Archive for අප්‍රේල්, 2010

හතරවන තට්ටුවේදී – 7

කොට්ටාව නගරය පසුකරමින් වාහනය නිවස වෙත ළ`ගාවූයේ රාත‍්‍රී 10.00ට පමණය. නිවෙස් හිමිකරුගේ ප‍්‍රධාන නිවසේ විදුලි පහන් දැල්වුණද යාබදව පිහිටි මගේ නිවහනේ විදුලි පහන් නිවාදමා තිබිණි. මා කෙළින්ම මගේ නිවසේ දොරටුව වෙත ගොස් තට්ටු කළෙමි. පිළිතුරක් නැත.
‘‘ගෙදර කවුරුත් නෑ වගේ’’ මම නිලධාරින් දෙසට හැරී පැවසුවෙමි.
කෙසේවෙතත් මා නැවතවරක් තට්ටු කළේ කිසිවකු නැති බව සැකහැර දැනගන්නටය. ඉන්පසුව ප‍්‍රධාන නිවසේ දොරටුව වෙත ගිය උපපොලිස් පරික්ෂකවරයා දොරටුවට තට්ටුකර නිවෙස් හිමියා ඇමතීය. කාරුනික පුද්ගලයකු වූ ඔහු වහා දොරටුව හැර නිලධාරින්ට අවශ්‍ය කුමක්දැයි විමසා සිටියේය. ඔහු පැවසූ ආකාරයට දිවා කාලයේ නිවසින් පිටව ගිය බිරිය සහ දියණිය නැවත නිවසට පැමින නැත. ඒ අනුව ඔවුන් ඥාතියකුගේ හෝ හිතවතකුගේ නිවසට යන්නට ඇති බව මට සිතිණි. සාමාන්‍යයෙන් මා නිවසේ නොමැති අවස්ථාවල ඇය නිවස හැර යන්නේ නැත. එහෙත් අද ඇත්තේ වෙනත් රාත‍්‍රියක වැනි තත්වයක් නොවේ. යම් අවදානමක් දරන්නට වුවහොත් රාත‍්‍රියේ නිවසේ තනිව සිටීම නුසුදුසු බව ඈ කල්පනාකරන්නට ඇත. පවුලේ සැම දෙනා එක්ව හි`දින අවස්ථාවකදී එකාමෙන් කටයුතු කළහැකි නමුත් මා දුරස්ත වී සිටිනවිට ආරක්ෂාව පිළිබ`ද අවදානමක් ඇතිනිසා නිවසින් පිටත ස්ථානයක ආරක්ෂාව සපයාගන්නට ඇය තීරණය කළා වියයුතුය. මේ උපකල්පනය නිසා මට යම් සහනදායක හැ`ගීමක් ඇතිවුවද බිරියගෙන් නිශ්චිත පණිවිඩයක් නොමැතිවීමෙන් ඔලූව අවුල්වන තත්වයක් තිබිණි. කෙසේ වෙතත් මෙම වියවුල්කාරී තත්වයම එළඹෙන ඕනෑම දෙයකට ධෛර්යයෙන් මුහුණ දෙන්නට තරම් අධිෂ්ඨානයක් මා වෙත ඇතිකරවීය.
‘‘මොනවා කරන්නද? අපි යං යන්න.’’
එහිදී නිවෙස්හිමියා අමතා බිරිය පැමිණි පසුව දෙන්නට මාගේ අත් ඔරලෝසුව හා මංගල මුදුව භාර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි. මා සතුව ඇති වටිනා පරිභෝග වස්තුන් ලෙස සිරමැදිරියකදී තබාගැනීම සුදුසු නැති බව මට සිතුනි. කලාතුරකින් ගලවන මංගල මුදුව දකුණතේ වෙදැ`රැුිල්ලෙන් ඉවත්කිරීම දුෂ්කර වුවද වේදනාවෙන් යුතුව එය ගලවාගතිමි. ඒවා සුරැුකිව බිරියට දෙන බව කී හෙතෙම මාගේ ආරක්ෂාව පිළිබ`දව සැළකිළිමත්වන ලෙස නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. තමන්ගේ පාඩුවේ ජීවත්වන ඔහු එවැනිම ආකාරයෙන් ජිවත්වන අප ගැන විමසිලිමත්ව සිටියේය. කලකට පෙර බිරිය මියයාමෙන් පසු නැවත විවාහ නොවී සිය එකම පිරිමි දරුවා රැුකබලාගෙන නිහ`ඩව ජීවත්වූ මේ සත්පුරුෂයා අප ගැන යම් පැහැදීමකින් සිටින බව මා දැනගත්තේ මින් පෙර දවසේ මා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කටයුතු කළ අකාරයෙනි. සාමාන්‍යයෙන් කුලී නිවැසියන්ගේ ජීවිතවලට පොලිසිය මැදිහත්වන කිසිදු අවස්ථාවක් යහපත් දෙයක් ලෙස නිවෙස්හිමියන් සිතන්නේ නැත. එවැනි පුද්ගලයන් තම නිවසින් පළවා හරින්නට හැකි ඉක්මනින් කටයුතු නොකරන්නේ එහෙමත් නිවෙස්හිමියෙකි.
කෙසේ වෙතත් මා සම`ග එහි ගිය නිලධාරියකු මා නැති අවස්ථාවක් බලා මගේ පදිංචියට අදාළ කුලී ගිවිසුම පිළිබ`දව විමසා ඇති බව පසුව දැනගන්නට ලැබිණි. ඒ වෙලාවේ කුලී ගිවිසුම ඔහු සතුව නොතිබුණි.
‘‘මේ වගේ මිනිස්සු ඉන්නකොට ඔහෙලටත් කරදරයක්නෙ? යන්න කියන්නයි තියෙන්නෙ’’ යනුවෙන් නිවෙස් හිමියාගේ හිත බි`දවීමේ උත්සාහයක් එමනිලධාරියා විසින් දරා තිබිණි. එහෙත් මා කිසිවකුට කරදරයක් කරන අයකු නොවන බවත් හැමවිටම කිසිවකුට හිරිහැරයක්නොවන ලෙස ජිවත්වූ බවත් නිවෙස්හිමියා එහිදී සහතිකකර තිබිණි.
කිට්ටු හිතවතුන් නිසා කුලී ගිවිසුමකට වඩා අප අතර විශ්වාසයක් ඇති බව මෙහිදී නිවෙස් හිමියා නිලධාරියා වෙත දන්වා තිබිණි.
‘‘කිසි තේරුමක් නැති ගමනක්නෙ ආවෙ.’’ පොලිසි පරික්ෂක ‘කේ’ එසේ කීවේ නැවතත් රථය වෙත දැස් යොමුකරමින්ය.
රාත‍්‍රියේ මේ ගමන යායුතුු නැතිබව කල් තියා ඔහුට පැවසූ මට කියන්නට දෙයක් තිබිණි. එහෙත් ඔහු ඒ බව වටහා ගත් නිසාදෝ මා දෙස කෙළින් නොබලා වාහනයට ගොඩවිය. නිහ`ඩතාවය වචනදහසක් වටිනා බව සිහිපත්වූ නිසා මම නිහ`ඩව කැබ්රථයේ පසුපසින් එයට ඇතූළුවූයෙමි. රථය පණගැන්විණි.

හතරවන තට්ටුවේදී – 6

කළමනාකරුගේ අවසරය ලැබීමෙන් පසු කාර්යාල සහායක ලාල් විසින් දොරටුව විවර කළ පසුව රහස් පොලිසියේ නිලධාරිහු මා පෙරටු කොටගෙන එහි ඇතුළු වූහ. ලාල්ට අමතරව ඇතුළේ සිටියේ පරිගණක අංශයේ කෙනෙක් පමණකි. කෙසේවෙතත් කාර්යාලය පරික්ෂා කිරීමට වඩා ඔවුන්ට අවශ්‍ය වූයේ මා ප‍්‍රකාශය ලබාදෙනවිට ස`දහන් කළ ලියකියැවිලි ඇත්දැයි පිරික්සීම බව පෙනෙන්නට තිබිණි. රාත‍්‍රියේ කාර්යාලයට යාම නිරර්ථක වනු ඇති බවත් අදාළ කාර්යයට සහාය ලබාගන්නට නම් පරිගණක අංශයේ සේවකයන් අවශ්‍යවන බව මා ඔවුන්ට මෙහි පැමිණෙන්නට පෙරාතුව පහදා දෙන්නට උත්සාහකළේ මේ නිසාය. පරිගණක අංශයේ සේවකයන් පැමිණ නැතිබව කාර්යාලයට පැමිණීමෙන් පසුව දැනගැනීම නිසා මුද්‍රණ ඵලක හා වෙනත් සාක්ෂ්‍ය ලබාදෙන ලෙස කළමනාකාර අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් දැනුම්දෙන්නට උපපොලිස් පරික්ෂකවරයා කටයුතු කළේය.
ඒ වනවිටත් රහස් පොලිසිය ලංකා කාර්යාලයට පැමිනීමේ පුවත විවිධ ජනමාධ්‍ය ආයතනවලට සැලවීමෙන් වාර්තාකරුවන් කාරයාලයට පැමිෙ\නනු දක්නට ලැබිණි. එහෙත් ජනමාධ්‍ය වෙත අවශ්‍ය කිසිවක් ප‍්‍රකාශ නොකරන ලෙස නිලධාරිහු මට දන්වා සිටියහ. ඒ බව දැනගැනීමෙන් අනතුරුව වාර්තාකරුවෝ ඡුායාරූප හා වීඩියෝ පටිගතකරගැනීමෙන් පමණක් සෑහීමට පත්වූහ. මේ වනවිට කර්තෘ මණ්ඩලයේ කිහිප දෙනෙකුද එහි ළ`ගා වී සිටියහ. මගේ පරිහරණයට ඇඳුම් කිහිපයක් සහ පොත් කිහිපයක් දැමූ ගමන් බෑගයක් දයා විසින් මාවෙත ලබාදීමට ගෙනැවිත් තිබිණි. රහස් පොලිසියේ නිලධාරිහු ඒවා සියතට ගෙන හො`දින් පරික්ෂා කිරීමෙන් පසුව මා අතට පත්කළහ.
ඉන් අනතුරුව නැවතත් මා කැ`දවාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණි ඔවුන් මගේ නිවහන බලා ගමන් ගන්නා ලදී. රාත‍්‍රී අන්ධකාරය පසුබස්වමින් වීදි පහන් හා කඩසාප්පුවල පහන් දැල්වී තිබිණි. එහෙත් ඉක්මනින් වැසී යන කඩසාප්පුවල විදුලි පහන් නිවී යමින් තිබිණි. කෙට්ටාව සිට දෙල්ක`ද දක්වා හයිලෙවල් පාරේ මේ දසුන් මට අමුත්තක් නොවීය. වෙනදා කාර්යාලයට යන්නට උදැසනින් නිවසින් පිටවන මා ගමන් කාර්යබහුලවන රථවාහන හා මිනිසුන් මැදින් ගන්නේද දවසේ වැඩකටයුතු නිමවා නැවත නිවහන බලා එන්නේ මේ මාර්ගයේමය. බොහෝ දිනවල නැවත පැමිණෙන්නේ රූ බෝවූ පසුව නිසා දැන් මාගමන් කරන්නේ හුරුපුරුදු දසුන් අතරිනි. එහෙත් මගේ මනෝභාවයන් රැු`දවුම්කරුවකුගේ තත්වයට ඇදවැටී තිබුණු නිසා වෙනදා මෙන් එදින අවසන් කළ සහ පසුදා නියමිත කටයුතු මෙනෙහි කරමින් ගමන්කරන්නට අවස්ථාවක් නොවීය. පත්තරකාරයාගේ ජීවිතය පිළිබ`ද නැවත මෙනෙහි කිරීමක් කරන්නට ද මේ රාත‍්‍රියේ මට විවේකදායී මානසිකත්වයක් නැත. ඒ වෙනුවට එළඹෙන මිනිත්තුකිහිපයේ හමුවන බිරියගේ වෙදනාවෙන් පිරුණු මුහුණින්, ඇය පසුපසින් එබී බලන දියණියගේ බියපත් මුහුණින් මගේ කල්පනාලෝකය පිරී යමින් තිබේ. ඔවුන් අනපේක්ෂිත ආකාරයෙන් මා නැවත නිවසට පැමිණීම තේරුම් ගනු ඇත්තේ කෙසේද? මා නිදහස් කරන ලදැයි වැරැුදි වැටහීමක් එක්වරම එන්නට පුළුවන. මින් පෙර අවස්ථාවකදී ද මා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ප‍්‍රකාශයක් සටහන් කරගෙන නැවත කැ`දවාගෙන ආවේ මේ ආකාරයටය.
ත‍්‍රස්ත විමර්ශන අංශය විසින් එදා මා අත්අඩංගුවට ගැණුනේ ජෙනරාල් ෆොන්සේකා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විරසකභාවයක් ඇතිව තිබෙන බව පළමුවරට රටට හෙළිදරව්කිරීමේ වරදටය. එදින කාර්යාලයීය සහෘදයන් සම`ග ක‍්‍රිකට් තරගයකට සහභාගිවෙමින් සිටියදී මා අත්අඩංගුවට ගන්නා ලද්දේ පොලිස් පරික්ෂක ‘ඒ’ සම`ග පැමිණි හෝමාගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසිනි. එදා මට එරෙහිව නැ`ගුණු චෝදනාව වූයේ රජයට එරෙහිව ජනතාව අතර කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දැරිමය. රහස් පොලිසියේදී අදදිනයේ මා හට නැ`ගුණු චෝදනාවත් එයම විය. එදා මා විසින් අප පළකළ පුවතට අදාළ පසුබිම පැහැදිළි කරමින් පුවතේ මූලාශ‍්‍ර හෙළිකිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව නැවත මා නිවසට ගෙනැවිත් බිරියට භාරදෙන් ලදී. එහෙත් අද එවැනි සිදුවීමක් නොවන බව දන්නා මට ඔවුන්ගේ මුහුණු එක්වර ඇතිවන අපේක්ෂාවෙන් හා සැණින් ඒ අපේක්ෂාව සුණුවිසුනුවීමෙන් ඇතිවන වේදනාව පෙරදැකිය හැකිය.