පන්හිඳම කගපතක් කරනු පිණිස…

panhindaපෑන අතට ගත් හැම මොහොතකම වගේ, අඩු තරමින් පෑන අවියක් ලෙස පාවිච්චි කරන්නට හිතන හැම මොහොතකම මට අම්මා මතකයට එයි. ලිවීම අව්‍යාජ ප‍්‍රකාශන මාධ්‍යයක් බවට පත් කරගන්නටත් පෑන අවියක් බව සලකන්නටත් මුලින්ම මට කියා දුන්නේ ඇයයි. ඒ එක්කම වගේ මට කුමාර දෙණියෙගෙදරගේ කවියක් සිහිපත් වීම වළක්වන්නට නොහැකිය. ‘අම්මා අඳුර සහ මම’ නම් වූ ඒ කවියේ අවසානය මට කටපාඩම් ගානය.

‘ඉස්සර ඉස්සර දවසක
මගේ පය අද්දරින් පැදුර ලා
ඇලවෙනා
මැදියමේ කුකුල් නින්දෙන් ඇහැරී
මා සිටීදැයි
ඇඳ අතගා බලන
නුඹේ බියපත් මුහුණ
මට පෙනේ අම්මේ’

1997 පෙබරවාරි මස ‘සිතිජය’ සඟරාවේ කවි පිටුවේ පළ වූ ඒ කවිය තවමත් දෙණියෙගෙදර සහෝදරයා ලියූ අන් කිසිදු කවියකට වඩා මම අගය කරමි.

අද දවසේ කවියකුට හෝ රසිකයකුට එහි අපූර්වත්වයක් නැතිවා විය හැකිය. එහෙත් 80 දශකය අවසානයේ බිහිසුණු මානව සංහාරයේ අත්දැකීම් ගැන කවියක් ලියන්නට පවා නොහැකි තරම්ය. මගේ අම්මා මෙන්ම බොහෝ අම්මාවරු ද ඒ බිහිසුණු යුගයේ සිය දූවරුන් පුතුන් රැුක ගනු පිණිස මහත් කැප කිරීමක් කළහ. එසේ හෙයින් මේ සටහන ආරම්භ කරනු පිණිස මගේ මවුන් මෙන් දුෂ්කර ව‍්‍රතයක සිටි සියලූ මවුවරුන් සිහිපත් කළ යුතුය. එවන් මවුවරුන් හා පියවරුන් කොතරම් රැකීමට උත්සාහ කළත් දරුවෝ ඝාතකයන්ගේ වෙඩි පහරින් ළය සිදුරු වී මහමඟ වැටී සිටියහ. එකට අකුරු කළ මගේ මිතුරන් අතුරුදන් වූ කල ඇතැම් අසල්වාසී සොයුරන්ගේ සිරුරු මහමඟ ටයර් සෑයවල දක්නට තිබිය දී පාසල් යාමට සිදුව තිබිණි. මගේ ලේඛන දිවියේ ආරම්භය ගැන කෙටියෙන් කිව හැකි නම් කියන්නට ඇත්තේ, මගේ පෑන වෙත විරෝධාකල්ප ලෙස ගලා ආවේ මහමඟ මරා දැමුණු තරුණ තරුණියන්ගේ රුධිරය බවය.

ඇත්තකි, එදා මා ලියූ දේ ආවේගයෙන් හා වෛරයෙන් යුතු පද වැල්ය. වසර ගණනාවක් ඉකුත්ව ඇත. අද මා ලියන දේ එසේ නොවේ යැයි සහතික වන්නට මට නොහැකිය. එහෙත් තියුණු විවේචනයක් ලේඛනය තුළ තබා ගන්නට ලේඛකයකුට හැකි විය යුතු බව මම තරයේ අදහමි. පෑන යනු මිනිසකුගේ දිව වැනිය. අදහස් පැවසීමට එය ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ. තියුණු ලෙස යම් අදහස් පවසන්නට දිවේ නම්‍යශීලී බව මෙන්ම රස අහර බුදින්නට දිවේ සංවේදනය ද අවශ්‍ය වේ. එහෙත් නිවට අදහස් පවසන්නටත් කසළ බුදින්නටත් ඒ දිවම පාවිච්චි කළ හැකිය.
සටන් කරන අකුරු නව මානයක් වෙත පිවිසෙන විට යමක් ලිවිය යුතු යැයි සිතත් ම ‘පන්හිඳ ම කගපතක් කළ මැනවි’ යනුවෙන් ලක්ෂ්මන් කහටපිටිය කවියා ලියූ කවියක් සිහිපත් විය. ආධුනික කිවිඳියකගේ නිර්මාණ අගයමින් ලියූවක් ලෙස සැලකෙන එම කවියේ අවසන් පද මෙසේය.

‘හෙට පිපෙන පරපුරට නව ලොවක් තනන්නට
සුරත ගත් පන්හිඳ ම කගපතක් කළ මැනව’

පෑන අවියක් ලෙස එසවිය යුතු බවට මා දිරිමත් කරන්නේ එවන් වූ අතීත බල කිරීම් පමණක් නොවේ. මර්දනය විසින් නිහ`ඩ කරවන ජනතාවගේ හඬ නැඟිය යුතු වන්නේ ජනතාව වෙනුවෙන් ලියන මිනිසුන්මය. ජනමාධ්‍යකරුවන් ලෙස ඒ සඳහා අපට ඇත්තේ අවිවාදිත වගකීමකි. අනුල්ලංඝනීය අයිතියකි.

මක් නිසාද යත් අප ලේඛකයන් බවට පත් කළේ මර්දනයට අණ දෙන පාලකයන් නොව, මර්දනයේ පීඩාවෙන් පෙළෙන පීඩිතයන්මය. පීඩිත මිනිසුන් අතර උපන් අපට ඒ මිනිසුන් වෙනුවෙන් ලියන්නට ඇති අයිතිය, හුස්ම ගන්නට ඇති අයිතිය වැනිය. ඔවුන් වෙනුවෙන් ලියන්නට නොහැකි වන දාට අපගේ හුස්ම නතර වනු ඇත.

ජනතාව වෙනුවෙන් නොලියන ලේඛකයන් ශාරීරිකව ජීවත් වුවත් මිය ගියාක් වැනි යැයි සිතෙන්නේ ඒ නිසාය. එවන් ජරාජීර්ණ මරණයක් වෙනුවට අකල් මරණයක් පතමින්.. පන්හිඳම කගපතක් කරන්නෙමි.෴

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: