හතරවැනි තට්ටුවේදී – 11


හතරවැනි තට්ටුවේ සිරකරුවන්ට උදෑසන ආහාරය ලැබෙන්නේ පෙරවරු 7-8 අතර කාලයේදීය. බොහෝ විට එය පාන් සහ පරිප්පු හෝ සම්බෝලයක් සම`ග බත් වැනි සරල ආහාරයකි. මේ බත් වේලට මාලූ කෑල්ලක් හෝ ගෝවා මැල්ලූමක් ද ලැබෙන අවස්ථා තිබේ. එහි ලූණු හෝ මිරිස් පමණට මිම්මට නොවූවද ආහාර ඉල්ලා සිටින කයට ප‍්‍රණීත බවක් ගෙනදෙයි. සිරගත කාලයේදී නිවසින් ආහාර ගෙන්වා ගන්නට ලැබෙන්නේ පවුලේ සමීපතමයන් රැුඳවියන් බලන්නට එන දවසට පමනක් නිසා මෙම ආහාරය ප‍්‍රතික්ෂේප නොකර බුදින්නට රැුඳවියන්ට සිදු වේ.
කෑමට අවශ්‍ය මොනවාදැයි ආරක්ෂක නිලධාරියාට දැනුම්දීමෙන් පසුව කොස්තාපල් නිලයේ අයකු අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තු අවන්හලට පිටත්ව යයි. ඇතැමුන්ට පාන් ඉල්ලා සිටිය හැකි අතර බත් පාර්සල් සීමිත ප‍්‍රමාණයක් ලබාගත හැකිය. පාන් ලැබෙන්නේ පාන්ගෙඩිය දෙකට කැපූ බාගයකි. එයද දෙකට කපා කැබලි දෙකක් ලෙස කෑමට පහසු ආකාරයෙන් ලබාදෙන අවස්ථා තිබේ. මීට අමතරව ඉ`දි ආප්ප ලබාගන්නට ද ඇතැම් අවස්ථාවල රැුඳවියන්ට ඉඩ ලැබේ. තවත් උදෑසනක තැම්බූ බතල හෝ කඩල හෝ සමග පොල් ස්වල්පයක් උදයේ ආහාර වේලට ලැබේ. මෙම ආහාර සැපයුම කෙරෙන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රාත‍්‍රී සේවයේ නියුතු නිලධාරින්ට උදයේ ලැබෙන වට්ටෝරුවෙන්ම බව අපට හෙළිකළේ ආරක්ෂක නිලධාරින්මය.
‘‘ඔහෙලත් හිරේ අපිත් හිරේ තමයි. නැත්නම් මේ වගේ කෑම අපට කන්න වෙනවයැ.’’
පෝෂණය අතින් විවිධ වුවද ආහාරයේ ගුනාත්මකභාවය අන්තිමය. ඒ නිසා ඔවුන්ට ද සිදුව ඇත්තේ මුවින් නොබැන දෙන දේ කා කියන දේ කරන්නටය.
උදයේ ආහාරය ගන්නා සිරකරුවෝ ඉන්පසුව සුහද කතාබහක නිරතවන්නට අවස්ථාව උදාකර ගනිති. සමහරු නිවසින් හෝ රතුකරුස සංවිධානයෙන් ලැබී තිබෙන පොතක් පතක් කියවන්නට පටන් ගනිති. ඇතැම්විට මෙසේ පතපොත ලබාදීම කෙරුණත් රැුඳවියන්ට දිනපතා හෝ වෙනත් පුවත්පත් සැපයීම තහනම්ය. රතුකුරුසයෙන් ලබාදෙන්නේ පෞද්ගලික සනීපාරක්ෂාවට අවශ්‍ය ද්‍රව්‍ය, ක‍්‍රීඩා උපකරණ, නවකතා හෝ වෙනත් ශාස්ත‍්‍රීය පොතපතය. මේ අතරට සම්භාව්‍ය නවකතා ද කලාතුරකින් අඩංගු වී තිබේ. ඇතැම්විට රතුකුරුසයේ විදේශිකයන් පොත්පත් තෝරා ගෙන එන්නේ සිරකරුවන්ට සරලව කියවා කාලය ගෙවීමට අවශ්‍ය පොතපතය. එහෙත් ඒ අතරම දෙමළ ජාතික රැුඳවියන්ට දෙමල බසින් පළ කෙරෙන කවිපොත් හෝ විවිධ වාර ප‍්‍රකාශන ලබාදුන් අවස්ථා තිබිණි. මේ අතර සිංහල -දෙමල හෝ සිංහල -ඉංග‍්‍රීසි හෝ දෙමළ – සිංහල ශබ්ද කෝෂ ද සිරකරුවන්ගේ ඉල්ලීම මත සපයා තිබිණි.
පොත පතට යොමු නොවන පිරිස කාඞ් කුට්ටමක් ගෙන ඕමි ගසති. නැතහොත් දාම් ලෑල්ලක් හෝ කැරම් ලෑල්ලක් ගෙන කතාබහක යෙදෙමින් ක‍්‍රීඩාවට සිත යොමු කරති. මේ සියල්ලටම සිත යොමුකළ නොහැකි අය නැවත වැතිර නිදති. කෙසේ වෙතත් දවස ගෙවා දමන්නටත් කාංසිය පලවා හරින්නටත් සිරකරුවන් සියලූ දෙනා මෙවැනි ක‍්‍රියාකාරකම්වල යෙදෙන බව පැහැදිලිය. එහෙත් ඒ සියල්ල සිදුවන ආකාරය ඉහළින් සවිකරන ලද කුඩා ප‍්‍රමාණයේ කැමරාවකින් නිරීක්ෂනය කළ හැකිය.
සිරකරුවන් අතර කසුකුසු කතාබහ සිදුවන විට ආරක්ෂකයෝ වැඩියෙන් නිරීක්ෂණය කරති. එසේ නොවුවත් සිරකරුවන් දෙනෙකු හෝ කිහිප දෙනකු අසාමාන්‍ය ලෙස නිතරම කතාබහේ නිරතවීම නිරීක්ෂනයට ලක්වුවහොත් ඔවුන් එකිනෙකාගෙන් වෙන්කර වෙනත් සිරමැදිරිවලට යවනු ලැබේ.
මා සිටි සිරමැදිරිය හතරවැනි තට්ටුවේ ප‍්‍රධාන සිරකුටිය ලෙස හ`දුන්වනු ලබයි. ඇතැම්විට මෙහි සිරකරුවන් තිස්ගණනක් රඳවා තිබුණු අවස්ථා ගැන ආරක්ෂක නිලධාරින් විසින් කියන ලදී. විශේෂයෙන්ම 80 දසකය අවසානයේ රාජ්‍ය මර්දනය යටතේ දේශපාලන රැුඳවියන් මෙහි බුරුතු පිටින් සිරගතකර තිබී ඇත. මා එහි ගෙනයනු ලැබූ ජනවාරි 29වැනි දින රාත‍්‍රියේ එහි 13දෙනෙක් නිදා උන්හ. දෙමළ ජාතික තරුණයන් කිහිප දෙනකු හැරුණු විට එහි එක් සිංහල ජාතිකයෙක් සිටියේය. 14වැනියා ලෙස මා එහි නාමලේඛනයට ඇතුළත් වූයේ ආහාර ගැනීමෙන් පසුව හතරවැනි තට්ටුවේ නම් ලකුනුකිරීමේ අවස්ථාව එළඹිවිටය.
මා සිටි සිරමැදිරියට යාබදව විවෘත සිරමැදිරි දෙකක් විය. එහි සිටියේ මාළිගාවත්ත විහාරස්ථානයේ විහාරාධිපතිව සිට අත්අඩංගුවට පත් වූ ඌවතැන්නේ සුමන හාමුදුරුවන් සහ දෙමළ ජාතික තරුණයන් දෙදෙනෙකි.
එයින් ඉදිරිපස කොරිඩෝවේ අනෙක් පසින් ඇත්තේ තවත් සිරමැදිරි දෙකකි. මෙහිදි ඒ සිරමැදිරිවල සිටියේ කවුරුන්ද යන්න නිරීක්ෂනය කිරීමට අවස්ථාවක් නොවිණි. කෙසේ වෙතත් ඉන් එකක දෙමල කාන්තාවන් දෙනෙකු සිටි බව මට දැකගත හැකි වූයේ දෙවැනි දින මා එහි කැඳවාගෙන එනවිටය. ඔවුන් රැුකවල් කිරීමට සිවිල් ඇ`දුමින් පොලිස් කාන්තාවක් යොදවා තිබිණි.
සාමාන්‍යයෙන් ආරක්ෂක නිලධාරින් ලෙස රාත‍්‍රියේ සේවය කරන සාජන්වරයා සේවා මාරුවන වෙලාවට තමන් භාරයේ සිටි පිරිසගේ නාමලේඛණය දිවාකාලයේ සේවයට පැමිණෙන නිලධාරියාට ලබාදී පිටව යයි. ඉන්පසුව උදයේ වැඩබාරගන්නා නිලධාරියා එම නාමලේඛනයේ සිටින පිරිස සිරමැදිරිවල වේදැයි පරික්ෂාකරනු ලබයි. රාත‍්‍රියේ කැද`වාගෙන ආ රැුඳවියන් හ`දුනාගන් ලබන්නේ එවිටය.
‘‘මොකක්ද නම?’’ අනිවාර්යයෙන් ප‍්‍රශ්නයක් මතු වේ.
‘‘බ්රාන්ච් එක?’’ නිසැකව අසනු ලබන දෙවැනි ප‍්‍රශ්නය එයයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු විවිධ ක්ෂේත‍්‍ර ගනනාවක් වෙත විහිද තිබේ. ත‍්‍රස්ත විමර්ශන අංශය, මත්ද්‍රව්‍ය නාශක අංශය, වානිජ අපරාධ අංශය, විශේෂ විමර්ශන ඒකක ආදි වශයෙන් එවැනි ඒකක නම් රැුසක් තිබේ. බ්රාන්ච් එක විමසන විට සිරකරුවා දන්නේ නම් ඒ ගැන සඳහන් කරනු ලබයි. එහෙත් ඇතැම් සිරකරුවන් අත්අඩංගුවට ගෙන ගෙනැවිත් දමනවිට එවැනි දෙයක් ගැනවත් නොදන්නා අවස්ථා දක්නට තිබිණි. හතරවැනි තට්ටුවේදී සිරකරුවන් දැන සිටියයුතු දේ අතර විමර්ශන ඒකකය ප‍්‍රධාන තැනක් ගනී.
‘‘මොකක්ද චෝදනාව?’’ යනුවෙන් ඊළ`ගට ප‍්‍රශ්නය දමාගසනු ලබයි.
‘‘මොකක්ද කරපු හපන්කම?’’ යනුවෙන් යම් නිලධාරියකු විසින් උපහාසයෙන් විමසනු ලබන්නේ ද එයමය.
එහෙත් රැුඳවියන් ොොහ් විට එහිදිී තමන්ට සිදුවූ අකරතැබ්බය ගැන කියමින් අනුකම්පාව දිනාගන්නට උත්සාහ කරනවා මිස චෝදනාව පැහැදිළිව සඳහන් කරන්නේ නැත. බොහෝ නිලධාරින් ඒ දුක් අඳෝනා ඉවසීමෙන් යුතුව අසා සිට තමන් කැඳවාගෙන ආ නිලදාරින් ඉදිරිපත් කල චෝදනාව පැහැදිලිකරන තෙක් සවන් යොමු කරයි.
‘‘අපිට ඔය බයිලාවලින් වැඩක් නෑ. මොකක්ද කරපු වැරැුද්ද කියනවා’’ වැනි අවඥා සහගත ප‍්‍රතිචාර දක්වන නිලධාරින් ද නැතුවා නොවේ. කෙසේවෙතත් සිරමැදිරියේ ආරක්ෂක කටයුතු භාර නිලධාරියා සිරකරුවන්ගේ නම සහ ඔවුන් පිලිබඳ පරික්ෂන කරන අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකය දැන සිටිය යුතුය. එල්ල වී ඇති චෝදනාව වමසා සිටින්නේ ඉහල නිලධාරියකු පැමිණ නිශ්චිත සිරකරුවකු පිළිබඳව විමසා සිටියහොත් එය දැනසිටීම වැදගත් වන නිසාය.
මෙසේ ප‍්‍රශ්න කිරිමෙන් පසු සිරමැදිරියේ ආහාර පාර්සල් ගණනට හා තේ ගෙන එන ලැයිස්තුවට රාත‍්‍රියේ ගෙන ආ තැනැත්තා ද ගණන් ගැනෙයි.

Advertisements
  1. මෙය අතිශයින්ම කාලෝචිත ලිපිපෙළකි. අප පසුකරමින් සිටිනා වූ කාලය හා සමාන්තරව ගතහොත් වැදගත් දේශපාලන භාවිතයකි. එසේ වුවත් ඔබ විසින් පුද්ගලිකව ලියන ලද ලිපි පෙළක් පරිද්දෙන් බ්ලොගයක පළකරයි නම් අපේක්ෂිත දේශපාලන අරමුණ ඉටුවේ යැයි සිතිය හැකි නොවේ. මෙම බ්ලොගය බ්ලොග් සමාජය හා එක් කිරීමට නම් ගතයුතු පියවර කිහිපයක් ඇත.
    1. මෙම බ්ලොගය බ්ලොග් සින්ඩිකේටර් වල ලියාපදිංචි කළ යුතුය. ඒවාට අදාළ ලින්ක්ස් බූන්දි අඩවියේ වම්පස තීරයේ දක්නට ඇත.
    2. දේශපාලනික සමාජ මාතෘකා වල ඇතිවන සංවාද හා ඔබ සක්‍රිය විය යුතුය. ඒ සඳහා වැදගත් බ්ලොග් අඩවි සින්කේටර් වල ඇති බ්ලොග් වල ඇත. ටැබූ, බ්යෝන්ඩ් ෆ්‍රේම්, රාමචන්ද්‍ර. ඩබ්ලිව් ත්‍රී ලංකා ඊට උදාහරණ කිපිහයකි. ඒවායේ කමෙන්ටු පළකිරීමෙන් ඔවුන්ට ඔබේ බ්ලොග්යේ අත්දැකීම් වඳගැනීමට ආරාධනා කළ හැක
    3. ඔබ විසින් බ්ලොග් සමාජයට හුදු ලිපි සපයන්නෙක්ම පමණක් නොවී ඔවුන්ගේ අදහස් වලට සක්‍රීයව අදහස් දැක්විය යුතුය. සංවාදයක් ඇතිවන්නේ එවිටය.

    කාලීනව වැදගත් ලිපිපෙලක් බ්ලොග් සමාජගත කිරීමටයි මට අවශ්‍ය වුනේ….බූන්දි හරහා ෆේස් බුක් තුළ ප්‍රචලිත කිරිමත් තවත් හොඳ අදහසක්. කේ ජයතිලකගේ පුස්තකාලේ වගේ තමන්ගේ පොත් ටික කාටවත් පාවිච්චියට අවකාශයක් තබන්නේ නැතිව ‍‍ඔහේ ගොඩගහලා තියන්න නම් මේ වගේ නිකංම බ්ලොග් එකක් ඇටෙව්වට කමක් නැහැ..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: