සමාජවාදය වෙනුවෙන් කැප කළ ජීවිතයක්

10-07දිගටි රැවුලකින් හා ආකර්ෂණීය සිනාවකින් යුතු ඔහු මට මුලින්ම හමු වුණේ මීට අවුරුදු පහකට කලින්. ඉබ්බාගමුවෙ ඉපලව පිහිටි නිවසට මම ගිය මොහොතේ සිට පැය කීපයක් අප කතා කළේ ඔවුන්ගෙ අතීත කතාව ගැනය.

‘ලංකා’ පුවත්පතේ සිටිය දී මම ඒ ගමන ගියේ ඞී. ගුරුසිංහ නමැති වාමාංශික මිනිසා හමුවීමටය. ඉබ්බාගමුවේ දී මා හමු වන්නට පැමිණියේ ඔහුගේ බාල පුත‍්‍රයාය. යතුරු පැදියකින් සිය නිවස වෙත මා කැඳවාගෙන ගිය ඔහු ‘මේ තමයි අපෙ තාත්තා’ යනුවෙන් ඒ සටන්කාමී මිනිසා මට හඳුන්වා දුන්නේය. ඇත්තෙන්ම ඔහු වමේ ව්‍යාපාරයේ පසුකාලීන ක‍්‍රියාකාරීන් රැුසකට පියකු විය. පසුගිය දිනක නැවත වරක් ඒ නිවසට ගිය හිමිදිරියේ ඔහුගේ නිසල දේහය අසල සිටගත් මට පසක් වූයේ අදටත් එම පීතෘත්වය වෙනස්ව නැති බවයි.

සිය අතීත කතාව යළි කැඳවන්නට ඔහු ඉදිරිපත් වූ උෙiා්ගිමත් විලාසය මට අද මෙන් මතකය. ”1971 මම හිටියෙ කුණ්ඩසාලෙ කෘෂිකර්ම විද්‍යාලෙ. අපි පක්ෂෙට සම්බන්ධ වෙලා හිටියෙ. අපේ‍්‍රල් 5 වැනිදා සටන් ආරම්භ කරන්න කියලා අපට උපදෙස් ලැබුණම කිසිම පැකිළීමක් නැතිව අපි කට්ටිය ගියා නියමිත ඉලක්කවලට. අපට තිබුණෙ පල්ලෙකැලේ පොලිසිය යටත් කරන්න. අපේ ප‍්‍රහාර උපක‍්‍රම වැරදුණු නිසා ඒ ඉලක්කය සාර්ථක කරගන්න බැරි වුණා. සමහර සහෝදරවරු තුවාල වුණා. තවත් අය යටත් වුණා. අපි උපක‍්‍රමශීලීව පහු බැස්සා. පස්සෙ අපි නැවත පක්ෂය ගොඩ න`ගන වැඬේටත් සම්බන්ධ වුණා.”

ඔහු ආස්වාදයකින් යුතුව අතීත දේශපාලන ක‍්‍රියාකාරීත්වය ගැන තොරතුරු කිව්වා.
වාමාංශික දේශපාලන පසුබිමක් ගුරුසිංහ සහෝදරයට තිබුණා. උඩකැන්දවල සරණංකර හාමුදුරුවො ඥාතිත්වයෙන් මාමා. ඒ ආභාසය ඔහුට ලැබුණා. හිඟුරක්ගොඩ පාසල් ගිහින් ගලහිටියාව මධ්‍ය මහ විiාලයේ උසස් පෙළ අධ්‍යාපනයට පැමිණියා. උඩකැන්දවල හාමුදුරුවන්ගෙ ආභාසය එහිදිත් ලබාගෙන තිබුණා. 1971 කුණ්ඩසාලේ කෘෂිකර්ම විදුහලේ ශිෂ්‍යයකු ලෙස සිටිය දී පක්ෂයට සම්බන්ධ වුණා. පළවෙනි පත්වීම ලැබුණේ අම්පාර හාඩි තාක්ෂණ විiායතනයේ ආචාර්යවරයකු වශයෙන්.

එහි දී තම රැුකියාව පවා පරදුවට තබමින් පරිත්‍යාගශීලීව දේශපාලන කටයුතුවලට ඔහුගේ සහයෝගය දී තිබේ. 1978 මැයි දිනයට සහභාගී වීම නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගුරුසිංහ පියාට කුලියාපිටිය කාර්මික විදුහලට ද`ඩුවම් මාරුවක් ලබා දී ඇත. එයින් වඩාත් ධෛර්යමත් වූ ඔවුහු තවදුරටත් වමේ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරී ආධාරකරුවන් බවට පත් වූහ.
ඔහුගේ දේශපාලන ජීවිතය පවුල් ජීවිතයෙන් වෙන් කරගත් එකක් නොවීය. එය සිය ප‍්‍රියයාගේ හා සමීපතම සටන් සගයාගේ වියෝගයෙන් කනගාටු වන ගුරුසිංහ අම්මා ගැනත් සටහන් කළ යුතු අතීතයකි. ඇතැම් වාම ක‍්‍රියාකාරීන්ට අදත් වෙනස් වන්නට බැරි පාර්ශ්වයක් ලෙස සිය බිරිය දේශපාලනයට එක් වනවාට ගුරුසිංහ තාත්තා විරුද්ධ නොවීය. 1980 වසර වන විට ඇය පොතුබෝව විදුහලේ ආචාර්යවරියකි. ඇය වැඩ වර්ජනයට සම්බන්ධ වීම නිසා එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් ඔවුන්ගේ නිවසට ද අලාභ හානි කරන ලදී. වැඩවර්ජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ගුරුසිංහ මහත්මියගේ රැුකියාව අහිමි කෙරිණි. එහි දී ඇය සමාජවාදී කාන්තා සංගමයේ පූර්ණකාලීන කටයුතුවලට එක් වූවාය. කියුබාවේ පැවැති ලෝක තරුණ උළෙලට ලංකාවේ වමේ ව්‍යාපාරය නියෝජනය කරමින් සහභාගි වූ පිරිස අතර ද ඇය සිටියාය. ජනතා විමුක්ති පෙරමුණේ පළමු කාන්තා සම්මේලනය පැවැත්වීම සඳහා සෝමවංශ අමරසිංහ සහෝදරයා ඇතුළු පක්ෂයේ ක‍්‍රියාකාරීන් සම`ග කරට කර වැඩ කළ ඇය සමාජවාදී කාන්තා සංගමයේ ඉදිරි පෙළ නායිකාවක් බවට පත් වූවාය. ඇය, ඔහුගේ නිසල දේහය ඉදිරිපිට මොහොතක් බලා සිටි මා දෙස ශෝකාකූලව බලා සිටියාය.
”චන්දන පුතා නේද?”

ඇය වසර පහ හයක කාලයකට පසුව වුවත් කිසිදු පමාවක් නැතිව මා හඳුනා ගත්තාය. එදා නිසි ආහාරයක්, විවේකයක් හෝ සාමාන්‍ය ජීවිතයේ කිසිදු සහනයක් නැතිව සමාජ ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දිවා රාත‍්‍රී වෙහෙසුණු ඇයට සිය සමීපතමයාගේ වියෝගය දරාගත නොහැකිය.
ගුරුසිංහ තාත්තා ගිලන්ව සිටිය දී පැමිණීමට නොහැකි වීමේ පශ්චාත්තාපයෙන් පෙළෙමින් සිටි මට, ඇය ඉකිගසා වැලපෙන විට ”අම්මෙ ඉතින් නොහ`ඩා ඉන්න” යැයි කියන්නට ධෛර්යයක් නොවීය. බොහෝ දෙනා පවසන ආකාරයට ගුරුසිංහ තාත්තා නිතරම උෙiා්ගයෙන් හා සිනාමුසු මුහුණින් කල්ගත කළ අයෙකි. ඒ පළමු හමුවීමේදීම එය මගේ මතකයේ රැුඳුණු ලක්ෂණයක් විය. එහෙත් වසර ගණනාවකට පෙර පළමු වරට හමු වූ පසුව නැවත හමු වන්නට නොහැකි විය.
හිඟුරක්ගොඩ හතරෙ කණුවෙ පිහිටි සිය නිවස හා ඉඩම ජවිපෙ ගොවිපළක් සඳහා භාවිතා කිරීමට ඔහු ඉඩ දුන්නේය. 1980 දශකය අවසානයට එළඹි රුදුරු මර්දනය හමුවේ පවා ඔහු පක්ෂ සාමාජිකයන් හා හිතවතුන් ආරක්ෂා කිරීම සිය වගකීමක් ලෙස සලකා කටයුතු කළේය. කුරුණෑගල මූකලන්යාය ප‍්‍රදේශයේ පදිංචිව සිටි ගුරුසිංහ යුවළ සටන්කාමී තරුණයන් වෙනුවෙන් සිය නිවස දිවා රාතී‍්‍ර විවෘත කළේ ආණ්ඩුවේ මර්දනය හමුවේ ආරක්ෂිත ස්ථානයක් ලෙසය.
සිය දරුවන් කුඩා කාලයේදීම දේශපාලන අව බෝධය ලබාගැනීම සම්බන්ධව ඔහුගේ උනන්දුවක් පැවතිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් ජවිපෙ දේශපාලනයට සම්බන්ධ වූ අතර බොහෝ විට විවාහයන් සිදුවූයේද වාමාංශික ක‍්‍රියාකාරින් සමගය. පසුව ඇති වූ වෙනස්වීම් හමුවේ ඔවුන් වෙනත් විවිධ මාවත් ඔස්සේ ජීවිතය ගෙන ගියද තවමත් වමේ ව්‍යාපාරයේ ආභාෂය ඔවුන්ගේ ජීවිතවලින් ඈත් වී නැත.

මිය යන අවස්ථාව වනවිටත් වමේ දේශපාලනය පිළිබඳ ඔහුගේ උනන්දුව වියැකුණේ නැත. එහෙත් වැදගත්ම කාරණය නම්, ඔහු සිය ජීවිතයේ වගා කරගත් වාමාංශික ආදර්ශයන් පාවා දුන්නේ නැත. කෙසේ වෙතත් ඛේදවාචකය නම්, ඔහු විසින් ගොඩනැඟූ දේශපාලන ව්‍යාපාරය පවා ඔහුගේ අවසන් අවස්ථාවේ ඔහු අතහැර සිටීමය. මැතිවරණ දේශපාලනයේ නියැලෙන ක‍්‍රියාකාරීන් ලෙස රෝගාතුර මිනිසකු ගැන සෙවීමට වඩා ඔවුන්ට වැඩ තිබෙන්නට ඇත. ගුරුසිංහ තාත්තා මිය ගිය පසුව මළගෙදර බැනරයක් දැමීමට පැමිණි සහෝදරවරුන්ට ඒ සඳහා ඉඩ දීමට ඥාති හිතවතුන්ට නොහැකි වූයේ පෑරුන හදවත් තවත් පාරන්නට නොහැකි නිසා විය යුතුය. කෙසේ වෙතත් ගුරුසිංහ තාත්තා දේශපාලන ව්‍යාපාරයකට හෝ පක්ෂයකට අයත් මිනිසකු ලෙස නොවන බව නම් පැහැදිලිය.

1971 අරගලයට හෝ 87-89 අරගලයට එක් වූ නිසා දරුණු මර්දනයකට හසුව එයින්ද නොනැවතී යළි වමේ දේශපාලනයේ යෙදීමට ඉදිරිපත් වූවන් ගැන සිහිපත් කරමින් මේ සටහන අවසන් කරන්නට මට සිතේ නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැඟීමට කැප වූ, සංඛ්‍යාවෙන් කුඩා මිනිස් සමූහයක් ගැන වර්තමාන පරපුරේ අය විසින් වහරනු ලබන සරල යෙදුම් රාශියකි. ගුරුසිංහ තාත්තා බඳු මිනිසුන් ‘71 කැරැුල්ලෙ අය’, ‘පරණ ජේවීපී කාරයන්’ හෝ නොව ශ්‍රේෂ්ඨ පරාජයකින් පාඩම් ඉගෙන ගත් අපරාජිත මිනිසුන් බව සටහන් කළ යුතුය.

Advertisements
    • kathandarakaraya
    • අගෝස්තු 16th, 2014

    දවසක චන්දන ලා ගැනත් මෙලෙස ලියවේවි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: