Archive for නොවැම්බර් 10th, 2020

නොවැම්බරයේ දිගු රැයක්….

විඩාබර නෙත් විවර කරමි
මතක ගිනි ඇවිලෙන
රාත්‍රී අහස යට…

දිව යන සිහිනයක
ප්‍රාණවත් ඇස්…
නලියන වන දුර්ගවල
හුස්ම ගන්නා පා සටහන්!

සිහි එලවා ගෙන….
එබී බලමි, රෑ අහස දෙස
මලානික තරු දහසකි
විඩාබර දෑස් බොඳව යයි!

උනුසුම් සුළං දහරක්
වීදි හරහා ඇදෙයි…
නුවරුන් නිදන යාමය
තරු කැට දිදුලන ප්‍රේමය,

ජීවිතය ඉල්ලා වැළපෙන රැයේ
විවර කරමි මුව ගොළුව යයි,
යළිත් සමවැදෙමි…
රැයේ තරු අහසට

දිගු කලකි ඉක්ම ගිය,
මතකයන් නැත නික්ම ගිය,
නිදි වර්ජිත රාත්‍රියකට…
බොඳකරයි ඇස් තරු කැට!