යකඩ යකාගේ ඉතිහාසයෙන්…

Padukkaදුම්රියපොළ වෙත මිනිසුන් එකා දෙන්නා ඇදෙමින් තිබේ. වැහිබර අහස යට මිනිස්සු ඒකරාශී වෙති.

ප‍්‍රබෝධමත් මුහුණු, කනගාටුවන මුහුණු, මඳ සිනා, කොක්සන් හ`ඩ නඟන යෞවන යෞවනියන් දුම්රියපොළේ රැුඳී සිටියේ මීළඟ දුම්රිය පැමිණෙන තුරුය. දුම්රියපොළ දෙසට සර්පයකු මෙන් විහිදී එන රේල් පීලි ගණනාවකි. සිල්පර කොටන් ඊයේ රාතී‍්‍ර වර්ෂාවෙන් තෙතබත්ව වැතිරී සිටියි. සියවසකට ආසන්න කාලයක් මේ දුම්රිය මාර්ගයේ සිය දහස් ගණනක් ඇතැම් විට ලක්ෂ ගණනක් ජනයා එහේ මෙහේ යන්නට ඇත.

දුම්රිය යාන්ත‍්‍රික වාහනයක් ලෙස ඉදිරියට ආවේ තෙමස් නිව්කොමන් විසින් තැනූ මුල් යුගයේ වාෂ්ප බල යන්ත‍්‍රය 1781 දී වැඩි දියුණු කළ ස්කොට් ජාතික ජේම්ස් වොට්ගේ වාෂ්ප එන්ජිමේ පණ ලබා ගෙනය. 1814 ජෝර්ජ් ස්ටිවන්සන් විසින් පළමු වරට වර්තමාන ආකාරයේ දුම්රිය එන්ජිමක් බිහි කිරීමට දායක වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් එදා මෙදා තුර දුම්රිය බිහි කිරීමේ නියමුවන් වූයේ ඔවුන් පමණක් නොවේ, සැලැසුම්කරුවන්, මිනින්දෝරුවන්, කම්කරුවන්, අත්උදව්කරුවන් වශයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දුම්රිය ප‍්‍රවාහනයේ වර්තමාන දියුණුව ලබා ගන්නට සිය ඓතිහාසික දායකත්වය ලබා දී තිබේ. ඇතැමුන් දුම්රිය සේවාව වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවා තිබේ. ලංකාවට දුම්රිය හඳුන්වා දුන්නේ 1864දීය. ඒ ඉතිහාසය දන්නා කී දෙනෙක් මේ දුම්රියේ ගමන් කරනවා ඇතිද? කොපමණ පිරිසක් තමන් දිනපතා භාවිත කරන දුම්රියේ අතීත කතා නොදැන සිටිතිද? එය කල්පනා කරන්නට තරම් වැදගත් ප‍්‍රශ්නයක් ලෙස දකිමි.

එකවරම දුම්රිය සංඥා නාදවන්නට විය. දුම්රිය ස්ථානයේ විවිධ ස්ථානවල අල්ලාප සල්ලාපයේ යෙදුණ වුන් ද නිහඩ හුදෙකලාවක ගිලූනු උන්ද වේදිකාව දෙසට යුහුසුළුව පැමිණියහ. සහාය ස්ථානාධිපතිවරයා කඩිනමින් දුම්රිය වේදිකාවට පැමිණියේ ටැබ්ලටය ලබාගැනීමේ අවස්ථාවට සූදානමිනි. දුම්රිය සංඥාකරු වැසි පොද යටින් සිය රාජකාරි ස්ථානයට යද්දී ඈතින් ගාම්භීර ලෙස දුම්රිය නලාව ඇසිණි. ආසනයක් අල්ලා ගැනීමේ හැඟීමෙන් කාර්යාල බලා යන ගැහැනුන් ද පිරිමින් ද උනන්දුවෙන් දුම්රිය දෙස බැලූවේ බලාපොරොත්තු බැල්මකි. පාසල් දරු දැරියෝ තවමත් කිචිබිචියේ දුම්රියේ නැඟීමට සූදානමින් වේදිකාවේ ඉදිරිපසට රොක් වෙති.

දුම්රිය මිනිස් ජීවිතයේම කොටසක් බවට පත්ව ඇති අයුරු ජීවමාන කරමින් දුම්රිය වේදිකාවට සම්ප‍්‍රාප්ත වෙයි. දුම්රිය එන්ජිම ඝෝෂා කරමින් ඍජු හා ස්ථිරසාර ඉරියව්වකින් දුම්රිය වේදිකාව පසුකර යයි. ඊළඟට තරබාරු කාන්තාවන් මෙන් ලාලිත්‍යයෙන් පැද්දෙන දුම්රිය මැදිරි වේදිකාව වෙත ළඟා වෙයි.

මිනිස්සු පොදිකමින් දුම්රියට ගොඩවෙති. කාර්යාල සේවා සඳහා ගමන් මලූ සහ කෑම පාර්සල් රැුගත් ගැහැනු සහ පිරිමි සිය ප‍්‍රියතම ස්ථාන වෙත යන්නට තරග කරති. ඈත දුම්රිය ස්ථානවල සිට පැමිණෙන සිය යහළු යෙහෙළියන් සිටින ස්ථානවලට යන්නට ඔවුහු තරග කරති.

මෙවැනි විශාල ජනකායක් එකවර ගෙනයන්නට සමත් ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙසත් මිනිසාගේ කායික හා මානසික ශ‍්‍රමය එක්තැන් කළ ජයග‍්‍රහණයක් ලෙසත් දුම්රියට හිමි ස්ථානය සුවිශේෂී වේ. සියවස් දෙකකට පෙර එහි බිහිවීමේ සිට වර්තමානය දක්වා මෙම දැවැන්ත මිනිස් නිර්මාණයට දායක වූ මිනිස් අත් ප‍්‍රමාණය කොතෙක්දැයි කිව නොහැකිය. ලංකාවේ දුම්රිය සේවාව බිහි කිරීමට කටයුතු කළ විදේශික ඉංජිනේරුවන්ගේ සිට ලංකාවේ කම්කරුවන් දක්වා දුම්රිය ගමනාගමනයට එකතුකර ඇත්තේ සුවිසල් දායකත්වයකි. කඳුකර දුම්රිය මාවත් බිහිවූයේ මහත් ශ‍්‍රම දායකත්වයකින් බව ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් තැබූ වාර්තා ලේඛන සියල්ලගෙන්ම දැනගන්නට හැකිය. සැතපුම් දහස් ගණනක් දිවෙන මෙරට දුම්රිය මාර්ග ජාලය බිහි කෙරුනේ මිනිස් අත්වලින් බව අදහා ගන්නට බැරි තරම් වුවද ඇත්ත එයමය. ඒ දුෂ්කර ව්‍යායාමයේ දී කොපමණ කම්කරු ශ‍්‍රමයක් වැය වන්නට ඇතිද? කොපමණ පිරිසක් දුම්රිය මාර්ගයේ මූලික කාර්යයන්හි දීම ජීවිත කැප කරන්නට ඇතිද? මම හැඟුම්බර වෙමි.

දුම්රිය හා බැඳුණු සාහිත්‍යයක්, ගීත, කෙටිකතා කොපමණක් බිහිව ඇතිද? ඒවායෙන් කියැවෙන්නේ හුදෙක්ම දුම්රිය ගැන නොවේ. මිනිස් ජීවිතය ගැනමය. ඒ නිසා දුම්රිය මිනිස් ජීවිතය සමඟ ඇති සබැඳියාව තවත් සියවස් ගණනකට අවසන් නොවනු ඇත. යටත් විජිත සමයෙන් පසුව තවමත් නවීකරණය නොවී අබල දුබල වෙමින් පවතින මෙරට දුම්රිය සේවාව නැවත පණ පිහිටුවන්ට අඩ සියවසකට අධික කාලයක් පාලකයන් අසමත්ව තිබේ. එයින් යමක් වටහා ගන්නට හැකි වෙතොත් ඒ මෙරට ධනපති පාලකයන්ගේ අසමත්කමම පමණකි.

ඇත්ත වශයෙන්ම ධනපති ක‍්‍රමයේ ආරම්භක අවධියේ මහත් වාසිදායක නිර්මාණයක් වූ දුම්රිය ප‍්‍රවාහනය මහත් ආයාසයෙන් ගොඩ නගන ලද මිනිස් ජයග‍්‍රහණයකි. ඉංග‍්‍රීසි යටත් විජිත ආණ්ඩුව විසින් මෙරට දුම්රිය ගමනාගමනය ස්ථාපිත කළේ මේ රටේ තේ කර්මාන්තයේ හා වෙනත් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට පමණක් නොවේ. එංගලන්තයට වැදගත් සම්පත් උල්පතක් ලෙස මේ යටත් විජිතය සූරාකෑමේදී ස්වදේශික ජනයාගේ කෝපයෙන් මිදෙන්නට දුම්රිය ඉවහල් විය. කැරලි කෝලාහලවලින් ආරක්ෂා කරන්නට අවශ්‍ය සන්නද්ධ සොල්දාදුවන් ප‍්‍රවාහනයටද දුම්රිය ප‍්‍රවාහනය යහමින් යොදා ගැණින.

දුම්රිය සේවයට අදාළ පසුබිම එහි ගමන් කරන සියල්ලන්ම දැනගත යුතු නොවේ. එහෙත් මිනිසා ලැබූ ජයග‍්‍රහණ මෙන්ම පරාජයන් සංකේතවත් කරන මානව උරුමයන් ගැන ඔවුන් දැනගත යුතුය. පාසල් අධ්‍යාපනයේ දී ආරම්භවන දැනුම ලබාගැනීමේ සරල කාර්යය ජීවිතයේ යම් අවස්ථාවක දී අත්හැර දමන්නට සිදුවේ. එහෙත් මිනිසකු ලෙස පූර්ණත්වයට පත් වීමට නම් සිය ඉතිහාසයේ තැබූ පියසටහන්වල දුෂ්කරතා පරාජයන් මෙන්ම ලැබූ ජයග‍්‍රහණ ගැන දැනුමක් අවශ්‍ය වේ.

ලංකාවේ දුම්රිය සේවය පිළිබඳ අතීත කතාව කියන්නට යමෙකුට හැකි නම් එය ලංකාවේ ධනපති ක‍්‍රමයේ කතාවම ලෙස වෙනත් විදියකට හඳුනාගන්නට හැකි යැයි සිතමි.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: