස් පරික්ෂකවරයා එම නියෝගය නිකුත් කරන ලද්දේ මා වෙත උපදෙස් දෙන ස්වරයකිනි. ඇතැම් සැකකරුවන් බෙල්ට් ඉනපටියෙන් සිරකුටි තුළ ගෙලවැලලාගැනීම් කළ අවස්ථා තිබිණි. පහරදීම් හා වෙනත් අනතුරු ඇතිවිය හැකි බැවින් පූර්වාරක්ෂක පියවරක් ලෙස එවැනි තීන්දු ගන්නා බව මම දැන සිටියෙමි.
මේ වනවිටත් මා සතුව තිබුණු ජනමාධ්‍ය හැඳුනුම්පත හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අමුත්තන්ට ලබාදෙන හැ`දුනුම්පත ද ඒ අවස්ථාවේම පොලිස්පරික්ෂකවරයා අත තැබුවෙමි. එය ඔහු විසින් සිය මේසයේ ලාච්චුවක බහාලන ලදී.
‘හෙට අපිට ගොඩක් වැඩ තියෙනවා. දැන් ගිහින් නිදාගන්න’ මිත‍්‍රශීලී ස්වරයෙන් ඔහු එසේ කියත්ම මම පුරුද්දට මෙන් ‘ගුඞ් නයිට්’ යැයි කීවෙමි.
‘ඔව් ඉතින් ගුට් නයිට් කියලා කියමු නේද? මේක නරක අත්දැකීමක් වුනත් අපට සුබපතාගන්න පුළුවන්නෙ’ ඔහුගේ පිළිතුර උපහාසාත්මක විය. උප පොලිස් පරික්ෂකවයා විදුලි සෝපානයෙන් හතරවැනි තට්ටුවට මා කැ`දවාගෙන ගොස් එහි වූ තවත් අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයක් අසළ නතර විය.
එතැනදී ‘සිරමැදිරියට’ මා පිළිගනු ලබන බව දැනගතහැකි විය. පසෙකින් වූයේ රූපවාහිනී තිරයකි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ ස්ථාන කිහිපයක සවිකර ඇති ආරක්ෂක කැමරාවල දර්ශන ඒ තිරය මත මාරුවෙන් මාරුවට දර්ශනය විය.
‘නම කියන්න’
රාත‍්‍රී සේවයේ නියුතු නිලධාරිනියගේ වියළි ස්වරයෙන් මගේ විමසුම් ඇස ඉදිරිපස වූ තරමක් විශාල පොත වෙත යොමු විය. ඇයට ප‍්‍රතිචාර දක්වමින් ම එදිනට මගේ නම කියන්නේ කී වැනි වතාවටදැයි මතක්කරගන්නට ගත් උත්සාහය අසාර්ථක විය. මා දෙස වියළි ලෙස බලා සිටින තරුණ පොලිස් නිලධාරියකුගේ නිදිමත ස්වභාවය එවිට මගේ අවධානයට ලක්විය.
‘‘දැන් යමු’’ උප පොලිස් පරික්ෂකවරයා කොරිඩෝව දිගේ මා කැ`දවාගෙන සිරකූඩු තිබෙන ස්ථානය වෙත ගියේය. පළමුවෙන්ම දක්නට ලැබුණේ කාන්තාවන් රැු`දවූ කුඩා සිරකුටියකි. ඒ ඉදිරිපසින් සිවිල් හැඳි පොලිස් කාන්තාවක් අසුන්ගෙ සිටියාය. ඇය විමසිලිමත්ව අප දෙස බැලූවත් මොහොතකට පෙර නින්දේ සිටින්නට ඇති බව ඇගේ දෑසින් පළවිය. සිකුටියේ වූවන් කී දෙනාදැයි කිවනොහැකි අඩ අඳුරක් විය. ඔවුහු නින්දේ සිටියහ. නිසැකවම ඒ කොටි සාමාජිකාවන් හෝ දෙමළ ජාතික සැකකාරියන් බව මට සිතිණි. ඉන් ඔබ්බේ වූ කුටියක් පසුකර මා යොමු කරන ලද්දේ තරමක් විශාල සිරකුටියකටයි. විදුලි බුබුලූ නිවාදමා තිබුණු නිසා අඩ අඳුරක පැවැති සිරමැදිරයේ ඒ මේ අත දිගහැරී මිනිසුන් නිදා සිටින අතර යකඩ දොරටුවේ ඉබියතුරු විවෘත කරන ලදී. නැවතත් හ`ඩ නගමින් ඉබියතුරු අගුලූලන විට මා සිටියේ සිරකුටිය තුළය.
ඇතුළුවන ස්ථානයේ ම විවිධ ප‍්‍රමාණයේ වතුර බෝතල් හා බාල්දි වෙන්වෙන්ව තබා තිබිණි. ඒවා ම`ගහැර සිරමැදිරියට ප‍්‍රවේශ වුවත්ඉන් ඔබ්බට යනනට නොහැකිය. සිරකරුවෝ බිම වැතිරී නිදති. මම ඔවුන් දෙසත් මුරභටයා දෙසත් බැලූවෙමි.
‘ඉඩතියෙන තැනකින් ඔය පැදුරක් එලාගන්න’
මුරභටයාගෙන් මිත‍්‍රශීලී විධානයකි. කනටකර ඔහුට යමක් පවසමින් උපපොලිස්පරික්ෂකවරයා යන්නට සූදානම් විය.
‘චන්දන මහත්තයා එහෙනම් අපි හෙට හම්බ වෙමු.’
‘රයිට්, ගුඞ් නයිට්’ මම පිළිතුරු ලෙස පැවසුවෙමි.
මාඇතුළු වී සිටියේ තරමක් ඉඩකඩ ඇති සිරමැදිරියකට බව හාත්පස බලනවිට පැහැදිළි විය. ඒ තුළ සිරකරුවන් පිරිසක් වැටී නිදති. විකල්පයක් නැත. මම අසළ වූ පදුරු ගොඬේ පැදුරක් තෝරාගත්තෙමි. එය දිගහරිමින් වැතිරගන්නා විට හිසට තබාගන්නට තිබුණේද පැදුරු කිහිපයකි.
මා කැ`දවා ආ නිලධාරියාගේත් මුරභටයාගෙත් පා තබන හඬ අවසන්වන තෙක් මම වැතිරගෙන දෑස් වසා සිටියෙමි. ඉන්පසුව දෑස් හැර බලනවිට කුටියේ සිටින පුද්ගලයන්ගේ විවිධ හැඩරුව අඳුර මැදින් මට දැකගත හැකි විය. ඒ අයගේ හුස්ම ඉහළ පහළ වැටෙන හ`ඩ විවිධාකාරය. ඒ අසමින් මම හෙට දවස ගැන සිතුවෙමි.

හතරවන තට්ටුවේදී – 7

කොට්ටාව නගරය පසුකරමින් වාහනය නිවස වෙත ළ`ගාවූයේ රාත‍්‍රී 10.00ට පමණය. නිවෙස් හිමිකරුගේ ප‍්‍රධාන නිවසේ විදුලි පහන් දැල්වුණද යාබදව පිහිටි මගේ නිවහනේ විදුලි පහන් නිවාදමා තිබිණි. මා කෙළින්ම මගේ නිවසේ දොරටුව වෙත ගොස් තට්ටු කළෙමි. පිළිතුරක් නැත.
‘‘ගෙදර කවුරුත් නෑ වගේ’’ මම නිලධාරින් දෙසට හැරී පැවසුවෙමි.
කෙසේවෙතත් මා නැවතවරක් තට්ටු කළේ කිසිවකු නැති බව සැකහැර දැනගන්නටය. ඉන්පසුව ප‍්‍රධාන නිවසේ දොරටුව වෙත ගිය උපපොලිස් පරික්ෂකවරයා දොරටුවට තට්ටුකර නිවෙස් හිමියා ඇමතීය. කාරුනික පුද්ගලයකු වූ ඔහු වහා දොරටුව හැර නිලධාරින්ට අවශ්‍ය කුමක්දැයි විමසා සිටියේය. ඔහු පැවසූ ආකාරයට දිවා කාලයේ නිවසින් පිටව ගිය බිරිය සහ දියණිය නැවත නිවසට පැමින නැත. ඒ අනුව ඔවුන් ඥාතියකුගේ හෝ හිතවතකුගේ නිවසට යන්නට ඇති බව මට සිතිණි. සාමාන්‍යයෙන් මා නිවසේ නොමැති අවස්ථාවල ඇය නිවස හැර යන්නේ නැත. එහෙත් අද ඇත්තේ වෙනත් රාත‍්‍රියක වැනි තත්වයක් නොවේ. යම් අවදානමක් දරන්නට වුවහොත් රාත‍්‍රියේ නිවසේ තනිව සිටීම නුසුදුසු බව ඈ කල්පනාකරන්නට ඇත. පවුලේ සැම දෙනා එක්ව හි`දින අවස්ථාවකදී එකාමෙන් කටයුතු කළහැකි නමුත් මා දුරස්ත වී සිටිනවිට ආරක්ෂාව පිළිබ`ද අවදානමක් ඇතිනිසා නිවසින් පිටත ස්ථානයක ආරක්ෂාව සපයාගන්නට ඇය තීරණය කළා වියයුතුය. මේ උපකල්පනය නිසා මට යම් සහනදායක හැ`ගීමක් ඇතිවුවද බිරියගෙන් නිශ්චිත පණිවිඩයක් නොමැතිවීමෙන් ඔලූව අවුල්වන තත්වයක් තිබිණි. කෙසේ වෙතත් මෙම වියවුල්කාරී තත්වයම එළඹෙන ඕනෑම දෙයකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට තරම් අධිෂ්ඨානයක් මා වෙත ඇතිකරවීය.
‘‘මොනවා කරන්නද? අපි යං යන්න.’’
එහිදී නිවෙස්හිමියා අමතා බිරිය පැමිණි පසුව දෙන්නට මාගේ අත් ඔරලෝසුව හා මංගල මුදුව භාර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. මා සතුව ඇති වටිනා පරිභෝග වස්තුන් ලෙස සිරමැදිරියකදී තබාගැනීම සුදුසු නැති බව මට සිතුනි. කලාතුරකින් ගලවන මංගල මුදුව දකුණතේ වෙදැ`රැුිල්ලෙන් ඉවත්කිරීම දුෂ්කර වුවද වේදනාවෙන් යුතුව එය ගලවාගතිමි. ඒවා සුරැුකිව බිරියට දෙන බව කී හෙතෙම මාගේ ආරක්ෂාව පිළිබ`දව සැළකිළිමත්වන ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ පාඩුවේ ජීවත්වන ඔහු එවැනිම ආකාරයෙන් ජිවත්වන අප ගැන විමසිලිමත්ව සිටියේය. කලකට පෙර බිරිය මියයාමෙන් පසු නැවත විවාහ නොවී සිය එකම පිරිමි දරුවා රැුකබලාගෙන නිහ`ඩව ජීවත්වූ මේ සත්පුරුෂයා අප ගැන යම් පැහැදීමකින් සිටින බව මා දැනගත්තේ මින් පෙර දවසේ මා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කටයුතු කළ අකාරයෙනි. සාමාන්‍යයෙන් කුලී නිවැසියන්ගේ ජීවිතවලට පොලිසිය මැදිහත්වන කිසිදු අවස්ථාවක් යහපත් දෙයක් ලෙස නිවෙස්හිමියන් සිතන්නේ නැත. එවැනි පුද්ගලයන් තම නිවසින් පළවා හරින්නට හැකි ඉක්මනින් කටයුතු නොකරන්නේ එහෙමත් නිවෙස්හිමියෙකි.
කෙසේ වෙතත් මා සම`ග එහි ගිය නිලධාරියකු මා නැති අවස්ථාවක් බලා මගේ පදිංචියට අදාළ කුලී ගිවිසුම පිළිබ`දව විමසා ඇති බව පසුව දැනගන්නට ලැබිණි. ඒ වෙලාවේ කුලී ගිවිසුම ඔහු සතුව නොතිබුණි.
‘‘මේ වගේ මිනිස්සු ඉන්නකොට ඔහෙලටත් කරදරයක්නෙ? යන්න කියන්නයි තියෙන්නෙ’’ යනුවෙන් නිවෙස් හිමියාගේ හිත බි`දවීමේ උත්සාහයක් එමනිලධාරියා විසින් දරා තිබිණි. එහෙත් මා කිසිවකුට කරදරයක් කරන අයකු නොවන බවත් හැමවිටම කිසිවකුට හිරිහැරයක්නොවන ලෙස ජිවත්වූ බවත් නිවෙස්හිමියා එහිදී සහතිකකර තිබිණි.
කිට්ටු හිතවතුන් නිසා කුලී ගිවිසුමකට වඩා අප අතර විශ්වාසයක් ඇති බව මෙහිදී නිවෙස් හිමියා නිලධාරියා වෙත දන්වා තිබිණි.
‘‘කිසි තේරුමක් නැති ගමනක්නෙ ආවෙ.’’ පොලිසි පරික්ෂක ‘කේ’ එසේ කීවේ නැවතත් රථය වෙත දැස් යොමුකරමින්ය.
රාත‍්‍රියේ මේ ගමන යායුතුු නැතිබව කල් තියා ඔහුට පැවසූ මට කියන්නට දෙයක් තිබිණි. එහෙත් ඔහු ඒ බව වටහා ගත් නිසාදෝ මා දෙස කෙළින් නොබලා වාහනයට ගොඩවිය. නිහ`ඩතාවය වචනදහසක් වටිනා බව සිහිපත්වූ නිසා මම නිහ`ඩව කැබ්රථයේ පසුපසින් එයට ඇතූළුවූයෙමි. රථය පණගැන්විණි.

හතරවන තට්ටුවේදී – 6

කළමනාකරුගේ අවසරය ලැබීමෙන් පසු කාර්යාල සහායක ලාල් විසින් දොරටුව විවර කළ පසුව රහස් පොලිසියේ නිලධාරිහු මා පෙරටු කොටගෙන එහි ඇතුළු වූහ. ලාල්ට අමතරව ඇතුළේ සිටියේ පරිගණක අංශයේ කෙනෙක් පමණකි. කෙසේවෙතත් කාර්යාලය පරික්ෂා කිරීමට වඩා ඔවුන්ට අවශ්‍ය වූයේ මා ප‍්‍රකාශය ලබාදෙනවිට ස`දහන් කළ ලියකියැවිලි ඇත්දැයි පිරික්සීම බව පෙනෙන්නට තිබිණි. රාත‍්‍රියේ කාර්යාලයට යාම නිරර්ථක වනු ඇති බවත් අදාළ කාර්යයට සහාය ලබාගන්නට නම් පරිගණක අංශයේ සේවකයන් අවශ්‍යවන බව මා ඔවුන්ට මෙහි පැමිණෙන්නට පෙරාතුව පහදා දෙන්නට උත්සාහකළේ මේ නිසාය. පරිගණක අංශයේ සේවකයන් පැමිණ නැතිබව කාර්යාලයට පැමිණීමෙන් පසුව දැනගැනීම නිසා මුද්‍රණ ඵලක හා වෙනත් සාක්ෂ්‍ය ලබාදෙන ලෙස කළමනාකාර අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් දැනුම්දෙන්නට උපපොලිස් පරික්ෂකවරයා කටයුතු කළේය.
ඒ වනවිටත් රහස් පොලිසිය ලංකා කාර්යාලයට පැමිනීමේ පුවත විවිධ ජනමාධ්‍ය ආයතනවලට සැලවීමෙන් වාර්තාකරුවන් කාරයාලයට පැමිෙ\නනු දක්නට ලැබිණි. එහෙත් ජනමාධ්‍ය වෙත අවශ්‍ය කිසිවක් ප‍්‍රකාශ නොකරන ලෙස නිලධාරිහු මට දන්වා සිටියහ. ඒ බව දැනගැනීමෙන් අනතුරුව වාර්තාකරුවෝ ඡුායාරූප හා වීඩියෝ පටිගතකරගැනීමෙන් පමණක් සෑහීමට පත්වූහ. මේ වනවිට කර්තෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුද එහි ළ`ගා වී සිටියහ. මගේ පරිහරණයට ඇඳුම් කිහිපයක් සහ පොත් කිහිපයක් දැමූ ගමන් බෑගයක් දයා විසින් මාවෙත ලබාදීමට ගෙනැවිත් තිබිණි. රහස් පොලිසියේ නිලධාරිහු ඒවා සියතට ගෙන හො`දින් පරික්ෂා කිරීමෙන් පසුව මා අතට පත්කළහ.
ඉන් අනතුරුව නැවතත් මා කැ`දවාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණි ඔවුන් මගේ නිවහන බලා ගමන් ගන්නා ලදී. රාත‍්‍රී අන්ධකාරය පසුබස්වමින් වීදි පහන් හා කඩසාප්පුවල පහන් දැල්වී තිබිණි. එහෙත් ඉක්මනින් වැසී යන කඩසාප්පුවල විදුලි පහන් නිවී යමින් තිබිණි. කෙට්ටාව සිට දෙල්ක`ද දක්වා හයිලෙවල් පාරේ මේ දසුන් මට අමුත්තක් නොවීය. වෙනදා කාර්යාලයට යන්නට උදැසනින් නිවසින් පිටවන මා ගමන් කාර්යබහුලවන රථවාහන හා මිනිසුන් මැදින් ගන්නේද දවසේ වැඩකටයුතු නිමවා නැවත නිවහන බලා එන්නේ මේ මාර්ගයේමය. බොහෝ දිනවල නැවත පැමිණෙන්නේ රූ බෝවූ පසුව නිසා දැන් මාගමන් කරන්නේ හුරුපුරුදු දසුන් අතරිනි. එහෙත් මගේ මනෝභාවයන් රැු`දවුම්කරුවකුගේ තත්වයට ඇදවැටී තිබුණු නිසා වෙනදා මෙන් එදින අවසන් කළ සහ පසුදා නියමිත කටයුතු මෙනෙහි කරමින් ගමන්කරන්නට අවස්ථාවක් නොවීය. පත්තරකාරයාගේ ජීවිතය පිළිබ`ද නැවත මෙනෙහි කිරීමක් කරන්නට ද මේ රාත‍්‍රියේ මට විවේකදායී මානසිකත්වයක් නැත. ඒ වෙනුවට එළඹෙන මිනිත්තුකිහිපයේ හමුවන බිරියගේ වෙදනාවෙන් පිරුණු මුහුණින්, ඇය පසුපසින් එබී බලන දියණියගේ බියපත් මුහුණින් මගේ කල්පනාලෝකය පිරී යමින් තිබේ. ඔවුන් අනපේක්ෂිත ආකාරයෙන් මා නැවත නිවසට පැමිණීම තේරුම් ගනු ඇත්තේ කෙසේද? මා නිදහස් කරන ලදැයි වැරැුදි වැටහීමක් එක්වරම එන්නට පුළුවන. මින් පෙර අවස්ථාවකදී ද මා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප‍්‍රකාශයක් සටහන් කරගෙන නැවත කැ`දවාගෙන ආවේ මේ ආකාරයටය.
ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් එදා මා අත්අඩංගුවට ගැණුනේ ජෙනරාල් ෆොන්සේකා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විරසකභාවයක් ඇතිව තිබෙන බව පළමුවරට රටට හෙළිදරව්කිරීමේ වරදටය. එදින කාර්යාලයීය සහෘදයන් සම`ග ක‍්‍රිකට් තරගයකට සහභාගිවෙමින් සිටියදී මා අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් පරික්ෂක ‘ඒ’ සම`ග පැමිණි හෝමාගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසිනි. එදා මට එරෙහිව නැ`ගුණු චෝදනාව වූයේ රජයට එරෙහිව ජනතාව අතර කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දැරිමය. රහස් පොලිසියේදී අදදිනයේ මා හට නැ`ගුණු චෝදනාවත් එයම විය. එදා මා විසින් අප පළකළ පුවතට අදාළ පසුබිම පැහැදිළි කරමින් පුවතේ මූලාශ‍්‍ර හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව නැවත මා නිවසට ගෙනැවිත් බිරියට භාරදෙන් ලදී. එහෙත් අද එවැනි සිදුවීමක් නොවන බව දන්නා මට ඔවුන්ගේ මුහුණු එක්වර ඇතිවන අපේක්ෂාවෙන් හා සැණින් ඒ අපේක්ෂාව සුණුවිසුනුවීමෙන් ඇතිවන වේදනාව පෙරදැකිය හැකිය.

Advertisements