හතරවන තට්ටුවේදී – 7

කොට්ටාව නගරය පසුකරමින් වාහනය නිවස වෙත ළ`ගාවූයේ රාත‍්‍රී 10.00ට පමණය. නිවෙස් හිමිකරුගේ ප‍්‍රධාන නිවසේ විදුලි පහන් දැල්වුණද යාබදව පිහිටි මගේ නිවහනේ විදුලි පහන් නිවාදමා තිබිණි. මා කෙළින්ම මගේ නිවසේ දොරටුව වෙත ගොස් තට්ටු කළෙමි. පිළිතුරක් නැත.
‘‘ගෙදර කවුරුත් නෑ වගේ’’ මම නිලධාරින් දෙසට හැරී පැවසුවෙමි.
කෙසේවෙතත් මා නැවතවරක් තට්ටු කළේ කිසිවකු නැති බව සැකහැර දැනගන්නටය. ඉන්පසුව ප‍්‍රධාන නිවසේ දොරටුව වෙත ගිය උපපොලිස් පරික්ෂකවරයා දොරටුවට තට්ටුකර නිවෙස් හිමියා ඇමතීය. කාරුනික පුද්ගලයකු වූ ඔහු වහා දොරටුව හැර නිලධාරින්ට අවශ්‍ය කුමක්දැයි විමසා සිටියේය. ඔහු පැවසූ ආකාරයට දිවා කාලයේ නිවසින් පිටව ගිය බිරිය සහ දියණිය නැවත නිවසට පැමින නැත. ඒ අනුව ඔවුන් ඥාතියකුගේ හෝ හිතවතකුගේ නිවසට යන්නට ඇති බව මට සිතිණි. සාමාන්‍යයෙන් මා නිවසේ නොමැති අවස්ථාවල ඇය නිවස හැර යන්නේ නැත. එහෙත් අද ඇත්තේ වෙනත් රාත‍්‍රියක වැනි තත්වයක් නොවේ. යම් අවදානමක් දරන්නට වුවහොත් රාත‍්‍රියේ නිවසේ තනිව සිටීම නුසුදුසු බව ඈ කල්පනාකරන්නට ඇත. පවුලේ සැම දෙනා එක්ව හි`දින අවස්ථාවකදී එකාමෙන් කටයුතු කළහැකි නමුත් මා දුරස්ත වී සිටිනවිට ආරක්ෂාව පිළිබ`ද අවදානමක් ඇතිනිසා නිවසින් පිටත ස්ථානයක ආරක්ෂාව සපයාගන්නට ඇය තීරණය කළා වියයුතුය. මේ උපකල්පනය නිසා මට යම් සහනදායක හැ`ගීමක් ඇතිවුවද බිරියගෙන් නිශ්චිත පණිවිඩයක් නොමැතිවීමෙන් ඔලූව අවුල්වන තත්වයක් තිබිණි. කෙසේ වෙතත් මෙම වියවුල්කාරී තත්වයම එළඹෙන ඕනෑම දෙයකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට තරම් අධිෂ්ඨානයක් මා වෙත ඇතිකරවීය.
‘‘මොනවා කරන්නද? අපි යං යන්න.’’
එහිදී නිවෙස්හිමියා අමතා බිරිය පැමිණි පසුව දෙන්නට මාගේ අත් ඔරලෝසුව හා මංගල මුදුව භාර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. මා සතුව ඇති වටිනා පරිභෝග වස්තුන් ලෙස සිරමැදිරියකදී තබාගැනීම සුදුසු නැති බව මට සිතුනි. කලාතුරකින් ගලවන මංගල මුදුව දකුණතේ වෙදැ`රැුිල්ලෙන් ඉවත්කිරීම දුෂ්කර වුවද වේදනාවෙන් යුතුව එය ගලවාගතිමි. ඒවා සුරැුකිව බිරියට දෙන බව කී හෙතෙම මාගේ ආරක්ෂාව පිළිබ`දව සැළකිළිමත්වන ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ පාඩුවේ ජීවත්වන ඔහු එවැනිම ආකාරයෙන් ජිවත්වන අප ගැන විමසිලිමත්ව සිටියේය. කලකට පෙර බිරිය මියයාමෙන් පසු නැවත විවාහ නොවී සිය එකම පිරිමි දරුවා රැුකබලාගෙන නිහ`ඩව ජීවත්වූ මේ සත්පුරුෂයා අප ගැන යම් පැහැදීමකින් සිටින බව මා දැනගත්තේ මින් පෙර දවසේ මා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කටයුතු කළ අකාරයෙනි. සාමාන්‍යයෙන් කුලී නිවැසියන්ගේ ජීවිතවලට පොලිසිය මැදිහත්වන කිසිදු අවස්ථාවක් යහපත් දෙයක් ලෙස නිවෙස්හිමියන් සිතන්නේ නැත. එවැනි පුද්ගලයන් තම නිවසින් පළවා හරින්නට හැකි ඉක්මනින් කටයුතු නොකරන්නේ එහෙමත් නිවෙස්හිමියෙකි.
කෙසේ වෙතත් මා සම`ග එහි ගිය නිලධාරියකු මා නැති අවස්ථාවක් බලා මගේ පදිංචියට අදාළ කුලී ගිවිසුම පිළිබ`දව විමසා ඇති බව පසුව දැනගන්නට ලැබිණි. ඒ වෙලාවේ කුලී ගිවිසුම ඔහු සතුව නොතිබුණි.
‘‘මේ වගේ මිනිස්සු ඉන්නකොට ඔහෙලටත් කරදරයක්නෙ? යන්න කියන්නයි තියෙන්නෙ’’ යනුවෙන් නිවෙස් හිමියාගේ හිත බි`දවීමේ උත්සාහයක් එමනිලධාරියා විසින් දරා තිබිණි. එහෙත් මා කිසිවකුට කරදරයක් කරන අයකු නොවන බවත් හැමවිටම කිසිවකුට හිරිහැරයක්නොවන ලෙස ජිවත්වූ බවත් නිවෙස්හිමියා එහිදී සහතිකකර තිබිණි.
කිට්ටු හිතවතුන් නිසා කුලී ගිවිසුමකට වඩා අප අතර විශ්වාසයක් ඇති බව මෙහිදී නිවෙස් හිමියා නිලධාරියා වෙත දන්වා තිබිණි.
‘‘කිසි තේරුමක් නැති ගමනක්නෙ ආවෙ.’’ පොලිසි පරික්ෂක ‘කේ’ එසේ කීවේ නැවතත් රථය වෙත දැස් යොමුකරමින්ය.
රාත‍්‍රියේ මේ ගමන යායුතුු නැතිබව කල් තියා ඔහුට පැවසූ මට කියන්නට දෙයක් තිබිණි. එහෙත් ඔහු ඒ බව වටහා ගත් නිසාදෝ මා දෙස කෙළින් නොබලා වාහනයට ගොඩවිය. නිහ`ඩතාවය වචනදහසක් වටිනා බව සිහිපත්වූ නිසා මම නිහ`ඩව කැබ්රථයේ පසුපසින් එයට ඇතූළුවූයෙමි. රථය පණගැන්විණි.

Advertisements
    • Chanaka
    • මැයි 3rd, 2010

    I like reading this column and Lanka Irida newspaper too.
    Wish you journalists, all the best to serve for Sri Lankans.
    I also like to write on something like Sunil Madawa did earlier. I will sent some thoughts already written.

    Chanaka

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: