Archive for the ‘ Journalism ’ Category

හතරවෙනි තට්ටුවේදී – 2

අප අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තු පරිශ‍්‍රයට පැමිණෙන විට පස්වරු 1.30 පමණ විය. එහි ළගා වූ වහාම මගේ සගයන් දෙදෙනා කාර්යාල වාහනය නැවැත්වීමට ස්ථානයක් විමසා බලන අතරතුර පොලිස් පරීක්ෂක ‘පී’ මා කැ`දවාගෙන පිළිගැනීමේ කවුන්ටරයට ළ`ගා විය. මා මගේ සගයන්ගෙන් වෙන්කරගන්නට ඔවුන්ට අවශ්‍ය වූ බව රහසක් නොවේ. මා අත වූ මුදල් පසුම්බිය හා ජංගම දුරකථනය වැනි පෞද්ගලික ආම්පන්න සගයන් අතට දීමට හැකි වූයේ එය මා කල් තියා දැන සිටි නිසාය.
මගේ හැ`දුනුම්පත ඉදිරිපත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළුවන අමුත්තන්ට හිමිවන අවසර පත‍්‍රයක් මා වෙත නිකුත්කරන ලදී. මා විසින් එම අවසර පත ලබාගෙන අදාළ තීරුවේ අත්සනක් යෙදිය යුතු විය. එය අවසන් වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පළමු මහලේ කාර්යාලයක් වෙත මා කැ`දවාගෙන යන්නට පොලිස් පරීක්ෂක ‘පී’ යුහුසුළු විය. කාර්යාලයට ඇතුළුවන විටම සුපුරුදු මුහුණක් දැකගතහැකි විය.
‘ආ චන්දන කොහොමද?’ ‘එ්’ නම් පොලිස් පරීක්ෂකවරයකුවන ඔහු මා දැක සුහද ලෙස සංවාදය ආරම්භ කළේය.
පිළිතුරු ලෙස කිසිවක් කීමට මා උනන්දු නොවුණේ මා කැ`දවාගෙන එන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට සම්බන්ධ මේ නිලධාරියාද සම්බන්ධ වන්නට ඇති බව මා කල්තියා දැන සිටි නිසාය. පොලිස් පරීක්ෂක ‘පී’ කාර්යාලයේ ප‍්‍රධාන අසුන වෙත ගිය අතර මා වෙත අසළ අසුනක් දක්වමින් සෙසු නිලධාරීහු අසුන් ගත්හ. ජනවාරි 26 වැනිදින පළවූ ‘සතිමැද ලංකා’ පුවත්පතේ තුන්වැනි පිටුවේ ඡුායාපිටපතක් මේසය මත දිගහරින ලදී. ‘සෑම රාජපක්ෂවරයකු පසුපසම මාළිගාවක්’ යන සිරස්තලය යටින් ඉරක් ඇ`ද තිබිණි. ඔවුන් අතර විවිධ කතාබහ අතරතුර පොලිස් පරීක්ෂක ‘එ්’ නැවත මා වෙත අවධානය යොමු කළේය.
‘චන්දන මොකද මේ රාජපක්ෂ පවුල ගැනම ඔයාගෙ පත්තරේ ලියන්නෙ? ජනාධිපතිතුමාගෙ පවුල එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙනවද?’ ඔහුගේ ප‍්‍රශ්නය මා අපේක්ෂා කළ දෙයක් නොවේ. එහෙත් දේශපාලන බලය නිලධාරීන් මත උපරිම වශයෙන් බලපෑම් කරන රටක ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වියහැකිය.
‘ඇයි එහෙම අහන්නෙ?’ මම කාරණය පැහැදිළි කරගැනීමේ ආරක්ෂාකාරී පියවරක් තැබුවෙමි.
‘ජනාධිපතිතුමාගෙ පවුලෙ අය ගැන ඔයාගෙ පත්තරේ ගොඩක් දේවල් පළ වෙලා තියෙනවා. රජය අප‍්‍රසාදයට පත්කිරීමේ චෝදනාව යටතේ ඔයාට විරුද්ධව පරීක්ෂණ කරන්න අපට උපදෙස් ලැබිලා තියෙනවා’ මට ඒ පිලිතුරෙන්ම කාරණය පැහැදිළි විය.
‘මුලින්ම මට කියන්න, මාව මෙතෙන්ට ගෙනාවෙ ඒක අහන්නද? නැත්නම් මට කිව්ව විදියට නිශ්චිත ලිපියක් ගැන ප‍්‍රකාශයක් ගන්නද?’ මම කෙටි ප‍්‍රහාරයක් එල්ල කළෙමි.
‘ඒක ගැනත් අහනවා. ඒත් මේ පත්තරේ පසුගිය කාලයේ වැඩියෙන්ම පළ වුණු දේවල් නිසා ඒ ගැන අහන්නෙ’ පොලිස් පරීක්ෂක ‘පී’ මා වෙත පිළිතුරු දුන්නේය.
‘අපේ පත්තරෙන් පහුගිය කාළෙ හෙළිදරව් කරපු බරපතළ වංචා ¥ෂණ පිළිබ`දව මේ වනතුරුත් කවුරුවත් අපෙන් ඇහුවෙ නෑ. කිසිම පරීක්ෂණයකුත් නෑ. ඒ අතර තිබුණු එක ලිපියක් තමයි ඔය ගෝඨාභය මහත්තයා සම්බන්ධව පළ කෙරුණු ලිපිය. දැන් රාජපක්ෂ පවුලත් එක්ක ආරවුලක් තියෙනවද කියල අහද්දි මට එන ප‍්‍රශ්නෙ තමයි ආණ්ඩුවෙ අනෙක් වංචා ¥ෂණ ගැන විමර්ශනයක් නැද්ද? රාජපක්ෂ පවුලෙ අය ගැන ලිව්වම විතරක් ප‍්‍රකාශ සටහන් කරගන්න ඕනෑ වෙන්නෙ ඇයි?’ නිලධාරි පිරිසට එම ප‍්‍රශ්යට පිළිතුරු දිය නොහැකි බව මම දැන සිටියෙමි.
‘ඒත් චන්දන මෙ ලිපිවල තියෙන කරුණුවලින් පෙනෙන්නෙ ජනාධිපතිතුමාගෙ පවුලෙ අයගෙ දේවල් සහ ආණ්ඩුවේ ඉහළ නිලතල දරණ අය සම්බන්ධ කරපු චෝදනා. ඔයාට පුළුවන්ද මේ කරුණු ඔප්පු කරන්න.’ ‘පී’ මගෙන් විමසා සිටියේය.
‘ලංකා’ පුවත්පත හෙළිකල තොරතුරු පිළිබ`දව ඔවුන්ගෙ ස්ථාවරය කිසිවකුගේ උපදෙස් මත කෙරෙණ පරීක්ෂණයට අවශ්‍ය ලෙස පූර්ව සූදානමකින් පවතින බව පෙනුණු නිසා මම මගේ ස්ථාවරය පැහැදිලි කළෙමි.
‘රාජපක්ෂ පවුල එක්ක කිසිම ප‍්‍රශ්නයක් මටවත් මගෙ ආයතනයටවත් නෑ. ඒත් ආරක්ෂක ලේකම් කියන්නෙ මේ රටේ ජනතාව බදුගෙවන මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයෙක්. එහෙම නිලධාරියෙක් ගැන ලියන්න අයිතියක් අපට තියෙනවා. මේ ලිපිවල තියෙන්නෙ පෞද්ගලික කරුණු නෙවෙයි මේ රටේ මිනිස්සු දැනගතයුතු කාරණා. රාජපක්ෂ පවුලෙ වෙනත් අය ගැනත් අපි ලිව්වා. ඒ ලිව්වෙ කෝන්තර පිරිමහගන්න නෙවෙයි. වෙලා තියෙන අක‍්‍රමිකතා ගැනයි කරුණු සහිතව හෙළිදරව් කළේ.’
‘එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගැන ලියපු මේ ලිපියෙ ඔයගොල්ලා කියනවා මේ මාළිගාවක් ගැන. ‘සෑම රාජපක්ෂවරයකු පසුපසම මාළිගාවක් ඇත’. මේක කොහොමද කියන්නෙ? මේ ලිපියෙ තියෙනවා කතරගම හදපු මාළිගාවක්ආරක්ෂක ලේකම්වරයට අයිතියි කියලා. ඒක ඇත්තද? කොහොමද එහෙම දේවල් කියන්නෙ?’
‘ඒ සිද්ධිය ගැන මුලින්ම අපට තොරතුරු ආවෙ මාස ගානකට කළින්. කතරගම රක්ෂිතයක කුඹුක් ගස් කපන කතාවක් මුලින්ම ආවෙ. ඉන්පස්සෙ පහුගිය දකුණු පළාත් ඡුන්දය කිට්ටුව තොරතුරක් ආවා රාජපක්ෂ කෙනෙකුට අයිති මාළිගාවක් කතරගම පැත්තෙ තියෙනවා කියලා. අපෙ ජර්නලිස්ට් කෙනෙක් ගියා තොරතුරු හොයන්න. ඒත් වැඬේ හරියටම කොහෙද කෙරෙන්නෙ කියලා දැනගන්න බැරි වුණා. පසුසෙ තමයි මේ මෑතකදි ඒ ගොඩනැ`ගිල්ලෙ පින්තූරත් එක්කම ඊට අයිති වතුර බිලක් අපට ලැබුනෙ.’
‘මේක අයිති කාට කියලද තියෙන්නෙ?’ පොලිස් පරීක්ෂක ‘එ්’ හරස් ප‍්‍රශන්යක් අසයි.
‘ඒක තමයි ලොකුම ප‍්‍රශ්නෙ. මේක හදලා තියෙන්නෙ ස්වභාවික රක්ෂිතයකට අයිති ඉඩමක. කතරගම ඩිපෝ පාරෙ තමයි තියෙන්නෙ. හදනකොට වන සංරක්ෂන දෙපාර්තමේන්තුවෙන්වත් ඉදිකිරීම් ගැන ප‍්‍රාදේශීය සබාවෙන්වත් අනුමැතියක් අරගෙන නෑ. වතුර බිලක් විතරක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙ නමට.’
‘ඉතින් මේක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගෙම කියන්න පුළුවන්ද?’ පොලිස් පරීක්ෂක ‘එ්’ නැවත හරස් ප‍්‍රශ්නයකින් දමා ගසයි.
‘එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන්ද? මේ ලිපිය පළ වෙලා දවස් ගානක් ගියා. ආරක්ෂක ලේකම්තුමාගෙ පැත්තෙන් එහෙම කිසිම ප‍්‍රතිචාරයක් නෑ. අනික මේ ගැන සීඅයිඞී එකෙන් ප‍්‍රශ්න කරනකොටම පැහැදිලියි මොකක්ද කාරණේ කියලා. වෙනත් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් නම් රාජපක්ෂවරුන්ට විරුද්ධව ලියන්නෙ ඇයි කියන ප‍්‍රශ්නයක් මතුවෙන්නෙ නෑනෙ’
‘ඔයා දන්නවද එහෙම වතුර බිලක් නෑ. කොහෙන්ද ඒ බිල හොයාගත්තෙ. කතරතම වෝටර් බෝඞ් ඔෆිස් එකක් නෑ. තියෙන්නෙ මාතර. මාතරින් ද මේක ගත්තෙ?’ පොලිස් පරීක්ෂක ‘එ්’ විමසා සිටියේය.
‘වතුර බිල ආවෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා. එහෙම බිලක් නැත්නම් ඒක සීඅයිඞී එකෙන් උසාවියකදි තහවුරු කරන්න. මේ තියෙන්නෙ ජලසම්පත් මණ්ඩලයෙ ලිපිනය. මේ තියෙන්නෙ ජලසැපයුම් පාරිභෝගික අංකයයයි ස්ථානයෙ ලිපිනයයි. මම ‘සතිමැද ලංකා’ ලිපියේ ඡුායාපිටපත ගෙන ඔවුන්ට කරුණු පැහැදිළි කළෙමි. එසේම අනවශ්‍ය ලෙස වාද කිරීමෙන් පලක් නැති නිසා ඔවුන්ට අවශ්‍ය ප‍්‍රශ්න ඉදිරිපත්කරමින් ප‍්‍රකාශය කරන අවස්ථාවේදී මගේ පිළිතුරු සටහන් කරගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. ඒ වනවිට ද මා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණ පැයක් පමණ ඉකුත්ව ගොස් ඇති බව කාර්යාලයීය ඔරලෝසුව අනුව දැකගතහැකි විය.
ඉන්පසුව, ප‍්‍රකාශය සටහන් කරගැනීමේ වගකීම උපපොලිස් පරීක්ෂකවරයකු වෙත භාරදෙමින් උපදෙස් ලබා දුන් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඉවත්ව ගියහ.

හතරවෙනි තට්ටුවේදී – 1

This slideshow requires JavaScript.

ඔවුන් මා කූඩුවට දමා ඉබි යතුරු දමන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී තිබිණි. අධික වෙහෙස නිසා මට හාත්පස බලා සිටින්නට උවමනාවක් නොවීය. අඩනින්දේම මම කූඩුවේ දොර අසලම තිබුණු පැදුරු ගොඩක් අත පත ගාගෙන ඉන් එකක් දිගහැර ගත්තෙමි. කොට්ටය වෙනුවට ඉතිරි පැදුරු මිටිය මත හිස තබා නිදන්නට උත්සාහ කළෙමි. නින්ද මවෙත ළඟාවන්නට පෙර එදින සිදුවූ සියල්ල චිත‍්‍රපටයක් සේ මගේ මනසේ දිගහැරෙන්නට විය.
පුවත්පත් කාර්යාලයේ වැඩ නිමකර පිටත්වන විට මා හට දුරකථන ඇමතුමක් ඇති බව ලාල් කී ආකාරය එවේලේ මතකයට නැගුණි. ජනවාරි 28 වැනි බ‍්‍රහස්පතින්දා රාත‍්‍රී වනවිට 31දා පුවත්පත් කටයුතු ද අවසන් කර තිබිණි. කාර්යාලයේ රැුඳී සිටියේ මමත් දයාත් අසංකත් ලාලූත් පමණි. දුරකථනය අතට ගත් මාහට දැනගන්නට ලැබුණේ කොළඹ අපරාධ පරීක්ෂණ මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ‘පී’ දුරකථනයේ රැුඳී සිටින බවයි. ඔහු මාවෙත දැනුම් දුන්නේ පුවත්පතේ පළවූ ලිපියක් පිළිබඳව ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට මා අපරාධ පරීක්ෂණ මූලස්ථානයට පැමිණිය යුතු බවයි.
”මට ලිඛිත දැනුම්දීමක් කරන්න. මම එන්නම්” මගේ පිළිතුර විය.
”හරි මම මිරිහාන පොලිසිය මාර්ගයෙන් මැසේජ් එකක් එවන්නම්” නිලධාරියා එසේ පවසද්දී මම ඔහුට ස්තූති කොට දුරකථනය විසන්ධි කළෙමි. පසුදින කාර්යාලයේ වැඩ කටයුතු කරන අතර අපේක්ෂා කළ දුරකථන ඇමතුම ලැබිණි. එහෙත් එයින් කියැවුණේ අමුතුම කතාවකි.
”මිස්ටර් චන්දන 10.00ට එනවා කියල අපි බලාගෙන හිටියා. මොකද ආවෙ නැත්තේ.” උප පොලිස් පරීක්ෂකවරයකු වූ ‘කේ’ මගෙන් විමසා සිටියේය.
”මට මෙහෙම වෙලාවක් කිව්වෙ නෑ. මම කොහොමද දන්නෙ 10.00ට එන්න කියලා තියෙන වගක්.” මම පුදුමයෙන් පිළිතුරු දුන්නෙමි.
”ඇයි ඊයේ කීවෙ නැද්ද? ඊයේ අපි මිස්ටර් චන්දනට කිව්වනෙ” මෙය ඉවසීම ඉක්මවා යන තත්වයකි. එහෙත් ඔවුන්ගේ උගුලට මා අසුවිය යුතු නැත. ඒ නිසා මමත් ආවේගය පාලනය කරගෙන පිළිතුරු දුන්නෙමි.”
”මිස්ටර් නෙවෙයි ඊයේ කතා කළේ. අයි.පී. කෙනෙක්. මම එයාට කිව්වා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න කියලා.”
”ඉතිං මිරිහානෙන් මැසේජ් එක එව්වෙ නැද්ද?”
”නෑ… මට තවමත් එහෙම දැනුම්දීමක් නෑ. කරුණාකරලා මට ලිඛිතව දැනුම්දීමක් කරන්න. මම ආයතනයක වගකීමක් දරන කෙනෙක්. හිතූ මතේට වැඩ කරන්න මට බෑ.” මම මගේ සීමාව ඔහුට පැහැදිලි කළෙමි.
”හරි මට කියන්න එන්න පුළුවන් කීයට ද කියලා” පොලිස් පරීක්ෂකවරයා මගෙන් විමසීය.
”මගේ වැඩ කටයුතු ඉවර වෙන කොට 2 විතර වෙනවා. මම 3.00ට එන්නම් හැබැයි මට මැසේජ් එක එවන්න.”
”මැසේජ් එක එවන්නම් දන්නවනෙ පොලිසියෙ වැඩ. ඒක පමා වෙන්න ඇති. කොහොමටත් මම දැන් වෙලාවක් කිව්වනේ. ඒ වෙලාවට එන්න.” කනිෂ්ඨ නිලධාරියාගේ ස්වරය පැහැදිලිය.
”ඒත් මම දන්නෙ නෑ ඇයි මට එන්න කියන්නෙ කියලා. මොකක් ද මගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න හේතුව.” මම විමසා සිටියෙමි.
”හේතුව මේකයි මිස්ටර්ගෙ පත්තරේ පසුගිය 26 වෙනිදා පළකරල තියෙනවා ගෝඨාභය මහත්තයා කතරගම මන්දිරයක් හදනවා කියල…. අන්න ඒක ගැනයි ස්ටේට්මන්ට් එකක් ගන්න කියල අපිට උපදෙස් ලැබිල තියෙන්නෙ.”
”හරි මට තේරෙනවා. මම තුනවෙනකොට එන්නම්. කාවද හම්බවෙන්න ඕනැ.”
”ඉන්ස්පෙක්ටර් ‘පී’ හම්බවෙන්න කෝ.” දුරකථනය විසන්ධි විය.
මේ අතරතුර කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ පියාගේ මළගමට සහභාගි වීමට කාර්යාලයේ සියලූ දෙනා සූදානම් වෙමින් සිටියහ. මට එම ගමනට සහභාගි විය නොහැකි බව දන්වමින් මගේ වැඩ කටයුතු කරගෙන ගියෙමි. 12.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් කාර්යාලයට පැමිණියහ. පොලිස් පරීක්ෂක ‘පී’ සිනාමුසු මුහුණින් තමා හඳුන්වා දෙමින් මට අත දිගු කළේය. අතට අත දුන් මම ඔවුන්ට අසුන් ගන්නා ලෙස ඇරයුම් කළෙමි. එහෙත් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාගෙන ගොස් ප‍්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස තමන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන් නියෝග ලැබී ඇති බව පැවැසූ ඔහු තමන් කැටුව එනලෙස මගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මම කාර්යාලයේ ත‍්‍රිරෝද රථයෙන් පැමිණෙන බව ඔහුට දැනුම් දී පිටතට පැමිණියෙමි. මළගෙදර යාමට සූදානම් වී සිටි දයාත් මහේෂුත් මා සමග යාමට කැමැත්ත පළ කළහ. අප කොළඹ දෙසට යන අතරතුර ජනමාධ්‍ය සගයන් කිහිප දෙනෙක්ම දුරකථනයෙන් කතා කොට මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ ඇයිදැයි විමසූහ. මම ඔවුන්ට කාරණය පැහැදිලි කළෙමි.
”චන්දන අයියේ දැන්මම වොයිස් කට් එකක් දෙනවාද? නැත්නම් එන ගමන් දෙනවාද” වී එෆ්.එම් නාලිකාවේ හිතවත් මාධ්‍යවේදියෙක් මගෙන් විමසා සිටියේය.
”මල්ලි එළියට ඇවිත් ඔයාගෙ ෆෝන් එකට රිං කරන්නම්.” මා එසේ කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ ප‍්‍රශ්න කිරීම්වලට මුහුණදීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණු නිසාය. මෙවර මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ පස්වන වතාවට බව මා සමග ගිය සගයන්ට මතක් කළ මම ඔවුන්ට මා එනතුරු පැය කීපයක් රස්තියාදු වීමට සිදුවිය හැකි බවද කීවෙමි. ඔවුන් සිනාමුසු මුහුණින් එය පිළිගත්හ.
ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව ආණ්ඩුව විවේචනය කළ අප පුවත්පතට අනතුරක් වියහැකි බව දැන සිටියත් මෙම ‘කැඳවීම’ අපට විස්මයක් ගෙන දුන්නේ නැත. මේ වගේ ආයතනවල සගයන්ගෙන්ද අපට අවවාද ලැබී තිබිණි.
”ඉස්සෙල්ලා පරිස්සම් වෙයල්ලා. අපි හිතන්නෙ නැති වුණත් ලසන්තට වෙච්ච දේ දන්නවනේ. බලය අතට ආවාම මිනිස්සු සත්තු වෙනවා. ඔක්කෝටම කලින් කට්ටියට කියන්න ජීවිත ආරක්ෂාව අංක එකට තියන්න කියලා. තනියම නම් කොහෙවත් යන්න එපා. යන එන වෙලාවල් වෙනස් කරන්න.”
ප‍්‍රවීණ මාධ්‍යවේදියකුගෙන් ඒ සහෝදර අනතුරු ඇඟවීම ලැබී තිබුණේ මැතිවරණ ජයග‍්‍රහණය ප‍්‍රකාශ වී පැය කීපයක් ඇතුළතදීය.

චන්දන සිරිමල්වත්ත

දිගටම කියවන්න