Archive for අගෝස්තු 11th, 2013

පලා යාම වෙනුවට අරගලය

panhindaපලා යාම ආරම්භ වන්නේ අරගලයේ බර ඇඟට දැනෙන්නට වූ විටය. ආරම්භයේ දී ආස්වාදයක් වුවත් කවර අරගලයක් වුව ද දුෂ්කර කාලවකවානුවක් පසු කරයි. එය මිනිස් ජීවිතය උඩුයටිකුරු කරවයි. දුෂ්කරතා මධ්‍යයේ මිනිස්කම් ආරක්ෂා කරගන්නවුන් මිය ගියත් ජීවත් වේ. මිනිසුන්ව හිඳ සංග‍්‍රාම පීඩාවෙන් පලා යනවුන් ගැන උපදින්නේ ශෝකයක් පමණි. බුද්ධික දමයන්ත හා චූලානන්ද සමරනායක සහෝදරවරු ‘මරාදැමූ ජීවත් වන මිනිසා’ නමින් නාට්‍යයක් වේදිකාගත කළහ.

‘චේ’ සියරා මයෙස්ට‍්‍රා කඳුකරයේ සටන් උත්සන්න වෙමින් තිබුණු අවස්ථාවේ ගරිල්ලා කණ්ඩායම එක් රැුස් කරවීය.

‘‘අදින් පස්සෙ අපට මුහුණ දෙන්න සිදු වන්නේ මෙතෙක් අප සිතා සිටි ආකාරයටත් වඩා දුෂ්කර බිහිසුණු සටන්වලට… ඒ සටන අවසන් කරනකොට අපේ කී දෙනෙක් ඉතිරි වෙයිද කියන්න බෑ. හැබැයි… ඒ සටන වැනි වැනි කරන්න බෑ. එහෙම සටනකට යන්න සූදානම්ද කියලා තමන්ගෙන්ම අහන්න. නවතින්න කැමැති අය දැන්ම ඉවත් වෙලා යන්න.’’

මේ ප‍්‍රකාශය, සහෝදරත්වයෙන් සාමූහිකව අරගලයට එක් වූ පිරිස අන්ද මන්ද කළ බව ඇත්තකි. එහෙත් එදා එසේ කිවයුතු විය. සටනේ දුෂ්කරතාවට මුහුණ දෙමින් ඉදිරියට යනු වෙනුවට බියෙන් හා සැකයෙන් පසුබට වන සහෝදරත්වයක් ඉලක්කම්වලින් කොපමණ විශාල වුව ද වැඩක් නැත. ඒ නිසා අතරමැද පලා යන්නවුන් වෙනුවට කල් තබා සමුගන්නට ගරිල්ලන්ට අවස්ථාවක් හිමි විය. එසේම සංග‍්‍රාමය අතරමැද පලා යන්නන්ට වෙඩි තබන්නට ද චේ නියෝග කළේය.

විවිධ සංග‍්‍රාම භූමිවල හැටි එහෙමය. සටන් පිළිබඳ ආස්වාදයෙන් එක් වන සටන්කාමීන් එහි ගෞරවයට සුදුස්සෝය. එහෙත් සටන් අතරමැද පලා යාම යනු එම ගෞරවය කෙලෙසා ගැනීමකි. එවැනි ගෞරවයක්, ආදරයක් ඇති සහෝදරවරුන්ට වෙඩි තැබීම කළ නොහැකිය. චේ කල් තියා සමුගන්නට ඉඩක් දෙන්නට ඇත්තේ ඒ නිසාය. පලා යනවුන් නොසිටියාම නොවේ.
පලා යන්නවුන් විසින් සිය විවිධ හේතු ඉදිරිපත් කරති. තමන් රෝගාතුර වී ඇතැයි කියන සටන්කාමීන්ට වෛi සහාය පමණක් නොව, විවේක බුද්ධියේ ප‍්‍රතිකාර
අවශ්‍ය වේ. කිසිදාක ජයක් ලැබිය නොහැකි යැයි සැකය හා විතණ්ඩවාදී තර්ක නඟනවුන් ද කරන්නේ සිය පලා යාම යුක්තියුක්ත කරන්නට උත්සාහයකි. හැමදාම ජය පිට ජය ලබා දෙන සමාජ අරගලයක් නැත. එහෙත් කිසි දාක ජයග‍්‍රහණ හිමි කරගන්නට නොහැකි අරගල ද ඇත්තේ නැත. චේ ඒ ගැන කියා සිටියේ ‘නොහැක්කක් නොමැත’ කියාය. සෙස්සන් සටනේ සම්මුති බිඳ දැමීයැයි අනෙකුන් වෙත අවලාද නඟමින් එවන් අය සමඟ එක්ව වසන්නට නොහැකි යැයි පලා යනවුන් ද සිටී. එවන් සටන්කාමීන් සම්මුතිගත වන්නේ පරාජිතවාදය තුළය. පරාජිතවාදයට එවැනි විවිධ වේශයන් ඇත.

අරගලයේ සටන් තුළ ශාරීරිකව වැගිරුණු ලේ සලකුණු මෙන්ම හදවත්වලින් ගලන ලේ දහරා අනන්තය. අරගලයක යෙදෙන මිනිසුන් තරම් අවලාදයට හා අවමානයට ලක් වන පිරිසක් තවත් නැත. ඔවුන් කඩාකප්පල්කාරීන් ලෙසත් ආගම් විරෝධීන් ලෙසත් ගතානුගතික සමාජයේ මිනුම් දණ්ඩෙන් පහර කෑමට සිදු වේ. සටනේ යෙදෙන මිනිසුන් අන්තවාදීන් ලෙස ද අවලාද නැෙඟ්. සමහරු හිතන විදියට, ‘අනෙක් මිනිසුන් මෙන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නට බැරි මොකක්දෝ කැසිල්ලක් නිසාය උන් සමාජ අසාධාරණය ඉවසා නොසිට අරගලයට එන්නේ.’ මේ අවලාද රැුල්ල තුළ පෞද්ගලික අවමන් හා චරිත ඝාතන දක්වා වගකීම් විරහිතව ප‍්‍රහාර එල්ල වේ. ඒත් නැතිනම් අරගලයේ සහෝදරත්වය තුළ පවා ආන්තිකකරණයට ලක් වන සහෝදර සටන්කරුවන් සිටී. සටනේ දී සතුරාගේ අතින් මිය යන්නට පෙරාතුව සහෝදරත්වයේ නාමයෙන් පසුපසින් අනින සටන්කරුවන්ට ජයග‍්‍රහණ හිමි නොවේ. පරාජිතවාදය උපදින්නේ ද එතැනිනි.

රතුපස්වල දී සටන් වැදුණු මිනිසුන්ට අපහාස කරමින් ආණ්ඩුව ගෙන යන ප‍්‍රචාරයට අනුව, ඔවුන් කළ සටනින් පල නෙළා ගන්නට හදන පිරිසක් සිටී. මූලික අයිතියක් වන පිරිසිදු ජල අවශ්‍යතා වෙනුවෙන් ආණ්ඩුවට ඇසෙන්නට කළ උද්ඝෝෂණයේ දී හමුදාව යොදවා තැබුණු ජීව උණ්ඩයෙන් මිය යන්නට සිදු වූ දරුවන්ගේ සිරුරු නිවෙස්වලට ගෙන යද්දී පාලකයන් ප‍්‍රචාරය කරන්නේ ඔවුන් ගල්මුල් පහර වැදී මිය ගොස් ඇති බවය. දැන් රතුපස්වල අරගලය අවසන්ද? ජනතාව ඉල්ලා සිටි කිසිවක් ලැබී නැති තත්වයක් තුළ ඇත්තේ පරාජිතවාදයකි. කාලකණ්ණි වකවානුව වන්නේ අතරමැද සමාදානයෙන් ගෙවන (තාවකාලිකව වුවත්* සතුරා ජයග‍්‍රාහී මධු බඳුන් පුරවන අවස්ථාවයි.

එහෙත් මරාදැමූ මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්නට හැකි වන්නේත් පලා යන්නවුන්ට පිළිතුරු දිය හැකි වන්නේත් අරගලය තුළින්ම පමණි. කුමන දුෂ්කර තත්වයක් යටතේ වුව ද අරගලයේ ධජය අත් නොහැර සිටින්නට යැයි අරගලයේ දී එක් වූ සහෝදර සහෝදරියන්ට කිවයුතු වන්නේ ද ඒ නිසාමය.