‘ජූලියස් ෆුචික්’

ජූලියස් ෆුචික්



අද සැප්තැම්බර් 08,  ‘ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’යි. මෙම සුවිශේෂී දිනය නම්කරණු ලැබුවේ එක් සුවිශේෂී පුවත්පත්කලාවේදියකු මානව සංහතියේ ආරක්ෂාව වෙනුවෙන් ලියූ වරදට මරාදැමුණු දිනය එදා වූ නිසාය. මේ සටහන ඔහු වෙනුවෙනි.

—————————
තවත් දිනයක් උදා වෙමින් තිබිණි. ඒ 1943 සැප්තැම්බර් 08 වනදාය. නාසි අලූගෝසුවන් විසින් ඒ රාත‍්‍රියේ දී ජර්මනියේ බර්ලින් අගනුවර ‘ප්ලොටෙන්සී’ බන්ධනාගාරය තුළ සිරකරුවන් 360 දෙනෙකු මරා දමන ලදී. දහස් ගණනක් එකවර මරා දැමූ කාලයක 360 දෙනකු යනු සුළු ඉලක්කයකි. ඒ මරා දැමූ හැම දෙනාම මිනිසුන්ය. වෙනසකට තිබුණේ ඔවුන් නාසිවාදයට එරෙහි වූවන් වීමය. ඒ අතර සිටි එක්තරා සුවිශේෂී මිනිසකු, ‘ජූලියස් ෆුචික්’ නම් විය. 

1903 පෙබරවාරි 23වන දින ප‍්‍රාග් නගරයේ ස්මිචොව් හි උපන් ඔහුගේ පියා ඉංජිනේරුවකි. තරමක් වත්පොහොසත් කමින් යුතු පවුලක දරුවකු ලෙස ඔහුට සිටියේ සහෝදරියක් පමණි. වසය 12 වන විට ලෝකය පිළිබඳව කුතුහලයෙන් බලන දරුවකු වූ ජූලියස් සිය ලේඛන දිවියේ මුල් පියවර තබන්නට විය. පාසල් අභ්‍යාස පොත්වල ප‍්‍රවෘත්ති වාර්තා සහ විචාර ලිපි ලියමින් ඔහු සුවිශේෂී ශිෂ්‍යයකු විය. පැස්ටල් හෝ තීන්ත පෑන්වලින් අලංකාර ලෙස නිමැවුණු පත්තර පිටු ද ඔහුගේ ලේඛන ජීවිතයේ අනාගතය පිළිබඳව ඉඟි කළේය. සිය සහෝදරියගේ පැසසුම් මුසු දිරිමත්කිරීම් තුළින් ඉදිරියට ගිය ජුලෝ (ජූලියස්ගේ සුරතල් නාමය* තමන් අවට ලෝකයේ සිදුවන දේ පිළිබඳව අවධානයෙන් සිටියේය.

1914 වනවිට චෙක් දේශය අරක් ගෙන සිටි ඔස්ට්‍රො-හංගේරියානු ආධිරාජ්‍යයට පළමු ලෝක යුද්ධයට සහභාගි වීම නිසා යුද්ධයේ කටුකත්වයද ආර්ථික දුෂ්කරතාද එකවර දැනෙමින් තිබිණි. මර්දනකාරීත්වය මෙන්ම ජනතාව පීඩා විඳින අයුරු සිය අත්දැකීමෙන්ම වටහා ගන්නට ජූලියස්ට හැකිවිය. පාන් පෝලිම්වල සිටින කාන්තාවන් ‘විප්ලවය’ පිළිබඳව කතා කරනු ඇසීමෙන් ඔහු විප්ලවකාරී දේශපාලනයට මුලින්ම ආකර්ෂණය විය. 1918 මාර්තු 21වන දින දුටු සිදුවීමකින් ඔහු මුළුමනින්ම සසල විය. එදින කුසගින්න නිසා පාන් සොරකම් කළ ළමුන් කණ්ඩායමකට ප‍්‍රසිද්ධියේ වෙඩිතබා මරා දමනු දුටු ‘ජුලෝ’ නමැති 15 හැවිරිදි නව යෞවනයාට සමාජ අසාධාරණයට, ජනතා මර්දනයට එරෙහිව නැ`ගීමේ පළමු සංඥාව ලබාදුන්නේ එම කෲර සිදුවීම විය යුතුය. මේ ආකාරයට තමා අවට ලෝකය දෙස විමසුම් ඇසින් බලමින් කල්පනා ශක්තිය මෙහෙයවමින් තමා තුළ වූ අව්‍යාජ මිනිසා අවදි කරගන්නට ජූලියස්ට හැකි විය. ඔහු සැබෑ සුවිශේෂී මාධ්‍යවේදියකු කළේ ද එම තත්වයන් සැබෑ ලෙස ලොවට කීමට ඇති උනන්දුව විය යුතුය. 

‘‘මම හැදී වැඩුණේ යුද්ධය ඇවිළුණු වටපිටාවකය. මා අවට ලෝකයේ යම් වරදක් තිබෙන බව මට පෙනුණි. ජනතාව එකිනෙකා සමඟ ඇන කොටා ගන්නා නමුත් යම් යහපත් ජීවිතයක ප‍්‍රාර්ථනා ඔවුන් වෙත තිබෙන බව මට දැකගත හැකිවිය. එහෙයින් ඔවුන් කියන ආකාරයටම මම ඒ වැරදි විවේචනය කිරීමට පටන් ගතිමි. පොත් හා නාට්‍ය මගේ ලෝකයේ විශාල කොටසක් පුරවාලීය. ඒ පොත් කියවන විට එයින් සමහර පොත් යම් දෙයක් කතා කරන අතර තවත් සමහර පොත් තනිකරම ගොලූ බවක් මට දැනුණි. ඒ නිසාම කිසිදු පොතක් ගොලූවිය යුතු නැති බවත් ඉන් කතා කරන දේ අවංකව විය යුතු බවත් නිගමනය කිරීමට මට හැකිවිය. යහපත් ලෝකයක් වෙනුවෙන් මාගේ අරගලය ඇරඹූයේ ඒ ආකාරයෙනි. ඉතින් මම පොත් ගැන හා නාට්‍ය ගැන ලිවීමට පටන් ගත්තෙමි.’’
– ජී.ෆුචිකෝවා (ජුලියස් ෆුචික් චරිතාපදානය – 12-13 පිටු – 1955 ප‍්‍රාග් මුද්‍රණය* 

‘ඩෙවස්ටිල්’ නමින් වූ කොමියුනිස්ට්වාදී ලේඛක කණ්ඩායමක් ජූලියස්ගේ ද සහභාගිත්වයෙන් 1920 ඔක්තෝබර් මාසයේදී ආරම්භ විය. ෆ‍්‍රාන්ස් කෆ්කාගේ කෘතීන් ඔවුන්ගේ මහත් අවධානයට ලක්විය. චෙක් ජාතික ලේඛකයකු වූ ජාරොස්ලොව් ගුසෙක්ගේ සුප‍්‍රකට කෘතිය වූ ‘‘ස්වෙජ් නම් යහපත් සෙබලා’’ ජූලියස්ගේ ජීවිතයට මහත් බලපෑමක් කළ බවද ඔහු ලියූ සටහන්වලින් පැහැදිලි වෙයි. 

කෙසේවෙතත් 1921 ඔක්තෝබර් 28 වන දින ඔස්ට්‍රො හංගේරියන් අධිරාජ්‍යය බිඳ දමමින් පළමු ලෝක සංග‍්‍රාමයේ අවසන් කාලය එළඹුණි. එදින චෙක් හා ස්ලෝවැක් ජාතික ජනපද ඒකරාශි කරමින් ‘ ‘පළමු චෙකොස්ලොවැකියා ජනරජය’’ බිහිවීමෙන් පසු ජනතාව වීදිවලට බැස ප‍්‍රීතිවන විට ජුලෝද ඔවුන් සමඟ සතුට බෙදාගත්තේය. වයස 16 පසුකරන විට වාමාංශික දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ හෙතෙම ගතානුගතික රෝමානු කතෝලික පල්ලියට ආයුබෝවන් කීවේය. 1921 ආරම්භ කරනු ලැබූ චෙකොස්ලෝවැකියානු කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයකු වීමටද ඔහුට හැකිවිය. 

චෙක් කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රකාශනය වූ ‘රතු අයිතිය’ හි සම කර්තෘවරයකු ලෙස කටයුතු කරමින් පුවත්පත්කලා ජීවිතය තුළ අපේක්‍ෂා කළ ‘වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගලය’ ප‍්‍රායෝගිකව ආරම්භ කළ ජූලියස් ‘නිර්මාණ’ ‘නලාව’ වැනි විවිධ නම්වලින් යුතු ප‍්‍රකාශන ගණනාවක් මෙහෙයවමින් චෙක් ස්ලෝවැකියානු ජනතාව සිය අනාගත අරගලය වෙත ගෙනයාමේ මතවාදී අරගලයට දායක විය. ජූලියස් ලියූ කෘති අතර, සෝවියට් දේශයේත් චීනයේ දේශසීමාවට යාබද මධ්‍යම ආසියාවේ කළ සංචාරයක් ඇසුරින් ලියූ ‘‘හෙට දිනය ඊයේ බවට පත් වූ දේශය’’ 1931 ප‍්‍රකාශයට පත් වූ අතර ඔහු අතින් ලියැවුණු එකම නවකතාව ‘‘පීටර්ට පෙර පරපුර’’ කිසිදා අවසන් කළ නොහැකි වූයේ ඒ සඳහා විවේකීව යෙදවීමට කාල වේලාවක් නොමැති කමය. මහත් ජවයකින් වැඩ කරමින් කොමියුනිස්ට් පක්‍ෂයේ කෘතහස්ත ක‍්‍රියාකාරිකයකු හා සංවිධායකයකු වූ ජූලියස් 1929 සිට 1932 දක්වා උතුරු දිග බොහිමියානු පතල් කම්කරුවන්ගේ වැඩ වර්ජන වාර්තා කරමින් සිය පුවත්පත් කලා ජීවිතයේ උද්යෝගකර වූ කාලයක් ආරම්භ කළේය. 

1932 චෙක් ජනරජයේ හමුදාවට බඳවා ගැනීමේ නියෝග මත ඔහු සිය ප‍්‍රථම හමුදා සේවා කාලය ඇරඹීය.පඑහෙත් සිය සෙබළ සගයන්ට දේශන පැවැත්වීමේ වරදට බැරැුක්කයෙන් බැරැුක්කයට ඔහු මාරු කෙරිණි. ඔහු 1933 සැප්තැම්බර් මසදී පළමුවරට එකී දේශපාලන හේතු මත අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට විරුද්ධව චෝදනා නගනු ලැබුවේ සෝවියට් දේශය පිළිබඳව සොල්දාදුවන්ට විස්තර කිරීම පිළිබඳවය. ඉන්පසුව දිගින් දිගටම ඔහුත් ඔහුගේ බිරිඳ ඔගස්ටිනාත් පොලිසියේ උකුසු ඇසට හසුවිය. වරින් වර දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්වීමද සාමාන්‍ය දෙයක් බවට පත් වූ නමුත් ජූලියස් යෙදී සිටි දේශපාලන වැඩකටයුතු නතර කිරීමට පොලිසියට හැකි වූයේ නැත. අවසානයේදී ඔහු ආරක්‍ෂා කර ගැනීම සඳහා කිර්ගීෂියාවේ සංචාරයකට යැවීමට පක්‍ෂය තීරණය කළේය. 1934-35 කාලය තුළ මොස්කව් නගරයේ සිට ‘රතු අයිතිය’ පුවත්පතේ වාර්තාකරු ලෙස ඓතිහාසිකව වැදගත්වන වාර්තා ගණනාවක් ලිවීමට ඔහුට හැකිවිය. 

30 දශකයේ මැද භාගයේදී චෙකොස්ලොවැකියාවේ ජර්මානු සම්භවයක් සහිත ජනයා බහුල සුඩටන්ලන්ඞ් ප‍්‍රදේශයේ ස්වාධීනත්වය සඳහා කැරැුල්ලක් ආරම්භවිය. ඊට සමගාමීව 1938 සැප්තැම්බර් මාසයේදී ප‍්‍රංශය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය හා ඉතාලිය විසින් මියුනික් ගිවිසුම අස්සන් කරමින් චෙකොස්ලෝවැකියාවේ දේශසීමා ප‍්‍රදේශ අල්ලා ගැනීමට ජ ර් ම න ි ය ට ඉ ඩ සැලසීය. එහි අවසරයෙන් 1939 මාර්තු වනවිට ජර්මන් නාසි හමුදා චෙකොස්ලෝවැකියාව ආක‍්‍රමණය කළේය. ඒ වනවිට ලේඛකයකු ලෙසත් පුවත්පත් කලාවේදියකු ලෙසත් නමක් දිනා සිටි ජූලියස් බුද්ධිමතුන් ඇතුළු ජනමත ප‍්‍රධානීන් අතර සබඳතා පවත්වමින් සිටියේය. සිය ජීවිතය අවදානමේ තබමින් ඔහු නාසිවාදයට විරුද්ධව ලිවීමට හා විවේචනය කිරීමට කටයුතු කළේය. නාසි එස්.එස්. භටයන්ගේත් ගෙස්ටාපෝ රහස් පොලිසියේත් උකුසු ඇස ආක‍්‍රමණයත් සමඟම යොමු වූයේ කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමටය. ඒ නිසාම ජූලියස්ගේ ජීවිතයට තර්ජනයක් තිබිණි. එහෙත් ඊට අමතරව නාසිවාදයට දැඩි ලෙස ප‍්‍රහාරාත්මකව ලිවීමෙන් ගෙස්ටාපෝව ඔහු පසුපස හඹා එන්නට විය. 

‘‘ඇතැම්විට, පොලිස් නිලධාරීන්ගේ පියවර හඬ ජනේලය අසල නතර වෙයි. නොඑසේ නම් නිසල රාත‍්‍රියේදී හදිසියේ දොරට තට්ටු කරන හඬ ඇසේ. එවැනි අවස්ථාවක, හදවත උගුරට එන්නාක් මෙන් ක්‍ෂණික භීතිය ඇති කරවයි. එය ක්‍ෂණික, අනපේක්‍ෂිත මරණය වැනිය. එවැනි අවස්ථා පිළිබඳව ලියැවුණු දේ කොතරම් මා කියවා ඇද්ද? එහෙත් එවැනි අවස්ථාවකට සැබවින් මුහුණ දෙමින් සිටින විට ජීවිතය ගෙවී යාම ගැන සිතීමද දුෂ්කරය. කෙටි හා තේරුමක් නැති හැඟීම් රාශියක් හිතට නැෙඟයි. ඇතැම් විට ඒ විකාර සහගත සිතිවිලිය. කෙසේ වෙතත් ඒ තුළ ඔබ ද සිටී. ජීවිතය එබඳු කාලයක් ද ගෙවා දැමූ බව සිහිපත් කරමි.’’
– ඉසඞ් හෙරෙනි, (විප්ලවයේ වාර්තාකරු ජූලියස් ෆුචික් – ප‍්‍රාග් මුද්‍රණය -පිටු 104-1983* 

1941 පෙබරවාරි වන විට, එනම්, නාසි ආක‍්‍රමණයට මසක් පිරීමේදී කොමියුනිස්ට් පක්‍ෂ මධ්‍යම කමිටුවේ වැඩිදෙනකු ගෙස්ටාපෝව විසින් දඩයම් කර තිබිණි. කෙසේ වෙතත් අපේ‍්‍රල් මාසය වනවිට නැවත මධ්‍යම කමිටුවක් ගොඩනැඟීමට ජූලියස් ඇතුළු පක්‍ෂයට හැකිවිය. වරෙක මහාචාර්ය ‘හොරැුක්’ නමින්ද තවත් වරෙක ‘මාරෙස්’ නමැති පේෂකර්ම විශේෂඥයා වශයෙන්ද වෙස්වලාගෙන සැරසරමින් ජූලියස් විසින් ගෙස්ටාපෝව මුලා කරමින් සිය දේශපාලන කටයුතු වේගයෙන් කරගෙන ගියේය. පක්‍ෂයේ මධ්‍යම පුවත්පත වූ ‘රතු අයිතිය’ අඛණ්ඩව පළ කිරීම සඳහාද ඔහු මූලික විය. ‘රහසිගත දේශපාලනය කෙරෙහි ප‍්‍රතිවිරෝධයෙන් බීජ වලින් පැන නඟින අරගලය සමාජවාදී අස්වනු නෙළනු ඇති බව’ ඔහු ලිවීය. 1942 මුල් භාගයේ පළ කෙරුණු ‘රතු අයිතිය’ කලාප තුළින් ඉඟි කරනු ලැබූයේ කොමියුනිස්ට් පක්‍ෂය විසින් නාසි අධිරාජ්‍යයට විරුද්ධව කම්කරුවන්, ශිෂ්‍යයන් හා බුද්ධිමතුන් සංවිධානය කරනු ලබන බවයි. වීදිවල හදිසියේ ඇති වී හදිසියේ අවසන් වන රැුස්වීම්, ජනතාව ගැවසෙන ස්ථානවලදී හිටි ගමන් නාසි විරෝධී ප‍්‍රචාරකපත‍්‍රිකා විසිරීයාම සිදුවන්නට විය. 

‘‘අප නව වසරට එළඹියේ අපගේ සංවිධාන ක්තිය සියලූම පාර්ශ්වයන් තුළ තදින් හා ධිමත්ව ආවරණය කරමිනි. 1941 පෙබරවාරි නාසි ආක‍්‍රමණයට පෙර පක්‍ෂය තුළ වූ ශක්තිය තවමත් ගොඩනඟා ගත නොහැකි වුවත් තීරණාත්මක අරගලවලදී උපයෝගී රගත හැකි ශක්තිමත්් දෑන් අප සතුව ඇත.’’
-(පෝරකයේ සටහන් – 139 පිටුව* 

මේ අතරතුර ගෙස්ටාපෝ ඔත්තුකරුවන් විසින් සොයාගත් තොරතුරු අනුව, චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්‍ෂය නැවත නැඟී සිටීම හා ඒ තුළින් නාසි විරෝධී ප‍්‍රතිරෝධය ශක්තිමත්වීම අනතුරක් බව හිට්ලර් ටහාගෙන සිටියේය. ඒ අනුව, රෙන්ගාඞ් හෙඩි‍්‍රක් නමැති කෲර පාලකයා චෙක් ප‍්‍රදේශය ඇතුළත් කලාපය පාලනය කිරීමට පත් කරනු ලැබීමෙන් පසුව මර්දනය යළිත් වටයකින් වර්ධනය විය. 

1942 අපේ‍්‍රල් 24 වැනිදා ජූලියස් ෆූචික් ප‍්‍රැන්ක‍්‍රෑක් නගරයේ නාසි විරෝධී කවයක් කැඳවීමට ගිය අවස්ථාවකදී ගෙස්ටාපෝ අත්අඩංගුවට පත්විය. හිරකරුවන් වහාම රැුගෙන යනු ලැබූයේ නගරයේ පිහිටි පෙට්චෙක් නමැති ඓතිහාසික ගොඩනැඟිල්ලේ පිහිටුවන ලද නාසි වධකාගාරයකටයි. එහි හතරවන තට්ටුවේ පිහිටි ‘‘කොමියුනිස්ට්වාදය මර්දනයලකිරීමේ විශේෂ ඒකකය’’ හෙවත් ෂෂ1් ලෙස හඳුන්වනු ලැබූ විශේෂ ප‍්‍රශ්නකිරීමේ ස්ථානය තුළ මාස ගණනක් වධ විඳීමට ඔහුට සිදුවිය. 

ඔහු බුද්ධිමතුන් සංවිධානය කිරීමේ යෙදී සිටි බවට ද්‍රෝහියකු විසින් දෙන ලද ප‍්‍රකාශයකින් පසුව තවදුරටත් නාසි විරෝධී බුද්ධිමතුන් හා කලාකරුවන් හඳුනාගැනීමට වධ දෙමින් ප‍්‍රශ්න කළද තමන්ගෙන් ඔබ්බට නාසිවාදයට ගමන් කිරීමට එරෙහිව ජූලියස් සුවිශේෂී ආත්ම පරිත්‍යාගයක් කරමින් ධෛර්යමත්ව වධ වේදනා ඉවසා සිටියේය.
කෙසේ වෙතත් එම දුෂ්කර තත්වය යටතේදී වුවත් සතුරාට එරෙහි අරගලය ඉදිරියට ගෙනයාම ඔහු තෝරාගත් මාර්ගය විය. 

බිහිසුණු කෲරකම් තුළ කෲරත්වය හමුවේ දණින් වැටුණු දුබලයන්ටද අභියෝග කරමින් ෆුචික් සිරගෙදර සිට රහසින් ලියූ සටහන් පසුකලෙක ලොවපුරා මහත් ගෞරවයට පාත‍්‍රවුණු කෘතියක් බවට පත්විය. ලාංකේය පාඨකයන් වෙත ‘‘පෝරකයේ සටහන්’’ ලෙසින් කියවීමට ලැබුණු එම කෘතිය සැබැවින්ම නියමිත පරිදි අවසන් කරන්නට නොහැකි වූ, මරණය කොයි මොහොතේදැයි අවිනිශ්චිත වූ සිරකරුවකුගේ සටහන්ය. 

  

‘පෝරකයේ සටහන්’ කාතිය පළමු මුද්‍රණයේ මුල් කවරය

වැසිකිලි කඩදාසිවල ලියූ එම සටහන් පෙළ ක‍්‍රමානුකූලව පිටු අංක හා මාතෘකා සහිතව තිබුණු නිසා සිරගෙදරින් පිටකරගත් පසුව ඔහුගේ බිරිය අතට පත් වීමෙන් බාහිර ලෝකයට කියවිය හැකි වූ කෘතියකි.
සිරකරුවකු ලෙස තම අනාගතය දෙස බලන මානවහිතවාදියෙකු ලෙස ජූලියස් ෆුචික් ලියූ  එම සටහන් නාසිවාදයේ කෘරත්වයට එරෙහිවූවන්ට මෙන්ම නාසිවාදය වෙනුවෙන් පෙනී සිටිවුන්ට ද පොදු වූ පීඩනයට එරෙහි වූ සටන්පාඨයක් වැනි ය. ජනතාවගේ ජයග‍්‍රහණය ඉදිරියේ නාසිවාදය මෙන්ම සියලූ මර්දනයන් පරාජයෙන් අවසන්වන බව විශ්වාස කරමින් ලියූ එම අදහස් ලොවේ  ඕනෑම දිනයක  ඕනෑම තැනකදී මානව පේ‍්‍රමය වෙනුවෙන් කෙරෙන අරගලයක උදාන වාක්‍ය වැනිය.
1943 අගෝස්තු 25 වැනි දින ඔහුට මරණ දඬුවම නියම කිරීමට නාසි උසාවිය තීන්දු කළේය. එහිදී සිදුවූයේ චෝදක පාර්ශ්වය ලෙසත් චූදිත පාර්ශ්වය ලෙසත් නාසි නීතීඥයන් දෙදෙනකු ඉදිරිපත් වීම සහ දෙදෙනාම චූදිතයාට මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලා සිටීමය. එම අපූරු නඩු විභාගයෙන් පසුව බර්ලින්හි ප්ලොටනිස් සිරගෙදර වෙත ගෙන යනු ලැබූ ජූලියස් ෆුචික් සැප්තැම්බර් 7 වැනිදින රාත‍්‍රියේ හෝ 8 වැනිදින උදැසන එල්ලා මරා දමන ලද බවට සාක්ෂ්‍ය ලැබී ඇත. ජූලියස් එල්ලා මැරීමට පොරකයට යනවිට ඔහු විසින් ජාත්‍යන්තර ගීතය ගායනා කිරීම වළකනු පිණිස ඔහුගේ මුඛය සිරකර ගැට ගසන ලද බවද එම සිදුවීම පිළිබඳව ඇසින් දුටුවෝ ප‍්‍රකාශ කර සිටිති. එසේ නිහඬ කිරීමෙන් පවා ජූලියස් ෆූචික් නැඟූ හඬ යටපත් කිරීමට නාසි අලූගෝසුවන්ට නොහැකි විය.

1945 මැයි මාසදී සෝවියට් රතු හමුදාව ප‍්‍රාග් අගනුවර හිට්ලර්ගේ ග‍්‍රහණයෙන් මුදාගන්නට සමත් විය. සැප්තැම්බර් මාසය වනවිට එනම් ජූලියස් ඝාතනය කර දෙවසරක් සපිරෙනෙ විට ඔහු ලියූ සටහන්, ඔහුගේ බිරිඳ විසින් නිසි පරිදි සංස්කරණය කර මුද්‍රණය කරවනු ලැබිණි. එදා මෙදාතුර චෙකොස්ලොවැකියානු ප‍්‍රකාශකයන් විසින් 38 වතාවක් නැවත මුද්‍රණය කරනු ලැබූ එම කෘතිය විදේශ භාෂා 320කට පරිවර්තනය වී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාවක් විසින් ඒ හඬට සවන් දෙමින් සිටී.

1958 බුකාරස්ට් අගනුවරට රැුස් වූ ‘අන්තර්ජාතික පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ’ 4වන සමුළුව විසින් ජූලියස් ෆූචික් එල්ලා මරා දැමූ සැප්තැම්බර් 8වන දින ‘ලෝක පුවත්පත් කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ යෝජනාවක් සම්මත කරනු ලැබිණි. ඒ අනුව තවමත් එම දිනය පුවත්පත්කලාවේදීන්ගේ සැබෑ වගකීම කුමක්ද යන්න පූර්වාදර්ශ සහිතව පෙන්වාදෙන දිනයක් ලෙසින් සමරනු ලැබේ. මේ ලිපිය අවසන් කරන්නට ජූලියස් ෆුචික් විසින් ලොවපුරා සැබෑ නිදහස පතන ජනතාවට සිය අවසන් පණිවුඩය ලෙස ලියූ වැකියක් ගෙනහැර පෑම වැදගත්ය.

‘ආදරණීය ජනතාවනි, මම ඔබට ආදරය කරමි. ඔබ ආරක්ෂා වන්න!’

 

ෆුචික් රැදවූ සිරකුටිය චිත‍්‍රශිල්පියකුගේ ඇසින්

ජූලියස් සහ ඔගස්ටිනා

Advertisements

හතරවැනි තට්ටුවේදී – 18

පෙබරවාරි 15වැනිදාවනවිට විමර්ශනයට සම්බන්ධවූ ඇතැම් නිලධාරින්ගෙන් මතුවූ අදහස වූයේ තවදුරටත් මා ර`දවා ලබා නොගන්නා බවයි. ඉක්මනින් නිදහස්වියහැකි බවට බලාපොරොත්තුවක් තියාගන්නා ලෙස ඔවුහු මට පැවසූහ.
හතරවැනි තට්ටුවේ මා ගතකරන තුන්වන සතිය ඇරඹෙද්දී ඔවුන්ද යම්කිසි වරදකාරී හැ`ගීමකින් පෙළෙනබව මට දැණුනි. එහෙත් හෘදසාක්ෂිය වදදීම නිසා පමණක් මිනිසුන්ගේ මනුස්සකම් මතුවන්නේ නැත. හෘදයසාක්ෂිය අහිමිවූවන් රජකරනවිට තමන්ට හෘදයසාක්ෂියක් ඇතැයි පෙන්වීම පවා වරදකි. මනුස්සකම් නැති යුගයක මනුස්සකම අපරාධයකි. ඇතැම් නිල ලෝගු ඇ`දගත් නරුමයන් මනුස්සකමක් පෙන්වන්නේ ව්‍යාජ පරමාර්ථ මුදුන්පත් කරගන්නටය. එවැනි නරුමයන් හමුවේ මනුස්සකමයැයි පෙන්වන වෙස්මුහුණට රැුවටෙන මිනිසුන් අනතුරේ වැටෙති. ඒ නිසා අපරාධ පරික්ෂණ නිලධාරින් ලෙස ඔවුන්ට මනුස්සකම පෙන්වීමට ධෛර්යයක් තිබිය යුතුය. ඒ මට්ටමට හෝ ධෛර්යය ඔවුන් වෙත තිබිණි.
ඇතැමෙක් මා දුටු විගස තොරතුරු විමසමින් සුහදතාවය පළ කළහ. තවෙකෙක් සෝපාහාසයෙන් කතාකළහ. එහෙත් ඒ කිසිවකු තවදුරටත් මා සිරගතව සිටියයුතුයැයි නොකී බව කිවයුතුය. සිදුවෙමින් තිබෙන්නේ මහරජාගේ අවශ්‍යතාවය ස`දහා සියල්ල පාවිච්චි කෙරෙන තත්වයක් බව ඔවුන්ට රහසක් නොවේ. තමන් කරණ රාජකාරියේ ගෞරවය පවා හැල්ලූවට ලක්වෙමින් තිබෙන බව ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මා හමුවේ ප‍්‍රකාශ කරන ලදී.
පෙබරවාරි 16වැනිදා උදයේ මා වෙත දැනුම්දෙනු ලැබුවේ උසාවියට යාමට සූදානම්වන ලෙසයි. ඒ පුවත දැනගත් විගස මගේ සිරකුටියේ සගයන් බලාපොරොත්තුව පළකළේ මා නිදහස් කෙරෙනු ඇති බවයි. ඔවුහු මට සුබපතන්නට ඉදිරිපත් වූහ. මේ වනවිට දේශපාලන හේතුමත සිරගතකර සිටි සොල්දාදුවන් පිරිසක් එහි වූහ. ඔවුන් කියා සිටියේ තමන්ට වූ අසාධාරණය පිළිබ`දව ලියන ලෙසයි. බෝම්බ සිදුවීමක් නිසා සැකපිට ර`දවා සිටි භික්ෂුන්වහන්සේ මා සම`ග කියා සිටියේ තමන් කිසිවිට වරදක් කර නැති බවත් නිවැරදි දේ වෙනුවෙන් අවසානය දක්වා පෙනීසිටින බවත්ය.
ඇ`දුම් බෑගයට අසුරාගෙන පිටත්වීමට පෙර මා ඔවුන් රැු`දි කුටිවෙත ගොස් සමුගන්නා තෙක් ආරක්ෂක භටයෝ බාධා නොකළහ. ඒ සියලූ දෙනා නිදහස පිළිබ`ද බලාපොරොතතුවේ දෑස් දල්වා සිටියහ. මේ අයගෙන් කිසිවකු වරදකරුවන් වියහැකිය. නිවැරදිකරුවන්ද ඒ අතර සිටින බව මම සිතමි. කෙසේවෙතත් මාසගණන් රැු`දවුම්භාරයේ තැබීම යුක්තියුක්ත කළ නොහැකිය. දෙමල තරුණයන් මා යන බව අසා මගේ අත මිරිකා සමුගත්හ. ඒ සහෝදරත්වය පොදු ජනතාව අතර ඇතිවියයුතු බැ`දිමක් බව මම විශ්වාස කරමි. එකිනෙකාගේ පීඩනය පිලිබ`ද අවබෝධකරගත්විට එකිනෙකා සටන් කරන්නේ කුමක් වෙනුවෙන්ද යන්නත් ඒ ඒ සටන්වල නිවැරදි දිශාවත් අවබෝධකරගත හැකිය.
නැවතත් දිනයක හමුවන පැතුම ඇතිව මම ඔවුන්ට ආචාර කරමින් පිටත්ව ආවෙමි.
‘‘සිරිමල්වත්ත මහත්තයා කට්ටිය එක්ක හො`දට සෙට් වෙලා වගේ’’ උපපොලිස් පරික්ෂකවරයා උපහාසයෙන් සිනාසෙයි.
‘‘හැමදෙනාගෙම ප‍්‍රශ්න අන්තිමේ එකමයි. ඒවා දැනගන්න ලැබුණෙ මේ දවස්ටිකේම තමයි. ඇත්තටම මිත‍්‍රයන් ඇතිවෙන්නෙ එකිනෙකා හරියට අ`දුනගත්තමනෙ’’ මම ඔහුට පෙන්වා දුන්නෙමි.
‘‘ඒ කියන්නේ දාල යන්න බැරි තරම් යාලූකමක් ඇතිවෙලාද?’’ ඔහු අසන්නේ ගතකළ දින කිහිපය ගැන මගෙන් යම් අදහසක් දැනගන්නට වියයුතුය.
‘‘නෑ නෑ එහෙම නෙවෙයි. මේ සමහර අය වැරදි කරන්න ඇති. තවත් අය නිකරුණේ කොටුවෙන්න ඇති. ඒත් කොයි කාටත් තියෙන ප‍්‍රශ්න දැනගන්න එක මගේ පත්තර රස්සාවෙ වගකීමක්. ඒ මිනිස්සුත් මනුස්සකම් බලාපොරොත්තු වෙනවා. මම ඒ වෙනුවෙන් පෙනී ඉන්න කැමැතියි.’’ මගේ අදහසට ඔහු හිසවනමින් එක`ගතාවය පළ කරයි.
විමර්ෂන කාර්යාලයට ඇතුලූවන විට පොලිස් පරික්ෂක ‘පී’ සිනාමුසු මුහුණින් මා පිළිගෙන අසුන්ගන්නා ලෙස දැන්වීය.
‘‘අද සමහරවිට ඔයාට නිදහස්වෙන්න පුළුවන්වෙයි. ඇ`දුම් එහෙම ගත්තද?’’
මම හිස සැලූවෙමි.
‘‘මගෙ ළ`ග තියෙනවා ඔයාගෙ අයිඩෙන්ටි කාඞ් දෙකක්.’’
පොලිස් පරික්ෂකවරයා සිය ලාච්චුව විවෘතකරමින් මගේ ජාතික හැ`දුනුම්පත සහ මාධ්‍යවේදී හැ`දුනුම්පත මා වෙත ලබාදුන්නේය. මම අතට අත දී සමුගත්තෙමි. උපපොලිස්පරික්ෂක ‘එස්’ සහ තවත් සැරයන්වරයකු සම`ග පිටවී යන අතර පොලිස්පරික්ෂක ‘ඒ‘ හමු විය.
‘‘සිරිමල්වත්ත මහත්තයා උසාවි යනවද? අද නිදහස්වෙන්න පුළුවන්වෙයි’’
මම සිනාසී ඔහුගේ අදහස බාරගතිමි. ‘‘ඒත් ඉතින් ආයෙමත් දවසක එන්න වේවිනෙ?’’
එවර ඔහු මහ හ`ඩින් සිනාසුණේය.
‘‘මමත් කියන්නෙ අයෙමත් හමුවෙමු කියලා. මොකද ඔයා ඔය රස්සාවෙන් අයින්වෙන්නෙ නෑනෙ. මමත් කොයිතරම් දවසක් මේකෙ ඉ`දියිද දන්නෙ නෑ. මෙතන ඉන්නකම්ම අපිට ආපහු මුණගැහෙන්න ලැබෙයි.’’
එම සත්‍යය වටහාගන්නට අපහසු දෙයක් නොවේ. අපි සිනාසී අතට අත දී සමුගතිමු. පිටතදී පොලිස් අධිකාරිවරයෙක් අප හා එක් විය.
ගංගොඩවිල අධිකරණ භූමියට ඇතුළුවන විට පුවත්පතේ කාර්යමණ්ඩලය සහ බිරිය එහි පැමිණ සිටිනු දුටුවෙමි. මහෙස්ත‍්‍රාත්වරයා හමුවේ මා ඉදිරිපත්කරමින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ පැවසුවේ ‘ලංකා’ පුවත්පතට අරමුදල් ලැබීම පිළිබ`ද විමර්ශන කටයුතු ස`දහා සැකපිට රැු`දවුම් නියෝග යටතේ මා තබාගත්බවයි. එසේම තවදුරටත් කිසිදු චෝදනාවක් ඉදිරිපත් සිදුනොකෙරෙන බැවින් මා නිදහස් කිරීම සම්බන්ධයෙන් තම ආයතනය විරුද්ධ නොවන බවද ඔහු පැවසීය.
නිදහස පිළිබ`ද හැ`ගුම ඇතිව පිටතට එනවිට ‘ලංකා’ කාර්යමණ්ඩලයේ පිරිස මා පිළිගත් අතර ජනමාධ්‍ය සගයෝ මගේ නිදහස්වීම පිළිබ`ද වාර්තාකරන්නට පැමිණ සිටියහ.
‘‘කෝ දරුවා?’’ යන ප‍්‍රශ්නය අසමින් මම බිරියගේ අත දැඩිව අල්ලාගතිමි.
‘‘එයා පුංචිඅම්මත් එක්ක ගෙදර ඉන්නවා. අපි යමු ගෙදර’’ ඈ පිළිතුරු දුන්නාය.
(හතරවැනි තට්ටුවේදී ලද අත්දැකීම් සටහන් පෙළ මෙයින් අවසානයි*

හතරවැනි තට්ටුවේදී – 17

හතරවැනි තට්ටුවේ මා සිටින අතර කාර්යාලයට පැමිණි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයත් මුද්‍රණාලයේ සේවකයනුත් ප‍්‍රශ්නකිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබිණි.
මුද්‍රණාලය පිහිටි ස්ථානයට ඔවුන් මා කැ`දවාගෙන යන ලද අතර මුද්‍රණාල සේවකයන්ගෙන් තොරතුරු විමසන ලදී. පුවත්පත් මුද්‍රණය පිළිබ`ද තොරතුරු මුද්‍රණාල හිමිකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැ`දවා ප‍්‍රශ්න කරණ ලදී. ඊට අමතරව පුවත්පත් ආයතනයේ සිදුවන දේ පිළිබ`දව යම් යම් තොරතුරු බිරියගේ පැමිණිමෙන් දැනගත හැකි විය. කිහිපවරක්ම ආයතනයට පැමිණ අධ්‍යක්ෂ මණ්ඩලයේ මහත්වරුන්ගේ තොරතුරු විමසා තිබුණු අතර ඔවුන්ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එන ලෙස දන්වා තිබිණි.
හතරවැනි තට්ටුවේ මා සිටි අටවැනි දවසවනවිට අපරාධ පරික්ෂන නිලධාරින් විසින් මා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ විමර්ශන අවසන්කර වාර්තාව සකස්කර තිබිණි. එය 2010 පෙබරවාරි 05වැනිදාවනවිට සකස්කර අවසන් වූ බව එක්තරා නිලධාරියකුගෙන් පසුව දැනගන්නට හැකිවිය. එහෙත් එය නීතිපති දෙපාර්තමේන්තුවට යැවීම කුමක් හෝ හේතුවක් නිසා ප‍්‍රමාද කෙරිණි. මේ පිළිබ`ද විමසන අවස්ථාවලදී ‘‘මොකද ඔය තරම් හදිස්සිය? ඔය මිනිහා ටිකක් හිටපුදෙන්’’ වැනි පිළිතුරු පහළ මට්ටමේ නිලධාරින්ට ලැබෙන්නට ඇත. කෙසේවෙතත් පෙබරවාරි 12වැනිදාවනවිට දැනගතහැකිවූයේ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත ගෙනගොස් ඇතිබවයි.
සාමාන්‍යයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශනයක් භාරවූ විට සිදුවන්නේ එකී පරික්ෂණය සම්බන්ධ පූර්ණ වාර්තා සහ සාක්ෂි ස`දහන්වන ලිපිගොනුවක් සකස්කිරීමය. ඒ ලිපිගොනුව නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා අනුමැතිය පරිදි නීතිපති දෙපාර්තමේන්තුවට යැවීමය. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවිශාරදයන්ගේ නිර්දේශ මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට අදාළ සැකකාරයන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම හෝ නිදහස්කිරීම සිදුවේ. කෙසේ වෙතත් ඇත්තවශයෙන්ම මා අත්අඩංගුවටගත් හේතුව නීත්‍යනුකූලව සාධාරණීකරණය කළ නොහැකිවීමේ අර්බුදය කුමන මට්ටමේ වුවද නිලධාරින්ට බලපානබව නිසැකය. ඒත් එවුන්ට වැඩකරන්නට සිදුවන්නේ ඉහළින් එන නියෝග මතය. උසස්වීම් නැතත් පහතදැමීම් හෝ මාරුකිරීම් වලකාගන්නට ඔවුන් එසේ කළ යුතුව ඇත.
‘‘මහත්තයො, යුනිෆෝම් ඇ`දගත්තම එක්කුස උපන් සහෝදරයෙක්වත් විශ්වාසකරන්න එපා’’ යැයි එක්තරා පොලිස් නිලධාරියෙක් කලකට ඉහතදී මට පැවසුවේ හිතවත්කම නිසාමය.
එය එසේවන්නේ ඇයිදැයි ඔහු මට නිදසුන් සහිතව තේරුම්කර දුන්නේය. පාසල්යන අවදියේ සතිඅන්ත පුවත්පතක කියැවූ ‘එක්තරා පොලිස් නිලධාරියකුගේ කතාව’ මට සිහිපත් විය. අවංකව පොලිස් නිලධාරියාට හිමි කාර්යය ඉටුකරන්නට ගොසින් නිමල් නමැති නිලධාරියකුගේ ජීවිතය වියවුල් සහගත අවසානයකට පත්වන ආකාරය දෙනගම සිරිවර්ධන ලියූ නවකතාවෙන් කියැවිණි. දේශපාලන ගැත්තන් ලෙස රාජකාරිකරන නිලබැලයන්ට හිමිවන වරප‍්‍රසාදත් එහිදී හො`දින් නිරූපණය විය.
වඩාත් සිත්ගන්නාසුළු කරුණ වූයේ මා අත්අඩංගුවටගැනීම පිළිබ`ද ආණ්ඩුව කළ ප‍්‍රකාශ දිනපතා වෙනස්වීමය. ආරම්භයේදී හේතුව ලෙස ඉදිරිපත් වූයේ ආරක්ෂක ලේකම්වරයා නමින් කතරගම ඉදිකෙරුණු මාළිගාවක් පිළිබ`දව චෝදනා කරමින් ‘සතිමැද ලංකා’ පුවත්පතේ පළවූ ලිපිය පිළිබ`ද ප‍්‍රශ්නකිරීමය. එහෙත් එය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමට තරම් සාධාරණ හේතුදැක්වීමක් ලෙස සාධාරණීකරණය කළ නොහැකියයි සිතූ නිසාදෝ රාජ්‍ය මාධ්‍ය යොදාගෙන වෙනත් චෝදනාවක් රටට කියන ලදී. එහිදී ප‍්‍රකාශ වූයේ ‘ලංකා’ පුවත්පත සිංහල කොටි සම`ග සමීපව කටයුතුකරන බවට තොරතුරු හෙළිව ඇති නිසා පරික්ෂන සිදු කෙරෙන බවයි. එහෙත් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේදී නිලධාරින් විසින් මා වෙත තවත් චෝදනාවක් ඉදිරිපත් කළහ.
ත‍්‍රස්තවාදීන් පිළිබ`ද කෙරෙන පරික්ෂන හෙළිදරව් කළ නිසා මා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් පරික්ෂකවරුන්වන ‘පී’ සහ ‘ඒ’ ප‍්‍රශ්නකරණ අතර මට පවසා තිබිණි. ජනාධිපතිවරණය ආසන්නයේ අප පළ කළ එක්තරා සිරස්තල පුවතකින් ආණ්ඩුව සූදානම් කළ ප‍්‍රචාරක ජවණිකාවක් හෙළි කෙරිණි. එයින් අප කීවේ ත‍්‍රස්තවාදී සැකකරුවන් පළා යාමක් හෝ අත්අඩංගුවට ගත් කේපී යොදාගත් මාධ්‍ය සංදර්ශණයක් තුළින් ජනතාව උද්වේගයට පත්කර ඡුන්ද බාගන්නට සැලසුමක් ඇති බවයි. එහිදී ත‍්‍රස්තවාදීන් පිළිබ`ද කෙරෙන පරික්ෂණ ගැන කිසිවක් හෙළිවූයේ නැත. ඒ නිසා මා අධිකරණයට ඉදිරිපත්කරන විට ඒ චෝදනාව හැලී තිබිණි. එවිට ගෙන ආ චෝදනාව වූයේ ත‍්‍රස්තවාදී සබ`දතා ඇති දෙස් විදෙස් සංවිධානවලින් ‘ලංකා’ පුවත්පත් ආයතනයට අරමුදල් ලබාගෙන ඇති බවයි. ගංගොඩවිල මහෙස්ත‍්‍රාත්වරයා වෙත මා ඉදිරිපත්කරන අවස්ථාවේ මා අත්අඩංගුවට ගැනීමේ හේතුව ලෙස දැක්වූයේ එවැනි ආධාර ලැබී ඇත්ද යන්න පිළිබ`ද කෙරෙන පරික්ෂණයක් ස`දහා බවයි.
පෙබරවාරි 15වැනිදාවනවිට විමර්ශනයට සම්බන්ධවූ ඇතැම් නිලධාරින්ගෙන් මතුවූ අදහස වූයේ තවදුරටත් මා ර`දවා ලබා නොගන්නා බවයි. ඉක්මනින් නිදහස්වියහැකි බවට බලාපොරොත්තුවක් තියාගන්නා ලෙස ඔවුහු මට පැවසූහ. හතරවැනි තට්ටුවේ මා ගතකරන තුන්වන සතිය ඇරඹෙද්දී ඔවුන්ද යම්කිසි වරදකාරී හැ`ගීමකින් පෙළෙනබව මට දැණුනි. එහෙත් හෘදසාක්ෂිය වදදීම නිසා පමණක් මිනිසුන්ගේ මනුස්සකම් මතුවන්නේ නැත. හෘදයසාක්ෂිය අහිමිවූවන් රජකරනවිට තමන්ට හෘදයසාක්ෂියක් ඇතැයි පෙන්වීම පවා වරදකි. මනුස්සකම් නැති යුගයක මනුස්සකම අපරාධයකි. ඇතැම් නිල ලෝගු ඇ`දගත් නරුමයන් මනුස්සකමක් පෙන්වන්නේ ව්‍යාජ පරමාර්ථ මුදුන්පත් කරගන්නටය. එවැනි නරුමයන් හමුවේ මනුස්සකමයැයි පෙන්වන වෙස්මුහුණට රැුවටෙන මිනිසුන් අනතුරේ වැටෙති.
ඒ නිසා අපරාධ පරික්ෂන නිලධාරින් ලෙස ඔවුන්ට මනුස්සකම පෙන්වීමට ධෛර්යයක් තිබිය යුතුය. ඒ මට්ටමට හෝ ධෛර්යය ඔවුන් වෙත තිබිණි.

හතරවැනි තට්ටුවේදී – 16

සිරගතව සිටියදී මගේ අයිතිවාසිකම් උල්ලංඝනය කෙරුණද මා බාහිර සමාජයෙන් වෙන්කර තබන්නට බලධාරින් අත්සන් කළ රැු`දවුම් නියෝගය නිසා මා සතු කාලය නාස්තිකරන්නට ඔවුන්ට හැකිවුයේ නැත.
රැු`දවියන්ට ජාත්‍යන්තර රතුකුරුස කමිටුවෙන් ලබාදුන් කෘති කිහිපයක් කියවන්නට මට හැකි විය. පර්ල් එස්.බක් ලියන ලදුව සේනාරත්න විරසිංහ විසින් කළ පරිවර්තනය ‘සාරභූමියේ පුත්තු’ කෘතිය දෙවනවරටත් කියවන්නට හැකි විය. එපමණක් නොව ඕ’ෆ්ලෙහාටි නම් අයර්ලන්ත ලේඛකයාගේ ‘සාගතය’ නමැති කෘතියේ ඉංග‍්‍රීසි මුද්‍රණයක් කියවන්නට හැකි විය. මීට අමතරව අභය හේවාවසම්ගේ පරිවර්තනයක් වූ ‘යුදබල්ලෝ’ කෘතිය කියවන්නට අවකාශ ලැබිණි. මේ අතරතුර දෙමළ ජාතික රැු`දවියන් විසින් වරින්වර තමන්සතු පොතපතෙහි අඩංගු කරුනු තමන්ට හැකි පමනින් පරිවර්තනයකර විස්තරකරන ලදී.
නීති සහ යකඩකූරුවලින් කොටුකර තිබුණ ද මුරභටයන් හා ආරක්ෂක කැමරා යොදා නිරීක්ෂණයට ලක්කළ ද සිරකුටියේ සගයන්ගේ අත්දැකීම් පිළිබ`ද අසාදැනගන්නට ඕනෑතරම් අවකාශ යොදාගත හැකි විය. ජීවිත අත්දැකීම් කියැවීම පොත් කියැවීමට වඩා රසවත්බවක් හා ජිවිතාවබෝධයක් ලබාදෙන්නකි. ඔවුන්ගෙන් වැඩිදෙනා එල්ටිටීඊයට සම්බන්ධව සිටිවුන් බව නිසැකය. එහෙත් එම අත්දැකීම් මා සම`ග පවසන්නට එතරම් කැමැත්තක් නොදක්වනවිට බලකරසිටින්නට උත්සාහ නොකළෙමි. ඔවුන් පිළිබ`ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පැවසූ කරුණු එලෙසින්ම විශ්වාස කිරීමට හැකියාවක් මට නොතිබිණි. එල්ටීටීඊය යටතේ සහ යුද සමයේ දෙමල ජනතාවගේ අත්දැකීම් පිළිබ`ද වරින්වර සැබෑ තොරතුරු ගවේශනය කර තිබුණු පුද්ගලයන් ලියූ තොරතුරු මම දැන සිටියෙමි. එල්ටීටීඊයට පක්ෂපාත මූලාශ‍්‍ර මෙන්ම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ගේ තොරතුරු ඇසුරුකරන්නට මට හැකි විය.
එල්ටීටීඊ රැු`දවියන්ගේ අත්දැකීම් වශයෙන් මේ කිසිවකටත් වඩා නොඇසු විරූ කරුණු රැුසක් මා හමුවේ ඉදිරිපත් කරන ලදී. ඔවුන්ගේ එක්තරා තරුණයෙක් එල්ටීටීඊ නායකයාගේ සුපිරි මුරබළකායට අයත්ව සිටියෙකි. එල්ටීටීඊය විසින් පත්වන ලද සන්නද්ධ පුහුණු පාඨමාලා 11ක් හදාරා ඇති මේ ලාබාල තරුණයා අතිශය උෙiා්ගිමත් අයකු බව මට වටහාගත හකි විය. සිය ජීවිත අත්දැකීම් හෙළිකරනවාට වඩා එල්ටීටීඊයට විරුද්ධ මතපළකරන අන් අයගේ ඇනුම්පද ඉවසා සිටීමට ඔහුට හැකි විය.
රහස් පොලිසියේ නිලධාරියකු විසින් ඔහු කොටුකරගත් ආකාරය විස්තර කළේ මෙසේය.
2009 නොවැම්බරයේ පැවැති දෙමළ ජනතාවට අනන්‍ය උත්සවයකදී වෙරිමත් වූ දෙමළ තරුණයන් කිහිපදෙනෙක් රැුගත් ත‍්‍රිරෝද රියක් වවුනියාව පොලිසියට හසු විය. රජයේ ඔත්තුකරුවන්ට අනුව ඒ පිරිස අතර ත‍්‍රස්තවාදී සැකකරුවන් සිටියේය. ඒ අය උපක‍්‍රමශීලී ලෙස කැ`දවාගන ගොස් විමසාබැලීමේදී තවත් දෙදෙනකු පොලිසියට භාරවිය. ඒ අතර සිටි තරුණයකු හිස්වැස්මක් පළ`ද සිටියේය. ඔහු නිශ්චිතව එල්ටීටීඊ බවට හ`දුනානගන්නා ඔත්තුකරුගේ උපකාරයෙන් එහි සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිහු මේ විශේෂ සැකකරු කැ`දවාගෙන එනලද මුත් මසකට දෙවතාවක්වත් මෙම තරුණයා බලන්නට වවුනියාව අධිකරණයේ නඩුව විභාගකරන අවස්ථාවට සහභාගි වෙයි.
මේ අතර සිටි එක් තරුණයෙක් මා සම`ග දේශපාලනය පිළිබ`ද බොහෝ දේ සාකච්ඡුා කළේය. ඔහු එල්ටීටීඊයේ නාවිකයකු ලෙස ලොවපුරා සංචාරය කරනලද බව හෙළිකළේය.
‘‘ඒත් මම 2005දි සංවිධානෙන් අයින් වුණා.’’ ඔහු කීවේ අතෘප්තිය අ`ගවමිනි.
‘‘ඇයි එහෙම වුනේ?’’ මම ඇසුවෙමි.
‘‘ඒ දක්වා අපේ නායකයන් මට ඇෙ`ගව්වෙ ඔවුන් වාමාංශික දේශපාලන අරමුණක් ඇතිව ඉන්න බවයි. ඒත් 2002 සටන් විරාම ගිවිසුමක් ගහලා යන්න පටන්ගත්තෙ ධනවාදි මාර්ගයේ බව මම තේරුම්ගත්තා. ඉතින් මට මේ බොරුව ඉවසාගෙන ඉන්න බැරි නිසා හෙමින්ම අයින්වුණා. වවුනියාවට ඇවිත් ජීවත්වෙන්න පටන්ගත්තා. පස්සෙ කාලයක තයි ඇරස්ට් කළේ’’
ඔහුගේ බිරිය සහ දියණිය පිළිබ`ද කියනවට මගේ බිරිය හා දියණිය සිහිපත් විය. පෙබරවාරි 8වැනිදා මාධ්‍යවේදීන් කොටුව දුම්රියපළ ඉදිරිපස කළ උද්ඝෝෂනයට මගේ බිරිය හා දියණිය පැිණ සිටි අයුරු පුවත්පත්වල මුල්පිටුවේ ඡුායාරූප පළවී තිබිණි. ඒ දැක මගේ සිරකුටියේ සගයන් සිය අඹුදරුවන් සිහිකර නොහ`ඩා හැ`ඩූ බව දැකගතිමි.
එදිනම සවස හතරවන තට්ටුවට අමුත්තන් තිදෙනකු කැ`දවාගෙන එනු ලැබීය. ඔවුන් කලූ රෙදිකැබලිවලින් මුහුණු ආවරණය කර තිබෙනු දක්නට ලැබිනි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පිටතසිට ගෙන එන අයග් ඇස් බැ`ද ගෙනඒමක් ගැන මේ තාක් මා අසා තිබුනේ 1987-89 සමයේදීය. මෙවැනි කාලයක එය සිදුවන්නේ නිල නොවන රැු`දවුම් ක`දවුරක සිටින සිරකරුවන් මෙහි ගෙනඑනවිට බව අත්දැකීම් ඇති සිරකරුවෝ කීහ.
‘‘කොළඹ අපට පෙනෙන පැත්තට වඩා වෙනස් පැති ගොඩක් තියෙනවා. මෙහෙදි ඒ ගැන දැනගන්න ලැබෙනවා.’’ මේ කතාව කියැවුනේ ආරක්ෂක නිලධාරියකුගෙනි.
ඉන්පසුව ක‍්‍රමකමයෙන් මගේ කටඋත්තර මත පරික්ෂන වාර්තා සකස්කර ඇති බව දැනගන්නට හැකි විය. නීතිපතිවරයා වෙත යවන්නට මගේ කටඋත්තරයත්, ආයතනයේ සෙසු පිරිස අතුරින් ගත් කටඋත්තරත් මුද්‍රණාල හිමියාගෙන් ගත් ප‍්‍රකාශයත් වාර්තාවට අයත්වනු ඇත.
‘‘දැන් හරි. ඔයාගෙ වැඬේ ඉක්මනින් ඉවර කරන්නයි අපි බලන්නෙ. ඊට පස්සෙ ඞී ඕ එක අවශ්‍යද කියලා තීරණය කරයි.’’ විමර්ශන නිලධාරින් අතර ජ්‍යේෂ්ඨයකු කියා සිටියේය.
කෙසේවෙතත් ඔහු ස`දහන්කළ ‘රැු`දවුම් නියෝගය’ ඒ වනවිටත් මා අතට ලැබී නොතිබිණි. පෙබරවාරි 12වැනිදා එම නියෝගයේ පිටපතකට අත්සන් ගෙන නිලවශයෙන් රැු`දවුම් නියෝගය මට ලබා දන ලදී.
එදින සවස පැමිනි බිරියට මා එය දුන්නේ නීතඥවරුන් අතට පත්කරන්නටය.
‘‘අම්මෝ දවස් 90ක්ම නිදහස්කරන එකක් නැති වෙයිද?’’ ඇය මගෙන් එසේ ඇසුවද දෙන්නට පිළිතුරක් මා වෙත නොවීය.

හතරවැනි තට්ටුවේදී – 15

ප‍්‍රධාන සිරකුටියේ මා ගතකළ පලමු දිනයේ සිටි සිරකරුවන් අතුරින් ඇතැමෙක් නැවත මා පැමිණෙන විට නොසිටියහ. පිටතට ගෙනගොස් තිබුණේ දෙමල ජාතික රැු`දවියන්ය. ඔවුන් බූස්ස රැු`දවුම් ක`දවුර වෙත රැුගෙන ගිය බව ඉතිරිව සිටිවුන්ගෙන් දැනගන්නට හැකි විය.
ඉතිරිව සිටියේ සිව් දෙනෙකි. කුමාර අයියා ඉන් වැඩිහිටියා විය. අනුර අයියා වයසින් දෙවැන්නාය. තුන්වැනි වැඩිහිටියා මම වූයෙමි. සෙසු දෙදෙනා දෙමළ ජාතික තරුණයන්ය. මරියසාමි එල්ටීටීඊයේ විශේෂ පුහුණුව ලද්දකු ලෙස නිසැකව හ`දුනාගෙන වවුනියාවේදී අත්ඩංගුවට පත්ව නඩු පවරන ලද්දෙකි. එහෙත් අනෙකා එල්ටීටීඊ විරෝධි පවුලක සාමාජිකයකු වුවද එල්ටීටීයේ බලපෑමට යටත්ව කළ වරදක් නිසා අත්අඩංගුවට පත්වූවෙකි. ඔහු නිතර කී දෙයක් නම්, ‘කොටියගෙ කර්නල් කරුණා හො`ද මිනිහා. ඒත් කොටියා ඉල්ලන කොට තුවක්කුවට බයෙන් වතුර ටිකක් දීපු මම හිරගෙදර’’
මෙවැනි සිදුවීම් ගණනනාවක් ප‍්‍රධාන සිරකුටියේදී අසන්නට ලැබිනි. දින කිහිපයකින් අප සම`ග එක් වූ තවත් සිරකරුවන් පිරිසකගෙන් දෙමළ රැු`දවියන් සිව්දෙනකු ප‍්‍රධාන සිරමැදිරියට ඇතුළු කරන ලදී. එයින්දෙනෙකු දෙදෙනකු තවත් දිනයක අධිකරණය වෙත පමුණුවන බව කියා රැුගෙන ගිය පසු නැවත පැමිණියේ නැත. ඉතිරි වූයේ ප‍්‍රියමනාප සහ භක්තිමත් හින්දු ආගමික පැවැත්මක් සහිත දෙදෙනෙකි. ඒ අයගේ ජීවිතයේ යම් කාලයක් එල්ටීටීඊය සම`ග කටයුතුළ බව හෙළි විය. එහෙත් අවසාන කාලයේ තමන් එල්ටීටීඊය අතහැර අවතැනි ක`දවුරු තුළ නෑසියන් හා සිටියදී අත්අඩංගුවට පත්වූ බව ඔවුන් විසින් විස්තර කරන ලදී.
මෙවැනි කරුණු අනුව අවතැන් ක`දවුරුවල සිට අත්අඩංගුවට පත් එල්ටීටීඊ සාමාජිකයන් පිලිබ`දව ආණ්ඩුවේ වාර්තා පිලිබ`ද සිතාබැලිය යුතුව ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රැු`දවියන් සියලූදෙනාටම සිය සමීපතමයන් හමුවීමට හැකිවන්නේ සතියට එක් දිනක් පමණි. සෙනසුරාදා දිනය උදාවනතුරු බොහෝ දෙනා පුලපුලා බලාසිටිති. එහෙත් එවන් දිනයකවත් කිසිදු ඥාතියකු නොපැමිනෙන සිරකරුවන්ද සිටින බව අමතකකල හැකි නොවේ. එක්කෝ මේ තැනැත්තා හතරවැනි තට්ටුවේ සිටින බව ඔවුන නොදනී. නැතිනම් ඔවුන්ට ඇත්තටම ඥාතීන් යැයි කිසිවකු නැත.
විශේෂ විමර්ශන අංශයේ කාර්යාලයකදී ඇය මා වෙත කැ`දවාගෙන එන ලද්දේ එම අංශයේම නිලධාරිනියක විසිනි. මගේ බිරිය පලමුවැනි පැමිණයේ දහවල් 1.00ට පමණය. ඇය පැමිණියේ සිය සොයුරියකද කැටුවය. නිලධාරින් සුපුරුදු කාර්යයන්හි නිරතව සිටි බැවින් කිසිදු හැ`ගීමක් පිටකරන්නට මට හැකියාවක් තිබුනේ නැත. ඇය විසින් ගෙන එන ලද භාන්ඩ තියුනු පිරික්සීමකින් පසුව මා වෙත ලබාදෙන්නට අවසර ලැබිණි. දිවා ආහාරය, ඇ`දුම් හා පලතුරු ඇය විසින් ගෙන එන ලදී. ඊට අමතරව මට කියවන්නට ගෙනා පොත් සිරකුටියට ගෙනයාමට අවසරයක් නොමැති විය. ඒවා කාර්යාලයේ තබා යන ලෙසත් අවශ්‍ය විටෙක කාර්යාලයට පැමිණ කියවන්නට හැකි බවටත් පවසන ලදී.
මගේ බිරිය විසින් පවසන ලද්දේ තමන් හො`දින් හා ධෛර්යයෙන් සියල්ලට මුහුණ දෙන බවත් මා ද එසේ කරනු ඇති බව සිතා සිටින බවත්ය. මම හිස සැලූවේ ඇයගේ උපකල්පනය සත්‍ය බව ඇ`ගිමටය. දින 90 සටහන් කරන ලද රැු`දවුම් නියෝගය මා අතට පත්කර නොතිබුනද නිදහස්වන දිනයක් අවිනිශ්චිත බව මා ඇයට විස්තර කළෙමි. එසේම මගෙන් ප‍්‍රශ්නකිරීම සිදුකළ ආකාරය පිලිබ`දව නීතිඥයන්ට වැදගත්වියහැකි තොරතුරු ප‍්‍රමාණයක් මමඇයට දැනුම් දුන්නෙමි. විශේෂයෙන්ම පුවත්පතේකුමන ලිපි අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්වී ඇද්ද යන්න මම කෙටියෙන් හා රහසින් ඇයට දැන්වූයෙමි. පැයබාගයක් පමන කාලයක් කතාබහ කල පසු මම ඇයට ආපසු යන ලෙස දැන්වූයෙමි. අකැමැත්තෙන් මෙන් වෙන්වයාමට සිදුවන බව ඇය තේරුම්ගන්නට ඇත. කොපමණවෙලාවක් ළංව සිටියත් වෙන්වයන්නට කියනතුරු එහි සිටියයුතු නැතිබව පැහැදිළිය. අප මුහුන දෙන ජීවිතයේ දුකසැප එක්ව බෙදාහදාගන්නට කතිකා කරගත් නිසා මේ දුෂ්කර පැය පියමැන යාම අපහසුවක් නැත. අපගේ ජීවිත අන්‍යයන්ට පාලනය කළ නොහැකි නිසා කොතරම් වෙන්කළ ද කොරම් පීඩාවට පත්කළද ඔවුන්ට ජය හිමි නොවන බව පැහැදිළිය. ඒ අවබෝධය ඇතිව ඇයගේ දැස දෙස එක එල්ලයේ බලා ‘‘දැන් යන්න’’ යැයි කීවෙමි.
කාර්යාලයේ දොරටුව අසළින් ඔවුන් දෙදෙනා බැහැරව යන තෙක් බලා සිටියෙමි. ඉනික්බිති ඔවුන් ගෙන ආ කෑම පාර්සලය අතට ගත්තෙමි. එහි වූ ආහාර ද්‍රව්‍ය ප‍්‍රමානය සිතින් මැනගත්විට මගේ කුසට වැඩි බව දැනුනු නිසා සිරකුටියට ගොස් බෙදාගෙන කන්නට තීණය කළෙමි. ආහාර අනුභවකරමින් සිටි නිලධාරින් මට දැනුම්දුන්නේ එහි සිට ආහාරය ගන්නා ලෙසයි. එහෙත් තවමත් කුසගිනි නොදැනුනු නිසා සිරකුටියට ගිහින් ආහාරය ගන්නා බව කීවෙමි.
‘‘අද ඉතින් වයිෆ් ආවානේ. දවස් ගානකින් දැකපු නිසා කෑමත් ඕනැ නැතිව ඇති’’ උපපොලිස්පරික්ෂකවරයෙක් සරදම් කරද්දී සැරයන්වරයකු මා කැ`දවාගෙන සිරකුටිය වෙත පිටත් විය.

හතරවැනි තට්ටුවේදී – 14

පුවත්පතට මුද්‍රා තැබීමේ අවශ්‍යතාවය කුමක්දැයි හතරවැනි තට්ටුවට ගෙනයන අතරතුර මම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසුවෙමි.
‘‘සිරිමල්වත්ත ඔයා දන්නෙ නෑ මේ කේස් එකේ තියෙන බරපතලකම. කේ.පී. ගැන ඔයාගෙ පත්තරේ තියෙන තොරතුරු නිසා ඉන්වෙස්ටිගේෂන්වල තොරතුරු ලීක් වෙනවා. ඒ නිසා මේක ටෙරරිස්ට්ලට සපොට් කරන තත්වයක් හැටියටයි ෂලතන්න වෙන්නෙ. සීර්යස් ඇලිගේෂන් එකක්’’
පොලිස් පරික්ෂකවරයෙක් එසේ පැවසූ විට මට සිනා නොවී සිටිය නොහැකි විය.
‘‘මොන ඉන්වෙස්ටිගේෂන් එකේ තොරතුරුද ලීක් වෙන්නෙ?’’
‘‘කේ.පී. ගැන, එල්ටීටීඊ ඉන්ටනැෂනල් සෙක්ටර් එක ගැන… තවම පරික්ෂන කෙරෙනවනෙ’’ නිලධාරියා ගර්වයෙන් පවසයි.
‘‘මම දන්න විදියට නම්, කෙරෙන පරික්ෂණයක් නෑ. ඒත් ඉතින් කේ.පී.ගෙන් වෙන වැඩ ගන්න සූදානමක් තියෙනවා. අපි ලිව්වෙ ඒ ගැන’’ මම ඔහුට පැවසූ විට නිලධාරියා වික්ෂිප්ත විය.
‘‘මම ඔයා කියන දේවල්වලට මුක්ුත් කියන්නෙ නෑ. මොකද ඔයා එළියට ගිහින් මම කියන දේවලූ ලියයි. ඒත් ඉන්වෙස්ටිගේෂන් එකක් කරන බවයි අපේ චීෆ්ලා කියන්නෙ. කොහොමටත් ඔයාගෙ ලේයර්ස්ලට ඩිෆෙන්ස් මොනවා හරි ඉදිරිපත් කරන්න වෙයි. මොකද මේක ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ෆයිල් වෙන්න යන්නෙ.’’
මම නිහ`ඩ වූයෙමි. මේ නිලධාරින් පවසන්නේ තම ඉහළ නිලධාරින් කියන දේ පමණකි. පරික්ෂන කෙරෙන ආකාරය දන්නේ එය කරන නිලධාරින් පමණකි. එහෙත් කෙරෙන පරික්ෂණයක් ගැන ජනතව හෝ ජනතා නියෝජිතයන් දැන සිටිය යුතුය. එවැනි කිසිදු වාර්තාවක් අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට හෙළිකර නැත.
කෙසේ වෙතත් කාලය විසින් හෙළිකරන සත්‍යයන් පිළිබ`ද ඉඟිකිරීම මිස විස්තර කිරීම කළ යුතු නැත. දැනටමත් අප පුවත්පත පැවසූ දෙය පිළිබ`ද අන්ඩුව කළබලවී ඇති නිසා අධිකරණයට යාහැකි නම් සත්‍ය කුමක්දැයි සනාථ කළහැකිවනු ඇත.
‘‘ මේ කේස් එක නිසා ‘ලංකා’ පත්තරේ සීල් තියන්න අවශ්‍ය බව මහෙස්ත‍්‍රාත්ට පැහැදිලි කරන්න ලොකු මහන්සියක් ගන්න වුණා. ඔයා දන්නවද, පත්තරේ සීල් තියන්නෙ නැතිව පරික්ෂන ඉදිරියට ගෙනියන්න බැරි ඇයි කියලා මහෙස්ත‍්‍රාත් ඇහුවා.’’
ඇත්ත වශයෙන්ම අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන්නට ඔවුන්ට සිදුව ඇත්තේ ඉහළ නියෝග අනුවය.
‘‘කර්තෘ ඇරෙස්ට් කරලා පත්තරේ සීල් කරලා මේ ගැන වහාම රිපෝට් එකක් මට දෙනවා. පරික්ෂණයක් කරන්න ඕනැද නැද්ද කියලා ඉන්පස්සෙ තීරණය කරන්න බැරියැ’’
එක්තරා ආරක්ෂක ප‍්‍රධානියෙක් පොලිස් ප‍්‍රධානියකුට දුන් උපදෙස් ඒ අයුරින්ම ඉටු කරන ලදී.
‘‘ ඕව නං මගෙන අහන්න එපා. මම කියන්නෙ නෑ. හැබැයි කවුරු ඕඩර් එක දුන්නත් අපි ගස් යන්නෙ. ඒ ගොල්ලා වචනයෙන් ඕඩර් එක දෙයි. අපි ඔක්කොම කුණු අදින්න ඕනැ. අන්තිමේට වැඬේ ගැස්සුනාම උන් කොහෙවත්. අපට තමයි හියුමන් රයිට් කේස් එන්නෙ.’’ එක්තරා පරික්ෂන නිලධාරියෙක් හතරවැනි තට්ටුවේදී මට කියා සිටියේ මා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේ කවුරුන්දැයි ඇසූ විටය.
‘‘ඔයත් එළියට ගිය දවසට මේ ගැන හියුමන් රයිට් කේස් එකක් ෆයිල් කරයි. අපිට තමයි ප‍්‍රමෝෂන් නැති වෙන්නෙ. එහෙම නේද?’’ ඔහුගේ ස්වරය අනුකම්පා සහගතය. එහෙත් රහස් පොලිසියට හෝ පොලිසියට හෝ ආරක්ෂක හමුදාවට එක් වූ විට අනුන්ගේ පවු කරගහන්න සිදුවන බව දැන සිටිය යුතුය.
‘‘මට එළියට යන්න ලැබුණ දවසට එයාට නොවෙයි ඔයාගෙ ලොක්කටයි අනෙක් සේරම ලොක්කන්ටයි උත්තර දෙන්න වෙනවා. මොකද මම පත්තරෙන් මේක අදිනවා.’’ එවැනි පිළිතුරක් මට තිබුණද මම ඔහුට එසේ නොකිව්වෙමි. මා රැු`දවුම් භාරයේ සිටීම මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් පමණක් නොවේ. ත‍්‍රස්ත මර්දන නීති ජනමාධ්‍යයට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ප‍්‍රහාරාත්මක ලෙස යෙදවීමට එරෙහිව ලිවිය යුතුයැයි දැනටමත් මම තීරණය කර තිබිණි.
එදින සවස් යාමයේ මා විමර්ශන කාර්යාලයට පැමිණි පසු නැවතත් මගේ ප‍්‍රකාශය සටහන් කිරීම සිදු විය. එහෙත් ? බෝවන නිසා ඉතිරිය පසුදාට කල්තබා යන්නට උපපොලිස් පරික්ෂක ‘කේ’ ඉග්ගා සිටියේය. පොලිස් පරික්ෂක ‘පී’ අවධාරණය කළේ ස`දුදාට මගේ පරික්ෂණවලට අදාළ වාර්තාව සකස් කළ යුතු නිසා වහාම ප‍්‍රකාශය සටහන්කර අවසන් කරන ලෙසය.
උප පොලිස් පරික්ෂකවරයා අකැමැත්තෙන් එයට එක`ග විය. ඒ වනවිට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු පුස්තකාලයෙන් සපයා තිබුණු ‘ලංකා’ පුවත්පතට අදාළ ලිපි එකිනෙක ගෙන ප‍්‍රශ්න කරමින් මගේ් ප‍්‍රකාශය සටහන් කළේය.
ජනවාරි 10, 17, 24 සහ වැනිදිනවල සති අන්ත පුවත්පත්ද ජනවාරි 26වැනිදා සතිමැද පුවත්පත පළකළ ලිපි, විශේෂාංග සහ ප‍්‍රවෘත්ති පාදක කරගෙන මගෙන් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරන ලදී.
අවසානයේ රාත‍්‍රී 8.00ට පමණ මා සිරකුටියට කැ`දවාගෙන යන ලදී. ඒ වනවිට සිරකුටිවල විශාල වෙනස්කමක් සිදුව ඇති බව ඇතුළුවනවිටම මට පෙනිණි.

හතරවැනි තට්ටුවේදී – 13

අප රැුගත් වාහනය නැවත හයිලෙවල් පාර ඔස්සේ ගොස් උපපොලිස් පරික්ෂකගෙ උපදෙස් අනුව අතුරු මාවතකින් ගාලූ පාරට පිවිසුණි. මම කුතුහලයට පත් වූයේ කොතැනක යන්නේදැයි නොදැන සිටි බැවිනි.
‘‘අපි දැන් සීඅයිඞී එකට නෙවෙයිද යන්නෙ?’’ මම විමසා සිටියෙමි.
‘‘ඇයි අපි කෑම කන්නෙ නැද්ද?’’ පිලිතුරු ලෙස ප‍්‍රශ්නයක් එල්ල විය. වැල්ලවත්ත දුම්රිය මාවත අසළ පිහිටි පොලිස් නිලධාරින්ගේ නවාතැන්පොළක ආපන ශාලාවට ම කැ`දවාගෙන යන ලදී. එහෙත් මා ෂතුව දිවා ආහාර පාර්ෂලයක් ඇතිබව ඔවුන්ට මතක් කළෙමි. ඒ අනුව ඔවුන් වෙනම ආහාර ඇණවුම් කළ අතර මා වෙනම ස්ථානයකට නොගොස් ඔවුන් සිටින මේසයේ ම ආහාර ගන්නට පටන් ගත්තෙමි. මා නිවසට පැමිණෙන බව දැන සිටි බිරින්දෑ විසින් උනන්දුවෙන් වෙනස් ආකාරයක ආහාරවේලක් සකස්කර ඇති බව දැනගතහැකි විය. පොලිස් නිලධාරිහු තමන් ඇනවුම් කළ ව්‍යංජන මගේ කෑම පි`ගානට බෙදමින් සතුටු සාමිචියේ යෙදෙමින් දිවා ආහාරය ගත්හ. එහෙත් මගේ සිත කලබල වී තිබිණි.
පුවත්පත් කාර්යාලයට මුද්‍රා තබන්නට යනවගක් මට ඉවවැටී තිබිණි. උදයේ නිලධාරින් අතර කසුකුසුවක් පැවැතියද දසවසරකට මෙහා නොගැණුනු එවැනි තීරණයක් පිළිබ`ද විශ්වාස නොකළෙමි. එහෙත් ‘ලංකා’ පුවත්පත ආණ්ඩුවට හිසරදයක් වී ඇති බව පැහැදිළිය. වංචා ¥ෂණ හෙළිදරව් කරමින් දේශපාලන තීන්දු පිළිබ`ද කල්තියා ජනතාවට අනතුරු අ`ගවමින් ගෙනයන පුවත්පත් කලාව දනින් වැටුණු ජනමාධ්‍ය රොත්තක් මැද වුවද පාලකයන්ට ඇහේ කටු අනින්නාක් මෙන් විය. එසේවුවත් මුද්‍රාතබන්නට හේතුවක් ඔවුන්ට අවශ්‍ය වේ. එය කුමක් වියහැකිදැයි මම කල්පනා කළෙමි.
නැවත කාර්යාලයට පැමිණෙන ලෙස පොලිස් පරික්ෂක ‘පී’ විසින් නියෝගකර ඇතිබව උපපොලිස් පරික්ෂක ‘එස්’ පැවසුවේ සෙසු නිලධාරින් දිවා ආහාරයෙන් පසුව සැහැල්ලූ සිතින් වාහනය වෙත පැමිණෙමින් සිටියදීය. මගේ සැකය තීව‍්‍ර විය. උදයේ කාර්යාලය වෙත මා කැ`දවාගෙන ගිය මොහොතේම මගේ හිතවතුන්ට මේ ගැන අනතුරු ඇ`ගවීමක් කරන්නට හැකි විය. එහෙත් එය ඔවුන්ගේ අවධානයට ලක්වීදැයි මා දන්නේ නැත. අඩුතරමින් එවැන්නකට ඔවුන් සූදානම්වුවා නම් මට එය සැනසීමකි. මුද්‍රා තබන ලද පුවත්පත් කාර්යාලයකින් කිසිදු වැඩක් නැත. පුවත්පත නැවත සැකසීමටත් මුද්‍රා ඉවත්කළ විගස මුද්‍රණද්වාරයෙන් පිට කරන්නටත් සූදානමක් අවශ්‍ය වේ. එහෙත් ඒ ගැන ඔවුන් කොපමණ සූදානමක් ඇතිව සිටීද යන්න මට සිතාගත නොහැකි විය.
අප කාර්යාලයට යන විට පොලිස් පරික්ෂකවරුන්වන ‘ඒ’ එහි පැමිණසිටියේය. කාර්යාලය තුළට ගමන්කළ අප එහි අසුන්ගන්නට සූදානම්වනවාත් සමගම පොලිස් පරික්ෂක ‘පී’ එහි ළ`ගාවූයේ තවත් නිලධාරින් කිහිපදෙනකු සම`ගය. ඔහු අත වූ ලියැවිල්ලක් ලංකා පුවත්පත් ආයතනයේ සාමාන්‍යධිකාරිවරයා අතට පත් කෙරිණි. ඉන්පසුව පුවත කටින්කට දිවගියේ විදුලියක් මෙනි.
‘‘පත්තරේ සීල් තියන්න නියෝගය ලබිලා’’
කාර්යාලයේ සියලූම සේවකයන්ට තම පෞද්ගලික ආම්පන්න පමණක් ගෙන කාර්යාලයෙන් ඉවත්වන ලෙස නිලධාරින් විසින් ඉල්ලා සිටින ලදී. සාක්කුව වෙත එබුනු නිල්පාට කරපටියකින් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ හැ`දුනුම්පත දරා සිටි විවිධ මට්ටමේ සහ විවිධ මුහුණු දරන නිලධාරින් විසින් ලංකා’ කාර්යමණ්ඩලයේ ගමන් මලූ පිරික්සීමෙන් පසුව ඔවුන්ට පිටතට යන්නට හැකි විය. මා කාර්යාල භූමියෙන් ඉවතට කැ`දවාගෙන යන ලෙස උපපොලිස් පරික්ෂකවරයෙකුට උපදෙස් දෙන ලදී. ඒ අනුව කාර්යාලයට පිවිසෙන පඩිපෙළ වෙත මා රැුගෙන යන ලදී. ජනමාධ්‍යවේදීන් හා ඡුායාරූප ශිල්පීන් පොරකමින් ලංකා කාර්යාලයේ සිදුවන්නේ කුමක්දැයි දැනගන්නට පැමිණ සිටියහ. පොලිස් පරික්ෂක ‘ඒ’ විසින් බැ?රැුරුම් මුහුණකින් සිය අත්සන යොදා අප පුවත්පත් කාර්යාලයට මුද්‍රා තැබීම සිද විය. කැමරාකරුවෝ ‘ලංකා’ කාර්යාලය මුද්‍රාතබන අකාරය සිය කැමරාවල සටහන් කරගත්හ. පිටස්තර ජනමාධ්‍යවේදීන්ට එක් අතකින් එය උණුසුම් පුවතක් විය හැකිය. එහෙත් වසර අටකට මගේත් මගේ සගයන්ගේත් නිවස බ`දු වූ මේ නිවහන නැවතවිවෘත කළ නොහැකි තහංචියකට යටත්වනු දක දැක මා නිහ`ඩව බලා සිටියෙමි. සමහර ඡුායාරූප ශිල්පියෝ මා එහි රැු`දී සිටිනු දැක වහා සිය කැමරා ම වෙත එල්ලකර ඡුායාරූප ලබාගත්හ. නිලධාරින්ගේ මුහුණු ඡුායාරූපයට නෙගන්නැයි ඔවුන් වෙත ඉල්ලීමක් කෙරිණි. කාර්යය අවසන් කළ අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු නිලධාරිහු මා කැ`දවාගෙන පඩිපෙළ බැසියන්නට වූහ. හෘදය කම්පනය අධික වෙමින් පඩිපෙළ බැස ආ මා පහත ද්වාරය අසළ සිටි මගේ කාර්යාල සගයන්වෙතින් සමුගන්නට පෙරාතුවම ගොරහැඩි පොලිස් ජීප්රියකට නංවාගන්නා ලදී. ජීප්රථය දේලක`ද රථවාහන ආලෝක සංඥා පුවරු පසුකරයන තෙක් එහි සිටි ඡුායාරූප ශිල්පියෝ කැමරාවලට විරාමයක් දුන්නේ නැතිබව මට මතකය.
එහෙත් ඉන්පසුව බොහෝ වෙලාවක් යනතුරුම ජිප්රථය යන්නේ කොහේදැයි අවබෝධයක් මට තිබුණෙ නැත.

Advertisements