විශ‍්‍රාමික විප්ලවවාදීන්….!

panhindaඔව්! අපි ඒ යෙදුමට කැමැති වුණත් අකැමැති වුණත් විශ‍්‍රාමික විප්ලවවාදීන් යනුවෙන් හඳුන්වන පිරිසක් ඉන්නවා. විප්ලවයක් එහෙමත් නැත්නම් සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් වැඩ කරන කෙනෙකුට ඒ අරමුණ ඉටුවෙන තුරු විශ‍්‍රාම ගැනීමේ අරමුණක් නෑ. බොහෝ අවස්ථාවල මේ යෙදුම යොදනු ලබන්නේ අදාළ පුද්ගලයන් අවඥාසහගතව හැඳින්වීමටයි.

පවතින ‘සමාජ පැවැත්ම’ පිළි නොගන්නා කෙනෙක් ඒක වෙනස් කරන්න නම් විප්ලවකාරී ලෙස මැදිහත්වෙන්න ඕන. ඒත් තනි තනි පුද්ගලයන්ට සමාජය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න බෑ.

ඒක කළ හැකිවන්නේ එවැනි පුද්ගලයන් ඒකරාශි වීමෙන් ගොඩනැෙ`ගන සමාජ ව්‍යාපාරයකට පමණයි. දුෂ්කර කොන්දේසි භාරගෙන ඒවා දරාගෙන ඉන්න මිනිස්සුන්ට ඒ කරන කැපකිරීමේදී කිසිදු ප‍්‍රතිලාභයක් නෑ, හිමි වෙන්නෙ දැඩි ශාරීරික පීඩාවක් හා මානසික ආතතියක් පමණයි. එතැනදි පුද්ගල නිදහස සීමා වෙනවා. කොටින්ම විප්ලවවාදියකුට තමන් හිතන පතන දේ පවා කැප කරන්න වෙනවා. කාලය ශ‍්‍රමය, මුදල් විතරක් නෙවෙයි ජීවිතයත් කැප කරගෙන සමාජ ව්‍යාපාරවල වැඩ කරන මිනිස්සු පිළිබඳ සතුරු මතවාද ප‍්‍රචාරයවීම ගැන කරන්න දෙයක් නෑ. පවතින ජනප‍්‍රිය ජනමාධ්‍ය රැුල්ල තුළ එවැනි මතවාද-අවලාද උණු කැවුම් වගේ විකිණෙනවා. ඒ සතුරු මත වැරදියි කියන්න ප‍්‍රචාරක මාධ්‍ය නෑ. ඒ සියල්ල ඉවසාගෙන තමන්ගෙ භාවිතයෙන් පමණක් නිවැරැුදිභාවය ඔප්පු කරන්න වෙනවා.

අනෙක් අතට සමාජ පරිවර්තනයක් අරමුණු කරගෙන ඒකාබද්ධව සිටින කණ්ඩායමක් වශයෙන් විප්ලවවාදී ව්‍යාපාර ඇතිකරගත් සම්මුති තියෙනවා. ඒ සම්මුති පවත්වාගෙන යනවා කියන්නෙ මිනිස් කණ්ඩායමේ පොදු අරමුණට බාධාකාරී නොවන ලෙස පුද්ගල පැවැත්ම ආරක්ෂා කරගෙන ගමන්කිරීමේ යාන්ත‍්‍රණයක් ඇති කිරීමයි. ඒත් යම් හේතුවක් නිසා ඒ පොදු මිනිස් කණ්ඩායමෙන් ඉවත්වන තැනැත්තා තමන් බැඳී සිටි සාමූහික අරමුණින් මිදීමේ ආශාවකින් හා සාමූහිකත්වයට විරුද්ධව වැඩ කිරීමේ දෘඪ මනෝභාවයකින් ආතුර වෙනවා. ඔහු හෝ ඇය තවදුරටත් සිය සාමූහිකත්වයෙන් ඈත්කරනු ලබන්නේ මේ නිරායාස විමතිකභාවය නිසයි. එසේ වුවත් ඔහු හෝ ඇය විප්ලවවාදී පරමාදර්ශයෙන් ඉවතට පලා යනවා යැයි එයින් අදහස් වෙන්නෙ නෑ.

එක් අතකින් විමතික පුද්ගලයාට තමන් මුහුණ දෙන තත්වය ගැන වැටහීමක් තිබිය යුතුයි. විප්ලවවාදී සාමූහිකයේ සගයන්ටත් ඉවත යන සගයා පෙළෙන පීඩාව දැනෙන්න ඕන. ඒක තක්සේරු කරන්න ඕන ද්‍රෝහියකු ගැන තියෙන පළිගැනීමේ මානසිකත්වයෙන් නම් නෙවෙයි. යම් හේතුවක් නිසා විප්ලවවාදී අරමුණෙන් බැහැර වුණු සගයෙක් ගැන අවබෝධයකින් බලන්න සමාජ ව්‍යාපාරයේ සහෝදරත්වය සමත් විය යුතුයි.

අඩුපාඩු නැති විප්ලවවාදියෙක් මේ ලෝකෙ බිහි වෙන්නෙ නෑ. ඒ නිසාම අඩු පාඩු වැරදීම් නැති සමාජ ව්‍යාපාර, විප්ලවවාදී ව්‍යාපාර මේ ලෝකෙ නෑ. ඒ ගැන වාමාංශික සාහිත්‍යයේ සුප‍්‍රකට දේශපාලන උදාන වාක්‍යයක් තියෙනවා. ‘ජුපිටර්ගෙ හිසෙන් මිනර්වා පහළ වුණා වගේ පිරිසිදු පක්ෂයක් හදන්න බෑ’ කියලා. ඒ නිසාම ඉවත්ව යන අය ගැන කරන අවඥාසහගත ප‍්‍රචාරවලින් සමාජ ව්‍යාපාරවලට වාසියක් නෑ.

‘විශ‍්‍රාම ගිය විප්ලවවාදීන්’ කියලා අවඥාවට ලක්කරනවට වඩා ඇතැම් මිනිස්සු සමාජ ව්‍යාපාරවල දිගුකාලීනව නිරත නොවී යම් කාලයකදි ඉවතට යන්නෙ ඇයි කියන කාරණය පුළුල්ව වටහා ගැනීම හොඳයි. පටු හේතුවල සිට පුළුල් දේශපාලන හේතු දක්වා විප්ලවවාදීන් තම සගයන් අතහැර යන්න හේතු වෙන්න පුළුවන්. මිනිස්සු එහෙමයි, හැඟීම් දැනීම් සහිතයි. ආවේග හා ආකල්ප වෙනස් වෙන්න පුළුවන්. ආත්මාර්ථය නිසා පොදු අරමුණට පයින් ගහලා ඉවත යනවා කියලා හිතනවට වඩා ආත්ම කේන්ද්‍රීය හැසිරීම් මිනිස්සු තුළ ඇතිවන බවට පූර්ව අවබෝධය ඇතිව වැඩ කරනකොට අතහැර යෑම් තේරුම් ගන්න පුළුවන්. ඒ ප‍්‍රවණතාවයෙන් සසල නොවී පිළියම් සොයන්න වෙන්නෙත් ඒ වටහාගැනීම ඇතිවයි.

ඒ වගේම අතහැර යන සගයන්ගෙ ගැටලූ හා දුබලතා පමණක් ප‍්‍රමුඛ කරගෙන ඔවුන් සතු ශක්තීන් ඒකරාශි කිරීමේ වැදගත්කම අමතක කර කටයුතු කළොත් විප්ලවවාදී ව්‍යාපාර සහ ගතානුගතික දේශපාලන පක්ෂ අතර වෙනසක් නැති වෙනවා. විවිධ හේතු නිසා සටන් සගයන් ඉවත ගියත් ඒ අය වඩා සාධනීය තලයක රඳවාගන්නත් සමාජ ව්‍යාපාර සමත් වෙන්න ඕන. ඉවත්ව යන සගයන්ට මෙහි වගකීමක් නෑ කියලා කියන්නත් බෑ. නමුත් ඔවුන් වටහාගෙන සමාජ ව්‍යාපාරය සමග සම්බන්ධය ආරක්ෂා කරගැනීම ඒ සමාජ ව්‍යාපාරයේ වගකීමයි.

සමාජ ව්‍යාපාරය තුළ මෙන්ම එයින් පිටත සිටිමින් පවතින සමාජ ආර්ථික කොන්දේසි පිළිකුල් කරන ක‍්‍රමවිරෝධී ගැහැනුන්, පිරිමින් සාමූහිකයක් ලෙස වටහාගෙන වැඩ කළ යුතු වෙනවා.
පීඩිතභාවයේ අඳුරේ ඉන්න මිනිස්සු කෝටි ගාණක්. ඒත් ඒ මිනිස්සු වෙනුවෙන් ආලෝකය හොයාගෙන යන්න ඉදිරිපත්වෙන මිනිස්සු දහස් ගාණක්වත් නෑ. ඒ නිසා ආලෝකයක් සොයාගෙන යන එකම පැතුමක්, අධිෂ්ඨානයක් ඇති මිනිස්සු ඒකරාශි වීමෙන් මිස සමාජ පරිවර්තනයක් සාර්ථක වෙන්නෙ නෑ.

Advertisements
    • Manoj Samarasinghe Hewage
    • සැප්තැම්බර් 6th, 2013

    සැබවින්ම ඹබේ විග්‍රහය නිවැරදියි. ඕනෑම මිනිසෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අවසන් අරමුණ දක්වා සටන් කිරීමට විශ්වාසයන් ගොඩනගාගෙන තහවුරු කරගැනීමට නම් එකතුවන්නාත්, එකතුකරගන්නාත් දෙදෙනෙකු නොව එකෙකු බවට පත්වන අතරමැදි මධ්‍යස්ථානයක් නොමැතිව මෙය සිදු කළ නොහැකි වෙනු ඇතැයි මගේ විශ්වාසයයි. අනෙක් අතට මෙම මධයස්ථානය අර පාර්ශ්වයන් දෙකෙහිම වඩාත් සක්‍රීය සහ උපක්‍රමශීලී භාවිතයන් උකහාගතහැකි විශ්ලේෂණය කළ හැකි දියුනු එකක් විය යුතු වෙයි. පංතියට විවෘත, විනිවිදභාවයෙන් යුත් මෙවැනි තෙවන පාර්ශ්වයක් වැඩබිමේ මිනිසා ඉදිරිපිට අධිකරණයක් වන්නේ නම් මෙම දෙපාර්ශ්වයේම විවේචනයන් සාධාරණ මෙන්ම නිවැරදි ඒවා බවට ඉබේම පත්වනු ඇතැයි මගේ විශ්වාසයයි. ධණපති පංතියේ ඉපිද, ධණපති පංතියට එරෙහිව වාමාංශික දර්ශණයන් නිර්මාණය කළ මිනිසුන් පවා ඉතිහාසය විසින් බිහි කරඇත්නම් සැබෑ වාමාංශික දැක්මක් සහිතව සිටින කවර මිනිසෙකුටද සැබෑ වාමාංශික සංවිධානයක් වෙත තමන්ගේ අඩුපාඩු නිවැරදි කර ගනිමින් එක් විය නොහැක්කේ ? වැඩකරන පංතිය ඉදිරිපිට දී සිදු කරනු ලබන විවෘත මතවාදී සංවාදයක් පැති කිහිපයකින්ම වැදගත් වේ. පංතිය දැනුවත් කිරීමට එය මහත් පිටුවහලක් වනු ඇත. තවද, සංවිධානයක නිලධාරීවාදය හිස එසවීම මගහැරගත හැකි වනුයේ ද සංවිධානය වෙත දිනාගතයුතු වන ජනයා ඉදිරිපිට දී සිදුකෙරෙන සංවාදයකදී දෙපාර්ශ්වයම සිදුකරනු ලබන ස්වයං විවේචන මගිනි. අනෙක් අතට දෙපාර්ශ්වයටම තම තමන්ගේ දෙගිඩියාවන් හා අවිශ්වාසයන් තුරන්කර දමා අත පිහදාගෙන අරගලයට මුළු හිතින් කැපවෙන්නට මෙමගින් රුවන්මය දොරටුවක් විවර කර දීමටත්, එම දෙපාර්ශ්වයේම අවසන් එකඟතාවය වන පීඩිත මිනිසාගේ අරගලය ජයග්‍රහනය කරවීමට ඔවුන් සමග අත්වැල් බැඳ ගන්නට මෙම තෙවන පාර්ශ්වය වැඩමිමේ මිනිසාගෙන් සමන්විත එකක් වීම වාමාංශික භාවිතයේ නවතම සොයාගැනීම බවට පත් කිරීම අප හැමගේම බලාපොරොත්තුව බවට පත්කරගත යුතුය.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: