පත්තරයක් නැති කතුවරයෙක්*

pen in tears

ඇත්තමයි මිතුර
කූඹියෙක් කනවට වැඩියෙන්
වේදනාවක් දැණුනා
ඔබ එවු වචන තුනකින්

පන්ති කාමරේ
හිනාව කඳුළ
අමතක කර දමා
ගල්කර ගෙන හිත
ආවෙමි පන්ති සටන වෙත

පසල් දනව්වක උන්ගෙ
අනාගතය ගැන සිතා
ගත් හුණුකූර අතහැර
තවත් ගම් දනව්වල
මිනිසුන් ගැන සිතා
පැමිණියෙමි අබිනික්මන් කර

කටහ`ඩක් නැති
මිනිසුන්ට හ`ඩක් වන්නට
තක්සලාවෙන්
පා තබා ආවෙමි
ගෙන්දගම් පොළවට

පාසලක් ඇති
ඉගෙන ගන්නට හිත ඇති
පොත් පැන්සල් ගන්නට තියා
කුසට අහරක් නැති

සල්පිල් දොරෙහි
අරුමෝසම් ඇති
මිලයට ගන්නට තියා
ඇඟට වස්තරය නැති

හෙට ගැන සිතා
අද වේදනා විඳින
හෙටක් තියා
අද දවසත් නැති

මිනිස්සු ඇති
මිනිස්කම් නැති
හදවතක් තියා
ලේ කඳුළක් නැති

ඉතින් මා මිතුරනි
ඒ ලෝකයට ආදරය බෙදනු මිස
කතුවරයෙක් වෙන්න
සිහිනයක් මට නැති

(* ‘ජනරළ’ පත්තරේ තාවකාලික විරාමය ගැන අසා මිතුරකු එවු කෙටි පණිවිඩයක්)

Advertisements
  1. හිරු කරපු කාලෙ මම හිටියෙ ගුරු රස්සාවෙන් අයින් වෙන්න ඔන්න මෙන්න. ඒත්, අයින් නො වීම ගැන අද මට සතුටුයි. පත්තරයක් කියන්නේ මහේක්ෂ ව්‍යාපෘතියක්. ගුරු රස්සාවේ තිබෙන දේශපාලනය ඉතා ක්ෂුද්‍රයි. කවුරුවත් අගය කරන එකක් නො වෙයි. කවුරුවත්, ඒක දේශපාලනිකයි කියා හිතන්නේත් නැහැ. මම නම් හිතන්නේ ඉතින් මට මොකද කියලායි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: