සෙල්ලං වානා…. රණවිරුවා සීරුවෙන්!

Imageපොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම දක්වා කාලය තුළ ජාතික ආරක්ෂාව බිඳ දැමීමට යම් පිරිසක් උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජගත් ජයසූරිය ජනමාධ්‍ය වෙත පවසා තිබේ. මේ නිසා එම සමුළුවට පෙර කිසියම් කඩාකප්පල්කාරී පිරිසකගේ එවැනි උත්සාහයන් වැළැක්වීමට විශේෂ උනන්දුවකින් පසුවන බව ද ඔහු අවධාරණය කර තිබේ.

රාජ්‍ය ඔත්තු සේවාවලින් කියූ බව කියන මේ ‘වැදගත් සොයා ගැනීම’ ගැන පුදුම සතුටක් ඇතිව ජනයා දැන් එවැනි කඩාකප්පල්කාරී ක‍්‍රියා වැළැක්වීමට පියවර ගනු ඇත. ජගත් ජයසූරිය නමැති තරුපටිධාරී සොල්දාදුවා කියන්නේ මින් පසුව කිසිදු උද්ඝෝෂණයක් හෝ රැුස්වීමක් පැවැත්වීමට ආණ්ඩු විරෝධීන්ට ඉඩකඩ නොදිය යුතු බවය. වැටුප් වැඩි කරන්නට හෝ එවැනි වෘත්තීය ඉල්ලීම් දිනා ගන්නට හෝ වෘත්තීය සමිති ලිප්ටන් වටරවුමට පැමිණියහොත් කිසිදු වගවිභාගයක් නැතිව වෙඩි තියන්නට සිදු වනු ඇත්තේ ජාතික ආරක්ෂාව වෙනුවෙනි.

එපමණක් නොවේ, පිරිසිදු ජල අයිතිය ඉල්ලා වැලිවේරියේ දී පැවැති එවැනි කඩාකප්පල්කාරී කුමන්ත‍්‍රණයක් හමුදාව යොදවා අවසන් කළේ ඒ නිසා බව සොල්දාදුවා කියා සිටී. ජාතික ආරක්ෂාව කියන්නේ වතුර වැනි පාටක් හෝ රහක් නැති දෙයක් ද නොවේ. එය කුරහන් සාටකයේ පාට ඇති අරලියගහ මන්දිරයෙන් දෙන බුරියානි රහ ඇති අපූරු එකකි. අනික රතුපස්වල නොව මරදානේ නොව වන්නි හත්පත්තුවේ කවුරුවත් වතුර ඉල්ලා සිටිය ද උන් දැනගත යුත්තේ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අල්ල පනල්ලේ ජාතික ආරක්ෂාවට අත තියන්න ආවොත් සබ්බුව දෙන බවය.

දැන් අයවැයක් ළඟ එන බව කවුරුත් දන්නා දෙයකි. අයවැය තුළින් පඩි වැඩි කර දෙන ලෙස ඉල්ලා කවුරුන් හෝ මුදල් ඇමැති හෙවත් ‘ජාතියේ ගැලවුම්කාර’ මහින්දට ලියුම් ලිවීම පවා ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ඒ මන්ද කීවොත් මේ සියල්ල කරන්නට පෙර මහින්ද ආරක්ෂක ඇමැතිවරයා ද වන නිසාය. පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ආසන්නයේ ආරක්ෂක ඇමැති මහින්දට කිසිම වර්ගයක ඉල්ලීම් හෝ බලපෑම් කරන එක ඔහුට කරන කරදරයකි. එයින් ඔහුට ජාතික ආරක්ෂාව ගැන හිතන්න ඇති වෙලාවේ අවධානය වෙනස් කෙරෙනු ඇත. ඒ නිසා එවැනි කඩාකප්පල්කාරී ඉල්ලීම් ගෙදර සිට ලියුමකින් ලියුවත් කොටුව දුම්රියපොළ ඉදිරිපිට සාමූහිකව ඉදිරිපත් කළත් එකය. එහෙව් කඩාකප්පල්කාරීන් හොයාගෙන සොල්දාදුවන් පැමිණෙනු ඇත. උද්ඝෝෂණය කරන්නේ කවුදැයි වීඩියෝ කරගෙන යන රාජ්‍ය ඔත්තු සේවාවලින් සොයා ගනු ඇත. උන්ගේ අල ගිය තැන් – වැල ගිය තැන් – මුල ගිය තැන් සියල්ල ‘සුවාදීන’ අයිටීඑන් එකෙන් හා ‘පරාදීන’ ජාතික එකෙන් පින්තූර සහිතව කියනු ඇත. සහනයක් දෙන ලෙස හෝ අසාධාරණයක් විසඳන්නට මැදිහත් වන ලෙස ලියුම් ලියා හෝ උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටින කඩාකප්පල්කාරීන් සොයා සුදු වෑන්කාරයන් හෝ නාඳුනන තුවක්කුකාර සොල්දාදුවන් පවා එන්නට පුළුවන.

ජාත්‍යන්තර සමුළුවක් පවතින කාලය තුළ රටේ සිදු වන දේ ගැන ලෝකයම අවධානයෙන් සිටින නිසා ‘රටේ ප‍්‍රතිරූපය’ ආරක්ෂා කිරීම ප‍්‍රමුඛ කාරණය බව ජගත් ජයසූරිය ජනමාධ්‍ය වෙත කියා තිබේ. ඇත්ත නේන්නම්. බොක්කේ ලූනු පොත්තක් නැතත් ජනතාව හිනා වෙලා ඉන්න ඕන. නැත්නං රටේ සායමනෙ යන්නෙ. රටේ නායකයා ඕනෑම වෙලාවක හිනා මූණෙන් ඉන්න එකේ එහෙව් පින්බර ‘ජාතික නායකයෙක්’ ඉන්න පින්බර ජනයා දුකෙන් ඉන්න එක වැරැුදිය. බැරි වෙලාවත් හිතේ කෙළවරක හෝ දුකක් තිබුණත් රටේ ප‍්‍රතිරූපය වෙනුවෙන් ඒක නොපෙන්වා හිනා වෙන්න ඕනෑය. බැරි වෙලාවත් දුක් මූණක් පෙන්නුවොත් ඒ පිටුපස රටේ ප‍්‍රතිරූපයට හානි කරන කුමන්ත‍්‍රණයක් තිබෙන නිසා අර කීව සුවාදීනෙයි පරාදීනෙයි ගවේෂණාත්මක මාධ්‍ය ඔස්තාර්ලා ඒ සියල්ල බඩවැල් දක්වා එළියට අදිනු ඇත. (අමතර මතක් කිරීමක්! ඒවා බලා ඉන්න පේ‍්‍රක්ෂක ජනයාට ඔක්කාරය ඒම ද ජාතික ආරක්ෂාවට හා රටේ ප‍්‍රතිරූපයට හානිකර වන්නට පුළුවන)

එහි තේරුම නම්, මින් පස්සෙ උද්ඝෝෂණ කරන උන්ට බැට දෙන එකට අමතරව කෙහෙල් කැන් කැපීම, පොකට් ගැසීම වැනි අපරාධ කරන උන්ට අමතරව හිඟා කෑම, ඈනුම් ඇරීම, ඉක්කා ගැසීම, පඩ ඇරීම වැනි ලැජ්ජා නැති වැඩ කරමින් රටේ ප‍්‍රතිරූපයට හානි කරන උන් පවා හොයාගෙන වෙඩි තියන්න වෙනවා කියන එකය.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: