හතරවෙනි තට්ටුවේදී – 5

කොළඹ නගරය නින්දට සැරසෙමින් තිබිණි. නගරය මැදින් ධාවනය වූ කැබ් රථය පිළිබ`ද කිසිවකුගේ වැඩි අවධානයක් නොතිබිණි. අඩුම තරමින් නගරයේ මුරකපොළු පසුකර යාම ද පහසුවෙන් කළ හැකි විය. මේ නගරයේ පදික වේදිකා, මහා මාර්ග සහ අතුරු මාවත් ඔස්සේ මා ගිය වාර ගණන මතකයට ගත නොහැකි තරම්ය.
රහස් පොලිසියේ සහ වෙනත් බුද්ධි අංශ නිලධාරින් සිය ගණනක් ගැවසී ගත් නගරයේ නිදහස් පුරවැසියකු ලෙස ගමන් ගන්නා කිසිවකුට එහි ඇති නිදහස ව්‍යාජයක් බව නොදැනේ. වෙනකක් තබා ඒ රහස් ඇස්වල පරික්ෂාව ගැන යම් ඉවක් ඇතිව සිටි මා පවා එම නිදහසේ ව්‍යාජය ගැන සැබෑ අත්දැකීම් ලබාගන්නට පටන් ගත්තා පමණකි.
‘‘හදිසි නීතියේ 29. ආ. යටතේ මිස්ටර් චන්දනට චෝදනා එල්ල වෙලා තියෙන්නෙ’’
පොලිස් පරික්ෂක ‘පී’ කළ ප‍්‍රකාශය මට සිහිපත් වෙයි. එහි තේරුම වන්නේ ආණ්ඩුවට එරෙහිව මහජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දැරීම යන චෝදනාව මත මා අත්අඩංගුවට ගත් බවයි. එසේ වුවත් නිශ්චිත චෝදනා නැතිව වරින්වර විවිධ චෝදනා මා වෙත එල්ල වූ ආකාරය රැු`දවුම් භාරයේ සිටි කාලය තුළ මට දැකගත හැකි විය.
මා බොහො ්කාරණා කල්පනාකරමින් සිටින අතර කැබ්රථය හැල්මේ යයි. නුගේගොඩ ගුවන් පාලම මතින් අපගේ රථය ගමන් ගන්නා විට එක්වරම මගේ පපු කුහරය හිර වී යන්නාක් මෙන් දැණිනි.
‘‘අප්පච්චි, අප්පච්චි, මෙන්න මෙන්න අපි උඩින් යන්නෙ…. ’’
වේදනාවක් සහ ප‍්‍රහර්ෂයක් සම`ග නිරායාසයෙන් මගේ මතකයට ආවේ සි`ගිති දියණිය ප‍්‍රීතියෙන් ඉල්පෙමින් න`ගන හ`ඩයි. මේ ගුවන් පාලම මතින් යන සෑම අවස්ථාවකදීම ඇය බස්රියේ කවුළුවෙන් බලමින් එසේ ඔල්වරසන් න`ගන්නේ පාලමට පහතින් මාර්ගයේ ගමන් ගන්නා, සිතින් මවාගත් ඇගේ මිතුරන් පිරිසකට අතවනමිනි.
මේ රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවේ හි`දිමින් මෙවැනි ගමනක් නුගේගොඩ ගුවන් පාලම මතින් යන්නට වේයැයි එවැනි කිසිදිනක මට සිතී නැත. මේ වෙලාවේ දියණියත් බිරියත් නිවසේ සිටිනවා වියයුතුය. ෂතියේ බොහෝ දිනවල මා නිවසට යන්නේ දියණිය නින්දට ගිය පසුවය. වේලාසනින් නිවසට යන දවසට මා ඈ සම`ග නින්දට යායුතු බව බිරියගේ ඉල්ලීම වී තිබිණි. ඊට හේතුවක් ද තිබේ. සිව්හැවිරිදි සි`ගිත්තියට නින්දට පෙර කතාන්දර කියාදිය යුතුව තිබේ.
‘‘අද නං අප්පච්චි කතාවක් කියන්න  ඕනෑ.’’ ඈ තදින්ම කියා සිටී. ඇතැම් විට එක කතාවකින් සෑහීමට පත් නොවන ඇය ‘‘අනේ අප්පච්චි තව කතාවක්’’ යනුවෙන් ඇවිටිලි කරයි.
‘‘අප්පච්චිට මහන්සි ඇති. කරදර නොකර නිදාගන්න’’ අම්මාගේ නියෝගයකින් පවා ඇය නිහ`ඩ කළ නොහැකිය. අවසානයේ මා බාල කාලයේ ඇසූ ළමා කතා වෙනුවට වෙනත් කතාවක් දෙකක් ගොතා කියමින්  මම නි`දා වැටෙමි. දියණිය ද මගේ ගෙලට හිස ඔබා උණුසුමට තුරුළු වී නින්දට යයි. අද වැනි දවසක ද එය එසේ සිදුවීමට නියමිතව තිබුණද පාලකයන්ගේ නියෝගයෙන් සි`ගිත්තියට ඒ අවස්ථාව අහිමිකර ඇත. වෙනදා ? බෝවනවිට හෝ නිවසට එන අප්පච්චි අද පමා ඇයිදැයි දියණිය අම්මාගෙන් ප‍්‍රශ්න කරන්නට ඇත. සිදුවූ දේ ගැන ඇත්ත කීමටත් බැරි නිසා චිත්තපීඩාවෙන් යුතුව මගේ බිරිය දුවට කුමක් හෝ දෙයක් කියනු ලැබ බෙරිවූ මුහුණින් දෙනො තුරුළුවී නින්දට යන්නට ඇත. සමහරවිට දෙදෙනා ශෝකයෙන් යුතුව නිදිවර්ජිතවම සිටිනවා වියහැකිය.
‘‘අපි එන බව ඔෆිස් එකේ කට්ටිය දන්නවා ඇති නේද?’’ පොලිස් පරික්ෂවරයාගේ ප‍්‍රශනයත් සම`ග ම කල්පනා සාගරයෙන් මෑත් වී යළිත් වාහනය තුළට පිවිසෙමි. මට නොදැනීම දෑස තෙත්ව තිබේ. අ`දුරේම හිස නමාගෙන කමිස අතේ දෑස් පිසදමාගත් මම උගුර පාදා සෙසු මගියන් දෙස බලමි.
ගමනේ නිරත කැබ් රථයේ සිටියේ උප පොලිස් පරික්ෂකවරු දෙදෙනෙක් සහ සැරයන්වරු දෙදෙනෙකි. එක් සැරයන්වරයෙක් රියැදුරු අසුනේ සිටි අතර උප පොලිස් පරික්ෂක ‘කේ’ ඉදිරි අසුනේ හි`ද සිටියේය. අනෙක් ලාබාල සැරයන්වරයා සහ මැදිවියේ වූ උප පොලිස් පරික්ෂකයෙක් මා සම`ග කැබ් රියේ පසුපස මුහුණට මුහුණලා පිහිටි ආසන දෙකේ වාඩිවී සිටියහ.
‘‘දැනගත්තත් අද කවුරුත් ඉන්නවද සැකයි. මළගෙදර ගිහින් ඇවිත් නම් තමයි කවුරුහරි ඉන්නවා ඇත්තෙ. එහෙම නැත්නම් ගේට්ටුව වහලා තියන්නෙ’’ මම දෙපැත්තටම ඉඩ තබා පිලිතුරු දුන්නෙමි.
මා කී ආකාරයෙන් ම කාර්යාල දොරටුව ඉබි යතුරු දමා තිබිණි. කාර්යාලය පිහිිටියේ ගොඩනැ`ගිල්ලේ ඉහළ මාලයක නිසා කොහොමටත් මෙම දොරටුව වසාතබන්නට ඇත. එහෙත් වෙනත් දිනයක නම්, මෙතරම් වේලාසනින් එය සිදුවන්නේ නැති බව මට විශ්වාසය. මළගෙදර ගියවුන් නැවත පැමිණෙන්නට කල් ඇතත් කිසියම් හේතුවක් නිසා ගේට්ටුව වසා ඇති බව මට කල්පනා විය.
‘‘මොකද කවුරුත් නැද්ද මේ ගේට්ටුව වහලා තියෙන්නෙ?’’ පොලිස් පරික්ෂකවරයා ප‍්‍රශ්නයක් යොමු කරමින් මා දෙස බැලීය.
‘‘මම කිව්වනෙ, මේ මහ ? කවුද ඉන්නෙ. ‘ජීඑම්’ට කෝල් එකක් දීලා එන්නයි තිබුණෙ. නිකං රස්තියාදුව විතරයි’’
මට තිබුණේ කෝපයකි. එහෙත් හදිසියේම කිසිවෙකුගේ පියවර හ`ඩ ඇසෙන්නට විය. කාර්යාලයේ සහායකයකු ලෙස සේවය කරන තරුණයා පැමිණ සිටී. ඔහු දොරටුවෙන් එපිටය. අප පිටතින් සිට ඔහු දෙස බලා සිටියේ දොරටුව විවර කරනු ඇතැයි බලාපොරොත්තුවෙනි. ඔහුද විපිළිසරව මා දෙස බලා සිටියේ කුමක් කළ යුතුදැයි සිතා ගතනොහැකිවය. එවිට මට කල්පනා වූයේ, මෑතක සිට ජනමාධ්‍යයන් වෙත එල්ල වූ තර්ජන නිසාම කළමනාකාරිත්වයේ අවසරයෙන් තොරව කිසිවකුටත් දොරටුව විවර කිරීම නොකළ යුතු බව ඔහුට දන්වා තිබුණු බවයි.
අත්අඩංගුවට පත්වූ ‘ප‍්‍රධාන කර්තෘවරයා’ දැකීමෙන් එම නියෝගයේ අදාළකම මේ අහිංසක තරුණයාගෙ මනස තුළ වෙනස්වියහැකි බව එක්වරම මට තේරුම් ගියේය.
‘‘මල්ලි, ජීඑම්ට කෝල් එකක් දෙන්න. සීඅයිඞී එකේ මහත්තුරුන්ට ඔෆිස් එක චෙක්කරන්න  ඕනෑලූ. ඒක කියලා දොර අරින්නද කියලා අහන්න’’ නා`දුනන පිරිසක් සම`ග පැමිණි මා දැක දෙගිඩියාවෙන් සිටි ඔහු තීරණයක් ගන්නට පෙර මම උපදෙස් දුන්නෙමි.
ඔහු වහාම කාර්යාලය වෙත යන්නට පියගැට පෙළ නගින්නට විය.
‘‘ඉක්මනට ගේට්ටුව අරිනවා. අපිට එළිවෙනකල් මෙතන හිටගෙන ඉන්න බෑ.’’
අනපේක්ෂිත බාධාව නිසා නොඉවසිලිමත් වූ පොලිස් පරික්ෂකවරයකුගේ මුවින් පිටවූ නියෝගය පැහැදිළි ලෙසම තමන් සතු බලය පෙන්වීමක් විය. නැවතී ආපසු හැරී බැලූ තරුණයා, රාත‍්‍රියේ දොරටුව ඇරීමට තමන්ට අවසරයක් නැති නිසා කළමනාකරුගෙන් අවසර ගෙන එන බව කියා ඉක්මනින් නොපෙනී ගියේය.

Advertisements
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: