ජනතාව වෙනුවෙන් හ`ඩනැගූ ‘ලංකා’ කොල්ලකෑ හැටි

Image

‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ යන නාමය සඳහා අප වෙත ඇති බුද්ධිමය හිමිකම් උල්ලංඝනය කරමින් පසුගිය 29 වැනිදා වෙළෙඳපොළට පැමිණි පුවත්පත පිළිබඳව වික්ෂිප්්තයට පත් පාඨක ජනයාට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතුය.
මෙයින් දස වසරකට පෙර එනම්, 2002 මාර්තු 14 වැනිදා කිහිපදෙනකු විසින් ආරම්භ කළ පුවත්පතට රටේ වාමාංශිකයන්ගේ මෙන්ම යුක්තිය හා සාධාරණය ගරුකරන බොහෝදෙනාගේ අවධානය යොමු වූයේ ආරම්භයේ සිටම එය ජනතාවගේ පැත්තේ හි`දිමින් මාධ්‍ය වෘත්තියේ යෙදුණු නිසාය. එක් අතකින් එය අප ගරුකරන ජනතාවාදී පුවත්පත් කලාවේ මෙන්ම වාම දේශපාලන ඉගැන්වීම්වල ද ආලෝකය ලැබූ ගමන් මගකි. එසේම ප‍්‍රගතිශීලී ජනතාවත් යුක්තිය සාධාරණත්වය ගරුකරන රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශවල වෘත්තිකයනුත් ඇතුළු පළල් සහභාගිත්වයකින් ‘ලංකා’ ගමන සවිමත්ව මේ බිමේ ස්ථාපිත විණි.
විවිධ හැලහැප්පීම් හා මග වැරැුදීම් හමුවේ වුවද පසුගිය 2011 වසර මැද භාගය වන විට ‘ලංකා’ වාණිජ වශයෙන් ස්ථාවරභාවය ළඟාකරගන්නට හැකියාව ලබමින් තිබිණි. කර්තෘ මණ්ඩලයේ සැමදෙනා පුවත්පත් කලාවේ නව ඉසව් සලකුණු කරමින් ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට අභියෝගාත්මක ලෙස පෑන හැසිරවූහ. කළමනාකාරීත්වය විසින් ද වසර කිහිපයක සිට සැලසුම්සහගතව ගෙනගිය ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලය ලෙස වෙළෙඳපොළේ ස්ථාවර හා පුළුල් පාඨක ප‍්‍රජාවක් වෙත ප‍්‍රවේශවන්නට අප ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ සමත් විය. එහෙත් 2011 සැප්තැම්බරයේ ‘දේශපාලන ගැටුමක්’ කළමනාකරණය කරගන්නට අසමත්වීමෙන් පුවත්පත විනාශ කර දමන්නට මෙහෙයුමක් දියත් විය.
දේශපාලක නියෝජිතයන් විසින් කර්තෘ මණ්ඩලය බෙදන්නට කේලම් හා ඕපා¥ප කියවන ලදී. දේශපාලන නායකත්වයට ඇති ගැටලූ පුවත්පත වේදිකාවක් කර නොගෙන ජනතාව වෙනුවෙන් දුක් මහන්සියෙන් ගොඩනැගූ හ`ඩ ආරක්ෂා කළ යුතු බව අපගේ ස්ථාවරය විය. ඒ වෙනුවෙන් ‘ලංකා’ පුවත්පත නොනවත්වා පවත්වාගෙන යන්නට අවස්ථාව දෙන ලෙස පෞද්ගලිකව මා මෙන්ම කර්තෘ මණ්ඩලයේ බොහෝදෙනා ඉල්ලා සිටිය ද එය බිහිරන්ට වෙණ වැයුමක් විය. එකම අරමුණක මංපෙත් සෙවූ සගයන් පාවාදෙන වුවමනාවේදී ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහ භාෂණයේ නිදහස වෙනුවෙන් වේදිකාවේ හෝ ලිප්ටන් වටරවුමේ මුර ගෑ වදන් ප‍්‍රායෝගිකත්වයට නැගුණේ නැත.
සැප්තැම්බර් 21 බදාදා ඔවුහු ‘ලංකා’ නිවසට කඩාවැදී පිටු පරීක්ෂා කළහ. 25 වැනිදාට නිකුත්වන්නට නියමිත පුවත්පතේ අන්තර්ගතය හානිදායක නැතැයි සෑහීමකට පත්වූ බව පෙන්වමින් පිටව ගිය ඔවුහු මැදියම් රැුයේ ග‍්‍රෑන්ඞ්පාස් පොලිසියේ නිලධාරීන් කැඳවාගෙන පැමිණියේ ජුදාස් චරිතයට පණ පොවන්නටය. පුවත්පත පාඨකයන් අතට පත්වීම ඔවුන්ට පමාකළ හැකි වූයේ එක් දිනක් පමණි.
ඔවුන්ට එවැන්නක් පවා කිරීමට හැකි වූයේ ‘ලංකා’ පුවත්පතේ ප‍්‍රකාශක තනතුර හා හිටපු සාමාන්‍යාධිකාරී නිලතල භාවිත කිරීමෙනි. මේ අතරතුර, ‘ලංකා’ පුවත්පතේ අයිතිකරු ව්‍යාජ චෝදනාවක් යටතේ සිරගත කරන්නට සැලසුම් සකස්කර තිබිණි. ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ හිමිකම් පිළිබඳව අප ඉදිරිපත් වූයේ ජනතාව වෙනුවෙන් දිගු කාලයක් දිවා ? නොබලා වෙහෙස වූවන් සැමගේ පරිශ‍්‍රමය කුමන්ත‍්‍රණකාරීත්වයේ හා බි‍්‍රතාන්‍යයන් පැනවූ වසර සියගණනක් පැරැුණි පුවත්පත් ආඥා පනතේ විධිවිධානවලට යටපත් කරන්නට ඉඩ දියයුතු නැතැයි විශ්වාස කළ නිසාය.
නැවතත් ඔක්තෝබර් 02 වැනිදා පාඨකයන් අතට පත්වන්නට නියමිත පුවත්පත අත්පත්කරගෙන ‘ලංකා‘ නිහ`ඩ කිරීමේ උත්සාහයක් දියත් කෙරුණේ සැප්තැම්බර් 29 වැනිදා රාත‍්‍රියේ ගල්කිස්ස පොලිසියේ හා තරුපටි නිලධාරීන් පිරිසකගේ ආශිර්වාදය ඇතිවය. 1994 සිට ජනතාවාදී දේශපාලනයේ ආකර්ෂණය නිසා ලැබූ මන්ත‍්‍රීකම් හා වෙනත් පෞද්ගලික සබඳතා සියල්ල ආයෝජනය කරමින් ජුදාස් භූමිකාව රඟදක්වන ලදී. දේශපාලක අනුකාරකයන්ගේ වුවමනාවට ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය ආයතනවල කැමරා පිරිවරාගෙන ගිනි අවි, බැටන් පොලූ හා විදුලි පන්දම් අමෝරාගෙන පොලිස් බස් රථයක පැමිණි නිල ඇඳුම් ලත් පිරිස මුද්‍රණාලය වටකරන ලද්දේ ත‍්‍රස්තවාදීන් අල්ලන මෙහෙයුමක් පරිද්දෙනි. එහි පැමිණි කර්තෘවරයාට හෝ පුවත්පතේ මුද්‍රණය භාර නිලධාරීන්ට කිසිවක් පැවැසීමට ඉඩක් නොලැබිණි. සැප්තැම්බර් 30 වැනිදා ගල්කිස්ස උසාවියේදී ‘ලංකා’ නිහ`ඩ කරවන්නට ඔවුහු සමත් වූහ. මේ අතර එදිනම අයිතිකරු වශයෙන් වෙනත් අයකු නුගේගොඩ අධිකරණය හමුවේ ඉදිරිපත්කරමින් ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ අයිතිය පැහැරගැනීමේ කුමන්ත‍්‍රණය නීතිගත කරගන්නට ඔවුන්ට හැකි විය. එහෙත් ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ බුද්ධිමය හිමිකම් කීමට නීතිමය හෝ සදාචාරමය අයිතියක් පුවත්පතේ අන්තර්ගතය සම්බන්ධ ක‍්‍රියාකාරී බුද්ධිමය කාර්යයන්ට කිසිදා දායක නොවූ බාහිර පිරිසකට අත්පත්කරගත හැකිද? දැන් එය කොල්ලකෑමට ඔවුනට හැකිව තිබේ. 2011 සැප්තැම්බරයේ එකා මෙන් වැඩකරමින් සිටි 15 දෙනකුගෙන් යුතු වූ කර්තෘ මණ්ඩලයෙන් ඒ සඳහා සහාය දක්වමින් සිටින්නේ සිව්දෙනකු පමණි. අප විසින් වසර ගණනාවක් තුළ ගොඩනැගූ පුවත්පතක් හුදු දේශපාලන ප‍්‍රචාරයේ වාසිය උදෙසා නිහ`ඩ කිරීමෙන් පසුව ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පැහැර හරින ලදී.
එපමණක් නොව, හිටපු සාමාන්‍යාධිකාරීවරයාගේ දැන හැඳුනුම්කම් හරහා විවිධ බාහිර ආයතන සමග පුවත්පත පවත්වාගෙන ගිය ගනුදෙනු කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක් දියත්කර තිබිණි. කළමනාකාර අධ්‍යක්ෂවරයා සිටියදී අධ්‍යක්ෂවරුන් විසින් අලෙවි නියෝජිතයන්ට බලපෑම් කරමින් පුවත්පතේ මුදල් වංචනික ලෙස එකතු කරන ලදී. මේ ආකාරයට ජනතාව වෙනුවෙන් හ`ඩනැගූ පුවත්පතක් වාණිජ වශයෙන් බිඳවැට්ටවූ ඔවුහු අයිතිය කොල්ලකෑමේ ක‍්‍රියාවලියට දනවැද්දන්ගේ යුක්තිය භාවිත කළහ.
මේ සියල්ල මැද සටහන් කළ යුතු කරුණක් තිබේ.
පුවත්පත කළ හෙළිදරව් කිරීම් හමුවේ විවිධ පාර්ශ්ව විසින් පවරන ලදුව, කර්තෘවරයා වශයෙන් මා හට පෞද්ගලිකව වගකියන්නට සිදුවන නඩු ගණනාවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. තවමත් අධිකරණය හමුවේ චෝදනාවට මුහුණ දෙන්නේ පුවත්පත කොල්ලකා අත්පත්කරගත් ඊනියා හිමිකරුවන් හෝ පුවත්පත් කලාවේ සදාචාරය පාවාදී ඔවුන් වෙත පලාගිය ලේඛකයන් නොවේ. දේශපාලන භේදය නිසාම නීතිඥවරුන් පවා ඉවත්කරගැනීමෙන් වෙනත් නීතිඥවරුන්ගේ සහාය ලබාගන්නට සිදුවිය. පොදු ජනතාව වෙනුවෙන් වංචාව, ¥ෂණය හා නාස්තිය හෙළිදරව් කරමින් ලියූ ‘සටන් කරන අකුරු’ අධිකරණය හමුවේ අභියෝගයට ලක්වන විට ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ විසින් ගෙනගිය ජනතාවාදී පුවත්පත් කලාවේ පෞරුෂය රැුකගැනීමේ අරගලය අප විසින් අධිකරණය හමුවේ ද සිදුකරමින් තිබේ. පලාගිය සගයන් හා නීතිඥයන් වෙනුවට ජනතාවාදී පිරිස් එහිදී අප හා එක්වෙමින් සිටී.
ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩල නියෝගයට අනුව හිමිකම් තහවුරු කරගැනීමේ පාවාදීම පසුගිය 29 වැනිදා පළ වූ ව්‍යාජ පුවත්පතේ මුල් පිටුවෙන්ම සනාථ විය. එසේ සමාව අයදිමින් පිටකොඳු බිඳගත් මිනිසුන් විසින් පළ කළ අවසන් අදහසක් මෙහිදී විශේෂ අවධානයට ලක් කළ යුතුය.
එම සටහනේ අරුථ කෙටියෙන් මෙසේය. ‘‘ලංකා ඉරිදා සංග‍්‍රහය, මෙරට ජනතාවට වගකීමෙන් යුතුව වසර ගණනක් පැවැති පුවත්පතකි. එහෙත්, පසුගිය කාලයේ පුවත්පතේ වගකිවයුතු ධුරයන් ඉසිලූ ඇතැම් පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපයන් හේතුවෙන් එහි කීර්තිනාමයට කැළලක් සිදුවිය.’’
පුවත්පත් මණ්ඩලය නමින් ජනාධිපතිවරයා පත්කළ පක්ෂග‍්‍රාහී ආයතනය නිසි නෛතික බලතල නොමැතිව පුවත්පතට එරෙහි චෝදනා විභාග කරන විට එයට විරෝධය පළකිරීම නිසා මොවුන් කල්පනා කරන්නේ එය වගකීම් විරහිත ක‍්‍රියාකලාපයක් ලෙසය. ඊට අමතරව ‘ලංකා ඉරිදා සංග‍්‍රහය’ අයිතිය කොල්ලකෑමේ කුමන්ත‍්‍රණයට පුවත්පත් මණ්ඩල සහාය ලබාගැනීමේ අවශ්‍යතාව නිසා එහි නියෝගයට එකඟ වී සමාව ඉල්ලා කොන්ද නවන, පුවත්පත් කලාවේ පෞරුෂය පාවාදෙන මොවුන් ගැන පාඨකයන් විනිශ්චය කරනු ඇත.

About these ads
    • kathandarakaraya
    • මැයි 7th, 2012

    මට නං මේ ලිපියේ කියවෙන කතන්දරේ තේරෙන්නේ නෑ.

    මේ දෙකෙන් මොකද වුනේ.

    1. ලංකා පත්තරේ එවකට කළ සිරිමල්වත්ත ඇතුලු පිරිස ප්‍රේමකුමාර් ගේ පිලේය. දැන් පත්තරය අයිති සෝමවංශ පිලටයි. එනිසා ලංකා පත්තරය දැන් ජවිපෙ විසින් ප්‍රකාශනය කරයි.

    2. එදා ලංකා පත්තරය කළ සිරිමල්වත්ත ඇතුළු පිරිස ජවිපෙ සෝමවංශ පිලේය. අද පත්තරය ප්‍රේමකුමාර්ලාට අයිති වී ඇත. එනිසා අද ඔවුන් සිරිමල්වත්තව අතහැර ලංකා පත්තරය කරති.

    කරුණ්කර ඒ දෙකෙන් මොකක්ද හරි කියා කියන්න.

    මං ඔය අළුත් පත්තරය තාම දැක්කේ නැහැ.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 4,465 other followers

%d bloggers like this: