ෆේස්බුක්…..

wariyapolaවාරියපොළ තිළිණි ඉමල්කා විසින් චන්ද්‍රකුමාරට කම්මුල් පහරදීම පොදු සමාජයේ එතරම් කතාබහට ලක් නොවුණත් තරුණ සමාජය තුළ මහත් අවධානයට ලක් වුණා.

විශේෂයෙන් ෆේස්බුක් අඩවියේ සැරිසරන කොල්ලන් කෙල්ලන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් අතර මේ ගැන විවිධ සංවාද සිදු වුණා. ඊට ආරම්භයක් ලැබුණේ මේ සිදුවීම රහසේ සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකළ කිසිවකු විසින් එය අන්තර්ජාලයට මුදා හැරීමෙන් පසුවයි. ඒ විඩියෝ දර්ශන මිනිත්තුවකුත් තත්පර 19ක් දර්ශනය වෙනවා. එහි දී චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා බොහෝ බයාදු ලෙස බලා සිටිද්දී තිළිණි විසින් කිහිප වරක්ම ඔහුට අත දිගහැර කම්මුල් පහර දෙනවා. වාරියපොළ බස් නැවතුමේ සිදු වූ මේ සිද්ධිය නරඹන අය වික්ෂිප්ත වූ සේම අන්තර්ජාලයෙන් එය නරඹන අයත් මුල දී වික්ෂිප්ත වෙන්නේ මෙවැනි දෙයක් ලංකාවේ සිදු විය හැකිද යන සැකය නිසයි. තමන්ට ලිංගික හිරිහැරයක් සිදු කළ පුද්ගලයකුට පහර දෙන කාන්තාවන් අඩු ප‍්‍රමාණයක් හරි ලංකාවෙ ඉන්න බව ඇත්ත. ඒත් එවැනි අය මේ තරමින් නිදහසේ චූදිතයාට චෝදනා කරමින් නැවත නැවත පහර දෙන්නේ නෑ. ඒ විශේෂත්වය නිසා කුපිත වූ සමහරු මේ තරුණිය දේශපාලකයකුගේ දියණියකගේ සිට ‘බඩුවක්’ යන පරාසය දක්වා නාමකරණය කර තිබුණා.

සිදුවීමේ පසුබිම ගැන අවම තොරතුරු ප‍්‍රමාණයකින් එවැනි ඉක්මන් නිගමනවලට පැමිණීමට අපහසුයි. මෙවැනි අපූරු සිදුවීමක් ගැන නිගමනයක් කරන්න මිනිත්තුවකුත් තත්පර දහනවයක දර්ශනයක් ප‍්‍රමාණවත් නෑ. ජීවිතය ගැන සහ මිනිස් සමාජය ගැන යම් අවබෝධයක් ඇති කෙනෙකුට ඒ බව තේරුම් ගන්න පුළුවන්.

ඒත් ෆේස්බුක් අඩවියේ සැරිසරන බොහෝ දෙනා මේ සිදුවීම ඒ කෙටි කාලයේ දී නරඹා විවිධ සාහසික නිගමනවලට පැමිණ ක්ෂණික අදහස් මෝචනය කර තිබුණා. ලෝකය ගැන සහ මිනිස් ජීවිතය ගැන දැනගන්න එක සමාජාවබෝධය එහෙමත් නැත්නම් ජීවිතාවබෝධය කියන වචනවලින් විස්තර කරනු ලබනවා. ඒ වුණත් දැන් අන්තර්ජාලයේ සැරිසරන, අන්තර්ජාලයේ නිදන – නිදිවරන එයින්ම අවදි වී එහි ම දත්මැද කා, බී, දවස ගෙවා දමන, අවසානයේ ෆේස්බුක් අඩවියේ රස්තියාදු ගසමින් සිටින පරම්පරාවක් ඉන්නවා. ඔවුන් නිවසේ කාමරයේ මෙන්ම මහපාරේ, බස් රියේ, දුම්රියේ පන්ති කාමරවල හෝ කාර්යාලවල දකින්නට ලැබෙනවා. කන් දෙකේ ඉයර්ෆෝන් ඇබ ගසාගෙන මනස් ලෝකවල ජීවත් වන වර්තමාන පරම්පරාවෙ බහුතරයකට වටපිටාවේ සිදු වන දේවල් ගැන කිසිදු අවබෝධයක් නෑ. ඒ ගැන දැනගන්න උවමනාවකුත් නෑ.

සජීවී මිනිස් සම්බන්ධතා වෙනුවට අපේ කොල්ලන් කෙල්ලන් වැඩිදෙනා දන්නේ විකෘති සහගත අර්ධ-මානව

අර්ධ තිරිසන් සබඳතා පමණයි. මුදල් හා වෙනත් උපයෝගිතා අරමුණු මත ජීවිතය පෙළගස්වන ඔවුන්ට තරුණයකු හා තරුණියක අතර ඇති වන සිදුවීමක් හුදු සරල පැතලි කෝණයකින් අරුත් ගන්වන්න පුළුවන්. ඒත් ඒක ඇත්තම කතාවත් නෙවෙයි. ෆේස්බුක් අඩවිය මිනිස් සමාජය වෙනත් තලයකින් සම්බන්ධතා පවත්වන තැනකට ගෙනැවිත් තිබෙන බවට සමහරු තර්ක කරනවා. දේශපාලන අදහස්, මතිමතාන්තර පළල් සංවාදයකට ගන්න එහි දී යම් වාසියක් වෙන බව ඇත්ත. ඒත් ෆේස්බුක් වේවා, ට්වීටර්, බ්ලොග්, ස්කයිප්, යූ ටියුබ් ආදී සියල්ල අපි භාර ගන්නේ අප ජීවත් වන සමාජ ආර්ථික නරාවළ තුළයි.

අන්තර්ජාලය නිර්මාණය වෙන්නෙ 21 වැනි සියවසේ මිනිස් තාක්ෂණ ජයග‍්‍රහණ නිසා. ඒත් ඒ ජයග‍්‍රහණ ආයෝජනය වෙන්නෙ 16-17 වැනි සියවස්වල සිට තවමත් අතහරින්න අසමත් වුණු පසුගාමීත්වය රජ කරන සමාජයකයි. පොදු මිනිස් සමාජය තුළ විවිධ පටු බෙදීම් තිබුණට අන්තර්ජාලය, ස්කයිප්, ෆේස්බුක් වගේ යෙදවුම් හරහා ඒ පටු බෙදීම් බොඳ කරන්න පුළුවන්. ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධව වගේම ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව තාක්ෂණික ජයග‍්‍රහණ යොදන්න පුළුවන්.

ඒත් ජාතිවාදය ආගම්වාදය වැනි පසුගාමී අගතීන් අධිපතිවාදී සංකල්ප තුළ සැඟවිලා පවතිනවා. පවතින ධනේශ්වර සමාජ ආකල්පවල ජාතිකවාදය, ආගමික භක්තිය විතරක් නෙවෙයි,  ආදරය, කරුණාව, අසරණයන්ට සැලකීම, අම්මා, තාත්තා දරුවන්, බිරිය යන සියල්ල අලෙවි කරනු ලබනවා. ඒ අලෙවියෙන් ලාභ ලබන්නෙ දේශපාලකයන් සහ වෙළෙන්දන් තමයි. නමුත් ආගම්වාදය හා ජාතිවාදය වගේ සංකල්පවලට එරෙහිව සටන්කාමී අදහස් දක්වන පරම්පරාවක් ඉන්නවා. ෆේස්බුක් අඩවියේ සටන් පැනනඟිනවා. ජාතිකවාදය හා ජාතිවාදය විසින් ක‍්‍රියාකාරීව ගෙනයන මතවාදී හා භෞතික ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රසිද්ධියේ විවෙචනය කරන්නෙ ෆේස්බුක් හෝ එවැනි සීමිත ස්ථානයක පමණයි. ජාතිවාදය හා ආගම්වාදය පරාජය කිරීමේ ඇත්ත දේශපාලනය තිබෙන්නෙ මහපාරේ. ආගමික හා ජාතික බෙදුම් රේඛා නඩත්තු කරන ව්‍යාපාර රැුකෙන්නෙත් පන්සල් පල්ලි ආශ‍්‍රිතවයි. ඒ අන්තවාදයන් වෙනුවට  මිනිස්කම් එකතු කරන සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වෙනවා.  නමුත් ෆේස්බුක් අදහස් හා සටන් ජවනිකාවල දි මරාගෙන මැරෙන්න යන තරුණ තරුණියන් ප‍්‍රායෝගිකව ජාතිවාදයට හෝ ආගම්වාදයට හෝ ස්ත‍්‍රියට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ක‍්‍රියාකාරී කාර්යභාරයකට එකතු වෙන්නෙ නෑ.

ඒ නිසා වාරියපොළ තිළිණි-සෙල්වා සිදුවීම ගැන හෝ බොදු බල සේනා ප‍්‍රචණ්ඩත්වය ගැන විවෘතව ප‍්‍රගතිශීලී අදහස් දක්වන බොහෝ දෙනා තමන්ගෙ ජීවිතවල සීමාවන්ගෙන් ඔබ්බට යන්නෙ කලාතුරකින්. ඒ හැමෝම ජාතිවාදයට එරෙහිව, කාන්තාවන්ට එරෙහි සංකල්පවලට එරෙහිව මහපාරේ යුද වදින්නෙ නෑ. ඒ වෙනුවට තම තමන්ගෙ සුවපහසු ලෝකවල න්‍යායික ගල්ගුහාවල හුදෙකලා වෙන්න ඒ අයට පුළුවන්. ඒක ජාතිවාදයට එරෙහිව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂව වැඩ කරන එකට වඩා සුවදායකයි. රාජ්‍ය මතවාදයට හෝ රාජ්‍ය අනුග‍්‍රහය ලබන මැරයන්ට විරුද්ධ වන සටන්කරුවන් මුහුණ දෙන අභියෝගයත් එයයි.

Advertisements
  1. ඔබේ බ්ලොග් පිටුව දැක්කේ අයි. ලිපි හොඳයි. ඉස්සරහට ප්‍රතිචාර දමන්නම් කියව. මගේ අදහසත් මේකම තමා මේ සිද්ධිය ගැන.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: