හතරවැනි තට්ටුවේදී – 9

හතරවැනි තට්ටුවේ මා ගත කළ ඒ පළමු රාත‍්‍රියේ බොහෝ වේලා ගතවනතුරු දෑස පියාගත නොහැකි නොවූයේ එදින සිදුවීම් ආවර්ජනය කරමින් සිටි නිසාය.
ඉදිරිපස යකඩ කූරුවලින් යුතු වූ එම සිරමැදිරියේ දෙපසින් හා පිටුපසින් ඝන බිත්තියක් විය. සිමෙන්ති පොලොවේ සිට අඩි 8ක් පමණ ඉහළින් යකඩකූරු සවිකර සිරකරුවන් කොන්ක‍්‍රීට් තට්ටුව වෙත ළ`ගාවීම අවහිර කර තිබිණි. ඒ කූරුවලට ඉහළින් කොන්ක‍්‍රීට් තට්ටුවේ එල්බෙමින් තිබුණු විදුලි පංකාව කරකැවෙමින් සිරකරුවන්ගේ ගත උණුසුම නිවාදැමුවද වාතාශ‍්‍රය අවම විය. මම හාත්පස බැලූ විට දැකගන්නට ලැබුණේ සිරකරුවන් හය හත් දෙනෙකුට වඩා එහි වැතිර සිටින බවයි. ගණන් කළ විට එය 14 දෙනෙකු බව දැකගත හැකි විය. එකිනෙකා ආසන්නයේ වැතිර සිටි මේ අය කවුරුන්ද යන්න මට කුතුහලයක් ඇති කළත් ඒ ගැන සිතන්නට පවා මානසික තත්වයක මා සිටියේ නැත.
නිදන්නට වැතිර සිටි මගේ මතකය ඊළ`ග මොහොතේ එක්වරම දිව ගියේ නිවස වෙතය. නින්දට යන සෑම විට අප්පච්චී තමන් අසළ සිටිය යුතු බව මගේ දියණිය අවධාරණය කරයි. නිදන්නට මදුරු දැල සූදානම් කරන අවස්ථාවේ සතුටින් උද්දාම වී ‘කරේ පිටේ කරේ පිටේ’ යයි කෑගසමින් ඇ`දට දිව එන දියණිය, කෙසේ හෝ වදෙන් පොරෙන් මගේ කරමතට නැගගනී. මා එයට විරුද්ධ වුවහොත් ඇය මහත් දයාබර ලෙසින් යාප්පු වන්නට පටන් ගනී.
‘‘අනේ අප්පච්චි, එක්පාරක් කරේ පිටේ යන්න ඕනෑ… එක පාරක්’’
එවැනි ආයාචනයකට එරෙහිවන්නට සිහිකල්පනාව ඇති කිසිදු පියකුට නොහැකිවන බව මට සහතිකය. අවසරය ලද ඇසිල්ලෙහි ජයග‍්‍රාහී ලෙස සිනාසෙමින් ඇ`ද මත සිටින මගේ පිට මත නැගගෙන අසු පිට යන අසරුවකු මෙන් සි`ගිති දෑත, දෙපා හසුරුවන ඇය උදාන වාක්‍යයක් ද කියන්නීය.
‘හරකා පිට ජහ ගොනා, හරකා පිට ජහ ගොනා’
නිවසේදී පත්තරකාරයාගේ රාජකාරි කොපමණ තිබුණත් දියණියගේ ඉල්ලීම් ඉටුකිරීමේදී ප‍්‍රමුඛතාවයක් දෙන්නට මට සිදු විය. අඩු තරමින් එසේ කළ යුතුබවට බිරියගේ අවධාරණාත්මක ඉල්ලීමට මා එක`ග වූයෙමි. කිසිවකු එය නියෝගයක් පිළිපැදීමක් කීවද මම එක`ග වෙමි. එහෙත් එය මා සතුටින් යටත් වූ නියෝගයක් බව ද නොකියාම බැරිය.
එදා සිට සිරමැදිරියේ නින්දට යන සෑම අවස්ථාවකදීම මගේ මතකයට දියණියගේ මුහුණ මැවී පෙනෙන්නට වූයේ ඇගේ කෙළිලොල් හැසිරීම වි`දගන්නටත් ඇය හා කාලය ගෙවන්නටත් මට තිබුණු අවස්ථාව කුරිරු ලෙස පැහැරගෙන තිබුණු බැවිනි. දුක සැප බලා කියාගන්නට හැකි බිරියක් සිටීම පිරිමියකු ලබන වරප‍්‍රසාදයකි. එසේම මව්පියන් නිරතුරුවම ප‍්‍රබෝධයට පත්කරවන ප‍්‍රීතිමත් දරුවන් සිටීම ද මව්පියන් ලබන වරප‍්‍රසාදයකි. මා ඒ දෙකම ලබාගතහැකි අයකුවීමේ වාසනාව ලදිමි. එහෙත් දැන් මට එය අහිමිකර ඇති නිසා ඇත්තේ වේදනාවකි. එහෙත් දියණියගේ මතකය පවා මා මේ ඉරණමට ඇද දැමූ උන් ගැන කෝපයෙන් පුපුරන්නට නොහැකි තරමට මගේ හදවත මෘදු බවට පත්කරවන්නට සමත් විය.
අවසානයේ මා නින්දට වැටුණෙමි. පසුවදා උදයේ අවදි කරවනු ලැබුවේ යකඩ ගේට්ටුව අගුලූ ලෑ ඉබියතුරු විවෘතකරන ශබ්දයෙනි.
මම දෑස් විවර කරමින් අවට බැලූවෙමි. තවමත් ම`ද අ`දුර රැු`දී ඇති නිසා වෙලාව උදෑසන හය පමණ වන්නට ඇතැයි සිතුවෙමි. සිරකරුවකු නානකාමරයට යන්නට ආරක්ෂක භටයා කැ`දවා තිබේ. ඔහු දොර විවරකර දුන් පසුව වරකට දෙදෙනා බැගින් නානකාමරයට යා හැකි විය.
නිදාගෙන හුන් අය එකා දෙන්නා බැගින් අවදිවන අයුරුත් සමහරුන්ගේ ශාරීරික ස්වභාවයත් නිවැරැුදි ලෙස මට දැකගන්නට හැකි වූයේ ඒ අවස්ථාවේදීය. ඇතැමුන් බාහිර පෙනුමින්ම අහිංසකයන් බව දැකගතහැකි විය. ඒ අතර දෙමළ ජාතිකයන්යැයි කිවහැකි අය දෙමළ බසින් එකිනෙකා ආමන්ත‍්‍රණය කරණු දැකිය හැකි විය.
අවදිවූවන් අතර අයකු නානකාමරයට ගොස් නැවත පැමිණ ශාරීරික ව්‍යායාම කරන්නට පටන්ගත්තේය. මා නිදා සිටි තැනින් මෑත වී ඔහුට ඉඩ ෂලසා දුන්නෙමි. මධ්‍යම ප‍්‍රමාණයේ වැඩුණු සිරුරක් ඇති ඒ තරුණයා දෙමළ ජාතිකයකු බව අන්‍යයන් ඔහු සම`ග කරණ වචන හුවමාරුවෙන් මම තේරුම් ගතිමි. එහෙත් ඔහු වචනයකට දෙකකට සීමා වී කතාව කෙටිකර සිය කාර්යය දිගටම කරගෙන ගියේය. ක‍්‍රීඩා පුහුණුවකදී මෙන් සැහැල්ලූවෙන් ශාරීරික ශක්තිය පවත්වාගෙන යන්නට ඔහු දරණ වෑයම විසින් උදයේම නිවසේ මතකය යළි අලූත්වෙමින් පුළි`ගු ලෙස ඇවිළෙමින් තිබුණු මාගේ චිත්ත පීඩාවන් දුරුකරවන්නට සමත් විය.
‘‘තේ කීයද?’’
ඊළ`ග මොහොතේ මගේ අවධානය යොමුවූයේ ආරක්ෂක නිලධාරියා සිරමැදිරිය ඉදිරියට පැමිණ කළ විමසීමෙනි.
‘‘ඔන්ඩු, රෙන්ඩු, මූන්ඞ්රු…….’’
අසළ හි`ද සිටි අයකු විසින් ගණන්කිරීම ආරම්භ කළේය.
‘‘මිනිහෝ ඊයෙ හිටපු ගාන කියනවා. හැමදාම ගැනලා බලන්න ඕනෙද?’’
ආරක්ෂක නිලධාරියා කළ තරවටුව කාගේත් මානසිකත්වය වෙනස් තත්වයකට ගෙනා බව පැහැදිළිය. අප සිටින්නේ යම් කිසි බෝඩිමක නොව සිරකුටියක බව ඒ නිල ස්වරයෙන් ඒත්තුගන්වනු ලැබිණි.
‘‘සර්, …………….’’ දෙමළ බසින් යමක් පැහැදිලි කරන්නට ගනන් කිරීම සිදුකළ තරුණයා උත්සාහ දැරීය.
‘‘ ඊයෙ ? එකෙක් ගෙනාවට හිටිය ගාන මතකයිනෙ?’’ ඔහු පෙරළා ප‍්‍රශ්න කරයි. සියල්ලෝ තුෂ්ණිම්භූතව සිටිති.
මා ද ඇතුළුව 14දෙනකු සිටින බව කියැවිණි. හැම දෙනාටම තේ ගෙන එන්නට ප්ලාස්ටික් බෝතල් කිහිපයක් නිලධාරියා අතට පත්කරණු ලැබිණි. යකඩකූරු අතරින් ප්ලාස්ටික් බෝතල් තල්ලූ කරනවිට ඇති කරන අප‍්‍රසන්න නාදය අපගේ සිත් සිරකුටියේ සිට හ`ඩා වැළපෙන ස්වරය වැනි යයි මට සිතිණි.
‘‘කවුද අර ඊයෙ ? ආවෙ?’’
‘‘මම’’ සිටි තැනින් මෑත්වෙමින් මම ඉදිරිපත් වූයෙමි.
‘‘ආ මෙයාද? මොකක්ද නම?’’
සුපුරුදු පරිදි නැවතත් මගේ නම කුමක්දැයි විමසනු ලැබීමෙන් අද හතරවැනි තට්ටුවේ ජීවිතය, ඊයේට වඩා වෙනස් නොවනු ඇති බව වටහා ගත්තෙමි.

Advertisements
    • Puran Appu
    • අගෝස්තු 22nd, 2010

    Steve Biko da Donald Woods da kiyala hitha ganda bae. Oya siyalu katha kelawara dewannage bhoomikawa hodin karanu athaida …..awasaanayedii owani wikum paa upawasa mal lamaya men kohe ho hoda thanakata pinumak gasanu athaida saka karami. Norway ho engalanthaya bala yanta honda lakunu danatamath wetee awasan ! ohoma yang !!!

    • යමක් කරපු මිනිස්සු මෙතැනට ගාවාගන්න අවශ්‍ය නෑ. හතරවැනි තට්ටුවට ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම මේ අත්දැකීම් අතරින් එකක්, ලියුවා විතරයි. බිකෝ හෝ ඩොනල්ඞ් වුඞ්ස් ඉන්න තැනට අපට යන්න හැකි වෙන්නෙ අපි අභියෝගයන්ට මුහුණ දුන්නොත් විතරයි. ඒත් එහෙම බරපතල අභියෝගවලට මුහුණ දෙන කෙනෙක් වෙනත් අයෙකුට සමාන කරන්නෙ කොහොමද?
      ඒ තත්වයන් වෙනස්, මිනිස්සුත් වෙනස්. කලබල නොවී එළඹෙන පැයට මුහුණ දෙන්න. මගේ ගමන ගැන විනිශ්චය නොකර ඔබේ ගමන යන්න.
      මේ මොහොතේ පරමාදර්ශ අවශ්‍ය නැත. විය යුත්තේ සමාජය ඉල්ලන දේ ඉටුකිරීමට හැකි මිනිසුන් ඉදිරියට පැමිණීම පමණි. එවැනි මිනිසුන් අතර ඉන්නට මම වෙහෙස ගනිමි. මා එය කරනවාද නැද්ද යන්න පසුව බලන්න. ඔබ එයට සූදානම්ද කියන්න.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: