සාප නොකරන්, මහත්වරුනේ !

‘‘ළමුන් දෙදෙනා යොදවා සොරකම් කළ වටිනා භාණ්ඩ අතර සෙල්ලම් කාර් දෙකක්’’

–    පුවතක්

රට ගැන හිතන, ටීවී බලන
මහත්වරුනි, කරුණාවන්ත
සාප නොකරනු මැන
අපේ මවුපියන්ට….
නොදරුවන් සොරකමේ යැවු වරදට

සමාජ ශෝධකයිනි,
රහසින්වත් පවු නොකරන
පේන නොකියන්
‘අපොයි මේ මුං පුංචි කාලෙනෙ
තව ලොකු වුනොත් රටම කයි’
දැනටම අපට කන්න දෙයක් නැතුවා

පත්තරකාර මහත්වරුනේ
නොඅසන් මයික් අල්ලා
‘‘ඇයි සොරකම් කළේ නුඹලා?’’
උපන් ගෙයි හොරුන් මෙන්
මානනු එපා කැමරා අප වෙත

අහන්න බැරිද ඔබට
‘ඇයි දරුවනේ නුඹලාට
සිද්ද වුනේ සොරකම් කරන්න ?’
අහන්න බැරි ඇයි
‘මේ තත්වයට ඔබ
ඇද දැමුවෝ කවුරුන්ද?’

සොයන්න බැරිනම් උත්තර
අහන්න ඒවා….
පාඨකයන්ගෙන්
පේ‍්‍රක්ෂකයන්ගෙන්
එස්එම්එස් ගෙන්වන්න නොව,
ඔවුන්ටම හිතන්න !

Advertisements
    • D. S. D. Kannangara
    • සැප්තැම්බර් 13th, 2011

    දරැ දැරියන්ෙග් සුන්දර ළමා විය ෙසාරා ගත් පාලකයනි, ඔවුන්ෙග් සහ හෘද සාක්ෂියක් අැති මිනිසුන්ෙග් ෙෙවරය ෙහණ ෙමන් ෙතාප මත පතිත වනු අැත.

    • arunishapiro
    • සැප්තැම්බර් 13th, 2011

    මෙහෙම කියන එක දුප්පත් වුවත් අවංක ව, හොරකමේ නොයෙදන අයට කරන මහත් නින්දාවක්. එහෙම නොකර දහදිය මහන්සියෙන් උපයන සත එකතු කරන්, තම දරුවන්ට හරි වැරදි කියා දීලා, නීති නොකඩා ජීවත් වෙන්න කියා දෙන දෙමාපියන්ට නින්දා කිරීමක්. එහෙම අය බොහොමයක් ඉන්නා බව අමතක නොකරන්න.

    පහුගිය දිනයක ලන්ඩනයේ පාරවල් පුරා කඩවල් වලට වැදී බඩු පැහැර ගනිමින් කඩවල් ගිනි තිබ්බේ නැති බැරිකමට කියා රජය දුන් සුබ සාධනයෙන් ජීවත් වූ අයයි. බඩගින්නෙ හා කන්න නැතිව හිටිය අය නෙමෙයි.

    // මේ තත්වයට ඔබ
    ඇද දැමුවෝ කවුරුන්ද?’// දුප්පත්කම නිසා හොරකම් කරනවා යැයි හිතන, ඒ අදහස් ලියන අයයි.

  1. හොරකම්කිරිම සහ ‍එහි දේශපාලනය ගැන සංවාදයකට පාර විවෘතයි

    • nilangani
    • සැප්තැම්බර් 14th, 2011

    ./////දුප්පත් වුවත් අවංක ව, හොරකමේ නොයෙදන අයට කරන මහත් නින්දාවක්. එහෙම නොකර දහදිය මහන්සියෙන් උපයන සත එකතු කරන්, තම දරුවන්ට හරි වැරදි කියා දීලා, නීති නොකඩා ජීවත් වෙන්න කියා දෙන දෙමාපියන්ට නින්දා කිරීමක්. එහෙම අය බොහොමයක් ඉන්නා බව අමතක නොකරන්න……////

    ‍හොරකම් කරන්නෙ ජොලියට කියලද හිතන්නෙ

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: