ජනමාධ්‍යවේදීන් හැටියට අපි දැනගන්න ඕනෑ නොවිකිනෙන්න

chandana_sirimalwatte‘‘සටන් කරන අකුරු’’ ජනරළ පුවත්පතේ ප‍්‍රධාන තේමා පාඨය. මේ තේමා පාඨය පැහැදිළි කළොත්?
‘‘ජනරළ’’ පත‍්‍රය පටන් ගත්තෙම යම් දේශපාලන අරමුණක් මුල් කරගෙන. මම පටන් ගන්නම් ‘‘ලංකා’’  පත්තරෙන්. මේ වෙනස ‘‘ලංකා’’ පත්තරේ ඉන්න කොටත් කරන්න උත්සාහ කළා. එයට පහසු වටපිටාවක් තිබුණේ නෑ. ‘‘ලංකා’’ පත‍්‍රය පිළිබඳව ඒ අවධිධියේ අපට ස්වයං විවේචනයක් තිබුණා. ඒ පිළිබඳව අප සමාලෝචනයක්  කළා. මීට වඩා පීඩිතයන් වෙනුවෙන් වෙන්වුනු පත‍්‍රයක්  අවශ්‍යයි කියන මතයේ අප හිටියා. ඒ වෙනසට ඉඩක් තිබුණේ නෑ. ඇතත්ටම ඒ අවධියේ වැඩ කළේ ධනපති පංතියේ අවශ්‍යතාවයට මුල් තැන දෙන, යුද්ධයට ප‍්‍රමුඛතාවය දෙන, ජාතිවාදයට බරපතල ලෙස යොමුවුන වැඩපිළිවෙලක. ඒ වෙුනුවට වැඩිවැඩියෙන් වැඩකරන ජනතාව වෙත යොමුවුනු, පීිඩිත ජනතාව ගැන කථාකරන, ඒ අයගේ අරගලවලට යම් උත්තේජනයක් සපයන වාමාංශික විකල්ප පුවත් පතක් වියයුතු යැයි අප කල්පනා කළා. ඒ වෙනුවෙන් වෙන්වුනු ‘‘රිබෙල්’’ අතිරේකය අපි නම් කළා. හැබැයි  ඒ වෙනකොට පුවත්පතේ පාලනය තිබුනේ ජනතා විමුක්ති පෙරමුණට. ඒ නිසා අපට ඒ වෙනස කරන්න අපහසු වුනා. ලංකා පත්තරෙන් ඉවත්වෙලා අ`ඵත් පත්තරේතකට අපි යන්නේ ඒ අනුව. ඒ හදාගත්ත පත්තරේ නව වැඩපිළිවෙල අපි ක‍්‍රියාවට දැම්මේ ‘‘ජනරළ’’ පුවත්පත හරහා. සටන් කරන මිනිසුන් වෙනුවෙන් වූ පත්තරයක් නිසා ‘‘සටන් කරන අකුරු’’ජනරළට එන්නේ ඒ විධියට.

‘ලංකා’ පත්තරේ වෙනස් කරන්න බැරි වුනේ එහි කර්තෘ මණ්ඩල නිදහස නොතිබූ  නිසාද? පත්තරයේ අයිතිය නොතිබූ නිසා ද?
පත‍්‍රය සමාගමක් හැටියටයි ලියාපදිංචිකරල තිබූණේ. ජනතා විමුක්ති පෙරමුණේ මගපෙන්වීම සමාගමට තිබුණා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරය ඒ අයයි. ඒ නිසා කර්තෘ මණ්ඩලයේ බහුතර අදහස ක‍්‍රියාවට දමන්න අපහසු වුනා.

ඔබ කිව්ව විදියට යුද්ධයට ආවඩපු, දනපති ආණ්ඩුවලට මුක්කු ගහපු පත‍්‍රයක ඒ අවධියේ කර්තෘවරයා හැටියට තියෙන්නේ කම්පාවක් ද? පසුතැවීමක් ද?
2002 පත්තරය පටන් ගත්තේ. හරියටම රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව ප‍්‍රභාකරන් සමග සාම සාකච්ඡුා ආරම්භ කරපු අවධිය. ඇත්තට සාම සාකච්ඡුාවක් ද කියල වෙනම කථා කළයුතුයි. ප‍්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුමත් සමග යුද තත්වය නැතිවුනා.  ඒ අවධියේ රනිල් ගේ සැළැස්ම වුනේ යුද්ධයකින් තොරව උතුරුකරේ තමන්ගේ නව ලිබරල් ආර්ථික සැළැස්ම ක‍්‍රියාවට දමන්න. සංධානයේ සැළැස්ම වුනේ යුද්ධයකින් උතුර පරාජයකර උතුරේ තමන්ගේ සමාජ ආර්ථික සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න. මේ දෙකම එකයි. නමුත් අපි ඒ අවධියේ තොරාගත්තේ සංධානයේ සැළැස්ම. 2009-10 වෙනකොට ආපහු හැරිල බලනකොට තෙරුණේ අපි උදව් කළේ ධනපති පංති වැඩපිළිවෙළකට කියන කාරණය. ඒ පිළිබඳව අපට ස්වයං විවේචනයක් තිබුණා කර්තෘ මණ්ඩලය හැටියට. ඒ පිළිබඳව ස්වයං විවේචනාත්මක කම්පාවක් හා පසුතැවීමත් දෙකම තියෙනවා.
උතුරේ දෙමළ ජනතාවගේ අරගලය පීඩිතයන්ගේ අරගලයක්. වාමාංශිකයන් හැටියට එම පීඩිත අරගලය දැකිය යුත්තේ කොහොමද?
උතුරේ තිබුනේ පීඩිතයන්ගේ අරගයක්ම ද කියන ප‍්‍රශ්ණය අපට තියෙනවා. පීඩනයක් නිසා තමයි අරගලය හටගන්නේ.  එහි වර්ධනය ධනේශ්වර වුවමනාවන් සමග තමයි ගැටගැහිලා තිබුණේ. නමුත් වාමාංශිකයන්ට ඒ අරගලය මගහරින්න බෑ. අපි ලංකා පත්තරේ ලිව්වේ ඒ අර්ථයෙන් නෙවේ. වාමාංශික කෝනයකින්, පීඩිතයන්ගේ කෝනයෙන් නොවෙයි අප බැ`ඵවේ. ඒ නිසා එදා අපේ සේවය ධනපති පංතියේ අභිලාශයන් වෙනුවෙන්  කියන කාරණය පැහැදිළියි.

ජාතික ප‍්‍රශ්ණය මගහැර මාධ්‍ය භාවිතාවක යෙදෙන්න වාමාංශික පුවත්පතකට කිසිසේත් හැකියාවක් නැහැ. දෙමළ ජනතාවගේ අරගලය එන්නේ පීඩිත ජාතියක් හැටියට. ජනරළ පුවත්පත දෙමළ ජාතිය ජාතියක් හැටියට පිළිගන්නවාද?
ධනේශ්වර සංවර්ධනයේ දී ශ‍්‍රී ලංකාව ජාතීන් කිහිපයකින් තමයි සංයුක්තවෙලා තිබෙන්නේ. සමාජ සංවර්ධනයේ කාර්යභාරයන් ධනේශ්වර ක‍්‍රමය තුළ ඉටු නොවන තත්වයක් ඇතුළේ පටු බෙදීම් ඇති කරන්නට උත්සාහ කරනවා. මෑතකදී අපි බේරුවල දි මේ තත්වය දැක්කා. මේ තත්වය ධනපති සමාජ සංවර්ධනයේ ප‍්‍රතිඵල. ඒනිසා අපි දකිනවා මේ පිඩිතයන්ගේ ප‍්‍රශ්ණය විසඳන්න හැකිවෙන්නේ දේශපාලන විසඳුමකින්. ඒ පිළිබඳ අරගලය නිරාවරනය කරන්න, නිවැරැුදි චිත‍්‍රයක්, නිවැරැුදි තොරතුරු ජනතාවට දෙන්න අපි බැඳිල තියෙනවා. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කරන්නේ ඇත්ත තොරතුරු වසං කිරීම. පූර්ව නිගමනයන් පවා ඉදිරිපත් කිරිම. අපේ මාධ්‍ය භාවිතාව ඉන් බැහැර වු කලාවක්. කොහොම වුනත් දෙමළ ජාතිය ජාතියක් හැටියට අර්ථ ගැන්වීම අප දකින්නේ මෙහෙමයි. ජන සමාජයක ජාතියක් :භ්එසදබ්කසඑහ* තහවුරු වන්නේ සමාජ විද්‍යාත්මක විශ්ලේශනයක් තුළයි. ලංකාවේ පවතින තත්වය අනුව එවැනි ගැලපීමක් කරන්න අපහසු බවයි අපේ අදහස. සිංහළ ජාතිය සම්බන්ධයෙනුත් එම තත්වය අදාලයි.

ඔබේ අදහසේ පරස්පරයක් දකින්න තියෙනවා. ඔබ ඉහත කියනවා ජාතින්ගේ සංයුතියක් පිළිබඳව?
සිංහළ බෞද්ධ බලය සෙසු ජනකොටස් පීඩාවට පත්කිරීම සත්‍යයක්. රාජ්‍ය හැදිල තියෙන්නෙත් සිංහල බෞද්ධ දෘෂ්ඨි කෝණය ඇතුළේ. ප‍්‍රතිශතයක් වශයෙන් කුඩා වුවත් ඔවුන් මේ රටේ මිනිස්සු. ජාතිය ගැන විග‍්‍රහ කිරීම සමාජ විද්‍යාත්මක කාරණයක්. කෙටියෙන් කිව්වොත් සෙසු ජාතීන්ගේ ප‍්‍රජාත්නතවාදී අයිතීන් ගැන මහජාතිය සැළකිලිමත් නොවන්නේ ඒ නිසා.

අපි එමු ලංකාවේ මාධ්‍ය භාවිතාව කියන කාරණයට. මුද්‍රීත, විද්‍යුත්, එෆ් එම් නාලිකා මේ මොන මාධ්‍ය ගත්තත් ස්වයංවාරණයක් තිබෙනවාග. ‘‘ජනරළ’’ මේ තත්වය දකින්නේ කොහොමද?
සරලව කිවවොත් හෝද හෝද මඬේදාන ජනමාධ්‍ය භාවිතාවක් අපේ රටේ තියෙන්නේ. ඒක අපිටත් අදාලයි. අපිත් විවේචනයක් කරගතයුතු වෙනවා. ජනසමාජයක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ත්තවයට එරෙහිව හා සමාජ නිදහස ආරක්‍ෂා කිරීම වෙනුවෙන්  දැක්මක් ජනමාධ්‍ය තුල තිබිය යුතුයි. ජනමාධ්‍ය කියන්නේ තියෙන දෙයක් පැවසීම පමණක් නොවේ. තොරතුරු ඇසුරෙන් ඉහත ඉලක්කය ගැන අරමුණක් තිබිය යුතුයි. වාර්තා කිරීම පමණක් ජනමාධ්‍ය වෙන්නේ නෑ. ජනමාධ්‍යත් අද වෙළඳ පොළක් පමණයි. ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කරන්නේ හොඳට විකුණන එක. උදාහරනයක් කියන්නම්. දෙරන නාලිකාවේ 360 වැඩ සටහනේ දයාසිරි – හරීන් ප‍්‍රනාන්දු කුකුල් පොරය කොච්චර අනෙකුත් මාධ්‍ය විකුණුවාද? ධනේශ්වර දේශපාලනයේ කථා කරන්නේ මහත්මා දේශපාලනය ගැන. පැහැදිළියි නේද මාධ්‍ය මේ කුකුල් පොරය අලෙවි කළ හැටි. ධනපති ප‍්‍රජාත්නත‍්‍රවාදය කියන තේරුමවත් මේ මාධ්‍ය දන්නෙත් නෑ. දේශපාලකයෝ දන්නෙත් නෑ. මාධ්‍ය ආයතනය කළේ එය වළක්වනවා වෙනුවට කුකුල් පොරය අලෙවි කරන එක. මුද්‍රීත මාධ්‍ය කළෙත් පොල්ගෙඩි අකුරෙන් ශීෂ_ පාඨදාල විකුණපු එක. මේකද මහජන සේවා ජනමාධ්‍ය සම්ප‍්‍රදාය.

ජනමාධ්‍යවේදියා යනු රටක හතරවෙනි පුරවැසියා කියන අර්ථ දැක්වීම අනුව අපේ රටේ මාධ්‍යවේදීන්ටත් ඒ අර්ථ දැක්වීම එලෙසම වටිනාකමක් දෙන්න හැකියාවක් තිබෙනවද?
ඒ විවේචනය තියෙනවා. ජනමාධ්‍යවේදීන් වන අපිත් වැටුප් ශ‍්‍රමිකයෝ. ජනමාධ්‍යවේදීන්ට මම යෝජනා කරන්නේ සමාජ අගතීන් විකුණන වැඬේට දායක වෙන්න එපා. ඒක කැත වැඩක්. අනෙක් පැත්තෙන් ඒ වගේ ආයතන හැරෙන්න ජනමාධ්‍යවේදීන්ට වැඩ කරන්න සාපේක්‍ෂ වශයෙන් හොඳ මාධ්‍ය ආයතනත් නෑ. ඒ ප‍්‍රශ්නෙත් අප සැළකිල්ලට ගතයුතුයි.

ඕනෑම වෘත්තියක වෘත්තිකයන් සංවිධානය වෙලා තමයි තමන්ගේ වෘත්තීය ප‍්‍රශ්ණ විසඳාගන්න උත්සාහ ගන්නේ. ලෝකයේ අත් දැකීම වෙන්නෙත් එහෙමයි. නමුත් ලංකාවේ මාධ්‍යවේදීන් සංවිධානයවීමට ඇති මූලික මිනිස් අයිතිය ගැනවත් අවබොධයක් නැතව වගෙයි හැසිරෙන්නේ. සංවිධානය වෙන්න බයයි. ඇයි හේතුව?
බෙහෝ මාධ්‍යවේදීන් දන්නේ නෑ තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියල. ඔවුන දන්නේ නෑ ඔවුන් මොනතරම් සූරා කෑමකට ලක්වෙනවද කියල. ධනේශවර මනෝභාවයට යටත්වුන මාධ්‍යවේදියා උත්සාහ කරන්නේ කොහොම හරි තව කීයක් හරි වැඩියෙන් උපයා ගන්නා මනෝභාවයෙන්.  ජනමාධ්‍ය සංවිධාන තිබුණත් ඒවා මගහැර ජාම බේරාගෙන වැඩ කිරීම තමයි බොහෝදෙනාගේ වෑයම.

ඔබ පවසන අයුරින් ජනමාධ්‍යවේදීන්ට බරපතල ප‍්‍රශ්ණ තියෙනවා. ඔවුන් සංවිධානයවීමටත් බියක් දක්වනවා. ඒ තත්වය තුළ මේ ජනමාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්ණ විකිණෙන තත්වයක්  පෙනෙන්න තියෙනවා. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම, ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ වැඩමුළු පවත්වන්න බාහිර සංවිධාන ඉදිරිපත්වෙන ස්වභාවයක් පේනවා. මේ තත්වය පිළිබඳව මාධ්‍යවේදියෙක් හැටියට ඔබේ විග‍්‍රහය කුමක්ද?
අපිට විධිමත් පුහුණුවක් ලබාගන්න ක‍්‍රමවේදයක් නෑ. ඒ නිසාම ජනමාධ්‍යවේදීන් එවැනි වැඩපිළිවෙලවල් තුළ ගොදුරු බවට පත්වෙනවා. අ`ඵතෙන් ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයට ඇතුල්වෙන අයට නම් මේ ගැන අවබෝධයක් ඇත්තෙම නෑ. එවැනි තත්වයන් අතිවෙන්නෙම අපේ සංවිධානයවීමේ ශක්තිය දුර්වල නිසා. රාජ්‍ය නොවන සංවිධාන ගැන අපිට විවේචනයක් තියෙනවනේ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා. හැමෝම නෙවේ. ඒ අතර ධනවාදී ලෝකයෙන් උදවු ලබාගෙන යම් සමාජ ප‍්‍රතිසංස්කරන, සුභසාධන ක‍්‍රියාවලියක යෙදෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා. ආණ්ඩුව හදන්නේ රාජ්‍ය නොවන සංවිධාන හා ඒවායේ මුදල් හසුරුවන්න තමන්ගේ අතයටට ගන්න. ජනමාධ්‍යවේදීන්ට ආයතන විසින් පුහුණුවක් දෙන්නෙත් නෑ. රජයට ඒ පිළිබ\  වැඩපිළිවෙලකුත් නෑ. ඒ නිසා මෙවැනි දේ සිද්ධ වෙන එක වළක්වන්න අමාරුයි. ජනමාධ්‍යවේදීන් හැටියට අපි දැනගන්න  ඕනැ නොවිකිණෙන්න. ජනමාධයවේදීන් හැටියට අපි ඇස් කන් ඇරගෙන වැඩ කරන්න  ඕනෑ.

අවසාන වශයෙන් අපි කරන්න උත්සාහ කරන්නේ මේ ජරාජීර්න වෙලා තියෙන සමාජය ප‍්‍රකෘතිමත් කරන්න. සමාජ පෙරළියක් කරන්න. මාධ්‍යවේදියෙක් හැටියට, ‘‘සටන් කරන අකුරු’’ වශයෙන් සමාජයට කියන්න විශේෂ යමක් තියෙනවද?

පීඩිත ජන කොටස් වෙනුවෙන් අරගලයක් කිරීම වෙනුවෙන් තමයි අපේ පුවත්පත සෑදී පැහැදී සිටින්නේ. සන්නිවේදනයට සම්බන්ධ අරගලයක්. වාමාංශික පුවත්පත් කලාවේදීන් හැටියට අපට අදහසක් තියෙනවා. ඒක දේශපාලන ක‍්‍රියාවලියක්. වෙනත් පත්තර වගේ අපි ස්වාධීනයි කියල කියන්නේ නෑ. අපිට තනියෙම මේක කරන්න බෑ. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ.
(වමේ හඩ පුවත්පත 2014-අගෝස්තු කලාපය-වාමාංශික පත‍්‍රකලාව හා ජනමාධ්‍ය භාවිතය පිළිබඳව ‘‘ජනරළ’’පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තගේ අදහස් ගොනු කළේ   – ධර්මසිරි ලංකාපේලි)

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: