Archive for the ‘ Appreciation ’ Category

සටනකට පෙර ගිලන් වූ සටන් සගයෙකුට….

for a new-lifeලක්මාල් සහෝදරයා හදිසියේ අසනීප වූ බව දැනගත්තත් බලන්න යන්න වෙලාවක් ලැබුණෙ දවස් කීපයකට පස්සෙ. ජයවර්ධනපුර රෝහලේ 8 වැනි වාට්ටුවේ සිටිද්දී ලැබුණු ප‍්‍රතිකාර වගේම පියාගේ මවගේ සහ සටන් සගයන්ගේ ආදරය රැුකවරණය නිසාත් ඔහු සුවපත් වෙමින් සිටියා. ඒත් දැඩි ලෙස රෝගාතුර වීමෙන් පීඩාව දරාගෙන සිටි ලකීගෙ මුහුණේ ගිලී ගිය ඇස්වල තිබුණු දුර්මුඛ බැල්ම දරාගන්න බැරි තරම්.

ලකී කලාතුරකින් හමුවන උනන්දුවෙක්. නිතරම ක‍්‍රියාශීලීත්වයකින් හා දේශපාලන අවධානයකින් සිටි ඔහු සමාජවාදී කලා සංගමයේ වගකීම් දරමින් සමාජ අරගලයේ කොටස්කරුවෙක් බවට පත් වුණා. ජවිපෙන් වෙන්ව ජන අරගලයක සහෝදරාත්මක දුක්පීඩා විඳදරාගන්නට කැමති වූ පිරිස අතර ඔහුත් සිටියා. අන් හැම සගයෙක් වගේම වමේ දේශපාලනයේ සැබෑ පියසටහන් සොයා යාමේ දී ලකී දැක්වූයේ උන්නතිකාමයක්. එහි දී වුව ද සම්මුතිකාමයෙන් තොර විවේචනාත්මක බවකින් ඔහු වැඩ කළා. නිසැකවම ඔහු තවදුරටත් නව සමාජයක් වෙනුවෙන් සටන් වදින්නට බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්. සටන් ආරම්භ කිරීමේ කාලය දිගේලි කළ හේතු නිසාම දුර්මුඛව ගිය සියයක් සගයන් අතර ඉදිරියෙන් සිටි කෙනෙක්. එහෙත් ඒ හේතුව ඇතුළු වෙනත් යම් හේතු නිසා ඔහුට සිය සගයන් එක්ක හැම තැනදිම එකඟ විය හැකි වුණේ නෑ.

වෙනස් වෙනස් ජීවිත අත්දැකීම් ගවේෂණය කරන්න ඔහු ඇතුළු සගයන්ට උවමනා වුණා. ඒ පාරෙ යන ගමන් ඔහු රෝගාතුර වුණේ ශාරීරික දුබලතා ගැන නොසැලකීමේ ප‍්‍රතිඵලයක් විදියටයි. අසනීප තත්වයට හේතුව අග්න්‍යාශයේ ආබාධයක් වුවත් ලොල් වූ දේ ගැන පාලනයක් නොතිබුණ නිසා ආබාධය උත්සන්න වූ බවට ලකී පවා පිළිගන්නවා. තමන්ගේ දේශපාලන විචාරක්ෂිය තුළ සිදු කරන පසුවිපරමකින් තොර වීමත් නොසැලකිලිමත් ජීවන පුරුදුත් එයට හේතු වූ බව සිතිය හැකියි. දැන් ඔහු රෝහල් ඇඳේ හිඳිමින් මෑත අතීතය ආවර්ජනය කරනවා. ජීවිතය ගැන නැවත හිතා බලන්න කෙනෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් දැන් ලක්මාල් සහෝදරයට ලැබිලා තියෙනවා. රෝගී අවස්ථාවක විවේකයෙන් ජීවිතය ගැන හිතන්න ලැබුණු පළමු වැන්නා ලකී නෙවෙයි. ජීවිතය නිසලව එක දිගට ගලා යන විට හෝ වේගයෙන් දිව යන වකවානුවක ඒ ගැන හිතන්න පෙලඹෙන අවස්ථා අඩුයි.

ජීවිතය ගැන නැවත හිතා බලන්න මිනිස්සු පෙලඹුණු අවස්ථා නිසා ලෝකයේ අත්දැකීම් සුවිශේෂී කඩඉම් බවට පත් වුණු වෙනත් අවස්ථා ගැන ගිලන් ඇඳේ ඉන්න ලකීත් මෙය කියවන ඔබත් දන්නවා. ඬේවිඞ් ලීන් අධ්‍යක්ෂණය කළ ස්පාටකස් පුරාවෘත්තයෙන් උදාහරණයක් ගන්නම්. වහලූන්ට විරුද්ධව සටනක් කරන්න ස්පාටකස්ට ධෛර්යය දුන්නෙ ගලැඩියේටර්වරුන් ලෙස ඇරීනාවෙ සටන් කරද්දි ‘ඩ‍්‍රාබා’ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ලබා දුන් සහෝදරත්වයේ පාඩම නොවේද? ඒ ශ්‍රේෂ්ඨ ඉතියෝපියානුවා විසින් සිය ආත්මලාභය තකා පරාජිත සගයා වූ ස්පාටකස් ඝාතනය කළේ නෑ. ඒ වෙනුවට පාලකයන් දෙසට ප‍්‍රහාරයක් එල්ල කළ නිසා රැකවලූන් විසින් මරාදැමුවා. ස්පාටකස් එසේ මරාදැමුණා නම් ජීවිතය ගැන නැවත සිතීමට අවස්ථාවක් ඔහුට හිමි වන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් 1971දීත් 1987-89 පැනනැගුනු අරගලවල දී ලාංකේය සටන්කාමීන්ට හිමි වූ පරාජයන් ජීවිතය ගැන නැවත සිතා බලන්නට අවස්ථාවන් උදා කළා. විප්ලවවාදීන්ගෙන් හා ඇතැම්විට අරගලයට කොහෙත්ම සම්බන්ධ නොවුණු තරුණ තරුණියන්ගෙන් පිරවුණු සිරගෙවල් වමේ දේශපාලනය ගැන බොහෝ පාඩම් උගන්වන විශ්වවිiාල බවට පත් වුණා. ඉන් අනතුරුව ඒ උගත් පාඩම් ප‍්‍රායෝගිකත්වයට නැංවීමේ තත්වයන් ගැන විවාදයක් තිබිය හැකි වුවත් නැවත සිතා බැලීමේ අවස්ථාව ජීවිතයට මෙන්ම දේශපාලනයට ද අත්‍යවශ්‍ය අංගයක්.

සිරගත වූයේ නැතත් දේශපාලනය කරනවුන්ටත් එසේ නොවන අයටත් ජීවිතයේ කඩඉම් අවස්ථා උදාවෙනවා. ඒ නිසා තැබූ පියවර ගැන ස්වයං විවේචනයක් කරගන්න ඒ හැම කඩඉමක්ම අවස්ථාවක් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සටන් සගයන් සිරගතව සිටිය දී තමන් යෙදී සිටි අරගල ගැනත් එහි උපාය උපක‍්‍රම ගැනත් නැවත සලකා බැලූණු බව පැරණි ජවිපෙ සගයන් නිතර කියනවා. ඒ අයට අලූතෙන් හිතන්න බල කරපු අත්දැකීම් වගේම නැවත නැවත කියවමින් නව ජීවිතයක් ඉදිරියට ගෙන යන්න වමේ ව්‍යාපාරයේ සමස්ත කතාවම උපකාරී වෙනවා.

පවතින සමාජ ආර්ථික ක‍්‍රමයේ නරුමත්වය පිළිගන්නා අපට එහි ගොදුරු බවට පත් නොවී ඉන්න යම් ව්‍යායාමයක යෙදෙන්න වෙනවා. කොතරම් වෑයම් කළත් මොන දුබලකමකින් හෝ ධනවාදයේ දුර්ගුණ අපේ ජීවිතයට කඩා වදින තැන් තියෙනවා. නැවත නැවත සිතමින් ජීවිතයේ කඩඉම් ප‍්‍රයෝජනවත් වෙනවා.

ලක්මාල් කොළඹ රෝහලේ ප‍්‍රතිකාර ගනිමින් නව ජීවිතයක් ගැන හිතන බව කියද්දී සියුම් සතුටක් ඇති වෙනවා. ඇත්තෙන්ම ඒ අදහස අනෙකුත් සගයන්ටත් සුභාරංචියක් බව කිවයුතුයි. නමුත් ඒක සීයට සීයක් ප‍්‍රායෝගිකත්වයට නඟන්න ඔහුට තනිවම හැකි යයි සහතිකයක් නෑ. ඒ ව්‍යායාමයෙ දි ඔහු සමඟ අරගල කරන්නටත් සහෝදරත්වයෙන් ආදරයෙන් වැළඳ ගන්නටත් සටන් සගයන්ට හැකි වන බව නම් නිසැකයි.

Advertisements

සමාජවාදය වෙනුවෙන් කැප කළ ජීවිතයක්

10-07දිගටි රැවුලකින් හා ආකර්ෂණීය සිනාවකින් යුතු ඔහු මට මුලින්ම හමු වුණේ මීට අවුරුදු පහකට කලින්. ඉබ්බාගමුවෙ ඉපලව පිහිටි නිවසට මම ගිය මොහොතේ සිට පැය කීපයක් අප කතා කළේ ඔවුන්ගෙ අතීත කතාව ගැනය.

‘ලංකා’ පුවත්පතේ සිටිය දී මම ඒ ගමන ගියේ ඞී. ගුරුසිංහ නමැති වාමාංශික මිනිසා හමුවීමටය. ඉබ්බාගමුවේ දී මා හමු වන්නට පැමිණියේ ඔහුගේ බාල පුත‍්‍රයාය. යතුරු පැදියකින් සිය නිවස වෙත මා කැඳවාගෙන ගිය ඔහු ‘මේ තමයි අපෙ තාත්තා’ යනුවෙන් ඒ සටන්කාමී මිනිසා මට හඳුන්වා දුන්නේය. ඇත්තෙන්ම ඔහු වමේ ව්‍යාපාරයේ පසුකාලීන ක‍්‍රියාකාරීන් රැුසකට පියකු විය. පසුගිය දිනක නැවත වරක් ඒ නිවසට ගිය හිමිදිරියේ ඔහුගේ නිසල දේහය අසල සිටගත් මට පසක් වූයේ අදටත් එම පීතෘත්වය වෙනස්ව නැති බවයි.

සිය අතීත කතාව යළි කැඳවන්නට ඔහු ඉදිරිපත් වූ උෙiා්ගිමත් විලාසය මට අද මෙන් මතකය. ”1971 මම හිටියෙ කුණ්ඩසාලෙ කෘෂිකර්ම විද්‍යාලෙ. අපි පක්ෂෙට සම්බන්ධ වෙලා හිටියෙ. අපේ‍්‍රල් 5 වැනිදා සටන් ආරම්භ කරන්න කියලා අපට උපදෙස් ලැබුණම කිසිම පැකිළීමක් නැතිව අපි කට්ටිය ගියා නියමිත ඉලක්කවලට. අපට තිබුණෙ පල්ලෙකැලේ පොලිසිය යටත් කරන්න. අපේ ප‍්‍රහාර උපක‍්‍රම වැරදුණු නිසා ඒ ඉලක්කය සාර්ථක කරගන්න බැරි වුණා. සමහර සහෝදරවරු තුවාල වුණා. තවත් අය යටත් වුණා. අපි උපක‍්‍රමශීලීව පහු බැස්සා. පස්සෙ අපි නැවත පක්ෂය ගොඩ න`ගන වැඬේටත් සම්බන්ධ වුණා.”

ඔහු ආස්වාදයකින් යුතුව අතීත දේශපාලන ක‍්‍රියාකාරීත්වය ගැන තොරතුරු කිව්වා.
වාමාංශික දේශපාලන පසුබිමක් ගුරුසිංහ සහෝදරයට තිබුණා. උඩකැන්දවල සරණංකර හාමුදුරුවො ඥාතිත්වයෙන් මාමා. ඒ ආභාසය ඔහුට ලැබුණා. හිඟුරක්ගොඩ පාසල් ගිහින් ගලහිටියාව මධ්‍ය මහ විiාලයේ උසස් පෙළ අධ්‍යාපනයට පැමිණියා. උඩකැන්දවල හාමුදුරුවන්ගෙ ආභාසය එහිදිත් ලබාගෙන තිබුණා. 1971 කුණ්ඩසාලේ කෘෂිකර්ම විදුහලේ ශිෂ්‍යයකු ලෙස සිටිය දී පක්ෂයට සම්බන්ධ වුණා. පළවෙනි පත්වීම ලැබුණේ අම්පාර හාඩි තාක්ෂණ විiායතනයේ ආචාර්යවරයකු වශයෙන්.

එහි දී තම රැුකියාව පවා පරදුවට තබමින් පරිත්‍යාගශීලීව දේශපාලන කටයුතුවලට ඔහුගේ සහයෝගය දී තිබේ. 1978 මැයි දිනයට සහභාගී වීම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගුරුසිංහ පියාට කුලියාපිටිය කාර්මික විදුහලට ද`ඩුවම් මාරුවක් ලබා දී ඇත. එයින් වඩාත් ධෛර්යමත් වූ ඔවුහු තවදුරටත් වමේ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී ආධාරකරුවන් බවට පත් වූහ.
ඔහුගේ දේශපාලන ජීවිතය පවුල් ජීවිතයෙන් වෙන් කරගත් එකක් නොවීය. එය සිය ප‍්‍රියයාගේ හා සමීපතම සටන් සගයාගේ වියෝගයෙන් කනගාටු වන ගුරුසිංහ අම්මා ගැනත් සටහන් කළ යුතු අතීතයකි. ඇතැම් වාම ක‍්‍රියාකාරීන්ට අදත් වෙනස් වන්නට බැරි පාර්ශ්වයක් ලෙස සිය බිරිය දේශපාලනයට එක් වනවාට ගුරුසිංහ තාත්තා විරුද්ධ නොවීය. 1980 වසර වන විට ඇය පොතුබෝව විදුහලේ ආචාර්යවරියකි. ඇය වැඩ වර්ජනයට සම්බන්ධ වීම නිසා එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් ඔවුන්ගේ නිවසට ද අලාභ හානි කරන ලදී. වැඩවර්ජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ගුරුසිංහ මහත්මියගේ රැුකියාව අහිමි කෙරිණි. එහි දී ඇය සමාජවාදී කාන්තා සංගමයේ පූර්ණකාලීන කටයුතුවලට එක් වූවාය. කියුබාවේ පැවැති ලෝක තරුණ උළෙලට ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගි වූ පිරිස අතර ද ඇය සිටියාය. ජනතා විමුක්ති පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය පැවැත්වීම සඳහා සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු පක්ෂයේ ක‍්‍රියාකාරීන් සම`ග කරට කර වැඩ කළ ඇය සමාජවාදී කාන්තා සංගමයේ ඉදිරි පෙළ නායිකාවක් බවට පත් වූවාය. ඇය, ඔහුගේ නිසල දේහය ඉදිරිපිට මොහොතක් බලා සිටි මා දෙස ශෝකාකූලව බලා සිටියාය.
”චන්දන පුතා නේද?”

ඇය වසර පහ හයක කාලයකට පසුව වුවත් කිසිදු පමාවක් නැතිව මා හඳුනා ගත්තාය. එදා නිසි ආහාරයක්, විවේකයක් හෝ සාමාන්‍ය ජීවිතයේ කිසිදු සහනයක් නැතිව සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දිවා රාත‍්‍රී වෙහෙසුණු ඇයට සිය සමීපතමයාගේ වියෝගය දරාගත නොහැකිය.
ගුරුසිංහ තාත්තා ගිලන්ව සිටිය දී පැමිණීමට නොහැකි වීමේ පශ්චාත්තාපයෙන් පෙළෙමින් සිටි මට, ඇය ඉකිගසා වැලපෙන විට ”අම්මෙ ඉතින් නොහ`ඩා ඉන්න” යැයි කියන්නට ධෛර්යයක් නොවීය. බොහෝ දෙනා පවසන ආකාරයට ගුරුසිංහ තාත්තා නිතරම උෙiා්ගයෙන් හා සිනාමුසු මුහුණින් කල්ගත කළ අයෙකි. ඒ පළමු හමුවීමේදීම එය මගේ මතකයේ රැුඳුණු ලක්ෂණයක් විය. එහෙත් වසර ගණනාවකට පෙර පළමු වරට හමු වූ පසුව නැවත හමු වන්නට නොහැකි විය.
හිඟුරක්ගොඩ හතරෙ කණුවෙ පිහිටි සිය නිවස හා ඉඩම ජවිපෙ ගොවිපළක් සඳහා භාවිතා කිරීමට ඔහු ඉඩ දුන්නේය. 1980 දශකය අවසානයට එළඹි රුදුරු මර්දනය හමුවේ පවා ඔහු පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් ආරක්ෂා කිරීම සිය වගකීමක් ලෙස සලකා කටයුතු කළේය. කුරුණෑගල මූකලන්යාය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගුරුසිංහ යුවළ සටන්කාමී තරුණයන් වෙනුවෙන් සිය නිවස දිවා රාතී‍්‍ර විවෘත කළේ ආණ්ඩුවේ මර්දනය හමුවේ ආරක්ෂිත ස්ථානයක් ලෙසය.
සිය දරුවන් කුඩා කාලයේදීම දේශපාලන අව බෝධය ලබාගැනීම සම්බන්ධව ඔහුගේ උනන්දුවක් පැවතිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වූ අතර බොහෝ විට විවාහයන් සිදුවූයේද වාමාංශික ක‍්‍රියාකාරින් සමගය. පසුව ඇති වූ වෙනස්වීම් හමුවේ ඔවුන් වෙනත් විවිධ මාවත් ඔස්සේ ජීවිතය ගෙන ගියද තවමත් වමේ ව්‍යාපාරයේ ආභාෂය ඔවුන්ගේ ජීවිතවලින් ඈත් වී නැත.

මිය යන අවස්ථාව වනවිටත් වමේ දේශපාලනය පිළිබඳ ඔහුගේ උනන්දුව වියැකුණේ නැත. එහෙත් වැදගත්ම කාරණය නම්, ඔහු සිය ජීවිතයේ වගා කරගත් වාමාංශික ආදර්ශයන් පාවා දුන්නේ නැත. කෙසේ වෙතත් ඛේදවාචකය නම්, ඔහු විසින් ගොඩනැඟූ දේශපාලන ව්‍යාපාරය පවා ඔහුගේ අවසන් අවස්ථාවේ ඔහු අතහැර සිටීමය. මැතිවරණ දේශපාලනයේ නියැලෙන ක‍්‍රියාකාරීන් ලෙස රෝගාතුර මිනිසකු ගැන සෙවීමට වඩා ඔවුන්ට වැඩ තිබෙන්නට ඇත. ගුරුසිංහ තාත්තා මිය ගිය පසුව මළගෙදර බැනරයක් දැමීමට පැමිණි සහෝදරවරුන්ට ඒ සඳහා ඉඩ දීමට ඥාති හිතවතුන්ට නොහැකි වූයේ පෑරුන හදවත් තවත් පාරන්නට නොහැකි නිසා විය යුතුය. කෙසේ වෙතත් ගුරුසිංහ තාත්තා දේශපාලන ව්‍යාපාරයකට හෝ පක්ෂයකට අයත් මිනිසකු ලෙස නොවන බව නම් පැහැදිලිය.

1971 අරගලයට හෝ 87-89 අරගලයට එක් වූ නිසා දරුණු මර්දනයකට හසුව එයින්ද නොනැවතී යළි වමේ දේශපාලනයේ යෙදීමට ඉදිරිපත් වූවන් ගැන සිහිපත් කරමින් මේ සටහන අවසන් කරන්නට මට සිතේ නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට කැප වූ, සංඛ්‍යාවෙන් කුඩා මිනිස් සමූහයක් ගැන වර්තමාන පරපුරේ අය විසින් වහරනු ලබන සරල යෙදුම් රාශියකි. ගුරුසිංහ තාත්තා බඳු මිනිසුන් ‘71 කැරැුල්ලෙ අය’, ‘පරණ ජේවීපී කාරයන්’ හෝ නොව ශ්‍රේෂ්ඨ පරාජයකින් පාඩම් ඉගෙන ගත් අපරාජිත මිනිසුන් බව සටහන් කළ යුතුය.

බල්ලන්, බූරුවන් පරාජය කළ ශිෂ්‍යයෝ…!

panhindaඅධිකරණයට අයත් වැඩ ද තිබේ. අධිකරණය වුවද අත නොගැසිය යුතු වැඩ ද තිබේ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්නට යා යුතු නැති බව නීතිය නොවේ අකුරක් පවා නූගත් ගැමියෝ වුවද හොඳහැටි දනිති. එහෙත් අපේ රටේ ජනතාව ගොන්නුන් යැයි සිතා සිටින බූරු වහන්සේලාට ජයවේවා! උන් නීතියට මුවා වී ආණ්ඩුවේ මල අසූචි හෝදන්නට යන බව ඔප්පු වී හමාරය. අසූචි නාගන්නේ ඒ ආකාරයෙන් තමන්ට අයිති නැති දේ කරන්නට යන පක්කලි මහත්වරුන් නෝනාවරුන්ය. ඇතැම් විට එවැනි පක්කලියන් විනිශ්චය ආයතනවලට පත් කරන්නේ ද ආණ්ඩුව කරවන උන්මය. උන් උන්ගේ හැටියට වැඩ කරති. පාලකයෝ පාලනය ගෙන යන්නේ ජනතාව පෙළමින්ය. ඒ පාලනය සාධාරණිකකරණය කිරීම පක්කලියන්ගේ රාජකාරිය විය හැකිය. එහෙත් එය අධිකරණයේ කාරිය විය නොහැකිය.

මේ පූර්විකාව කියන්නට සිදු වූයේ ජනතාවට විරෝධය පළ කිරීමේ අයිතියක් නැති බවට පූර්ව නිගමනයකින් යුතුව කටයුතු කරන විනිසුරුවරුන් සිටින නිසාය. එවැනි විනිසුරුවරුන්ට කිව යුත්තේ තනතුරේ ගෞරවය ආරක්ෂා කරන්නට නොහැකි නම් පාලකයන්ගේ ගෙවල්වල වළං පිඟන්, කිළිටි රෙදි සෝදා යැපෙන්නට සූදානම් වන ලෙසය. ඇතැම් විනිසුරුවරු වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගන්නට සටන් කිරීම ගැන නියෝග පනවති. තවත් විනිසුරුවරු මහජන උද්ඝෝෂණවල යෙදී සිටි හේතුව නිසා මිනීමැරුම්වලට සම්බන්ධ යැයි පොලිසිය විසින් කියන ගම්වාසීන් වැලිකඩට දක්කති.

තවත් විනිසුරුවරු පාලකයන්ගේ පඩුරු පාක්කුඩම් ලබා ගන්නට උන්ගේ මන්දිරවලට බඩ ගාති. එහෙත් කොට්ටෝරුවා කොටා ගෙන ගොස් කෙසෙල් ගහට කෙටූ විට සිදු වන්නේ හොට පැටලීමයි. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ඊයේ පෙරේදා පැවැත්වූ පෙළපාළිය නිසා එසේ හොට පටලවා ගත් උන් කීප දෙනෙක්ම වූහ. මේ ශිෂ්‍යයන් විරෝධය පළ කළේ හේතු ඇතිවය. ‘සම සෞඛ්‍ය’ උපාධිය කප්පාදු කිරීම ගැන තමන් ගෙන යන විරෝධතාව ගණනකට නොගත් නිසා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඊට විරෝධය පළ කර සිටීම ශිෂ්‍යයන් සතු අයිතියකි. එය උදුරා ගන්නට පාලකයන්ට හෝ පාලකයන් විසින් උසි ගැන්වූ පොලිසියට හෝ පාලකයන් විසින් කඬේ යවනු ලබන විනිසුරුවනට නොහැකිය.

සම සෞඛ්‍ය උපාධි අයිතිය ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කැඳවා තිබුණු විරෝධතා පෙළපාළිය ගැන අධිකරණය දී තිබුණේ අපූරු නියෝගයකි. එහි දී කියා තිබුණේ සිසුන් කොළඹ නගරයේ ස්ථානවල විරෝධය කළ යුතු නැති බවයි. කරනවා නම් උද්ඝෝෂණය කොටුව දුම්රියපොළ ඉදිරිපිට කළ යුතු බව අධිකරණයේ නියෝගය විය. විරෝධතාවක් පළ කරන්නේ යම් විරෝධයක් ඉදිරිපත් කිරීමටය. විරෝධය පළ කරන්නට සුදුසු තැන එය නොකර වෙනත් තැනක විරෝධය පළ කරන්නේ නිවටයන්ය. ශිෂ්‍ය ව්‍යාපාරය කිසිදා නිවටකම් කරන්නේ නැති බව පසුගිය දා යළි සනාථ කළේය. ඒ ශිෂ්‍ය විරෝධය සංවිධානය කරන බව දැනගත් වහාම පාලකයන්ගේ නියමයෙන් පොලිසිය බත්බැලයන් පිරිසක් කළේ අරුම පුදුම නාඩගමක් නැටීමය.

ඔවුහු අධිකරණය හමුවට ගොස් ශිෂ්‍ය උද්ඝෝෂණ පැවැත්වේ යැයි ඔත්තු සේවා වාර්තා කළ ස්ථානවල දී කිසිදු විරෝධතාවක් හෝ නොපැවැත්විය යුතුය යන නියෝගයක් අධිකරණයෙන් ලබා ගත්හ. ඒ මදිවාට උද්ඝෝෂණ කළ යුතු තැන ලෙස කොටුව දුම්රියපොළ ඉදිරිපිට අධිකරණය හරහා නම් කිරීමට ද මේ බත්බැල නිලධාරීහු සමත් වූහ. අධිකරණය කළ යුත්තේ යුක්තිය පසිඳලීම මිස බල්බැලයන් කියන කියන විදිහට පාලකයන්ට අවශ්‍ය නියෝග නිකුත් කිරීම නොවේ.

ඉතින්, විරෝධය පළ කිරීමේ අයිතිය තමන් සතු බව අධිකරණයට වඩා හොඳින් දන්නා ශිෂ්‍යයෝ අධිකරණ නියෝගවලින් පසුබැස ගියේ නැත. ඒ ශිෂ්‍ය ව්‍යාපාරය අඩපණ කිරීමට අධිකරණය හරහා ශිෂ්‍ය නායකයන් පිරිසක් නම් කරමින් ඔවුන්ට විරුද්ධව නියෝග ගැනීමට ද පාලකයන්ගේ කටු ලෙව කන නිලධාරීහු සමත් වූහ. ඉතින් උන්ට මකුළු දැලින් හමන සුළං වැළකිය හැකි වූයේ නැත. ශිෂ්‍ය නායකයන්ගේ මව්පියන්ට තම නිවෙස් අයිති ප‍්‍රදේශයේ පොලිසියට වාර්තා කරන ලෙසට දන්වා තිබේ. ජනතාව මර්දනය කිරීමේ කැත හෙලූව මේ තරම් ඉක්මනින් පෙන්වීමට පාලකයන් ඉදිරිපත්ව තිබේ. තම දරුවන් වයස අවුරුදු 18 ට වැඩි නිසා ඔවුනට යම් මතයක් දැරීමට හා ක‍්‍රියාමාර්ග ගැනීමට අයිතිය ඇති බව මව්පියන් විසින් පොලිසියේ දී ප‍්‍රකාශ කර තිබේ.

පාලකයන්ටත් බත්බැල පොලිසියටත් බල්ලාගේ වැඬේ කරන්නට යන අධිකරණයේ බූරුවන්ටත් පාඩමක් ඉගෙන ගන්නට නොහැකි වූ බව දනිමු. මන්ද නියෝග කඩකල ශිෂ්‍ය නායකයන්ගෙන් පලිගැනීම අරඹා ඇති බැවිනි. අධිකරණය තමන්ට අයිති නැති නියෝග නිකුත් කිරීම මෙතැනින් නවතින්නේ නැති බව ද සහතිකය. එහෙත් බල්ලාගේ වැඬේ කරන්නට යන බූරුවන් කොහේ සිටියත් උන්ට හිස නැවිය යුතු නැති බව පෙන්වා දුන් ශිෂ්‍ය ව්‍යාපාරයට ජයවේවා! නියෝග කඩදාසිය දෙකට නවා …. ගසා 07 වැනිදා පැවැති පෙළපාළියට ගිය ශිෂ්‍යයන්ට සුබ පතමින් මේ සටහන නිමා කරමි.

චිනුවා අචිබිගේ මරණය: මානවයකු වීමේ අබිරහස විනිවිද දුටු මනස

achbe

චිනුවා අචිබි – ඔහු කවුද?
1930 නොවැම්බර් 30 වැනිදා නයිජීරියාවේ ඔගිඩි හි උපන් ඔහු නවකතාකරුවකු, කවියකු, විචාරකයකු හා මහාචාර්යවරයකු විය. නයිජිරියාවේ ඉබඩාන් හා ලන්ඩන් විශ්වවිද්යා ලවල වැඩිදුර අධ්යාවපනය ලද හෙතෙම යටත්විජිත හා පශ්චාත් යටත්විජිත අපරි කානු සමාජය පිළිබඳ සාහිත්යක කෘති ලිවීමේ ශූරයකු විය.

ඔහුගේ අගර හාගන්යව කෘතිය ලෙස සැලකෙන්නේ ලොව වැඩියෙන්ම කියවන ලද නූතන අපරිශූ කානු සාහිත්යජ කෘතිය ලෙස හැඳින්වෙන Things Fall Apart කෘතිය 1958දී පර වැකාශයට පත් විය. ඔහු ලියූ අවසන් කෘතිය There Was a Country: A Pastoral History fo Biafra, මෑතකදී පරකාශකාශයට පත් විය.
ඔහු ලැබූ සම්මාන අතර Man Booker International Prize, Peace Prize for the German Book Trade, St. Louis Literary Award පර I ධාන වේ.

————————————————————————————————————–

Gordimer_01(පහත පළවන්නේ අචිබිගේ මරණය නිමිත්තෙන්, ඔහු විසින් ඉටු කළ සාහිත්ය මෙහෙවර පිළිබඳ ඇගැයීමක් සටහන් කරමින් ‘නදීන් ගෝඩිමර්’ නමැති දකුණු අපරිඔහුකානු කතුවරිය ‘ලන්ඩන් ගාඩියන්’(London Guardian) පුවත්පතට සැපයූ ලිපියේ අනුවාදයකි.)
————————————————————————————–

චිනුවා අචිබි, සිය ප්රථම නවකතාවට Things Fall Apart යන අපූරු නම සොයා ගත්තේ W.B.Yeats නමැති අයර්ලන්ත කවියාගේ වැකියකිනි. අචිබි උපන් නයිජීරියාවේ යටත් විජිත සමයත් ඉන් පසුව එළඹි සමයත් පිළිබඳව එම නවකතාවේ පුරෝකථනය නිවැරැුදිය. එය වූ කලී නූතන අපරිම කානු සාහිත්යළයක ආරම්භක නිර්මාණ කාර්යය විය. එසේම එය නයිජීරියානු ගමක උපන් අචිබි තමන් දැනගත් සාම්පරසුවදායික පරයක කාශන මාදිලියෙන් ද යටත් විජිත කරෝක මයෙන්, විශේෂයෙන් ඉංගරීග සි භාෂාවෙන්, අපරි්ක කානු විඥානය ගවේෂණය කිරීමට ගත් පළමු උත්සාහය ද විය.

එම පළමු කෘතිය, අචිබිගේ පසුකාලීන කෘති දක්වා ඔහු සතු නිර්මාණ ශක්තීන් වර්ධනය කරවීමට තුඩු දුන්නා පමණක් නොව, අපරිපසුකානු ජනතාවගේ ජීවිතය හැඩගැස්වූ නැඟිටීම්වලට ද එය ශක්තියක් විය.

ඔහුගේ රටේ ඛේදජනක සිවිල් යුද්ධය ඇවිලෙන කාලය තුළ අචිබි එය අත්දකිමින් ජීවත් විය. ඒ තුළ ලේඛකයකු ලෙස කරික යාකාරී වීමෙන් දේශපාලන බලය හමුවේ තම ජීවිතය ද අනතුරට හෙළාගත් ඔහු අවසානයේ දී රටින් පිටුවහල් වී ජීවිතය රැුකගත්තේය. ඇල්බෙයා කැමු, ලේඛකයකු වීම පිළිබඳව වරක් මෙසේ කීය.
‘‘මා ලේඛකයකු මිස අන් කිසිවකු නොවන දිනයේ මා ලේඛකයකු වීමෙන් සමුගනිමි.’’

චිනුවා අචිබි එම උදාන වාක්ය සත්යන බවට පත් කරමින් සැබැවින්ම සිය ලිවීමේ කාර්ය වෙනුවෙන් පෙනී සිටි අයකු විය. ඔහු එම කාලය තුළ ලියූ නවකතා, කෙටිකතා, රචනා, කවි ආදිය සිය සහෝදර ජනයාගේ ජීවිත පිළිබඳවත් මර්දනය පිළිබඳවත් කළ සැබෑ කෘති විය. ඇත්ත වශයෙන්ම යටත් විජිතවාදය පිළිබඳ අචිබිගේ අර්ථනිරූපණය ඒ තුළ අඩංගු විය. ඔහුගේ රචනා එකතු කළ The Education for a British Protected Child නමැති කෘතිය මෑතකදී යළිත් පරකළ කාශයට පත් කරන ලදී. විරුද්ධ පක්ෂ තහනම් කරමින්, තමන් ලබා ඇති බලය ¥ෂිත ලෙස යොදාගන්නා අපරි ක කාවේ පශ්චාත් යටත් විජිත නායකයන් පිළිබඳව සිය කෘති තුළින් අභියෝග කිරීමට වුව ද අචිබි පැකිළුණේ නැත. දයාසෙන් ගුණසිංහයන් විසින් ‘පොදු ජනයාගේ මිනිසෙක්’ ලෙසින් සිංහලයට නැඟුණු ඔහුගේ කෘතියෙන්, නිදහස් වූ අපරිණස කානු රාජ්යපයක ¥ෂිත ස්වභාවය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කරයි. උපහාසයේ තියුණු මුවහතින් අචිබි පාඨකයා වෙත දනවන්නේ නිදහස් වූ බව කියන අපරි ඉදකානු රාජ්යඋයන්හි නිලධාරීන්ගේ කෑදරකම හා එය සාධාරණීකරණය කරන්නට උත්සාහ දරන සමාජ වටපිටාවේ දුබලතාවන් ගැනයි.
Chike and the River නමැති ඔහුගේ කෘතිය 2011 දී පරඑය කාශයට පත් විය. එය මට මහත් සුවිශේෂී අත්දැකීමක් විය. ඇත්තෙන්ම එය දීප්තිමත් (මම ඒ වචනය යොදන්නේ විලාසිතාවක් ලෙස හෝ හුදු සැහැල්ලූ අරුතින් නොවේ* මනසකින් කළ රචනාවකි. රචකයා විසින් තම රටේ මෙන්ම සෙසු ලෝකයේ ද වසන මිනිසුන්ගේ ජීවිත තුළ පවතින විවිධත්වය, අබිරහස් බව හා තිබිය හැකි විවිධ සමත්කම් විදාරණය කිරීම එහිදී දක්නට ලැබේ.

‘ලිවීමේදී මධ්යේම ප්රතිපදාවක් තෝරා ගැනීම ගැන මම කියන්නේ මගේ යටත් විජිත උරුමයන් නිසාය.’ එසේ කියුවත් ඔහු ලේඛකයකු ලෙස තමන්ගේ වගකීම පැහැර හැරියේ නැත.

‘මගේ අත්දැකීම් යනු යටත් විජිත උරුමයන් යැයි කිව්වම සමහරු පුදුම වෙන්න පුලූවන්. එහෙත් ධාන්යනවල ඉඳන් පිටි දක්වාත් ඒවා අඹරනු ලබන මෝලත් යන මේ හැමදේම කලාකරුවාගේ. ඇත්ත, එක් ධාන්යහ ඇටයක් අනෙක් ඇටවලට වඩා පෝෂණ ගුණයෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණත්, අප වෙත ලැබෙන හැම ධාන්යල ඇටයකටම පිළිගැනීමක් ලබා දිය යුතුයි. ඒවා පරූව යෝජනවත් ලෙස භාවිත කළ යුතුයි.’

ඔබ කෘතියකින් ආමන්තරඩ‍ ණය කරන්නේ කවර පාඨකයකු ගැන හිතේ තියාගෙනදැයි නිර්මාණකරුවකු වෙත පර ක ශ්නයක් යොමු කළ විට ලැබෙන නිරායාස පිළිතුර මෙසේ විය හැකිය. ‘‘අප ලියන්නේ කවුරුන් හෝ එය කියවන අයකු වෙතයි.’’

තම කෘති සිරගෙවල්වල බිත්තිවලින් ඔබ්බට ගොස් කියවනු ලබන බව දැනගැනීම ලේඛකයකුට මහත් සතුටක් විය හැකිය. නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලීම් ගණනාවක් කළාම කලක් ගතවූ පසුව හෝ දේශපාලන සිරකරුවකු දැකීමට හැකිවීම බඳු ජයගරා්ග හී හැඟීමක් එයින් ලැබේ.

අවුරුදු 27 සිරගතව සිටි එක්තරා දේශපාලන සිරකරුවකු අචිබි හඳුනා ගත්තේ තමන් වෙත ගෙන එනු ලැබූ ඔහුගේ කෘති ඇසුරිනි. නෙල්සන් මැන්ඩෙලා නම් ඒ සිරකරුවා තමන් කියැවූ කෘතිවල ලේඛකයා ගැන හඳුනාගෙන තිබුණේ මෙසේය.
‘‘චිනුවා අචිබි කියලා ලේඛකයෙක්ගෙ පොත් මම කියෙව්වා. ඒවා කියවන කොට හිරගෙදර බිත්ති කඩා වැටුණා!’’

සබඳ අපි කඳු නොවෙමු

‘‘සළන සුසුම සැඩ සුළඟයි
ගලන කඳුළු වැහි වතුරයි
දුකින් වෙලී අන්ධකාරයේ
යන මේ ගමනේ….
අපේ පැතුම් නැවුම් ලොවට
පාර කියනවා….’’
1990 වසරේ කටුගස්තොට ශාන්ත අන්තෝනි ශාලාවේදී ඒ ළයාන්විත ස්වරය සජීවි ලෙස ඇසුවේ ශිෂ්‍යයකු ලෙසය. පේ‍්‍රක්ෂක සමූහය මීයට පිම්බාක් මෙන් නිහ`ඩ කරමින් එහෙත් රසික රසභාව කම්පනය කරමින් ‘කම්පන’ පැමිණියේය. එතෙක් අසා තිබුණු ගුණදාස කපුගේ නම් ගායකයාගේ විශේෂත්වය තුළම නැවුම් හා හෘදයංගම සලකුණක් එදා දැකගත හැකි විය.
සීතල සඳ එළියේ, උන්මාද සිතුවම් ආදී කැසට්පටවලින් ඇසු කපුගේ නම් අපූර්ව ගැඹුරු කටහ`ඩ මේ තරමින් අපගේ මනුෂ්‍ය සිත් ප‍්‍රකම්පනයට ලක්කරවූයේ කෙසේද? ශිෂ්‍යයන් ලෙස අපගේ හදවත්වල විශේෂත්වයක් සටහන් කළ ඔහුගේ පූර්ව ගායනයන් අදත් කපුගේ ගායන අනන්‍යතාවය තුළ ඉන්ද්‍රඛීලයන් බඳුය.
‘‘විදුලි මිණි පහන් දිලී
බොළඳ ගී සිනා රුළි
නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ….’’
එවකට පාසලේ මිතුරන් අතර ගැයුණු ඒ පදවැල් සමාජ අසාධාරණය පිළිබඳ අප උගත් දෛනික ජීවන අත්දැකීම් විනිවිදිමින් ගැඹුරු මානුෂීය චින්තනයක් කරා අප මෙහෙයවූ සංඥා එළි වූයේය. විශේෂත්වයක් සහිත ගී පදවැල් ඇසෙන මේ රළු එහෙත් ළයාන්විත ගායනය අපගේත් විවිධ වයස් කාණ්ඩවල රසික රසිකාවන්ගේත් ආදර ගෞරවය දිනා සිටින බව පළමුවරට දැකගන්නට ලැබුනේ ‘කම්පන’ ප‍්‍රසංගය රටවටා යන අතරතුරදීය. ඒ වනවිටත් කපුගේගෙන් පළිගන්නට ඔහු ගුවන්විදුලියෙන් ඉවත්කළවුන් පරාජය වී තිබිණි.
එහෙත් ඒ බව පිළිගන්නට අසමත්කම නිසා කම්පන රටපුරා රසිකයන් අතර ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් ලෙස මිස එවකට රාජ්‍ය ඒකාධිකාරය සහිත වූ ගුවන්විදුලි මාධ්‍යයෙන් අසන්නට නොලැබිණි. කැසට් පටයක් ලෙසින් කම්පන අප අතරට පත්වනවිට රසික සමූහය සිය දහස්ගණනින් වැඩිවී තිබිණි. බිහිසුණු අත්දැකීම්වල භීතියෙන් මුසපත්ව තිබුණු නිසා එවකට නිද්‍රොපගතව සිටි මිනිස් සමාජය දේශපාලනික පෙලගැසීම ඔස්සේ යළි පනගසන්නට විය.
එහෙත් ගුණදාස කපුගේ වඩ වඩාත් මානුෂීය ගායනා විලාසයක් ඔස්සේ වඩා දේශපාලනික නිර්මාණ අප අතරට පත්කර තිබිණි.
‘‘බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු
නිම්න භූමියේ මනරම් මාළිගාව කෝ’’

‘‘අහස උසට නැගගියාට නැහැනෙ අහසෙ රැුඳෙන්නේ
අහසෙ මාළිගා හැදුවට අප පොළොවෙයි සිටින්නේ’’

‘‘සබඳ අපි කඳු නොවෙමු උන්නු පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන’’

‘‘වියළි ගිය දෙතනේ නැත කිරිබිඳුවක් එරුනේ
වැහැරී ගිය උකුලේ නැත සුව යහනක් තැනුනේ’’
මේ ගීත සමුචචය විශේසයෙන් යොව්න වයසේ ලාංකීය මිනිස් ප‍්‍රජාව මුහුණ දෙන ඉරණම විනිවිද දකින්නට ගෙන තිබුනු උත්සාහය සමාජ අසාදාරණයට එරෙහි යොවුන් පරපුරේ අවදානයට ලක් විය. නිසැක වහයෙන්ම එය හුදු තරු උන්මාදයක් නිසා ගීත කලාව පසුපස යන වර්තමාන තරුන තරුණියන්ගේ ප‍්‍රවනතාවයට වඩා අතිශය ගැඹුරු රසිකත්වයක් තරුන පරපුර තුළ ඇතිකරවීය. ඒ නිසා ම ගුණදාස කපුගේ ගායනා කළ ගීතවල සාහිත්‍යමය හා හෘදයංගම බව වින්දනය කළ තරුණ තරුණියන්ට හිමිවූයේ ව්‍යාජ රසිකත්වයක් නොව ජිවිතාවබෝධයකි.
‘‘දුක හාදු දෙන රැුයේ සිත පතුලට ම වලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා’’

‘‘වැරහැලි හැඳ අඩු කුලියට සළු මසන කුමාරි
ඉඳිකටුව අතේ ඇණුනාදෝ නිදන කුමාරී’’

‘‘සීත පිනිබිඳු කඳුළු සලනා මළානික තරු වැලපෙනා
පාලූ මාවත තනිවෙලා
නැගෙණියේ නුඹ කා පතාදෝ මගබලා ඉන්නේ’’

මේවනවිට වාණිජවාදයට යටවුනු පුරුෂාර්ථයන් නිසා පටු හා පැතලි පරිභෝජනවාදයක ගිලී සිටින අපේ සමාජයට එකී ගොහොරුවෙන් මිදෙන්නට යම් ශක්තියක් උපදවන්නට හැකිවන්නේද ගීතය, සාහිත්‍ය බඳු කලා මාධ්‍යයන් තුළින් බව අපගේ හැඟිමයි. දැනුවත්ව සාහිත්‍ය කලාව පෝෂණය කිරීමත් රසවින්දනයට යොමුකරවීමත් අපේ කාලයේ ජනමාධ්‍යකරුවාට හිමි වගකීමක් වන්නේ එබැවිනි.
ගුණදාස කපුගේ ඉතිරිකර තබා ගිය දෙයක් තිබේ. එසේම අපේ කාලයේ විකල්ප ගීත අභ්‍යාසයන්හි යෙදෙන නැවුම් තරුණ ගායක ගායිකාවන් කලාතුරකින් හෝ යම් දැක්මක් සහිතව වැඩකරනු දැකගත හැකිය. එවැනි උත්සාහයන් දිරිමත් කිරීමත් වැඩි වැඩියෙන් සමාජ අවධානයට පත්කිරීමත් අවශ්‍යය. වසර අටකට පෙර අප අතරින් නික්ම ගිය ගුනදාස කපුගේ සම්බන්ධව ලියැවුණු මේ සටහන තුලින් එවැනි යමක් කරන්නට ඔබ ධෛර්යමත් වූවා නම් එසේ වූ කපුගේ සැමරුම හරයාත්මක වටිනාකමක් සහිත කටයුත්තක් වනු ඇත.

Advertisements