Archive for the ‘ Poetry ’ Category

ගිලන් වූ අම්මා

DSC01540

අමාරුවෙන් හුස්ම ගනිමින්
ජීවත් වෙයි තවම අම්මා
ලෝකයෙන් ආලෝකයක් පතා
ගෙවූ දිවි ගමනේ අවසන
ඉසිඹුවක් ලැබුමට සිතා…………

ආවර්ජනය කරයි ඇය
දශක හතක ජීවිතේ තතු
දුක් කරදර – සතුටු සිනා
ඉටු වූ සහ බිඳුණු පැතුම්

සුසුම් හෙළයි ඇය
වෙහෙසින් ඔත්පළව
කඳුළු හෙළයි ඇය
දරුවන් සිහිපත්ව
විඩා නිවයි ඉක්බිති
ජීවිතේ යළි යමක්
දිනාගත නොහැකියෙන්……

පරාජිත වූ ලෙසින්
සැඳෑව ගත කරයි අම්මා
ගිලන් යහන මත
මුකුලිත වූ පැතුම්
ඇහිඳගෙන පුබුදන්න
ඉතිරි කර ඇත දරුවන්ට……..

(වසර දසක තුනක් පමණ ගිලන්ව සිටි අම්මා එක්වරම බොහෝ දුර්වලව සිටින බව මල්ලී දැන්වූ පසුව ඈ දකින්නට ගියෙමි.  මේ කවිය, ගිලන් යහනේ සිටින ඈ දැක නැවත කොළඹ බලා එද්දී මගේ ජංගම දුරකථනය මත සටහන් කරගත් සිතිවිලිය. පසුගිය ජූනි 8වැනිදා ඈ සදහටම නිහඬ වූවාය.෴)

පශ්චාත්තාපයේ කවිය

[චෝදනා නැතිව, අවුරුදු දාසයක් කූඩුකර, දේශපාලන රැඳවි ජීවිතේ ගෙවන, තිරුමගල්නැඟෙණිය ඇතුළු සියලුම දෙමළ සහෝදර සහෝදරියන් වෙනුවෙනි.]

ලියුවා ඇහුවාම

නුඹ ගැන

තිරුමගල් නංගියේ

උඹලාව කූඩුකරවන්නට
හිතාගෙන ලියුවේ නැතත්
කූඩුවේ හිටි අපි
ලියූ දේ ඇවිළී
අද උඹලා මෙන්ම
අපිත් පිච්චි පිච්චී
දැවෙනවා නංගියේ

පිටතත් ගිනි
ඇතුළතත් ගිනි
පිටතින්…..
අපි ලියූ අකුරු
පුච්චා නළලේ අළු ගා
කෝවිලට අරක්ගත්
හොර පූසාරිගේ දුම්මල වරම

ඇතුළතින්
උඹලා කූඩුකර
උඹලගෙත් අපෙත්
හිත්වල ඇවිළවූ ගින්දර

ඊටත් වැඩියි
සියොළඟ දවයි
ලියූ අකුරු ගැන
පශ්චාත්තාපය

නොහැකියි ගිනි නිවන්නට
දැන් ඉතින්…
නිවී සැනසිය නොහැක
ඇවිළ යන අපේ ගිනි
තව තවත් අවුළුවා
නුඹත් අපත් පෙළන
ගිනිගත් ලෝකය
අවසානයක් කළයුතුය

දැවේවා, අළු ධූලි විය යුතු සියල්ල
දැවේවා, නුඹලා කූඩු කළවුන්
දැවේවා, අපේ හදවත් ගිනි තැබූ උන්

සාප නොකරන්, මහත්වරුනේ !

‘‘ළමුන් දෙදෙනා යොදවා සොරකම් කළ වටිනා භාණ්ඩ අතර සෙල්ලම් කාර් දෙකක්’’

–    පුවතක්

රට ගැන හිතන, ටීවී බලන
මහත්වරුනි, කරුණාවන්ත
සාප නොකරනු මැන
අපේ මවුපියන්ට….
නොදරුවන් සොරකමේ යැවු වරදට

සමාජ ශෝධකයිනි,
රහසින්වත් පවු නොකරන
පේන නොකියන්
‘අපොයි මේ මුං පුංචි කාලෙනෙ
තව ලොකු වුනොත් රටම කයි’
දැනටම අපට කන්න දෙයක් නැතුවා

පත්තරකාර මහත්වරුනේ
නොඅසන් මයික් අල්ලා
‘‘ඇයි සොරකම් කළේ නුඹලා?’’
උපන් ගෙයි හොරුන් මෙන්
මානනු එපා කැමරා අප වෙත

අහන්න බැරිද ඔබට
‘ඇයි දරුවනේ නුඹලාට
සිද්ද වුනේ සොරකම් කරන්න ?’
අහන්න බැරි ඇයි
‘මේ තත්වයට ඔබ
ඇද දැමුවෝ කවුරුන්ද?’

සොයන්න බැරිනම් උත්තර
අහන්න ඒවා….
පාඨකයන්ගෙන්
පේ‍්‍රක්ෂකයන්ගෙන්
එස්එම්එස් ගෙන්වන්න නොව,
ඔවුන්ටම හිතන්න !

සුළෙඟ් දැවටෙන තතු – Blowin in the wind

කෙතරම් දුරක් මග ගෙවා යායුතුද
මිනිසකු බව ඔහු ඔබ පිලිගන්නට
කෙතරම් දුර සුදු පරෙවියකු යායුතුද
වාලූකාවේ ඉසිඹුවක් ලබන්නට
වෙඩි උණ්ඩ සදහට නිහ`ඩ කරන්නට
කොපමණ වෙඩි අපි මුදාහරිමුද
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

කන්දක් සේදී යනු පෙර මුහුදට
තිබියුතුද කොපමණ කාලයක්
නිදහස ලබනා දින එළඹෙන තෙක්
මිනිසුන් කොතරම් කලක් දිවි රැුකගන්නද
කොපමන දවසක් හිස හරවන්නද
කිසිවක් නොපෙනෙන බව අඟවන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

අහස කුසම හරිහැටි දැක ගන්නට
මිනිසකු කොපමන හිස ඔසවන්නද
කොපමණ කන් මිනිසකුට අවැසිවෙද
මිනිසුන් හ`ඩනා බව දැනගන්නට
කොපමන පිරිසක් මිය යාතු වෙද
මිනිසුන් මියයන බව දැනගන්නට
පිළිතුර ඇත්තේ මගෙ මිතුරේ
හමන සුළෙඟ පමණයි

——————————————————————————

‘Blowin in the wind’ on YouTube

මෙහි පළවන්නේ
බොබ් ඩිලන්, Bob Dylan (Robert Allen Zimmerman) නමැති අමෙරිකානු ගායකයා විසින් ලියා ගායනා කළ , “Blowin’ in the Wind“,  නමැති ජනප‍්‍රිය ගීතයේ පරිවර්තනයයි. ඔහු ගැයු මෙම ගීතය සහ  ‘The Times They Are a-Changin’ යන ගීතය, අමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයටත්  ‘වියට්නාම යුද විරෝධී ව්‍යාපාරයටත් මහත් ජවයක් ගෙන දෙන ලදී.

අප රටේ ‘වීදියේ සටන්කරුවා’ යැයි විරුදාවලි ලද ආචාර්ය ගාමිණි හත්තටෙුවේගම විසින් මෙය මින් පෙර පරිවර්තනය කර සිය වීදි නාට්‍ය සඳහා යොදාගත්තේය. ඔහු විසින් මෙම ගීතය සුගායනීය ලෙස පරිවර්තනය කර තිබුණේ,
‘මිනිසකු වන්නට සුදුසකු වන්නට
මහමං කීයක් තරන කරන්නද’
යනුවෙනි.

කුසගින්නේ සිටිනවුන්ගේ තීන්දුව

තනාපති නිවහනකින් කොස් ගෙඩියක් සොරකම් කළ වරදට දස දහසක් ශරීර ඇප
කොස්ගෙඩිය විනාශ කරන්නට නියෝග

–    අගනුවර අධිකරණයෙන් ඇසුනු පුවතක්

කුස ගිනි ඇවිලෙන විට
සිහිපත් නොවේ නීතිය
මහපුටුවල උත්තමයන් උත්තමාවියන්
කෙසේ නම් වටහාගන්නද
කුසගින්නේ රඟ?

පිටස්තරයන්ය දැන්
ජිවත්වන බිමේ අප…
තානාපතිවරුන් පමනක්ද
විදේශ කොම්පැනිකරුවන්
සූරාගෙන යති අපේ හිමිකම්

වියරුව නැගෙන විට කුසගිනි
නිවනට ආයාචනා කරමු
එවිට….
මුනිවත රකිති නායකයෝ
නිවාගන්නට තැත්කරමු
අපි අපිම කුසගිනි
එවිට….
නීතිය පැමිණේ එරෙහිව

අමාරුවෙන් සොයාගත්
කොස්ගෙඩියද අහිමිය
එයයි නිතියේ පිලිතුර…
මගේ උන් කුසගින්නේ
විනාශ කරති උන් ආහාර
එයයි උන්ගේ යුක්තිය

ඉල්ලා සිටිමු වැඩි වැටුප්
නාස්ති කරති උන් රටේ ධනය
අයිතිවාසිකම් අහිමිව
සුරසැප විඳිති උන් රිසි ලෙස
මේ අවනඩුව විසඳන්නට
සොරකම් කළ යුතුය
උන් අත ඇති බලය