Archive for ඔක්තෝබර්, 2018

ලිපිනය අහිමි සුබ පැතුමක්!

 

විසි වසරක් ගෙවී
නිදිබර දෙනෙත් ඇහැරී
සුබ පතන හදවතක
ලේ ගලයි නොනැවතී

කටු ඇණුන අත්වල
නෙලූ මල් නැත
පිරි මැද සෙනෙහසින්
මල් පෙති පහස ඇත

පිටාරව ගලන ගගුලක
උල්පතය ප්‍රේමය
කාලය විසින් වෙන් කළ
ජීවිතය ඇද වැටෙයි පොළොවට

වදන්වල ඇමිණී
ගිය නුවණ නැත පැමිණී
මේ තරම් අහිමි වී
අමතක නොවන මිහිරී

අලුත්වන හදවත්වල
පැරණි රුධිරය උණුසුම්
දුක්බර නොමැත සැමරුම්
හිමිවන දිනක සුපැතුම්!

Advertisements
Advertisements